තවත් යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60% ක් හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40% ක් වශයෙන් මෙලෙස යූරියා පොහොර ආනයනයට අවසර ලබාදෙන බවයි සඳහන් වන්නේ.
Business
තවත් යූරියා මෙට්‍රික් ටොන් 25000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60% ක් හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40% ක් වශයෙන් මෙලෙස යූරියා පොහොර ආනයනයට අවසර ලබාදෙන බවයි සඳහන් වන්නේ.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.84 ක් දක්වා පහත වැටී ඇති අතර WIT බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.79 දක්වාද අඩුවී ඇති බවයි සඳහන් වන්නේ.
පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
අද (14) සිට සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් පවසනවා.
ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600 ක් බවයි සඳහන් වන්නේ.
විදේශ ශ්‍රමිකයන්ගෙන් 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 248.9 ට සාපේක්ෂව 2023 වසරේ අප්‍රේල් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 454 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.
සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා පවසා සිටියේ එය 82.4% ක (අ.ඩො. මිලියන 205.1) වර්ධනයක් බවයි.
2023 වසරේ මේ දක්වා ලැබූ සම්පුර්ණ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1867.2 ක් වන බවද අමාත්‍යවරයා පවසා සිටියා.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාවය පළකළ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
මෙය මැයි 15 සිට ක්‍රියාත්මක වන අතර එදින සිට මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) පහත වැටීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.306.38 ක් ලෙස හා විකුණුම් මිල රු.320.03 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුවවේ නිල වෙබ් අඩවිය නිවේදනය කර ඇත්තේ.
බදු අයකිරීම නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව ඉදිරියේදී ක්‍රමානුකූලව බදු අයකිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔරුගොඩවත්ත රේගු පර්යන්තය වෙත පැමිණි අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (12) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් ඊට සම්බන්ධ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණ සිටින බව සඳහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව මෙම සංචාරය සිදුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අදාළ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව ඇති බව වැඩිදුරටත් සඳහන්.
දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, මහ බැංකුවේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිම බවයි.
ඒ අනුව ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවලද සුරක්ෂිතභාවය සහතික කිරීමට පියවර ගන්නා බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.