මැයි 15 සිට කිරිපිටි මිළ පහළට

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාවය පළකළ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

මෙය මැයි 15 සිට ක්‍රියාත්මක වන අතර එදින සිට මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩොලරයේ විකුණුම් මිල රු.320 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) පහත වැටීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.306.38 ක් ලෙස හා විකුණුම් මිල රු.320.03 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුවවේ නිල වෙබ් අඩවිය නිවේදනය කර ඇත්තේ.

බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය

බදු අයකිරීම නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඉදිරියේදී ක්‍රමානුකූලව බදු අයකිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔරුගොඩවත්ත රේගු පර්යන්තය වෙත පැමිණි අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළා.

IMF හා ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා අද ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (12) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් ඊට සම්බන්ධ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණ සිටින බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව මෙම සංචාරය සිදුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාළ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව ඇති බව වැඩිදුරටත් සඳහන්.

බැංකු පද්ධතියේ සහ මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකියි – මහ බැංකු අධිපති

දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, මහ බැංකුවේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිම බවයි.

ඒ අනුව ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවලද සුරක්ෂිතභාවය සහතික කිරීමට පියවර ගන්නා බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

IMF නියෝජිත කණ්ඩායමක් හෙට ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිත කණ්ඩායමක් හෙට (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන්ද එක්විමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙර​ට ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාර්ගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී එම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.

ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බවයි පැරිස් සමාජය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවති ප්‍රථම සාකච්ඡාව සඳහා චීනය ද සහභාගි වී ඇති බවයි සඳහන් වන්නේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි 01 දා සිට ආරම්භ වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වන දා සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදෙන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

765631ce34124397021f32b7eb65aa0e

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ලෝක බැංකුවෙන් ණයක්

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

පීඩාවට පත්වෙන ජන කොටස්වලට යම් යම් සහන රාශියක් ලබාදීම සඳහා යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ණය ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

2d87b90b4e700e4f4a4472a024ddeceb