රුපියලේ දැවැන්ත නැගී සිටීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය වාර්තා වලට අනුව ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.171.9317 ක් වශයෙන්ද විකුණුම් මිල රු.175.8240 ක් වශයෙන්ද සටහන් වුණා.
පසුගිය 02දා ඩොලරයක ගැනුම් මිල රු.173.4281ක් හා විකුනුම් මිල රු.177.3261ක් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරය වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය ලෙස වාර්තා විය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයද අද තවදුරටත් අවප්‍රමාණ වෙමින් නව වාර්තාගත අගයක් සඳහන් කර තිබේ. රුපියල අවප්‍රමාණ වීමේ කැපී පෙනෙන අඩුවීමක් මෙලෙස වාර්තා වුණේ පසුගියදා නව ආණ්ඩුව පත්වීමත් සමග කොටස් වෙළෙඳපොළ තුළ ශීඝ්‍ර වර්ධනයක් ද පෙන්නුම් කරමින් කරමිනි.

තෙල් මිල පහතට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11 කින්ද පහත දැමීමට තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 153 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක්.
 
මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (01) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද අඩු කළ බව නිවේදනය කර තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවේ ඉන්ධනහල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 110ක්ද වනු ඇත.

IESL CPD Courses

The Institution of Engineers, Sri Lanka has been providing CPD programs for engineers and other professionals interested in their career and personal development over many years under the guidance and supervision of CPD committee.CPD Committee, which is one of the Standing Committees of the IESL is chaired by the Vice President. The programs are coordinated by the Education Division of the IESL secretariat.

The CPD programs are conducted mostly in the evenings and at weekends, so that the participants can attend the lectures and other activities without disrupting their normal duties. There are programs available in specific subject areas as well as important common topics such as management, communication skill development, Health and Safety , code of ethics etc.

The resource persons for CPD programs are carefully selected from the best available in the country, and the feedback from the participants is used to continually improve the programs over the years.

CPD courses are developed based on input from periodic surveys among members of IESL, industry trends and other directions from the CPD Committee.

The Institution of Engineers, Sri Lanka

120/15, Wijerama Mawatha,

Colombo 07

Tel.       : 0112 698 426  Ext.209

Fax      : 0112 699 202

E-mail  : dir.edu@iesl.lk

 

Beautician with a Mission

Beauty culture was not a career Sarani Withanage imagine for her future when she was growing up.  She studied accountancy and wanted to work with numbers.  Yet today she is a highly successful beautician and entrepreneur.  She has her own beauty salon named ‘Ohasha Salon’ which in Pali means Shine.

2

Sarani has created a name for doing make up and hair for brides and is looking forward to expand her business so that she will have more of her branches of ‘Ohasha Salon’

According to Sarani, her parents were not happy when she switched from pursing accountancy to beauty culture.  Her interest in beauty culture started when she wanted to do her own make up and hair when going to office.  With this interest she realized her own capability and skills in beauty culture which opened up a whole new world in beauty and glamor.

SAM_9964

Leaving accountancy aside she started learning beauty culture in 2009 and few years later she started her own beauty salon.  With that began her new journey as a beautician and hair dresses.

12800295_928363590610776_2488340922055933798_nimage-0-02-06-dcfac359a55c3f84f6fd6ad9acf942ef2455806e8a243c61e0e87af0bd62c648-V - Copy

She has appeared in many TV programs to showcase her beauty skills and according Sarani her happiness is to help people become more beautiful with the skills she has that itself is worth for her to continue to be a beautician.

Her goal is to have her brand “Ohasha Salon’ shines not only many cities in Sri Lanka but in other parts of the world as well.

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදෙන මුවාවෙන් සිදු වන ව්‍යාජ සමීක්ෂණයක් හෙළි වෙයි

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර  ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවන බවත් තම සමාගම එවැනි   ප්‍රවේශ පත්‍ර ලබාදීමක් සිදු නොකරන බවත්   ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සෘජුව මැදිහත්වීමකින් තොරව සිදුකරන ප්‍රවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් කිසිදු වගකීමක් සමාගම භාර නොගන්නා බවද එම සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලබාදෙන සියලුම ප්‍රවර්ධන දීමනා www.srilankan.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවත්, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වෙබ් අඩවියට සෘජු සම්බන්ධයක් නැති වෙබ් අඩවි වලට පිවිසීමෙන් වළකින ලෙසත් එම සමාගම ඉල්ලා සිටියි

අන්තර්ජාලය අවභාවිත කිරීම

මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා අන්තර්ජාලය අවභාවිත කිරීම සම්බන්ධ පැමිණිලි 1600 ක් පමණ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) වෙත ලැබී ඇතැයි එම සංසදය පවසයි.

මෙම පැමිණිලි වලින් සියයට අසුවක් පමණ පැමිණිලි ව්‍යාජ ෆේස් බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලි යැයිද, ඊට අමතරව  අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අ‍ලෙවි කිරීමේ කිරීමේ නිරත  ආයතන ලෙස පෙනී සිටිමින් කූට ලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධ පැමිණිලි කිහිපයක්ද ලැබී ඇතැයිද එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සදහන් කරයි.

කෙසේ වෙතත් අන්තර්ජාල ගණුදෙණු  සහ සේවා සදහා යොමු වීමේදී ව්‍යාජ පුද්ගලයින් සහ ආයතන සමග සම්බන්ධ නොවීමටත් ඒ බව බව තහවුරු කර ගැනීමටත් ක්‍රියා කරන්නැයි හෙතෙම ඉල්ලීමක් කරයි.

එසේම පරිගණක වෛරස සම්බන්ධයෙන් තම සංසදය නිරන්තර අවධානයෙන් සටින බවද ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරුවරයා අවධාරණය කරයි.

සෑම විටම තම තොරතුරු වල තවත් පිටපතක් ලග තබා ගැනීම සහ සැක සහිත විද්‍යුත් පණිවිඩ විවෘත නොකිරීම මෙන්ම තම ප්‍රති වෛරස් මෘදුකාංග නිතර යාවත්කාලීන කිරීමෙන් පරිඝණක වෛරස් මගින් සිදුවන හානිය අවම කරගත හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා තේ 150 උපන් දිනයට සැරසෙයි!

ශ්‍රී ලංකා තේ මණ්ඩලයට එළඹෙන ජූලි 6 වන දිනට වසර 150ක් පිරීමට නියමිතය.

මේ වෙනුවෙන් සමස්ත ලෝකය පුරා එම රටවල වේලාවෙන් පස්වරු 5ට සැමරුම් උත්සවයක් පැවැත්වීමට සැළසුම් කර ඇත. ඒ අනුව ෆිජී දූපත් හා නවසීලන්තය යන රටවල ප්‍රථමයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇත.

කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය, තේ මණ්ඩලය, වාණිජ මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව මෙම අවස්ථාව සංවිධානය කරනු ලබයි.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව තේ කර්මාන්තය මෙරටට හදුන්වා දුන් ස්කොට්ලන්ත ජාතික ජේමිස් ටේලර්ගේ පිළිමයක්ද මීට සමගාමීව විවෘත කිරීමට නියමිතය.

මෙම සැමරුම් දිනය අවසානයේදී  තේ නිෂ්පාදනයට දායක වන ලොව පුරා විශේෂඥයන්ගෙන් හා කර්මාන්ත නායකයන් සහභාගී වනු ලබන ගෝලීය තේ සමුළුවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 ශ්‍රී ලංකාව වසරකදී තේ කිලෝ ග්රෑම් මිලියන 350 ක් නිෂ්පාදනය කරන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයද වේ.

ජනගහනයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් තේ කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නියුතුව සි

2017 ෙතමසක් ෙගගවී යාමටත් ෙපර ෙකාටස් සියයට 4කින් කඩා වැ ෙටයි

කොළඹ කොටස් වෙළෙඳපොළ 23වන  දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,979.85 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 16.80 ක හෙවත් සියයට 0.28 ක පහළ යාමකි.

2016 මාර්තු 15 දිනෙන් පසු වාර්තා වූ අවම සියලු කොටස් මිල දර්ශක අගය ලෙස මෙය වාර්තා වේ.

දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ද ඒකක 11.73 ක පහළ යාමක් වාර්තා කළ අතර එහි අගය දැක්වුණේ ඒකක 3,411.96 ක් ලෙසිනි.

රුපියල් මිලියන 616.39 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා විය. මෙය 2017 වසරේ සාමාන්‍ය පිරිවැටුම් අගය වන රුපියල් මිලියන 671 ට වඩා පහළ අගයයකි.

2017 වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශක අගය සියයට 3.99 කින් පහළ ගොස් තිබේ. S&P SL20 දර්ශකයට අනුව සියයට 2.42 කින් කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.

අඛණ්ඩව එකොළොස් වන වරටත් ජනතා ප්රිසාදය මහජන බැංකුවට

ලොව ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන  නිල්සන්  ආයතනය  සම`ග  ශ්‍රී්‍ර ලංකා අලෙවිකරණ ආයතනය  (SLIM)  එක්ව  වාර්ෂිකව පවත්වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන 2017 උළෙලේදී  වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමය සහ වසරේ බැංකු  සේවා සපයන්නා  ලෙස සම්මානයන්  නොකඩවා එකොළොස් වන වරටත් මහජන බැංකුවට හිමිවිය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී  පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී මහජන බැංකුවේ මහජන බැංකුවේ අලෙවි ප්‍රධානී දීපාල් අබේසේකර මහතා විසින් වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමයට හිමි සම්මානය ලබාගන්නා අයුරු ඡායාරූපයේ දැක්වේ.  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනි (කි්‍රයාවලි කළමනාකරණ සහ තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ මහත්මිය, ප්‍රධානී (භාණ්ඩාගාර සහ අයෝජන බැංකු) ක්ලයිව් ෆොන්සේකා මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරීනී  (අලෙවිකරණ හා මහජන කටයුතු) යුගානි මෙන්ඩිස් මහත්මියද මෙහි වෙති.

මහජන බැංකුව රුපියල් ටි්‍රලියනයකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම මූල්‍ය ආයතනයයි.  දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා 735කට අධිකය.   දිවා රාත්‍රී ක්‍රියාත්මක Lanka Pay  සේවාව සම`ග ජාලගත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 3,125 කි. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වේ. ඔබේ ඉතුරුම් සඳහා රාජ්‍ය බැංකුවක් සතු  පූර්ණ ආරක්ෂාව ද  හිමිවේ.  මේ පිළිබ`දව වැඩිදුර තොරතුරු www.peoplesbank.lk  යන වෙබ් අඩවියෙන් හෝ @peoplesbanksrilanka යන ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද ලබාගත හැක.

එමෙන්ම මහජන බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වා දුන් අතර,  මෙරට බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණයට ප්‍රමුඛත්වය සපයයි. එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව හ`දුන්වා දුන් ස්වයං බැංකුකරණ ඒකක තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ සහ බිල්පත් ගෙවිමේ පහසුකම් ඇති නවීන ස්වයංකී්‍රය ටෙලර් යන්ත්‍ර  මුදල් තැන්පතු  සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍ර  වල සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්වි`දිය හැක.

එමෙන්ම තිරසාර සමාජ වගකීම් කෙරෙහි කැපවූ ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළ`ගාවීමේ මාර්ගය සකස් කරමින් “ Peoples Green Pulse”නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ද කි්‍රයාවට නංවයි. මෙසේ ගනුදෙනුකරුවන්ට පහසු සහ නව්‍ය බැංකු විසඳුම් සපයමින්, ඔවුන්ගේ ජිවිතයට අමතර වටිනාකමක් එකතු කරමින්, විශ්වසනීයත්වය සහතික කරලමින්, මහජනයාගේ බැංකුව ලෙස ඉදිරි ම`ගට පිවිසීම මහජන බැංකුවේ අරමුණයි.

සතොස අළෙවි සැල් 500ක් රට පුරා

මුතූර් නගරයේ ලංකා සතොස ආරම්භක දිනයේ දී රුපියල් ලක්ෂ හයක වාර්තාගත ආදයමක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යංශය සදහන් කරයි.

ඉකුත් පෙබරවාරි 12 වැනිදා විවෘත කැරුණු මුතූර් ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල සතොස 325 වැනි ලංකා සතොස අළෙවි සැල වේ.

සතොස අළෙවි සැල් 500ක් රට පුරා ස්ථාපිත කිරීම රජයේ අරමුණ යැයිද දැනටමත් රුපියල් බිලියන 30 පමණ වෙළෙඳාමක් වසරකදී සතොසෙන් සිදුකරන බවද මුතුර් සතොස වෙළද සැල ආරම්භ  විවෘත කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත් රිෂාඩි බදියුදීන් මහතා පැවසීය.

මෙමගින් ශ්රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ට ඉතා ගුණාත්මක භාණ්ඩ පහසු මිලට ලබා ගැනීමට හැකියාව ලබාදී ඇතැයිද සතොස පාලන අධිකාරිය විශාල වෙනස්කම් වලට භාජනය කළා යැයිද දැනට සතොස සේවක සේවිකාවන් 3500 වැඩි පිරිසක් රාජකාරී කටයුතුවල නිරතව සිටිනවා යැයිද හෙතෙම පැවසීය

සතොස අළෙවි සැල් ජාලගත කිරීමේ කාර්යය දැනටමත් ආරම්භ කළ බවත් ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමේ ව්යාපෘති 125ක් අපි සතොස වෙළෙඳ සැල්වල ක්රියාත්මක කළ බවත් අමාත්යවරයා මෙහිදී පැවසීය..

එසේම ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූළව සුපිරි වෙළෙඳ සැල්වලින් ලබා ගත හැකි සියලුම සේවාවන් සතොස වෙළෙඳ සැල් මගින් පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට ව්යාපෘති ක්රියාත්මක කර තිබෙන බවත් රජයේ ආයතනයක් ලෙස පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු කරමින් ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා දීම ප්රධාන අරමුණ බවත් අමාත්යවරයා පෙන්වා දුනනේය.