ලංකා IOC ඉන්ධන මිලත් පහළට

CEYPETCO ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව ලංකා IOC සමාගම ද අද (01) දිනයේ සිට ඉන්ධ මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු කළ ප්‍රමාණය සහ නව මිල ගණන් පහතින්.

* පෙට්‍රල් 92 ලීටරය රු.7කින් (නව මිල රු 333ක්)
* පෙට්‍රල් 95 ලීටරය රු.10කින් (නව මිල නව මිල රු 365ක්)
* ඩීසල් ලීටරය රු.15කින් (නව මිල රුපියල් 310ක්)
* සුපර් ඩීසල් ලීටරය රු.135කින් (නව මිල රු 330ක්)

ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පෙට්‍රල් 92 රු.07කින්, පෙට්‍රල් 95 රු.10කින්, ලංකා සුදු ඩීසල් රු.15කින්, සුපිරි ඩීසල් රු.135කින් අඩු කිරීමට නියමිතයි.

නව මිල ගණන් පහතින්.

a0511be5b8cf6580b0f13d7f249e8ff6

දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.7ක් දක්වා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

2023 වසරේ මාර්තු මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය අ.ඩො බිලියන 2.7ක් දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු පවසනවා.

චීන මහජන බැංකුවෙන් ලද අ.ඩො බිලියන 1.4කට සමාන ‍විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙයට ඇතුළත්ව තිබෙනවා.

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් අඩු කිරීමට එකඟතාවක්

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙළීමට නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා දේශීය පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළවී ඇති බවයි සඳහන් වන්නේ.

ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල ඩොලරය අවප්‍රමාණය වූ අවස්ථාවේ දී යළි පහළ නොගිය බවත් මේ තත්ත්වය හේතුවෙන් මව්පියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

හැකි අවම මිලක් යටතේ තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඔවුන් එයට එකඟතාව පළකර ඇති ඇති බව සඳහන්. අදාළ නිෂ්පාදන කුමන ප්‍රතිශතයකින් පහත හෙළන්නේ ද යන්න පිළිබඳ මැයි මස 23 දා නිල වශයෙන් දැනුම් දෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ආනයනික බිත්තරවලට වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වෙලා – රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වන සහතික ලබාදීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කරන්නේ, සැලසුම් කල පරිදි බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි.

ඉදිරියේදී තවත් මිලියන 05කට ආසන්න ප්‍රමාණයක් බිත්තර ආනයනය කිරීම සඳහා ඇනවුම් ලබා දී ඇති බවත්, මේ වන විටත් බිත්තර මිලියන 3 ක පමණ ප්‍රමාණයක් වරාය තුළ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හැකි ඉක්මනින් අදාළ වාර්තාව ලබා දෙන්නේ නම් එම බිත්තර තොගය නිදහස් කළ හැකි බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

IMF ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (26) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම විවාදය ලබන 28 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර විවාදය අවසානයේ ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙලෙස මෙම විවාදය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

බිත්තර මිල තීරණය කිරීමේ අයිතිය ගොවියන්ට ලබාදිය යුතුයි – කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුව

බිත්තර මිල තීරණය කිරීමේ අයිතිය ගොවියන්ට ලබාදෙන ලෙස කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සංජීව කරුණාරත්න පවසනවා.

මීට පෙර බිත්තර නිෂ්පාදකයින් විසින් මිල තිරණය කළ බවත් මේ වන විට එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව උදුරාගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බිත්තර නිෂ්පාදකයින්ව දිරිගන්වා බිත්තර නිෂ්පාදනය වැඩිකළේ නම් ඉල්ලුම සැපයුම මත සාධාරණ මිලක් නියම වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අඩු කිරීමට කටයුතු කරනවා – වෙළඳ ඇමති

ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පාලන මිලට අනිවාර්යෙන්ම බිත්තර අලෙවි කිරීමට කටයුතු කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බණ්ඩි පොහොර මිල පහළ දැමීමට අවධානය

මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500 ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරාගැනීමට අපහසු නිසා මෙලෙස මිල අඩු කිරීමට තිරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

මේ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේදී ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සහල් මිල සඳහා සහනයක් ලබාදීමට හැකියාවක් නැහැ – ඩඩ්ලි සිරිසේන

සහල් මිල සඳහා සහනයක් ලබාදීමට මේ මොහොතේ හැකියාවක් නොමැති බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

ඩීසල් මිල ඉහළයාම, අධික බදු සහ විදුලි ගාස්තු හේතුවෙන් සිය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 220 ට සහල් මිල නියම කරන විට ඩීසල් මිල රුපියල් 112 ක්, විදුලි ඒකකයක් රුපියල් 16 ක් හා බැංකු පොළිය 8% ක් පමණ වූ බවත් මේ වන විට ඩීසල් රුපියල් 380 ක්, විදුලි ඒකකයක් රු.75 ක් හා බැංකු පොලිය 28% ක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අධික බදු ඇතුළු කරුණු හේතුවෙන් ජනතාවට ලබාදිය යුතු සහන ලබාදීමේ ක්‍රමයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.