ශ්‍රී පාද වන්දනා වාරය අදින් ඇරඹේ

ශ්‍රී පාද වන්දනා වාරය අදට (26)  යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වනවා.

ඒ අනුව ඊයේ (25) අළුයම පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය කරා සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජනීය වස්තූන් වැඩම කරවීමේ පෙරහර ආරම්භ කෙරුණා.

මෙලෙස වැඩම කරන සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ අදට (26) යෙදෙන උඳුවප්පුර පසළොස්වක පොහෝදින සිරිපා මළුවේ තැන්පත් කිරීමට නියමිතයි.

අද ආරම්භවන මෙවර ශ්‍රී පාද වන්දනා වාරය 2024 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් නිමාවිමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය ආදියෙන් ඉන්ෆ්ලුවෙන්සා සහ අනෙකුත් ශ්වසන රෝග පැතිරීම අවම කළ හැකි බවයි එම අමාත්‍යංශය නිවේදනයක් සඳහන් කරන්නේ.

‘JN-1’ උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම තක්සේරු කිරීමට ජානමය පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වෙත දැනටමත් උපදෙස් ලබා දී ඇති බවත්, ඒ අනුව එම ආයතනය මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

658976d004290

658976d0160c8

අධිවේගී මාර්ගවල ආදායමේ ඉහළ යාමක්

අධිවේගී මාර්ගවල දෙසැම්බර් 23 වැනි දා ආදායම 40%කින් පමණ වැඩි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අධිවේගී මාර්ගයේ 22 වැනි දා වාහන 140,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම රුපියල් 46,457,600ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

එසේම 23 වැනි දා වාහන 145,503ක් පමණ ගමන් කර ඇති අතර, එහි ආදායම රුපියල් 50,174,550ක් පමණ වන අතර එය මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම ආදායම වන අතර, එය සාමාන්‍ය දිනක ආදායම මෙන් 40%ක පමණ වැඩි වීමක් බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

අසිරිමත් නත්තල් දිනය අදයි

ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අදට යෙදී තිබෙනවා.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් දිනය සමරනු ලබනවා.

දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික කිතුනු ජනයාද මෙම සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටු කරගෙනයි.

නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පේ දෙව් මැදුරේදී ඊයේ (24) මැදියම් රැයේදී පැවැත් වුණා.

ගලෙන්බිඳුනුවැව බල ප්‍රදේශයේ අනුරාධපුර ගලෙන්බිඳුනුවැව මාර්ගයේ වැලැනගම හංදියේදි 2023.12.22 වන දින පැය 19.00 ට පමණ අනතුරක් සිදු වි ඇත

ගලෙන්බිඳුනුවැව බල ප්‍රදේශයේ අනුරාධපුර ගලෙන්බිඳුනුවැව මාර්ගයේ වැලැනගම හංදියේදි 2023.12.22 වන දින පැය 19.00 ට පමණ අනතුරක් සිදු වි ඇත.
.
ගලෙන්බිඳුනුවැව දෙස සිට අංක NC ViD3453දරන ස්කුටර් වර්ගයේ යතුරැපැදිය උපුල්දෙනිය දෙසට ගමන් කරන අවස්ථාවෙ දි අනුරාධපුර දෙස සිට ගලෙන්බිඳුනුවැව දෙසට ගමන් ගත් අංක BHR 9467 ඇපාචි වර්ගයේ යතුරු පැදිය සමග ගැටි රියඅනතුරක් සිදුවි ඇත.

එම ස්කුටර් වර්ගයේ යතුරු පැදිය පැදවු කන්තාව හා ඇයගේ වයස අවු 14ක් වු පිරිමි දරැවා හා වයස අවු 08ක් වු ගැහැනු දරැවාගොස් ඇති අතර අංක VID 3453 දරණ යතුරු පැදිකරැ හා තවත් එක්පුද්ගලයකු පමින අත.අනතුරින් පසු තුවාලකරුවන් ගලෙන්බිඳුනුවැව රෝහලටඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ස්කුටර් වර්ගයේ යතුරැපැදියේ ගමන්ගත් තිදෙනා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇති.අතර එම රෝහලේ පුතිකාර ලබමින් සිටියදි ස්කුටර් වර්ගයේ යතුරැපැදියේ ගමන්ගත් වයස අවු 08 ක පාසල් සිසුවිය වන වැලැනගම උපුල්දෙනිය ලිපිනයේ පදිංචි මිනුලි සෙවුමිණි දිසානායක යන අය මිය⁣ගොස් ඇති බවත් එම යතුරු පැදියේ පැදවු මිිය අයගේ මව හා සොාහායුරා අනුරාධපුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ පුතිකාර ලබයි.එම යතුරු පැදිය පදවා ඇත්තේ වැලැනගම උපුල්දෙනිය ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ හර්ෂණි මධුමාලි යන අයයි.
ඇපාචි වර්ගයේ යතුරැපැදිය පැදවු කැකිරාව පාර ගලෙන්බිඳුනුවැව ලිපිනයේ පදිංචි R.P.M ඉර්සාත් නැමති මුස්ලිම් ජාතිකයකු වන අතර එම යතුරු පැදියේ තවත් එක් පුද්ගලයකු පැමිණ ඇත .

WhatsApp Image 2023-12-24 at 17.10.34 (1) WhatsApp Image 2023-12-24 at 17.10.34

නත්තල් දිනයදා අවසරලත් තරු පන්ති හෝටලවල මත්පැන් විකිණීමට අවසර

එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තරු පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර 26 වැනිදාට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් අදාළ නියෝගය බලපැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගතවූ පැය 24 තුළ සැකකරුවන් 1534 ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 ක කාලය තුළ සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.

ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම තවත් පුද්ගලයින් 99 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

යුක්ති – සමස්ථ වාර්තාව (දින හතක වාර්තාව)

යුක්ති – සමස්ථ වාර්තාව (දින හතක වාර්තාව)

2023.12.17 දින සිට 2023.12.24 වන දින පැය 0030 දක්වා කාලය තුල “යුක්ති මෙහෙයුමට” යටතේ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී පහත පරිදි සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 09kg 82g
අයිස් 04kg 679g
ගංජා 272kg 967 g
ගංජා පැල 944,651
මාවා 117kg 312g
ඈෂ් 35kg 752g
හෂීෂ් 989g
තූල් 03kg 154g
කුෂ් 520g
මත්පෙති 65,924

මෙම මෙහෙයුමේ වලදී මුලු සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 717 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, සැකකරුවන් 174 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 1097 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනෙකු අතුරින් මේ වන විට සැකකරුවන් 1107 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පවසනවා.
දින 9 ක් පුරා පැවති මෙම වැඩ වර්ජනය අධ්‍යක්ෂ මණ්ඩලය සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුණා.

උත්සව සමයේ විදුලිය විසන්ධි නොකරන්නැයි ඇමතිගෙන් ලංවිමට උපදෙස්

එළැඹෙන සති අන්තයේ  විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසද, හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙසටද ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.

නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව අවධානය යොමු කරමින්, නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම අනවශ්‍ය ලෙස සති අන්තයේ සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.