චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 125% දක්වා ඉහළ නංවයි

චීනය ඇමරිකානු ආනයන සඳහා නව 125% ක තීරු බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකාව පැනවූ 125% ක බද්දට සමාන වන අයුරින් චීනයද මෙලෙස 125%ක බද්දක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල දැවැන්ත වර්ධනයක්

අද (10) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 4.7% ක එනම් ඒකක 704.88ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර ඇති අතර, දිනය අවසානයේ දී එහි අගය ඒකක 15,580.83 ක් ලෙසින් සටහන් වුනා.

එසේම  S&P SL20 දර්ශකය ඒකක 290.94 කින් දිනය තුළ ඉහළ ගිය අතර, දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 4,643.63 ක් ලෙසින් සටහන්ව තිබුණා‍.

එසේම, රු. බිලියන 6.97 ක සමස්ත පිරිවැටුමක් අද දිනයේ වාර්තා වූ බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (07) දිනයේ දී ඒකක 15,000 සීමාවෙන් පහළට පැමිණි සියලු කොටස් මිල දර්ශකය, අද (08) දිනයේ දී නැවත වරක් එම සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71 ක් ලෙස සටහන් වී තිබුණා.

එසේම අද දින රු. බිලියන 2.89 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්

අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබෙනවා.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 712.90කින් පහළ ගොස්, ඒකක 14,660.45ක් ලෙසින් සටහන් වූ අතර, S&P SL20 මිල දර්ශකය ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4,264.84ක් ලෙසින් සටහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අද පෙරවරුවේ S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමට‍ ද සිදුව තිබුණා.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (04) දින සිට ලබා ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.

දුඹුරු සීනි, රතු පරිප්පු, ටින් මාලු, ආනයනික නාඩු සහල්, පාන් පිටි, රතු කැකුළු සහල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

news images

හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් වනවා.

මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වන අතර මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින් වන අතර එහි නව මිල රුපියල් 380 ක්.

මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30 කින් පහළ දමා ඇති බවයි මිල්කෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාර්තු මාසයට ඉන්ධන මිල සංශෝධනයක් නැහැ – ඛණිජ තෙල් සංස්ථාව

මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

ඒ අනුව මේ වනවිට වෙළඳපොලේ පවතින මිල ගණන් යටතේම මාර්තු මාසයේ ඉන්ධන අලෙවිය සිදුවන බවයි සඳහන් වෙන්නේ.

පළමු Shell ඉන්ධන පිරවුම්හල විවෘත කෙරේ

අමෙරිකාවේ RM PARKS සමාගම විසින් Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) දින විවෘත කර තිබෙනවා.

ඒ අනුව, මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම ලෙස RM Parks (පුද්ගලික) සමාගම සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ‘Shell’’ ලෙස සන්නාම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 301 ලෙස සටහන් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.72ක් ලෙස සටහන්වී ඇති අතර එහි විකුණුම් මිල රුපියල් 301.30 ක් ලෙසයි සටහන්වී ඇත්තේ.

67b728056cd53

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ආපන ශාලාවල ආහාර මිල ගණන් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීටම කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 05 කින් හා කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එසේම ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ද, ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10 කින් ද ඉහළ දැමීමට කටයුතු කරන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස ආහාර මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.