ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (22) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.299.71 ක් ලෙස හා විකුණුම් මිල රු.313.82 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
Business
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (22) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.299.71 ක් ලෙස හා විකුණුම් මිල රු.313.82 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මීට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
බදු අය කර ගැනීමේ අඩුපාඩු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව ඇතුළු සියලුම ආයතනවලට අදාළ වන පරිදි මෙම වාර්තාව සකස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය ඉහළ දැමීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අවධානය යොමුව ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.
ඒ සදහා සොයා බැලීමට නිලධාරීන් තුන්දෙනෙකු මේ වන විටත් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බවයි ඔහු සඳහන් කළේ.
අදාළ නිලධාරීන් පිරිස දැනට බිත්තර ආනයනය කරන ගොවිපළවල් නිරීක්ෂණය කර දිවයිනට පැමිණි පසු වාර්තාවක් ලබාදීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
දෛනිකව ඉන්දීය බිත්තර මිලියනයක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (18) නැවතත් පහළ වැටීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.299.21 ක් ලෙස හා විකුණුම් මිල රු.312.37 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) පහළ වැටීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.302.42 ක් ලෙස හා විකුණුම් මිල රු316.18 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ මේ පිළිබඳ දක්වා ඇති ආකාරය පහතින්.

බණ්ඩි පොහොර මිල අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව, බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4,500 කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.
ඊයේ (15) දිනයේ සිට බණ්ඩි පොහොර රුපියල් 15,000 ක මිලකට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
තවත් යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60% ක් හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40% ක් වශයෙන් මෙලෙස යූරියා පොහොර ආනයනයට අවසර ලබාදෙන බවයි සඳහන් වන්නේ.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.84 ක් දක්වා පහත වැටී ඇති අතර WIT බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.79 දක්වාද අඩුවී ඇති බවයි සඳහන් වන්නේ.
පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
අද (14) සිට සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් පවසනවා.
ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600 ක් බවයි සඳහන් වන්නේ.
විදේශ ශ්‍රමිකයන්ගෙන් 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 248.9 ට සාපේක්ෂව 2023 වසරේ අප්‍රේල් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 454 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.
සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා පවසා සිටියේ එය 82.4% ක (අ.ඩො. මිලියන 205.1) වර්ධනයක් බවයි.
2023 වසරේ මේ දක්වා ලැබූ සම්පුර්ණ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1867.2 ක් වන බවද අමාත්‍යවරයා පවසා සිටියා.
