මෙවර වෙසක් කලාප 420 ක් හා තොරණ 321 ක් ඉදිවෙයි

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේම දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම නියමිත බවත් වාර්තා වෙනවා.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

සුරාසැල් හෙට සහ අනිද්දා වැසෙයි

වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් දින දෙකක් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි 23 සිට 24 යන දෙදින මෙලෙස වසා තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විරංජිත් තාඹුගල අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

තද සුළං පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කල්පිටියේ සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි.

නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුර මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමිටර 50 – 60 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

රජයේ විදුලි වැටේ වැදී සද්ධන්තයෙකු මෙලොව හැර යයි

රජයේ විදුලි වැටේ වැදී සද්ධන්තයෙකු මෙලොව හැර යයි

හොරොව්පොතාන ප්‍රාදේශීය ⁣ලේකම් කොට්ඨාසයේ 153 දෑකැතිපොතාන ග්‍රාම නිලධාරි වසමේ දෑකැතිපොතාන වැව ඉස්මත්තේ ඉදිකර ඇති රජයේ අලිවැටෙන් විදුලිය වැදී වයස අවුරුදු 20-25 අතර අඩි නමයක් පමන වන පිරිමි වන අලියකු මියගොස් ඇතැයි හොරොව්පතාන වනජිවි නිළධාරින් පවසති.

හොරොව්පතාන රක්ෂිතය තුල ගැවෙසෙන මෙම වන අලියා පසු ගිය (21) අලුයම් කාලයේ
කෑම සොයා ගම්වදින අවස්ථාවේ මෙලෙස විදුලි වැටේ වැදිමෙන් පසු විදුලි සැර වැදීමෙන් මිය යන්නට ඇතැයි වනජිවි නිළධාරින් සැක පලකරයි.

මෙම විදුලි වැට කහටගස්දිගිලිය මීමින්නාවල ප්‍රදේශයෙන් ආරම්භ වී හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වස්සල්ලාගම දක්වා දෑකැතිපොතාන, කිඹුල්පැටියාව, වස්සල්ලාගම ගම් ඇතුලු ගම්මාන කිහිපයක් ආවරණය වෙන පරිදි
රජයේ මුදල් ප්‍රතිපාදන අනුව පුද්ගලික අංශයේ කොන්ත්‍රාත් සමාගමක් මගින් මිට මාස කිහිපයකට පෙර ඉදිකර ඇති බව වාර්තාවේයි.

මිය ගිය වන අලයාගේ පශ්චාත් මරණ හෙට (23) අනුරාධපුර පණ්ඩුලගම පසුවෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතව ඇති අතර.

වන අලියා මිය යාම වැඩිදුර පරීක්ෂණ හොරොව්පතාන මොටගෝනාව වනජීවී නිලධාරී කාර්යාලය හා හොරොව්පොතාන පොලිසිය මගින් සිදු කරනු ලබයි.

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේ දී ඊයේ (21)රාත්‍රී 6.30 ට පමන කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

ගල්පාත චන්දන පෙරේරා

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේ දී ඊයේ (21)රාත්‍රී 6.30 ට පමන කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ වල්ගම , බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුෂ්ප කුමාර නැමති පුද්ගලයෙකි.මියගොස් ඇති පුද්ගලයා
ඔහුගේ නැගණිය විවහා වී පදිංවීව සිටින මොරොන්තුඩුව,පොල්හේනේ පිහිටි නිවසට තවත් පුද්ගලයන් කිහිප දෙනකු සමග පැමිණ ඇත.පසුව මස්සිනා සමග ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන්
ඇති වූ ආරවුලකින් පසු තියුණු ආයුධ වලින් පහර දිම හේතුවෙන් දකුණු අත වැලමිට ආසන්නයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇති අතර එක කකුලකට සහ වම් අතටද දරුණු කැපුම් තුවාල හේතුවෙන් බරපතළ තුවාල ලබා නිවස ආසන්නයේ මාර්ගයේ වැටී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

1990 සුවසැරිය ගිලන් රථයට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ පැමිණ ගෝනදූව ප්‍රාදේශීය රෝහලට වෙත තුවාල කරු රැගෙන ගොස් ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.සිද්ධිය වී මද
වේලාවකට පසුව මස්සිනා (ඝාතනය සිදු කළ පුද්ගලයා)කැපුම් තුවාල සහිතව පොලිසියට පැමිණ ඇත. ඔහු නාගොඩ රෝහලට ඇතුළත් වන බව පවසා පිටව ගොස් ඇත.

මොරොන්තුඩුව පොලීසිය වැඩිදුරු පරීක්ෂණ මෙහෙයවයි.

ඔක්ටේන් 100 වර්ගයේ නවතම පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට

ලංකා IOC සමාගම ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

ඒ අනුව පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

XP100 ලෙසින් නම්කර ඇති මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාව විසින් දේශීයව සංවර්ධනය කරන ලද්දක් බවද සඳහන්.

හොරණ ග්‍රේස්ලන්ඩ් වෙඩි තැබීමේ වෙඩික්කරු අඩංගුවට

හොරණ ග්‍රේස්ලන්ඩ් වෙඩි තැබීමේ වෙඩික්කරු අඩංගුවට

ගල්පාත චන්දන පෙරේරා

හොරණ ග්‍රේස්ලන් ප්‍රදේශියේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ නාගොඩ ලියනගේ අජිත් කුමාර (37) නැමැති පුද්ගලයෙකී.

මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින පාතාලයට සාමාජිකයන් මෙහෙයවන ගනේමුල්ල සංජීව නමැති පුද්ගලයෙකුගෙන් බව පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර ගිනි අවිය සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් අපරාධ කොට්ඨා නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

සැකකරු අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි 13 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

මෙම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ලබාගෙන ඇත්තේ 160000 කට බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ නිවසක කලක් සිට පදිංචි වී සිට ඇති අතර හිටපු යුද හමුදා සෙබළෙක් බව අනාවරණය කරගෙන ඇත.

කළුතර අපරාද කොට්ඨාස නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් නිවස ඉදිරිපිට වාඩිවී සිටියදී වෙඩි තබා පලා ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ (39) හැවිරිදි ටෂ්මික මදුවන්ත නැමති 89කනුව අසල කලමුල්ල, කළුතර. පදිංචි පුද්ගලයෙකි. නිවසේ සිටි දරුවෙකුට ද තුවාල සිදු වී රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි