මාධ්‍ය ආයතනයක් ජාතීන් අතර සමඟිය නැති කිරීමට කටයුතු කරවා නම් ….

කිසියම් මාධ්‍ය ආයතනයක් හෝ පාර්ශ්වයක් රටේ ජාතික ආරක්‍ෂාවට අභියෝග කරමින් ජාතීන් අතර සමඟිය නැති කිරීමට කටයුතු කරවා නම් ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ව්‍යවස්ථානුකූලව නීතියේ රාමුව තුළ සිටිමින් ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනීමට තමන් කිසිවිටෙකත් පසුබට නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

කිසිවකුගේත් පෞද්ලික දේපලක් වූ විකාශන සංඛ්‍යාත නොමැති අතර සියලු විකාශන සංඛ්‍යාතයන්හි සෑබෑ හිමිකරුවන් වන්නේ රටේ ජනතාව නිසා ජනතාව වෙනුවෙන් ඒ වගකීම තමන් ඉටුකරන බවද ඇමැතිවරයා කීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යය හමුවට සහභාගීවෙමින් හෙතෙම මේ බව කියා සිටියේය

බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය

අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ක්‍රිඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍‍රයන්ත ලියනගේ මහතා අද (11) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර කළේ මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි පොලිස් ක්‍රිඩා කොට්ඨාසයට අනියුක්තව රාජකාරිකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි රජයේ බැංකුවක හිටපු කළමණාකාරවරයෙකි.

මෙම සිද්ධියට අදාළව 28 වන සැකකරු වන උප පොලිස් පරික්ෂකවරයා පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් අතර 29 වන සැකකරු වන බැංකු කළමණාකාරවරයා මහනුවර ප‍්‍රදේශයේ දී අද (11) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.

කොරෝනා සංකීර්ණ වන තැනක

 මේ වන විට තවත් කොරෝනා රෝගියෙක් මරණයට පත්ව තිබේ. කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ වැඩිම රෝගී ගණන වාර්තා විය. කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙම මරණය සිදුව තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රෝහල් පද්ධිතියේද සැලැස්ම කෙසේ කරන්නේද යන්න ප්‍රශ්නයක් බවයි. මේ නිසා මේ ගැන අදාල බලධාරීන්ගේ අවධානය යොමු කරවීම වැදගත් බව ඔවුන් පවසයි.
කොස්ගම, සාලාව රෝහලෙන් සිකුරාදා (23දා) උදෑසන පැන ගිය කොරෝනා ආසාදිත තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයකු බවට හෙළි වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අදාළ තරුණයා සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඔහු වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය. මෙලෙස පැනගොස් හමුවූ පුද්ගලයා කොස්ගම සිට ඔරුගොඩවත්තට බස් රථයකින් විත් ඔරුගොඩවත්තේ සිට බස් රථයකින් බොරැල්ලට පැමිණ ඇති බවත් එම බස් රථ හා ගමන් කළ අය හඳුනා ගැනීමට පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය සඳහන් පවසයි. ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇත.
පෙරේදා (22) මෙම වෙළෙද සංකීරණයේ පුද්ගලයින් 39 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් 06 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනිමට හැකිවිය. හදුනාගත් ආසාදිතයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පුල්මුඩේ හා ත්‍රිකුණාමල නගරය අවට, සුමේධගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත වූ තලගල පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම සේවිකාවට කොවිඩ් ආසාදනය වීමෙන් අනතුරුව ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය පදිංචි පවුල් 70ක් ස්වයං නිරෝධායනයට ලක් කරනු ලැබීය. ඇයගේ පවුලේ පිරිසගේ පිසීආර් පරීක්‍ෂණ සිදුකළ අතර එහි ප්‍රතිඑල ඊයේ (23දා) රාත්‍රී ලැබී තිබෙනවා. එහිදී වයස අවු 15 සහ 12 දරුවන් දෙනෙකු ඇතුළු ඇයගේ පවුලේ 5 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිතයන් ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කොව්ඩි රෝහල් වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සුදානම් කරමින් පවතින බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව පසුගිය දිය 4 තුළ ආසාදිතයින් 471කු වාර්තා වු බවත් එය පස්ගුණයක වැඩිවීමක් බවත් කොළඹ මහානගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
මාළු ප්‍රවාහනය කරන ලොරියක රියැදුරෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාළු බෙදාහරින ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කුරුණෑගල නගරයේ ප්‍රධාන මත්ස්‍ය අලෙවිසැල වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත. මේ හේතුවෙන් එම ව්‍යාපාරික ආයතනයේ මැල්සිරිපුර පිහිටි ප්‍රධාන ශාඛාවද වසා දමා තිබූ අතර කොරෝනා ආසාදිත රියැදුරා ගාල්ලේ සිට මාළු ප්‍රවාහනය කරමින් සිටියදී රෝගාතුරව ඇත.
එමෙන්ම කොළඹ නගරයේ පළමු පෙළ ආශ්‍රතයින් සියලුදෙනා පොරොත්තු ලේඛනයක නොතබා පරීක්ෂණ කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇත. පසුගිය මාර්තු මාසයට වඩා මේ වන විට වෛරසයේ බෝ වීමේ ප්‍රවනතාව වැඩි වී ඇති ද ඒ මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව වෛරසය බෝ වීමේ ප්‍රවනතාව වැඩි වුයේ එම පරිසරය තුළ වෛරසයට වර්ධනය වීමට පහසුවන ශීත පරිසරයක් පැවතිම බවද එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ එහි සේවකයින් සහ වෙළෙඳුන්ගේ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත්  පැවසීය
කොරෝනා ආසාදිතයින් වාර්තා වන රෝහල් වලින් රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබා දීම ඇතැම් රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යාමේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ වලට අමතරව කොරෝනා රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගොස් ඔවුන් සම්බන්ධයෙන් වන සියළුම තොරතුරු ලබා ගනිමින් සුවිශේෂි මෙහෙවරක් මේවනවිට බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉටු කරමින් සිටියි. මෙම ව්‍යසනය හමුවේ තමන් ඉට කරන අතිශය වැදගත් රාජකාරිය සඳහා ඇතැම් සෞඛ්‍ය අංශ නිලධාරීන් සහාය නොදීම බරපතළ ගැටළුවක් බවත් මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දෙයි
අශන්ති වරුනසුරිය

සජිත්ට ගල් ගසයි

විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ රැස්වීමකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්දු මහත්මියද වේදිකාවේ සිට ඇති අතර මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව ආරම්භ කොට මිනිත්තුවක් ගත වෙද්දී කිසියම් පිරිසක් සැලසුම් සහගතව ගල් ප්‍රහාර එල්ල කොට ඇති බව වාර්තා වනවා.
ඒ සමගින් විපක්ෂනායකවරයාගේ ආරක්ෂකයන් වහාම සජිත් ප්‍රේමදාස මහතා වට කොට ආරක්ෂාව සපයා ඇති අතර ප්‍රේමදාස මහතාද නොබියව සිය කතාව සිදුකොට තිබෙනවා.
එහිදී ප්‍රේමදාස මහතා සදහන් කොට ඇත්තේ, ‘බයවෙන්න එපා. මේ ගල් ගැහුවට මම රැස්වීම නතර කරන්නේ නෑ. මේ ගල් ගසන අය පිටිපස්සේ ඉන්න පුද්ගලයන් ගැන මම දන්නවා මදාවියන්ට බයේ මම යන්නේ නෑ’ යැයි කියායි.

ආණ්ඩුවෙන් නිලධාරීන්ගේ විදෙස් ගමන් තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංචාර අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය මුල්කරගෙන මෙම තහනම පැනවීමට මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා තීන්දු කර ඇත.
නැවත දැනුම් දෙන තුරු මෙම තහනම ක්‍රියාත්මක කරන ලෙසට සියලුම අමාත්‍යංශ, රාජ්‍ය නොවන අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමටද මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 600 දෙනෙකු පමණක් රඳවා තැබීමට පහසුකම් ඇතත්, රැඳවියන් 2,400 කට වැඩි පිරිසක් මේ වනවිට එහි රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එම පිරිස පාලනය සඳහා බන්ධනාගාර නියාමකවරුන් 175 දෙනෙකු අවශ්‍ය වුවත් රාජකාරි සඳහා මේවනවිට සේවය කරනු ලබන්නේ නිලධාරීන් 104 දෙනෙකු පමණකි.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ 14 ක් වෙත යන බවත්, එක් අධිකරණයක් සඳහා රැගෙන යන රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නියාමකවරුන් අවම වශයෙන් 5 දෙනෙකු යෙදවිය යුතු බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

රවිනාථ අමෙරිකාවට. හිස් වූ තානාපති තනතුරු

අමෙරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවෙන් නව තානාපති ලෙස හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පත් කර ඇත.
මෙයට පෙර ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කිරීමට තීන්දු කර තිබුණද පසුව ආරියසිංහ මහතා අමෙරිකා එක්සත් ජනපදයට පත්කරනු ලැබ සිටී. ඒ සමඟ මෙතෙක් අමෙරිකානු තානාපතිධූරය දැරූ රොඩ්නි පෙරේරා මහතා ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.
කලක පටන් පුරප්පාඩුව පවත්නා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිධූරයට මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කර ඇත. කොළඹ විශ්ව විදයාලයේ හිටපු උපකුලපතිනියක් වූ ඇය පසුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධූරයද දැරීය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට මිලින්ද මොරගොඩ මහතා දැනටමත් නම්කර තිබේ.
මේ හැර ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල තානාපති තනතුරු ද පුරප්පාඩුව පවතී. ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල තානාපති තනතුරු ද පුරප්පාඩුව පවතී. ඒ සඳහා ළඟදීම සුදුස්සන් පත් කෙරෙනු ඇත.

පළාත් සභා ජන්දය

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල සති 2 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දින නියම කොට ඇති බව පැවසෙනවා.
පැරණි ජන්ද ක්‍රමය යටතේ මෙම මැතිවරණය පැවැත්වීමටද ආණ්ඩුව තීන්දු කර ඇති බවත් මෙම ආරංචි මාර්ග වල වැඩිදුරට සදහන් වේ.

දුම්රිය ඉඩමේ අනවසරයෙන් නිවාස කඩලා

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් තඹුත්තේගම දුම්රිය ස්ථානය ආසන්න ඉඩමක් අනවසරයෙන් ඩෝසර් කර ඉදිකරන ලද නිවාස 18ක් පොලිස් ආරක්ෂාව මැද කඩා ඉවත් කර තිබෙන බව වාර්තා වේ
නව ආණ්ඩුවේ බලවතෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් අනුදැනුම මත මෙම ක්‍රියාව සිදුකර ඇතැයි දෙපාර්තමේන්තුවේ සාමාජිකයකු අප සමඟ පැවසු අතර කෙසේ නමුත් එම ස්ථානයට පොලීසිය යන විට ඉදිකරමින් සිටි පිරිස පලාගොස් ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම ඉඩම ඩෝසර් කර තාවකාලික නිවාස ඉදි කළ පිරිස හෙළිකර ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි .

හිටපු ඇමතිවරුන්ට යළිත් ඇමතිකම්

ඊයේ දිනයේ දිවුරුම් දෙන ලද රාජ්‍ය සහ කැබිනට් ඇමති වරුන්ට අමතරව තවත් ව්‍යාපෘති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
දැනට එම පත්කිරීම් සම්බන්ධයෙන් දිනයක් මෙතෙක් තීරණය කර නැතැයි ද වාර්තා වේ. එසේ නම් කරව ව්‍යාප්ති ඇමතිධූර ලබා දීමට යෝජනා වී ඇත්තේ මෙවර ඇමති ධුර කිසිවක් නොලැබුණු හිටපු ඇමතිවරු පිරිසකට බව සදහන් වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව ආණ්ඩුවේ යෝජනාව ඇමතිධූරය ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවත් ඒ අනුව ඔහුට ලැබීමට නියමිතව තිබූ ඇමැති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දී ඇති බව ද පැවසේ.
මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට යෝජනා වී ඇත්තේ පරිසර ඇමතිකම බවත් එය ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවත් කියවේ. ඒ අනුව පරිසර ඇමතිකම මේ වන විට මහින්ද අමරවීර මහතා වෙත ලබා දී තිබේ.
අශන්ති වරුනසුරිය