රුපියල ශක්තිමත් වීම රටේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නෙමෙයි – මහාචාර්ය වසන්ත අතුකෝරල

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීම රටේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාල්ඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

ඩොලර් සඳහා පවතින ඉල්ලුම සම්පූර්ණයෙන් පාලනය කිරීම හා සැපයුම නිදහස කිරීම, රුපියලේ අගය මෙලෙස ශක්තිමත් වීමට හේතුව බව ඔහු පෙන්වා දෙනවා.

එවැනි අවස්ථාවක ඕනෑම රටක මුදලේ අගය ශක්තිමත්වීමක් සිදුවෙන බව පෙන්වා දූන් මහාචාර්යවරයා කියා සිටියේ එය දිගු කාලීනව පවත්වා‍ගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.

තව මාස 2-3ක් තුළ ඉතා වේගයෙන් රුපියල කඩා වැටීමේ හැකියාවක් පැවතිය හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සුගිය මාස 13 තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ වැටෙයි

පසුගිය මාස 13 තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දෙනවා.

අමාත්‍යවරයාට අනුව 2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමඟ සංසදනය කිරීමේ දී ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50%කින්, පෙට්‍රල් අලෙවිය 30%කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් අඩු වී තිබෙනවා.

75a9c0ceb163511482c0ac69823d47f3

ඩොලරයේ විකුණුම් මිල රු.328.90 දක්වා නැවත වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිල අද (10) දිනයේ නැවත සුළු වැඩිවීමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.62ක් ලෙස හා විකුණුම් මිල රු.328.90ක් ලෙසයි අද (10) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින්.

ebf947c714c23c22414499792a0d0ea8

උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යාවි – වෙළඳ ඇමති

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ, එහි වාසිය කඩිනමින් ජනතාවට ලබා දීමට වෙළෙඳ සංගම් එකඟ වූ බවයි.

මේ හේතුවෙන් උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

රන් මිල සීඝ්‍ර ලෙස අඩුවෙයි

මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 145,000ක් දක්වා පහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 134,000ක් ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.325 දක්වා අඩු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) තවදුරටත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.307.36 ක් ලෙස හා විකුණුම් මිල රු.325.52 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින්.

004348294b884cd480aeae976342f0bc

සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමයි

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මෙලෙස මිල අඩු කර ඇති බවයි ලංකා සතොස ආයතනය සඳහන් කළේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

f8e66bf5960c827255c0880051e79f9b

ආනයනික අර්තාපල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සීනි මිල අඩුවෙයි

සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

තිරිඟු පිටි මිල පහළට

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි මිල අද (08) සිට පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල රුපියල් 15කින් අඩු කිරිමට මෙලෙස තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.