ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (14) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 303.19 ක් ලෙස හා විකුණුම් මිල රු. 318.99 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
Category: business
Business
අද ඩොලරයේ විකුණුම් මිල රු.309 දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (13) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.294.91 ක් ලෙස හා විකුණුම් මිල රු.309.22 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණවල වර්ධනයක් තිබෙනවා – මහ බැංකුව
2023 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 2,346.9 ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
2022 වසරේ එම කාල වකවානුව තුළ මෙරටට ලැබී තිබූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1335.6 ක් වන අතර එය 2023 හා සංසන්දනය කිරීමේදී 75.7% කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.
එසේම 2023 මැයි මාසයේදී මෙරටට ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 497.7 ක් වන අතර එය 2022 වසරේ මැයි මාසයට සාපේක්ෂව 57.7% ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අද ඩොලරයේ විකුණුම් මිල රු.303.73 දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.290.06 ක් ලෙස හා විකුණුම් මිල රු.303.73 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
ආනයනකරුවන් කියන විදියට ජංගම දුරකථන මිල අඩු කරන්න බැහැ – කොමියුනිකේෂන් හිමිකරුවන්
ජංගම දුරකථන මිල 20% කින් අඩු කළ හැකි බවට ඇතැම් සංගම් පැවසුව ද එම සහනය මේ මොහොතේ පාරිභෝගිකයින්ට ලබාදීම අපහසු බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව පවතින තොග වැඩි මිලට ලබාගත් ඒවා බවත් තවමත් කිසිඳු දෙයක් අඩු මිලකට නොලැබෙන බවයි එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ.
ඒ අනුව මිල අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පසුගියදා සඳහන් කළේ.
අද ඩොලරයේ විකුණුම් මිල රු.301.12 දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.288.08 ක් ලෙස හා විකුණුම් මිල රු.301.12 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
සහනදායි මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබයි
සහනදායි සහ වෙළඳපොළ මත පදනම් වූ මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීමට අවස්ථාව ලැබෙතැයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ.
එසේම එමඟින් දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකියාව පවතින බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළට
ලංකා සතොස භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බව එම ආයතනය පවසනවා.
ඒ අනුව මුං ඇට, වියළි මිරිස්, රතු පරිප්පු, රතු නාඩු, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කිරිමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
අඩු වූ මිල සහ නව මිල පහතින්.
* මුං ඇට 1Kg – රු.325 කින් (නව මිල රු.1225)
* වියළි මිරිස් 1Kg – රු.60 කින් (නව මිල රු.1290)
* රතු පරිප්පු 1Kg – රු.15 කින් (නව මිල රු.299)
* රතු නාඩු සහල් 1Kg – රු.15 කින් (නව මිල රු.200)
* හාල්මැස්සන් 1Kg – රු.10 කින් (නව මිල රු.1140)
* පාන් පිටි 1Kg – රු.10 කින් (නව මිල රු.200)
* සෝයා මීට් 1Kg – රු.10 කින් (නව මිල රු.650)
* රතු කැකුළු සහල් 1Kg – රු.06 කින් (නව මිල රු.139)
* කඩල 1Kg – රු.05 කින් (නව මිල රු.540)
* සුදු සීනි 1Kg – රු.04 කින් (නව මිල රු.225)

නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය 26.2% කින් ඉහළ ගොස් ඇති අතර එය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් බවයි සඳහන් වන්නේ.
චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අද ඩොලරයේ විකුණුම් මිල රු.297.94 යි
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (06) සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.284.84 ක් ලෙස හා විකුණුම් මිල රු.297.94 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
