හුරුලුවැව වාන් දැමිම ආරම්භ වේ .. මේ වන විට තප්පරයට ඝන අඩි එකසිය විසි හයක ප්‍රමාණයක් යාන් ඔයට ජලය මුදා හැරෙන බව හුරුලුවැව බාර වරි ඉන්ජනේරු දසුන් තිලකරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
Category: breaking_news
Breaking News
ජනවාරියේ සිට ජල ගාස්තු ඉහළට
ජනවාරි මාසයේ සිට බල පැවැත්වෙන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහල නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03 කින් (3%) පමණ ඉහළ යන බවයි එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත පවසන්නේ.
ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ – සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය
ඉන්දියන් සාගරයේ රිච්ටර් මාපාංක 6.6 ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.
කෙසේවෙතත් මෙයින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.

දිස්ත්‍රික් 05 කට නායයෑමේ අනතුරු ඇඟවීම්
දැනට බලපවත්වන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 ක් සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල, මහනුවර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා විමසිලිමත් විය යුතු මට්ටමේ සහ අවධානය යොමු කළ යුතු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.අදාළ අනතුරු ඇඟවීම් නිවේදනය අද (30) පස්වරුව දක්වාම වලංගුව පවතින බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් 4 මස් සමග පොලිස් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් 4 මස් සමග පොලිස් අත්අඩංගුවට
යුක්තියේ මෙහෙයුමට සමගාමීව හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ බුද්ධි කොට්ඨාශයට ලැබුණු තොරතුරක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හොරොව්පතාන පොලිස් වසමට අයත් කෙතේවැව ප්‍රදේශයේ අද අලුයම් කාලයේ සිදුකල විශේෂ පොලිස් මෙහෙයුමක් අතර වාරයේදී මෙරට නිෂ්පාදිත බෝර දොලහේ ගිනි අවියක් භාවිතා කරමින් කුලු හරතෙකු ඝාතනය කොට අලවීවියට සුදනම් කොට තිබු කැලෑ ගව මස් කිලෝ 65 සමග සැකකරුවන් හතර දෙනෙකු හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරොව්පතාන කෙතේවැව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් හතරදෙනෙකු බවත් අත්අඩංගුවට පත් සැකකරුවන් අතර අධිකරණයෙන් වරෙන්තු නිකුත් වූ අයෙකු ද සිටි බවත් අත්අඩංගුවට පත් සැකකරුවන් ගිනි අවිය සහ ගව මස් තොගය හෙට දින (30) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ හොරොව්පතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පවසති
2023.12.28 දින පැය 0030 සිට 2023.12.29 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.
2023.12.28 දින පැය 0030 සිට 2023.12.29 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 460g
අයිස් 653g
ගංජා 03kg 637 g
ගංජා පැල 103,793 ක්
මාවා 342g
මත්පෙති 562 ක්
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 56 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 51 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 164 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දේශීය ටින් මාළු, අර්ථාපල්, රතු කැකුළු සහල්, රතු පරිප්පු, සුදු නාඩු සහ සුදු කැකුළු සහල්වල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම මිල පහළ දැමීම 2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මක බවයි සතොස ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

කොලොන්නාව ලංකා හෝටලයේ ගෑස් පිපිරීමක් නිසා දෙවැනි මහලේ හදිසි ගිනි ගැනීමක් සිදුවී ඇත
කොලොන්නාව commercial බැංකුව ඉදිරිපිට ලංකා හෝටලයේ ගෑස් පිපිරීමක් නිසා දෙවැනි මහලේ හදිසි ගිනි ගැනීමක් සිදුවී ඇත කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් යොදාගෙන ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇත, ගිනි ගැනීම නිසා තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජාතික රෝහල වෙතඇතුළත් කර ඇත…

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ලෙඩ්ඩු බලන්න පාස් නැතුව යන්න ඕන නං සිකුරිටි අයියලාට හිතවත් වෙන්න ඕන නැත්තං ගාන කපන්න ඕන
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රොගීන් බැලීමට පාස් පත නොමැතිව හිතවත්කම හා මුදල් ලබා ගෙන පිටස්තර පුද්ගලයන්ට ඇතුල් ඇතුලට යාමට අවස්ථාව ලබා දීමෙන් රෝගීන් කාර්‍ය මන්ඩලය හා පාස් පත රැගෙන යන අය අපහසුතාවට පත් වන බව සදහන් ඔවුහූ සදහන් කරයි.
මේ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතාගෙන් අප කල විමසුමකට කියා සිටියේ ආරක්ෂක අංශය මගින් සිදු කරන කිසිදු ක්‍රියාකාරකමට බලපෑමක් එල්ල කරන්න මහ රෝහල් අධ්‍යක්ෂකවරයා වශයෙන් තමන්ට බලයක් නොමැති අතර ආරක්ෂාව පිළිබඳවව ගැලලු ඇතිවන බැවින් ඒ පිළිබඳව ඔහුන්ට බලපෑමක් සිදු කරන්න තමන් බිය බවයි.

සුනාමි ව්‍යසනයේදී ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක්
2004 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ සුනාමි ව්‍යසනයේදී ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් අද (26) මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් රට පුරා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
