ඥාණසාර හිමි බලන්න හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මංත්‍රි අද්මිරාල් සරත් වීරසේකර මහතා වැලිකඩ යයි.

Breaking News
ඥාණසාර හිමි බලන්න හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මංත්‍රි අද්මිරාල් සරත් වීරසේකර මහතා වැලිකඩ යයි.

ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයක් සඳහා මේ මාසයේ සිට ලබන දෙසැම්බර් දක්වා අමතර දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරි යන තනතුරු සඳහා එම දීමනාව ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම දීමනාව ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අද (30) දිනයේ අවලංගු වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එසේම අද (30) සහ හෙට (31) දිනවලදී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මංතීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති අතර හෙට රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය හා ප්‍රංශය යන රටවල් ඉදිරියෙන් සිටිනවා.
අදාළ වාර්තාව පහතින්.

දේශීය ගොවීන්ගේ සහ නිෂ්පාදකයන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ජනවාරි මාසයේ සිට අවලංගු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂාවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කරන බවයි.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවන කාලයේ රට තුළ පවතින භාණ්ඩ සඳහා වැඩි අගයක් ආරෝපණය සහ බද්ද අඩුකළ අවස්ථාවලදී භාණ්ඩ මිල අඩු නොවී එම සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයාට යාම මෙම බදු ක්‍රමය අහෝසි කිරීමට හේතුවී තිබෙනවා.
එහෙත්, ගොවි නිෂ්පාදන වෙළෙඳපොලට පැමිණෙන වකවානුව නිශ්චිතව හදුනාගෙන, ගොවියාගේ ආරක්ෂාවට දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතයි.
අන්තර්ජාලයට එක්කර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම සිදුකර තිබෙනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන Internet Watch Foundation – IWF ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙහි මූල්‍ය අනුග්‍රාහකත්වය Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලබන බවයි වාර්තා වෙන්නේ.
මෙම මාර්ගගත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ www.childprotection.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය පිළිබදච වාර්තා කළ හැකි අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සහ සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත ලබාදීම සිදු කරනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

පානදුර අළුයම කල යුක්තියේ මෙහෙයුමෙන් 18 ක් කොටු.
ගල්පාත චන්දන පෙරේරා
පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණය වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමල් රත්නායක මහතා පැවසීය යුක්තියේ මෙහෙයුමට සමගාමීව අද (29)අලුයම 4 සිට පෙරවරු 8 දක්වා පුරා පැය 4 පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 15 ක් සහ පොලිස් නිලධාරීන් 40 දෙනකු හා පොලිස් නිල සුනඛ අංශයේ
“රොමී “නිල සුනඛයා ද මෙම මෙහෙයුමට එක්කර ගනිමින් මෙම මෙහෙයුම පැවැත්විණි
අත්අඩංගුවට පත්වූවන් අතර හොරයින් මත්කුඩු ළඟ තබා ගැනීම නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම විවෘත වරෙන්තු සහ සැකපිට පුද්ගලයන් වන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
ලක්ෂ 1,103 කට අධික වාහන සහ දේපල රැසක් පොලිසිය තහනමට ගනි….
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ලක්ෂ 1,103 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් 2024.03.29 වන අද දින තහනමට ගෙන ඇති අතර, එම දේපල සහ වාහන නිරීක්ෂණය කිරීම සදහා පොලිස්පතිතුමා සහභාගි විය.
2024.01.21 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල
01.ISUZU FREEZER වර්ගයේ ලොරි රථය
(ලක්ෂ 65)
02.HONDA DIO වර්ගයේ යතුරු පැදිය (ලක්ෂ 05)
03.ZA-9695 දරණ බැකෝ යන්ත්‍රය (ලක්ෂ 100)
04.IMUL-A-0701KLT දරණ බහුදින ධීවර යාත්‍රාව(ලක්ෂ 110)
2024.01.26 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල
01.SP BEX – 6600 දරන හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරු පැදිය(ලක්ෂ 04)
02.SP PE – 9412 දරන ටොයෝටා KDH වර්ගයේ වැන් රථය(ලක්ෂ 140)
03.SP AAP – 7704 දරන බජාජ් ත්‍රී රෝද රථය
(ලක්ෂ 10)
04.SP YU – 7538 දරන බජාජ් වර්ගයේ ත්‍රී රෝද රථය(ලක්ෂ 07)
05.ඉඩම් හා නිවාස (නිවාස -03 , කඩ කාමර- 01, ඉඩම්-05 (ලක්ෂ 530)
2024.03.27 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල
01.අංක IMUL-A-0983-GLE දරන අශ්ව බල 185 ක් වන හයිහුන්ඩායි එන්ජිම සහිත දිග අඩි 40‘4“ යිවන බහුදින ධිවර යාත්‍රාව(ලක්ෂ 150)
02.අංක IMUL-A-0810-GLE දරන සීනිගම, මීටියාගොඩ හර්ෂ මැරීන් ආයතනයේ නිශ්පාදනය කරමින් පවතින බහුදින ධීවර යාත්‍රාව (නිෂ්පාදනය සඳහා මුදල් ගෙවා ඇති ප්‍රමාණය ලක්ෂ 52)
03.ඉඩම්-02 (ලක්ෂ 210)
ඒ අනුව, මුදල් විශුද්ධීකරණ පනතේ 7(1) වගන්ති යටතේ ක්‍රියාවිරහිත කර ඇති වාහන සහ දේපල වල මුළු වෙළෙඳපල වටිනාකම ලක්ෂ 1,103 කට අධික වටිනාකමක් ඇති බවට අනාවරණය වී ඇත.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ආමර් වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ආමර් වීදියේ වාහන ගමනාගමනය මීගමුව දෙසට එක් මංතීරුවකට සීමා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළේය.
කූරගල විහාරස්ථානය සම්බන්දයෙන් කළ කතාවකින් ජාතීන් අතර අසමගිය ඇති කළේයැයි කියන චෝදනාව මත නීතිපතිවරයා විසින් කළ චෝදනාවට විනිසුරුවරයා අදාල දඬුවම් පැමිණවීය.