ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
* 12.5KG ගෑස් – රු.625 කින් (නව මිල රු.4,115)
* 5KG ගෑස් – රු.248 කින් (නව මිල රු.1,652)
Business
ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
* 12.5KG ගෑස් – රු.625 කින් (නව මිල රු.4,115)
* 5KG ගෑස් – රු.248 කින් (නව මිල රු.1,652)
මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව මේ වන විට කේක් වෙළදාම 50%ක්වත් නොමැති බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ.
අමුද්‍රව්‍ය මිල ගණන් ඉහල යාම හමුවේ මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේදී කේක් මිල පහළ නොයනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව කිරි තේ එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි එම සංගමය සඳහන් කළේ.
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙන බවයි ඉන්දියාවේ The Hindu වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවත් කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවය ඉක්මණින් එළඹෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත්, අද දිනය තුළ මෙරට බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් එහිදී අනාවරණ කෙරුණු බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.
බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 30ක් නම් වෙළෙදපළේ අලෙවි කරන බිත්තරයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ මට්ටමක පැවැතීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවද, එබැවින් බිත්තර සඳහා පනවන උපරිම සිල්ලර මිල බිත්තර නිෂ්පාදකයා, පාරිභොගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂා වන පරිදි පැනවිය යුතු බව එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.306.53 ක් සහ විකුණුම් මිල රු.316.06 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් PAN ASIA BANK වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇත
මෙම අත්හිටුවීම පෙබරවාරි මස (15) වන දිනයේ සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති අතර PAN ASIA BANK විසින් මේ බව කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත.
මහ බැංකුව විසින් බලපත්‍රයක් අත්හිටුවීම PAN ASIA BANK හි සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනු වලට බලපෑමක් සිදු නොකරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
වෙළඳපොලේ දේශීය බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
VAT බද්ද ඉහළ යාම හේතුවෙන් රුපියල් 09 ක පමණ අමතර අගයක් මේ වනවිට බිත්තරයක මිලට එකතු වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළේ.
බිත්තර මිල ඉහළ යාම වැළැක්වීම සඳහා මිල නියාමන කමිටුවක් පත් කරන ලෙස රජයට ඉල්ලීම් කළ ද මේ දක්වා ඒ සඳහා රජය මගින් කිසිදු පියවරක් ගෙන නොමැති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392 ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ දී 2.3% ක වර්ධනයක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
මෙම සංචිත ප්‍රමාණයට චීන හුවමාරු පහසුකම ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.