Sri Lanka – Thailand Business Council holds talks in Thailand

The Sri Lanka – Thailand Business Council visited Thailand from the 1st – 4th of February for B2B meetings and Bi-lateral talks with their Thai counterparts.

The 11 Member high-powered business delegation from Sri Lanka met with members of the Federation of Thai Industries and Board of Trade of Thailand to promote investment opportunities and joint ventures in Sri Lanka.

The meetings with the government body associations were followed by a full day B2B session comprising of over 60 Small and Medium Scale business at the Marriot Marquis Hotel in Bangkok. The B2B was organized with the assistance from the Department of International Trade and Promotion in Thailand. (DITP). The Delegates from Sri Lanka were introduced to over 60 business establishments looking to do business with Sri Lanka. The B2B meetings were hugely successful with members establishing direct contacts and leads for goods and services. Some of the Sri Lankan delegates signed up direct orders immediately with Thai companies.

IMG_9359

The Sri Lankan delegation comprised of 11 companies in diversified fields of business. The delegation was led by the President of the business council, Mr. Rizan Nazeer of Transtrade International and included Mr. Lionel Fernando from  Benjarong (Pvt ) Ltd, Mr. Asgar A.M. Musajee from M.M. Noorbhoy & Co. , Mr. Lalith Kumarage from Alucare (Pvt) Ltd, Mr. Rienzi Fernando of Roots Global (Pvt) Ltd Mr. Anverali Akbaraly of Raj Sons (Pvt) Ltd, Mr. Luxman Peiris of Dibbo Rubber Industries, Mr. Aasim Mukthar of Lanka Exhibition and Conference Services, Mr. Waruna Peiris of Waruna Printers & Publishers 

IMG_9435A

Mrs. Kshenuka Senavirathna the Ambassador of Sri Lanka to Thailand also participated at the meetings. During the talks the Sri Lanka delegation extended a warm invitation to their Thai counterparts to visit Sri Lanka and see firsthand the developments taking place.

චීන ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම නුදුරේදීම

ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර ඇතුළත ගෙන ඒමට අපෛ්ක්ෂා කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසා ඇත.

ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර 65කට අධික මිතුදම තවදුරටත් වර්ධනය කර ගැනීමට ඒ මගින් හැකියාව පවතින බව ඔහුගේ අදහසයි.

චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිදහස් දින සැමරුම් උළෙලට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණාසේන කොඩිතුවක්කු මහතා මෙම අදහස් පළ කර තිබේ.

එළඹෙන මැයි මාසයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සංචාරයක නිරතවීමට ද නියමිතව ඇත.

චීනයේ පැවැත්වෙන සමුළුවකට සහභාගීවීම අග්‍රාමාත්‍යවරයාගේ එම සංචාරයේ අරමුණ බව කරුණාසේන කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

පසුගියදා හම්බන්තොටදී ඇති වූ සිද්ධිය පිළිබඳව ද මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම විපක්ෂයේ ඉතා  සුළු පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.

එමගින් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය කිසිඳු අයුරකින් පළුදුවීමට ඉඩ නොතබන බව ද කරුණාසේන කොඩිතුවක්කු මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

Inflation in Sri Lanka’s capital picks up to 5.5-pct in January

Consumer price inflation in the Sri Lankan capital Colombo rose to 5.5% from a year ago after having risen 4.5% in December, the government’s statistics department said.

Prices rose 1.2% during the month, up from a rise of 1% in December 2016, data from the statistics office showed.

The 12-month moving average of the Colombo Consumer Price Index rose to 4.3% in January from a 4% rise a month ago.

The core CCPI index moved up to 7% in January 2017, the highest in just over a year, from 5.8% in December 2016.

ECONOMYNEXT – COLOMBO, Jan 31

බදු ගෙවිල්ලත් නරක නෑ

බදු ගෙවීම රටේ සමෘධිය නැංවීම සදහා අත්‍යවශ්‍ය කාර්යයක් මිස නරක පුරුද්දක් නොවන බව ජනතාවට අවබෝධ කරවීමට වත්මන් රජය සමත්ව ඇති බව ‘ද බෑන්කර්’  සගරාව පවසයි.

Ravi-Karunanayake 2

ආසියා පැසිෆික්  කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කරමින්  බ්‍රිතාන්‍යයේ පළවන මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මෙම අදහස් පළ කර තිබේ.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සහය මේ හරහා ඇගයීමට ලක් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් අදහස් පළ කර ඇත.

රජය මත යැපීමට බලා නොසිට සියලු පුරවැසියන් යම් බදු ගෙවීමක් කළ යුතු බව බෑන්කර් තහවුරු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපි ගොනු 2015 පැවති ලක්ෂ 7ක ප්‍රමාණය මේ වන විට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් ඇති බවද එම සගරාව පෙන්වා දෙන බවද මුදල් අමාත්‍යංශයේ අදහසයි.

ජාත්‍යන්තර අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන1.5ක පමණ ණය ලබා ගැනීමට හැකි වීමත් මෙරට ආර්ථික වර්ධනය කළමනාකරණය කරමින් ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකි වීමත් මෙම අගය කිරීමට හේතු වී ඇති බව පවසයි. වැඩිදුරටත් අදහස් පළ කරන මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වළක්වා ගැනීමට සමත් වීම මෙන්ම රටේ මුදල් සංචිත යථා තත්ත්වයට ගෙන එමින් විදේශ ආයොජකයන්ගේ විශ්වාස යළි ගොඩනැගීමට මුදල් අමාත්‍යවරයාට හැකි වීම මෙම අගය කිරීමට හේතු වී ඇති බවයි.

 

 

2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහනට ඇ.ඩො මිලියන 1,500ක්

2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,500ක් දක්වා වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

USAID-Logo

දේශීය ණය ගැනීමේ වැඩසටහනේ නම්‍යශීලිභාවය හා රටෙහි සංචිත ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව රජයේ අදහසයි.