ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3450 කින් වැඩි කිරීමට අපේක්ෂා කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2023 වසරේදී 95% ක් දක්වා අඩු කිරිමට අපේක්ෂා කෙරෙනවා.

* බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩි කිරිමට රුපියල් බිලියන 450 ක්.

* රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් 20% ක් උපායමාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබාදීමට යෝජනා කරනවා.

* ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3450 කින් වැඩි කිරීමට අපේක්ෂා කරනවා.

* රාජ්‍ය මූල්‍ය කළමණාකරණයේ යහපාලන මූලධර්ම වැඩි දියුණු කිරීමට නව නීති.

* ආර්ථික සංවර්ධනයට ඉඩම් උපරිම ප්‍රයෝජන ගැනීමට නව නීති ගෙන ඒමට කටයුතු කරනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* අයවැය අරමුණු සඳහා වියදම් කරන මුදල් වෙනුවෙන් පළාත් සභාවන් පාර්ලිමේන්තුවට වගකිය යුතුයි.

* රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කිරීමේදී දැඩි මූල්‍ය විනය ක්‍රියාත්මක කළ යුතුයි.

* පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහා නගර ආශ්‍රිතව දුම්රිය ස්ථාන නගර ඉදිකිරීම සඳහා දෙස් විදෙස් ආයෝජන කැඳවීමට යෝජනා.

* 2025 වර්ෂයේ සිට පළාත් සභා ආදායමෙන් 50 % ක් පුණරාවර්තන වියදම් ලෙස යොදවා අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීම යෝජන කරනවා.

* පළාත් පාලන ආයතන දිරිමත් කිරීමේ පළමු පියවර ලෙස 2024 ජනවාරි 01 වනදා සිට මහ නගර සභාවල වැටුප් ගෙවීම සඳහා 80% ක මූල්‍යයනයක් ලබාදීම.

* ජාතික හා ජන සභා සම්බන්ධීකරණ කිරීම සඳහා ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට රුපියල් මිලියන 700 ක් වෙන් කරයි.

* මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරයි.

ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5 ක් වෙන් කරයි

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 250 ක් වෙන් කරයි.

* පහල මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා තවත් මිලියන 2500 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* අනුරාධපුර මහා විහාරය ලොව පුරා ථෙරවාද බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ කරුණු සලකා බලමින් මහා විහාර විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට යෝජනා කළා. එහි මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 450 ක් වෙන් කරනවා.

* මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය සඳහා ඉදිරි වසර සඳහා මිලියන දෙසීයක් යොදවනවා.

* ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී තිබෙනවා. පාසල් සහ පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා සඳහා බිලියන 1.5 ක් වෙන් කරනවා. අඩුපාඩු ඇති පළාත් සහ පාසල් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා.

කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එම වතු ඉඩම් වල නිවාස සංකීර්ණ සහ වෙළඳ සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කරනවා.

* ඉදිකිරීම් සමාගම්වලට එම ඉඩම් ලබාදෙන අතර එහි පදිංචිකරුවන්ට එම නිවාස සංකීර්ණ වලින් හෝ වෙනත් තැනක නව නිවාස ලබාදිය යුතු වෙනවා.

* සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ජාතික සන්නාමකරණ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරයි.

* ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් අයවැයකරණය හඳුන්වාදීම හා ඊට අදාළ නීති සම්පාදනයට යෝජනා කෙරේ.

* අවතැන්වූවන් නැවත පදිංචි කිරීමට රුපියල් මිලියන 2000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* අතුරුදහන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරිම සඳහා තවත් රුපියල් මිලියන 1000 ක් වෙන් කරයි.

* පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබා දෙනවා.

* යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දෙනවා.

ලෝක බැංකුවෙන් මෙරට​ට ඩොලර් මිලියන 150ක් ලබාදීම​ට අනුමැතිය

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150 ක් අනුමත කර තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ පැරිස් හේඩඩ් සර්වෝස් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ ජාලයක් අවශ්‍ය බවයි

ඒ සඳහා ආර්ථික, ව්‍යාපාර සහ පුද්ගල, කුඩා ව්‍යාපාර හා දිළිඳු පවුල් සඳහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

654e180352dd6

බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහලට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර පාන කිහිපයක මිල ඉහල දැමෙන බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම ආහාර පාන වල වැඩි වන මිල ගණන් පහතින්.

* ප්ලේන් ටී – රු.5 කින්

* කිරි තේ – රු.10 කින්

* බත් පැකට්ටුවක් – රු.20 කින්

* ෆ්‍රයිඩ් රයිස් – රු.20 කින්

* කොත්තු – රු.20 කින්

ලිට්‍රෝ ගෑස් මිල රු.95 කින් ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව බහුලව භාවිතා වන කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.95 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.3,565 ක්.

කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.38 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.1.431 ක්.

කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.18 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.668ක් ලෙසයි සඳහන් වන්නේ.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් පහතින්.
* සුදු සීනි පැකට් නොකළ 1Kg – රු.275
* සුදු සීනි පැකට් කළ 1Kg – රු.295
* දුඹුරු සීනි පැකට් නොකළ 1Kg – රු.330
* දුඹුරු සීනි පැකට් කළ 1Kg – රු.350

ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පමණ ඉහළ දමන බවයි වාර්තා වන්නේ.
නව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්වල භාණ්ඩ කිහිපයක මිල පහත දමා ඇති බව එම සමාගම පවසනවා.

ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 22 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 948 ක්.

එසේම කඩල රුපියල් 09කින් සහ මුං ඇට රුපියල් 77 කින්ද පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

654338dc87308 654338dca0f9f