ඉඟුරු, ගම්මිරිස්, කහ ඇතුළු කුළුබඩු වර්ග ආනයනයට අවසර

ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා.

එලෙස ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සඳහා දේශීයව 35% ක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65ed5700e21d1pdf_page_1 65ed5700d2d65pdf_page_0

ලෝක රූ රැජින කිරුළ චෙක් රාජ්‍යයේ Krystyna Pyszková හිමිකර ගනී

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ Krystyna Pyszková විසින් හිමිකරගෙන තිබෙනවා.

71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ Krystyna Pyszková ලෝක රූ රැජින කිරුළ හිමිකරගෙන ඇති අතර අනුශූරිය ලෙස ලෙබනනයේ Yasmina Zeytoun තේරී පත්ව තිබෙනවා.

65ed2263d2b8c 65ed226400b43

උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කෙරේ

එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගැනීමට අවස්ථාව උදාකරන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර උත්සව සමයේදී මෙරට නිෂ්පාදිත බිත්තර සාධාරණ මුදලකට අලෙවි කිරීමට වෙළඳුන් ක්‍රියාකළ යුතු බවයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ.

පවතින අධික උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිවේ අවධානමක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක පවසනවා.

හිරු එළිය සෘජුවම ඇසට පතිත වීමක් සිදු වුවහොත් අක්ෂි සෛලවලට හානි වී, ඇසේ පෙනීමට පවා බාධා මතුවිය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

එසේම පවතින අධික උෂ්ණ තත්ත්වය යටතේ ඇසේ සුද රෝග තත්ත්වයද ඉහළ යා හැකි බවද අක්ෂි ශල්‍ය වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියා.

සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සමග පුද්ගලයකු CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සමග පුද්ගලයකු CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කදවුරේ පොලිස් පරීක්ෂක එස්.ඒ.සී. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.05 වන දින රත්ගම පොලිස් වසමේ CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වැටලීමක් සිදුකර ඇත. සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර 153 ක් සන්තකයේ තබා ගත් රත්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා දොඩංදූව වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇත.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන

WhatsApp Image 2024-03-09 at 11.44.03

6 dead, including 4 children, in Ottawa mass killing

Six people including a mother, her four young children and a family acquaintance were killed inside a townhouse in the south Ottawa suburb of Barrhaven late Wednesday night.

During a media briefing Thursday afternoon, Ottawa police Chief Eric Stubbs said there were initially two calls to 911 around 10:52 p.m. local time Wednesday.

He said first responders arrived within minutes to the home on Berrigan Drive near Palmadeo Drive, a residential area close to two schools.

Police have identified five of the victims as a family of newcomers to Canada from Sri Lanka:

  • 35-year-old mother Bandaranayake Gama Walawwe Darshani Dilanthika Ekanayake.
  • Seven-year-old son Inuka Wickramasinghe.
  • Four-year-old daughter Ashwini Wickramasinghe.
  • Three-year-old daughter Ranaya Wickramasinghe.
  • Two-month-old daughter Kelly Wickramasinghe.

Police said Ekanayake’s husband was injured and is currently in hospital in stable condition. He’s since been identified as Dhanushka Wickramasinghe.

Another man, 40-year-old Gamini Amarakoon Amarakoon Mudiyanselage, was also killed.

Febrio De-Zoysa, 19, is charged with six counts of first-degree murder and one count of attempted murder. Police said he is a Sri Lankan national who is believed to be in Canada as a student.

On Thursday evening, Algonquin College president Claude Brulé released a statement confirming De-Zoysa was a student at the college and that “it appears his last semester of attendance was winter 2023.”

He made his first court appearance late Thursday afternoon.

ප්‍රවීන රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර ජීවිතයෙන් සමුගනී.!

ප්‍රවීන රංගන ශිල්පිනී, මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී ඇත.

රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.

මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නැගෙනහිර පළාතේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලට අදාළව වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව අදාළ ගම්මානයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 240ක්, කේරළ ගංජා ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 30ක්, මත්පෙති 2,950ක් සහ රුපියල් 86,000ක මුදලක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

පසුව අදාළ සැකකාරිය සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාලච්චේන පොලීසියට භාරදී තිබෙනවා.

විපක්ෂයට IMF සමඟ සාකච්ඡාවක් ලබාදීමට ජනපතිගේ අවධානය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවක් සිදුකිරීමට විපක්ෂයට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයින් වෙත අවස්ථාව සලසා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේදී රැස්වීමක් කැඳවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

පොලිසියේ ආධුනික කොස්තාපල්වරයෙක් ඉංගිරියේ නිවසකට පහර දෙයි

පොලිසියේ ආධුනික කොස්තාපල්වරයෙක් ඉංගිරියේ නිවසකට පහර දෙයි

ගල්පාත චන්දන පෙරේරා

ජාඇල පොලිස් ස්ථානයට අනුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් අද (08)උදෑසන ඉංගිරිය ප්‍රදේශයේ නිවෙසකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙසේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇළබඩ පාර ඉංගිරිය, ප්‍රදේශයේ නිවෙසකටය. කොස්තාපල්වරයා විසින් එම නිවසේ දොර ජනෙල් කඩා අලාබ හානි සිදු ඇත. ඊයේ රාත්‍රී ඉංගිරිය ප්‍රදේශයට සාදයකට සහභාගි වී පැමිණි කොස්තාපල්වරයා අද (8)පාන්දර 01.00 පමණ අදාල
නිවසට අලාභ හානි සිදු කරු ඇත. ඒ වන විට නිවසේ සිට ඇත්තේ නිවෙස් හිමිකරුගේ ආ මව සහ බිරිඳ ත් සිගිති දියණියත් පමනක් බවත් දුව කම්පනයෙන් සිටින බවත් පොලිසිය පවසයි.

නිවසට පහර දීමෙන් අනතුරුව එම නිවස ඉදිරිපිට දීම ඉංගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා පොලිසියට ද තර්ජනය කර ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.

නිවසට පහර දීමෙන් මෙම ආධුනික කොස්තාපල්වරයාටද තුවාල සිදු වී ඇති අතර අද උදෑසන ඉංගිරිය පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

ඉංගිරිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.