දමිතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

අපේක්ෂිත ඇප ඉල්ලා රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ගොනු කළ අපේක්ෂිත ඇප අයඳුම කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් ඇප ඉල්ලමින් පවසා තිබුණේ, කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බවයි.

දමිතා අබේරත්න පැමිණිල්ලට සහය නොදී විමර්ශන මග හැර සිටීම සහ අගාමික විගාමික පනතේ 45(ඈ) වගන්තිය ප්‍රකාරව කරුණු වාර්තා කිරීම හේතුවෙන් පෙත්සම්කරුවන්ට ඇපදීමට බලයක් නොමැති බව කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්…

2024.03.27
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්…

මෙම හමුව අද (2024.03.27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණී.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, චීන තානාපති කී ෂෙන්හොන්ග් (Qi Zhenhong), අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

WhatsApp Image 2024-03-27 at 15.41.18

එළැඹී ඇති රාමසාන් උත්සව සමයේ ඉපලෝගම අලුත්දෙන්නැව ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් අලෙවි කිරීමේ ජාවාරමක් කොටුකර ගැනීමට ඉපලෝගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (26) සමත්ව තිබිණ.

24-03-27
කැකිරාව කුෂාන් ජයවර්ධන

එළැඹී ඇති රාමසාන් උත්සව සමයේ ඉපලෝගම අලුත්දෙන්නැව ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් අලෙවි කිරීමේ ජාවාරමක් කොටුකර ගැනීමට ඉපලෝගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (26) සමත්ව තිබිණ.
ඉපලෝගම අලුත්දෙන්නැව ප්‍රදේශයේ ගව මස් අලෙවි සැලක මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ වැටලීම සිදු කර තිබිණ.
උදාවී ඇති රාමසාන් උත්සව සමයේ ප්‍රෙද්ශවාසීන්ට අලෙවි කිරීම සදහා මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ගවමස් තොගය සූදානම් කර තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. අදාළ මස් කඩ හිමියා විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනගේ නිසි අධීක්ෂණයෙන් තොරව, නිසි ඝාතකාගාරයක් ද නොවන ස්ථානයක ගවයකු ඝාතනය කර එම මස් මෙලෙස සිය මස් කඩය තුළ අලෙවියට සූදානම් කර තිබී ඇත.
එම මස් කඩ ව්‍යාපාරිකයා ඉපලෝගම නාරංගල්ලේගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ එළිමහනේ සකසා ඇති නාන ස්ථානයකදී මෙම ඝවයා ඝාතනය කර මස් කර ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මහජන පරීක්ෂකවරුන්ට ලද තොරතුර අනුව සිදුකළ එම වැටලීමේදී එම මස් කඩයේ අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් කිලෝ 40ක පමණ ප්‍රමාණයක් ද එම ව්‍යාපාරිකයා සමග අත්අඩංගුවට ගෙන තිබිණ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම නාරංගල්ලේගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගය කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලද නියෝගයක් අනුව කැකිරාව ඇඹුල්ගස්වැව පිහිටි කසල අංගනයේදී විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊෆය් (26) කටයතු කර තිබිණ.
ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයසූරිය හා ඉපලෝගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අබේසුන්දර මහතාගේ උපදෙස් අනුව සේනපුර කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඒ.ඒ. රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ වැටලීම සිදුකර තිබිණ.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ ගව මස් තොගය කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලත් නියෝගයක් අනුව කැකිරාව ඇඹුල්ගස්වැව කසල අංගනයේදී විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීකෂකවරු ඊයේ(26) පස්වරුවේ පියවර ගනු ලැබූහ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ගවමස් අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මස්කඩ හිමියා කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ..

WhatsApp Image 2024-03-27 at 14.44.12

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු කලමණාකරණ සහකාරවරයකු අද(26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.

24-03-26
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු කලමණාකරණ සහකාරවරයකු අද(26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
අද (26) රාජකාරී වේලාව තුළ බීමත්ව සිට ඇති අදාළ කලමනාකරණ සහකාරවරයා කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ අශෝබන ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බවත්, අදාල කලමණාකරණ සහකාරවරයාගේ මෙම බීමත් අශෝබන හැසිරීම නිසා එම කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස හා සේවා ලබා ගැනීමට එහි පැමින සිටි ජනතාව ද අපහසුතාවයට පත්ව තිබූ බව පොලිසිය කියයි. කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස් මෙන්ම සේවා ලාභීන් ද අපහසුතාවයට පත්කරමින් ඔවුන් ඉදිරියේ අශෝබන ලෙස හැසිරුණු මෙම කලමණාකරණ සහකාරවරයා සම්බන්ධයෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කැකිරාව පොලිස් ස්ථානයට දැන්වීමට පියවර ගෙන තිබිණ.
කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කළ දැනුම් දීම අනුව එහි ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරෙමින් සිටි කලමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති කලමනාකරණ සහකාරවරයා වයස අවුරුදු 42ක් වන අතර ඔහු කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
රාජකාරි වේලාව තුළ බීමත්ව කාර්යාල පරිශ්‍රය තුළ අශෝබන ලෙස හැසිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම කලමණාකරණ සහකාරවරයා හෙට(27) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැකිරාව පොලිසිය කියයි.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීහු පිරිසක් එම සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ ආරම්භ කර තිබේ.WhatsApp Image 2024-03-26 at 23.38.22 (1) WhatsApp Image 2024-03-26 at 23.38.22 (2) WhatsApp Image 2024-03-26 at 23.38.22 (3) WhatsApp Image 2024-03-26 at 23.38.22

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 76 වන වියේ පසු වුණා.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි ගීත රැසක් සඳහා ඔහු සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.

මෙරට විදෙස් ප්‍රේෂණ ලැබීම් හා සංචාරක ඉපැයීම් ඉහළට – මහ බැංකුව

මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලය තුළ විදෙස් ප්‍රේෂණ මිලියන 964ක ප්‍රමාණයක් රටට ලැබී ඇති බවයි අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකුව සඳහන් කළේ.

එසේම ලක්ෂ 2 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට මේ වනවිට පැමිණෙමින් ඇති බවත්, ගෙවුණු මාස දෙක තුළ සංචාරකයින්ගෙන් ඉපැයු ආදායම ඩොලර් මිලියන 687 ක් බවයි මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා දිවයිනට – ආනයනකරුවන්ගේ සංගමය

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා වනවිට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඊට අමතරව තවත් ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙරටට ළඟා වන බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

ඒ අනුව ජනතාවට ලොකු ළුෑණු හිඟයකින් තොරව ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කැලණි සරසවි සිසුන් විරෝධතාවක

කැලණිය විශ්වි විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබුණා.

කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම හෝ වෙනත් වාහනයක් විශ්ව විද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවයි විශ්ව විද්‍යාල සිසුන් චෝදනා කරන්නේ.

අඛණ්ඩව ජල සැපයුම ලබාදිය හැකි පරිදි කටයුතු කිරීමේ වගකීම ජල පාරිභෝගිකයින් සතුයි – ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල​ය

මුර ක්‍රමයට ජලය ලබාදීම වෙනුවට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දිය හැකි පරිදි කටයුතු කිරීමේ වගකීම ජල පාරිභෝගිකයින් සතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

වියළි කාලගුණ තත්ත්වයක් පවතින මෙම දිනවල ජල පාරිභෝගිකයින් ජලය පරිහරණය කිරීමේදී මනා කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කිරීම අතිශය වැදගත් බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ හේතුවෙන් පානීය ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කිරීමට ජල පාරිභෝගිකයින් වග බලා ගත යුතු බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සංවර්ධන, අනෝජා කළුආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයක උණුසුම් කාළගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පළාත් කිහිපයක උණුසුම් කාළගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකල යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එබැවින් දහවල් කාලය තුළ වැඩිපුර ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින්නැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

6600e6e77fa6fpdf_page_1 6600e6e6bc7f9pdf_page_0