අයවැය දෙවනවර කියවීමේ විවාදයේ හයවන දිනය අද

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය අද (20) හයවන දිනටත් පැවැත්වෙනවා.

අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක්

මේ වනවිට නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් පමණ වන බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

දැනට එකතු කර ගෙන ඇත්තේ රුපියල් බිලියන 175 ක තරම් බදු ප්‍රමාණයක් බව ද,  රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් තරමේ මුදලක බදු අයකර ගත නොහැකිව සිර වී ඇති බව ද එහිදී හෙළිවුනා.

ටියුෂන් පන්ති, නීතිඥ ගාස්තු යනාදියෙන් බදු අයකර ගැනීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම ආදී යෝජනා ගැන ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළ බවයි කාරක සභාව පවසන්නේ.

උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල පහළට

එළඹෙන උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් පහළ යනු ඇතැයි සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

මේ වන විට රුපියල් 35-40 අතර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ හැකියාව පවතින බවද, කෙසේ නමුත්, වැට් බදු වැඩි කිරීම නිසා ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වය වෙනස් විය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

බදු වැඩි කිරීම නිසා මත්පැන් අලෙවිය 12%කින් අඩුවෙලා – මත්පැන් සමාගම්

2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාල පරිච්ඡේදය තුළ දී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස් ඇති බව එම සමාගම් පවසනවා.

ඒ අනුව 2023 වසරේ ජනවාරි සහ ජූලි මාසවල දී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44%කින් පමණ බදු ඉහළ නංවා ඇති බවයි මෙරට ලැයිස්තුගත සමාගමක් වන LION BREWERY CEYLON PLC සමාගම සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

බදු ඉහළ නැංවීම නිසා මත්පැන් මිල ඉහළ යාම, මෙලෙස ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත්, මේ හේතුවෙන් නීති විරෝධී මත්පැන් භාවිතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

6556ea76cd48apdf_page_1

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය අද (17) සිව්වන දිනටත් පැවැත්වෙනවා.

අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වෙළඳපොල තුළ සීනි හිඟයක්

වෙළඳපොල තුළ සීනි හිඟයක් හටගෙන ඇති බව වෙළඳුන් පවසනවා.

ඒ අනුව වෙළඳුන් පෙන්වා දෙන්නේ පනවා ඇති පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බවයි.

ආනයනික සීනි සඳහා 2022 වසරේ සිට පැවති ශත 25 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමට පසුගියදා රජය පියවර ගෙන තිබුණා.

ඉන් අනතුරුව රජය ගැසට් නිවේදනයක් මඟින් සුදු සීනි සඳහා රුපියල් 275 ක් සහ දුඹුරු සීනි රුපියල් 330 ක් වන ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටද කටයුතු කර තිබුණා.

බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම ආදී කටයුතු කීපයකදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනාවක්

බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ බදු ප්‍රතිපත්ති සංශෝධන යෝජනා කිහිපයක් මෙවර අයවැය මඟින් ඉදිරිපත් කර තිබෙනවා.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව බදු ගෙවන්නා හඳුනාගැනීමට අංකයක් ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අවස්ථා කිහිපයකදී අනිවාර්ය කිරිමටද යෝජනා කර තිබෙනවා.

ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක ඉල්ලුම්කරු විසින්, මෝටර් රථයක් ලියාපදිංචි කරන බලපත්‍රය අලුත් කරන අවස්ථාවක හිමිකරු විසින් හා ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටක ගැනුම්කරු විසින් බදු ගෙවන්නා හඳුනාගැනීමට අංකයක් සහිත සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

අයවැය කතාව අවසන්

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ 2024 අයවැය කතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට කතානායකවරයා කටයුතු කළා.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 13 වැනි දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

මෙම අයවැය රටේ අනාගතය ශක්තිමත් කරන හරිත අයවැයක් – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රජයේ නිවාඩු නිකේතන සංවර්ධනය කිරිම වෙනුවෙන් රුපියල් මිලියන 600ක් වෙන් කරනවා. පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක් ඇති කරනවා.

* තාක්ෂණය හා නවෝත්පාදනය නිර්මාණාත්මක ආර්ථිකයක පදනමයි. ඒ සඳහා සහාය වීමට රජය සූදානම්.

*තාක්ෂණය හා නවෝත්පාදනය නිර්මාණාත්මක ආර්ථිකයක පදනමයි. ඒ සඳහා සහාය වීමට රජය සූදානම්.ගිග් ආර්ථික කටයුතු සැලකිල්ලට ගෙන දේශසීමා ගනුදෙනු හා වාණිජ පහසුකම් ගෙවීම පහසු කිරීමට කටයුතු කරනවා.

* ආහාර සුරක්ෂිතභාව තහවුරු කිරීමටත් එහි යෙදී සිටින සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.

* හරිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. දේශගුණික විශ්වවිද්‍යාලය වෙනුවෙන් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් වෙන් කර තිබෙනවා. දේශගුණික විපර්යාස ආයතනයක් පිහිටුවනවා.

* ප්‍රශ්නවලට සුන්දර උත්තර නෑ. සමජීවිකථා සංකල්පය නොබිදෙමින් මේ කටයුත්ත සිදු කළ යුතුයි.

* අපි බ්‍රිතාන්‍යයටත් ණය  ලබා දුන්නා. අද අපි ලෝකයෙන් හිඟා කනවා. අපි අනාගතයටත් එය සිදු කළ යුතුද? අනාගත පරම්පරාවට සාඩම්බර රටක් උරුමකරමු.

* රටේ අනාගතය ශක්තිමක් කරන හරිත අයවැයක් ඉදිරිපත් කිරිමට පුළුවන් වුණා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන්කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකිම් යොදා ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කරනවා. මෙය සම්බන්ධීකරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කණ්ඩායම් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කරනවා.

* ශ්‍රී ලංකා රේගු නීති නවීකරණයට පියවර ගන්නවා.

* රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපාලන මූලධර්ම වැඩි දියුණු කිරීම සඳහා නව නීති ගෙන එනවා. එමෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීමට නව නීති සම්පාදනය කරනවා.

* ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක්.

* තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට කටයුතු කරනවා. ප්‍රධාන ගෝලීය වෙළඳපොළවලට තරගකාරීව ඇතුළත්වීමේ හැකියාව ලැබෙනවා.

* තාක්ෂණික නවෝත්පාදන සභාවක් ඇති කිරීමට කටයුතු කරනවා.

* පළාත් සංචාරක මණ්ඩලය ශක්තිමත් කරනවා. රුපියල් මිලියන 750ක් වෙන්කරනවා.

* සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම දිගු කාලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වසරකට මිලියන 5ක සංචාරකයක් ගෙන්වා ගත යුතුයි. සංචාරක ක්ෂේත්‍රයට නව නීතියක් සකස් කරනවා. මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා.