පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දෙසතියක්

මෙරට ඉතිහාසය පිළිබඳව ඇති දැනුම වියැකෙමින් යන මොහොතක, පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දිනය නිමිති කොටගෙන ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මේ යටතේ, හෙට (18) සිංහපාදයේ කැණිම් සිදු කිරිම ආරම්භ කිරීම සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කෙරෙනවා.

ඒ අනුව මෙම ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන තුළින් සෑම පළාතකම සහ දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යා කාර්යාල හරහා පාසල් සිසු දරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, පුරාවස්තු ආරක්ෂා කර ගැනීම, එහි නෛතික පදනම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ වැඩසටහන් සිදුකරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් සඳහන් කළේ.

නව විදුලි මිල සංශෝධනයත් සමඟ භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් අඩුකළ හැකියි – කංචන

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් පමණ අඩුකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන්, විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90 ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්

මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවෙයි

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (17) සිට මැතිවරණ කොමිෂන් සභාවට හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

රයිස්, කොත්තු, බත්, පරාටා, බිත්තර රොටී මිල පහළට

විදුලි ගාස්තු පහළ දැමීම හමුවේ ආහාර වර්ගවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.

එසේම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සාවින්ද්‍රි පෙරේරාට MasterChef තරගාවලියේ තුන්වන ස්ථානය

MasterChef Australia තරඟාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකීය තරඟකාරියක් වන සවින්ද්‍රි පෙරේරා සමත්ව තිබෙනවා.

ඒ අනුව MasterChef Australia තරඟාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉවත්වීමට ඇයට සිදු වුණා.

ඇය MasterChef Australia තරඟාවලිය පුරා ශ්‍රී ලාංකීය ව්‍යාංජන පිළිගැන්වූ ආකාරය විනිසුරුවරුන්ගේද නොමද ඇගයීමට ලක්ව තිබුණා.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනවා.

මෙම මාසය අවසන් වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

අද (16) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද මැතිවරණ කොමිසමේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරේ

ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 5 ක දඩයක් අධිකරණයට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

විදුලි ගාස්තු 22.5% කින් පහළට

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.

* ඒකක 30ට අඩු – ( රු. 8 සිට රු.6 දක්වා අඩු කෙරේ)

* ඒකක 30-60 අතර – ( රු. 20 සිට රු.9 දක්වා අඩු කෙරේ)

ඒකක 60 ට වැඩි කාණ්ඩ

* පළමු ඒකක 60 දක්වා – ( රු. 25 සිට රු.15 දක්වා අඩු කෙරේ)

* ඒකක 61-90 අතර – ( රු. 30 සිට රු.18 දක්වා අඩු කෙරේ)

* ඒකක 91-120 අතර – ( රු. 50 සිට රු.30 දක්වා අඩු කෙරේ)

* ඒකක 121-180 අතර – ( රු. 50 සිට රු.42 දක්වා අඩු කෙරේ)

* ඒකක 180 ට වැඩි – ( රු. 75 සිට රු.65 දක්වා අඩු කෙරේ)

අදාළ නිවේදනය පහතින්.

6694f6af3804cpdf_page_0

ආධුනික නාට්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට විධිමත් සහ නිවැරදි අවස්ථාවක් සලසාදීම තුළිත් කා ක්ෂේත්‍රය පෝෂණය කිරීමේ අරමුණින් කෙටි නාට්‍ය වැඩමුණුවක් සහ තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. නාට්‍ය පිටපත් රචනය, රංගනය, සංගීතය, වේදිකා පසුතල නිර්මාණය, රංගවස්ත්‍ර නිර්මාණය, රංගාලෝකකරණය, අධ්‍යක්ෂණය යන විෂය ක්ෂේත්‍රයන් මෙහිදී ආවරණය කරන බවයි සඳහන් වෙන්නේ. කෙටි නාට්‍ය පිටපත් ලිවීමේ සිට වේදිකා ගත කිරීම දක්වා සියළුම අවස්ථා ඇතුලත්ව නාට්‍ය නිෂ්පාදනයට අදාල අත්දැකීම් නේවාසික වැඩමුළුවක් මඟින් ලබාදී අවසානයේ කෙටි නාට්‍ය තරගාවලියක් පවත්වා සම්මාන ප්‍රදානය සිදු කිරීම හා නාට්‍යකරුවන් සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි සඳහන් වෙන්නේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල දින 75 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.