මම ජීවිත කාලෙම මෙතනට වෙලා ඉන්න ඇවිල්ලා නැහැ – ශම්මි

මින් ඉදිරියට තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ශම්මි සිල්වා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී මෙම ධුරය භාරගන්නා කණ්ඩායම සමාජිකයන් විසින් තීරණය කරනු ඇති බවයි අද (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තමන් ඇතුළු පිරිස සොරුන් බවට ඔප්පු වුවහොත් ඉවත්වීමට සුදානම් බවත් ක්‍රිකට් තහනම් කළද තමන් ඇතුළු පිරිසට තහනමක් පනවා නොමැති බවද ඔහු සඳහන් කළා.

තහනම පනවා තිබුණද මේ වසරට ලැබීමට නියමිත ගෙවීම් සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අද අවලංගු කෙරේ

මේ වනවිට මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ, ස්ථාන කිහිපයක්  කඳු නායායෑම් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් අද (22) දින රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් ගෙදර

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ
මහතාව ඉවත් කරලීමට ඊයේ සේවක විරෝධයක් පැනනැගුණ අතර අවසානයේ ඔහු ඉල්ලා අස්වී ගෙදර ගියේය.

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප්
ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරීමට කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ව්‍යාජ ලිපිගොණු සකසා වැටුප් වර්ධක 10ක් ලබාගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන බවටත්, පත්වූ දා සිට සිදුකර ඇති අසාර්ථක ව්‍යාපෘති හරහා සංස්ථා මුදල් නිකරුනේ නාස්ති කරන බවටත්, ඥාති පුත්‍රයකු සේවයට බඳවා ගෙන ඇති බවටත් සේවකයින් චෝදනා කොට තිබුණි.

මේ අනුව පීඩාවට පත් සංස්ථා සේවකයින් හා වෘත්තීය සමිති එක්ව අධ්‍යක්ෂ
ජනරාල් කාර්යාලය වටලනු ලැබූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය
අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. සත්කුමාර මහතා හා ශ්‍රී ලංකා ගුවන්විදුලි
සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා ද මැදිහත්වී ඇත.
පසුව අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී සංස්ථා
භූමියෙන් පිටව ගියේය.

ජාතික රූපවාහිනියේ නුග සෙවන නිවේදිකාව ඇප මත

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක වන වසුන්දරා ගමගේ මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.

නඩුව එළැඹෙන ජූනි 24 වනදා කැඳවීමට නියමිතයි. ඊයේ (18) පස්වරුවේ
නාරාහේන්පිට ඇගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඇයව අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර පරිගණක අපරාධ පනත යටතේ ඇය ප්‍රචණ්ඩත්වයට අනුබල දුන්නේ යයි චෝදනා ගොනු කර තිබුණි.

වසුන්දරා ගමගේ මහත්මිය නුගසෙවණ ඇතුළු ජාතික රූපවාහිනියේ ප්‍රකට වැඩසටහන් ගණනාවක සම්ප්‍රවේශිකාවක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්

අද (18) දිනයේ පෙට්‍රල් සැපයීම සීමාකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත
සංස්ථාව ජනතාවට දැනුම්දෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ තොග සීමිත බැවිත් එම තීරණය ගත් බවය.

ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට හෙට දිනයේ පෙට්‍රල් ලබාගැනීමට
ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳීනොසිටින ලෙස ජනතාවට දැනුම්දී තිබේ.

කෙසේවෙතත් 19 වන බ්‍රහස්පතින්දා පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය
පරිදි සිදුකරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් දැනුම්දී
ඇත.

හර්ෂ ද සිල්වා රනිල් යටතේ තනතුරක් .ලබා ගනියිද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින්
සදහන් කර ඇත්තේ සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට මම සූදානම්.

මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත.

එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි.

කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි
පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය
ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු.

මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක් මගින් ආර්ථික පුනර්ජීවන සැලසුමක් සකස් කිරීමට නායකත්වය ලබාදීමටයි. පසුව එම සැලසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීමට මා අදහස් කරමි. මේ අවස්ථාවේ ජනතා මතය වන්නේ සර්ව පාක්ෂික මැදිහත්වීමක් මගින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වන අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය තුළින් ඒ ජනතා අපේක්ෂාව ඉටුකළ හැකියැයි මා විශ්වාස කරමි.

මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක
සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකිය. ඒ තරමටම මෙම කාරක සභාව බලවත්ය.  ජනතා මතය සුරකිමින් මේ ආකාරයෙන් රටට මේ අවස්ථාවේ මාගේ සේවය ලබාදීමට මා අදිටන් කරගෙන සිටිමි.

මැයි 9 මැරයන්ගේ ඡායාරූප පොලිසිය ප්‍රසිද්ධ කරයි

පසුගිය මැයි 9 වැනිදා ගාලුමුවදොර පිටියේ සහ කොල්ලුපිටියේ සිදුවූ ප්‍රචණ්ඩ
ක්‍රියාවලට සහ ප්‍රහාරවලට සම්බන්ධ වූවන් හඳුනාගැනීම සඳහා පොලිසිය
මහජනතාවගේ සහය පතයි.

සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කල ඡායාරුපවල සිටින පුද්ගලයින්ගේ
අනන්‍යතාවයන් විමසන බැවින් තොරතුරු ඇතොත් පහත දුරකථන අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

071 859 4901
071 859 4915
071 859 2087
071 859 4942
071 232 0145
011 242 2176

ශ්‍රීලනිප සහය රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර සදහන් කර ඇත්තේ නව රජයක්
පිහිටුවීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවයි.ශ්‍රීලනිප මින් ඉහත රනිල්ට සහය නොදෙන බවට තීරණයක් ගෙන තිබණත් අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී නව තීරණ වෙනස සිදු කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් හා
ස්වාධීන වූ පොදු ජන පෙරමුණු කණ්ඩායමේ කොටසක් හා ශ්‍රීලනිප 14 දෙනා සමග සීවී විග්නේස්වරන් හා මනෝ ගනේෂන් ද නිල්ට සහය දක්වන්නට සූදානම් බවට ආරංචි පවතී.

තත්ත්වය භයානකයි: කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යනවා

කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම කොවිඩ් මර්දන එන්නත නොගත් එය ලබාගත යුතු වයස් සීමාවේ පසුවන සියලු දෙනා එන්නත වහාම ලබාගන්නැයිද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද සෙනඟ ගැවසෙන මංගල අවමංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි වීම සම්පූර්ණයෙන්ම නතර කරන්නැයි ඉල්ලා සිටින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කාමර, ශාලා ,විදුලි සෝපාන ක්‍රියාත්මකවන ආවරණ සහිත ස්ථානවල දිගු වේලාවක් රැඳී සිටීමෙන් වළකින්නැයිද දැනුම් දෙයි.

විශේෂයෙන් නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් නිවෙස්වලින් බැහැරට යෑම කොහෙත්ම නොකළ යුතු බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සියයට 1.5ක් මරණයට පත් වන බවත් ආසාදිතයන්ගෙන් සැලකිය යුතු පිරිසකට දැඩිසත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලැබීමට සිදු වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Chemical Fertilizers ban Changed?

Lalith Weeratunga, Principal Advisor to the President, highlighted that although some decisions were made based on scientific facts, the government’s policy on the use of organic fertilizers remains unchanged.

Mr. Weeratunga made these remarks at a media briefing held at the Presidential Media Centre (PMC) on the topic “Has the ban on chemical fertilizers been lifted?” this morning (05). This was the second weekly media briefing organised by the PMC.

Responding to questions raised by the journalists, Mr. Weeratunga said that transforming a country that had been accustomed to using chemical fertilizers for decades to use organic fertilizers is a challenging endeavour and therefore, the different opinions directed at the move were reasonable.

The Secretary to the Ministry of Agriculture, Senior Professor Udith K. Jayasinghe, stated that only natural minerals and chelated matter produced using plant nutrients will be imported and those are essential for the biological enrichment of the soil. The Secretary pointed out that as the use of organic fertilizer is a brand new experience for many farmers, a mechanism has been implemented to monitor these activities on a weekly basis and plans are all set to apply new technologies and techniques for this purpose. He further added that the experts from state universities, faculties of agriculture and the field would be consulted in this regard and noted that they would be obliged to have the support of media outlets as well.

Despite import restrictions, certain decisions have to be taken in terms of national interest, but these decisions will not be taken outside of policy, Finance Ministry Secretary S.R. Attygalle stressed.

Commenting on the decision taken to import only natural chelated minerals and micro matter nutrients, the Finance Ministry Secretary said that such measures are being implemented under the strict supervision and recommendation of the Ministry of Agriculture and other relevant institutions. Plans have been made to provide the required amount of organic fertilizer in each area based on a code given to the farmers following a soil test. Dr. Ajantha de Silva, Director General of Department of Agriculture, stated that the soil tests will commence next week.

Responding to the question raised by journalists as to how the government will respond if the harvest reduces due to the use of organic fertilizer, President’s Spokesman Kingsly Rathnayake quoted a statement made by the President and said, “Issues and complications may occur at the launch of the programme. However, the implementation of a sustainable green socio-economic pattern should not be delayed. We need to identify the perfect solutions to the problems that emerge. The farmers may assume that giving up on chemical fertilizers will reduce the yield. If it does, the President guaranteed that the amount of over Rs. 50 billion that is spent annually on chemical fertilizers will be used to compensate them”.