පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10 කින් පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
Business
පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10 කින් පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (08) තවදුරටත් අඩු වී තිබෙනවා.
ඒ අනුව අද (08) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.77 ක් ලෙස හා විකුණුම් මිල රු. 331.05 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
ඊයේ (07) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

එළඹෙන මාර්තු මස 20 වනදා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා පවසනවා.
චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තම ප්‍රශංසාව පළ කරන බවයි ඇය සඳහන් කරන්නේ.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා මේ බව සඳහන් කර තිබෙනවා.
අදාළ Twitter පණිවිඩය පහතින්.

එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.
මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) විසින් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.
නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද එහිදී නියෝජ්‍ය තානාපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද තවදුරටත් අඩු වී තිබෙනවා.
ඒ අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
පසුගිය මාර්තු 03 වනදා දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 334.50 ක් ලෙස හා විකුණුම් මිල රු. 348.03 ක් ලෙසත් වාර්තාවී තිබුණා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ චීනයේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව ශ්‍රී ලංකාව විසින් මෙම මූල්‍ය සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම මාසය අවසන් වීමට ප්‍රථම සිය කටයුතු සිදුකරනු ඇති බවයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ලබා ගැනීමට ප්‍රථම ඔවුන් විසින් ප්‍රකාශ කළ කටයුතු කිහිපයක් කිරීමට සිදුවූ බවත් විදුලි මිල සංශෝධනය, ඛනිජ තෙල් මිල සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම වැනි කටයුතු සිදු කිරිමට සිදුවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එකඟතාව ලැබුණු පසු ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතිකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මේ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බවයි Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය එරට අපනයන – ආනයන බැංකුව හරහා මාර්තු 6 වනදා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ විනිමය හිඟයක් මේ වනවිට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ ආදිය සඳහා අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සැපයීමක් සිදු නොකරන බවයි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව එම අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සිදු කරන්නේ, බැංකු ක්‍රමය තුළින් බවත් එහි සංචිත, ඩොලර් මිලියන 600 ක් දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකු අධිපතිවරයා වඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (03) දිනයේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් ඉහළ නැංවීමට කටයුතු කළා.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබුණේ පොලී අනුපාතිකය ඉහළ නැංවීමට මහ බැංකුව ගත් තීරණය සුදුසු සහ උද්ධමන ඉලක්ක රාමුව යටතේ පිහිටුවා ඇති අරමුණුවලට අනුකූල බවයි.
උද්ධමනය පාලනය සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලි අනුපාතික ඉහළ දැමීම සුදුසු දෙයක් බවත්, එය උද්ධමන ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.