ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි

රැලියකදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලබා තිබෙනවා.

කතාවක් සිදුකරමින් සිටින අතරතුර මෙම වෙඩි තිබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩික්කරු හා තවත් පුද්ගලයෙක් ආරක්ෂකයින් විසින් ප්‍රතිප්‍රහාර දියත් කිරීමත් සමඟ එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ආරක්ෂිත පියවර යටතේ සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර බැනර් යුද්ධයක්

ක්ලබ් වසන්ත ගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් යුද්ධයක් ආරම්භ වී ඇතැයි ආරක්ෂක අංශ සදහන් කරයි

පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ දේහය තැන්පත් කර තිබෙන මහරගම ගොඩිගමුව ” නිදහසේ නවාතැන” නමින් හඳුන්වන සූසාන භූමියේ ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඉකුත් (13) වෙනිදින මාකඳුරේ මදුශ් ගේ ඡායාරූපයක් යොදා සකස් කළ බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.

එහි දකුණු පස ” අපේ අයියේ….. එක එක්කෙනා එවනවා.අපි එනකම් බලාගන්න…. යනුවෙන් මදුෂ්ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර එහි පහතින් කේ පි අයි යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර තිබූ බව පොලිසිය පවසයි.

ක්ලබ් වසන්ත ඝාතනය වූ දා වැලිකඩ සිරගෙදර කැරැල්ලේදී වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කළු තුෂාර නමැත්තාගේ බිරිඳ (පසුකාලීනව මධුෂ්ගේ අනියම් බිරිද) මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැනේ සූසාන භූමිය වෙත පැමිණ ඉටිපන්දන් දැල්වූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඊයේ (14) මහරගම පමුණුව දුම්රියපොළ පාරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස ආසන්නයේ ” පාතාලයේ හැම එකාම මදුශ් ගිය තැනට යන්න සැරසියල්ලා ” ” කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි” යනුවෙන් කුඩා පෝස්ටර් දෙකක් සටහන් කර එහි යටින් පා. ව . බ යනුවෙන් සටහන් කර ඇතැයි ද එලෙස සටහන් කර ඇත්තේ පාතාලය වළකන බළකාය යනුවෙන් අදහස් කළ හැකි යයි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

මේ ආකාරයෙන්ම සටහන් කරන ලද තර්ජනාත්මක සටහන් දෙකක් දෙමටගොඩ පොලිස් වසමේ ලක් හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවක සහ දෙමටගොඩ දුම්රිය අංගනය අසල ඇති දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ඇති බෝඩ් එකකද පෝස්ටර් දෙකක් අලවා ඇතැයි දැනගන්නට ඇත.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව ගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

“එම බැනර් සහ පෝස්ටර් පොලිස් භාරයට ගෙන ඒ සෑම තර්ජනාත්මකමක සටහන් සම්බන්ධයෙන් සහ ඒවා ප්‍රදර්ශන කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහරගම සහ දෙමටගොඩ ‍පොලිසි මගින් විමර්ශන කිරීමට කටයුතු ආරම්භකර තිබෙනවා. ”

 

අධික ලෙස දුම පිට කරන රථවාහන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට WhatsApp අංකයක්

අධික ලෙස දුම පිට කරමින්  මාර්ගයේ ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් 070 3500 525 යන WhatsApp අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලෙහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කරනවා.

එවැනි රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවද, වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදු නොකරන ලෙසද ඔහු දන්වා සිටිනවා.

ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබාගත්තත්, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.

අධික දුමක් පිටවන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් හෝ තහනම් නියෝගයක් ලැබෙන බවද ඔහු වැඩිදුරටත්  සඳහන් කරනවා.

කැකිරාව තලාව මාර්ගයේ මහඉලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනතුර වලක්වා ගැනීමට බස්රථයේ රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බස් රථයද අනතුරට ලක්ව තිබිණ.

24-07-13
කැකිරාව කුෂාන් ජයවර්ධන
කැකිරාව තලාව මාර්ගයේ මහඉලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනතුර වලක්වා ගැනීමට බස්රථයේ රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බස් රථයද අනතුරට ලක්ව තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරු පැදියක් පුද්ගලික මගී පුවාහන බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් මෙලෙස අනතුරට පත්ව තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ යතුරු පැදිය බස් රථයේ ගැටීමට ගිය අවස්ථාවේ බස් රථයේ රියදුරා විසින් එම අනතුර වලක්වා ගැනීම සදහා ක්ෂණිකව සිය බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය කර ඇති අතර එහිදී එම ස්ථානයේ පිහිටි බස් නැවතුම්පලක් ද කඩාගෙන අසල ගෙවත්තකට බස්රථය කඩා වැදී තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරු පැදියද එම අවස්ථාවේ පෙරලී ගොස් ඇති අතර පෙරැලීගිය එම යතුරු පැදිය බස් රථයේ ගැටී ඇති බව පොලිසිය කියයි. මෙම අනතුරින් එම යතුරු පැදිය පැදවූ බව කියන 70 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. ඔහු මහලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
බස්රථයේ රියදුරා අනතුර වලක්වා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැනී හේතුවෙන් එම ස්ථානයේ තිබූ බස් නැවතුම්බලට බරපතළ හානි සිදුව තිබූ අතර එම අවස්ථාවේ එම බස් නැවතුම්පලේ කිසිවකුත් සිට නැති බැවින් ඉන් සිදුවීමට තිබූ තවත් බරපතළ ජීවිත අනතුරක් වැළකී ගොස් ඇති බව පොලසිය කියයි.ම කෙසේ වෙතත් මෙම අනතුරින් බස් රථයේ සිටි මගීන් කිසිවකුටද හානියක් සිදුව නොතිබිම විශේෂත්වයකි.
අනතුර සම්බන්ධයෙන් අදාළ යතුරු පැදිය හා අදාළ බස් රථය ඉදිරි විමර්ශණ සදහා ඉපලෝගම පොලිස් ස්ථානයෙ ්රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස් රථයේ රියදුරද අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්හණ ආරම්භ කර තිබේ.

WhatsApp Image 2024-07-13 at 21.37.31 (2) WhatsApp Image 2024-07-13 at 21.37.31 (1) WhatsApp Image 2024-07-13 at 21.37.31

A/L විභාගය සඳහා අයදුම්පත් යොමුකිරීමේ කාලය අදින් අවසන් වෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව අදින් (12) අවසන් වනවා.

ඒ අනුව යළිත් කිසිඳු හේතුවක් මත එම දිනය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අභියාචනාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව පෙත්සමක්

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධූර සඳහා පත්කිරීම් සිදු නොකිරීමෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය විසින් එම පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට ගැනීමට අද (12) අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උදෑසන දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාද වෙයි

අද (12) උදෑසන දුම්රිය ගමන් වාර රැසක ප්‍රමාදයන් සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අද සවස් වන විට මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය ඊයේ අවසන් කිරීමට කටයුතු කර තිබූ අතර අද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව නිවේදනය කර තිබුණා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් කිරීමේ ලිපි නිකුත් කළා – ප්‍රවාහන ඇමති

වෘත්තීය සමිති ත්‍රස්තවාදයට හිස නැමීමට රජය සූදානම් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකර වර්ජනය කළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (11) සිට සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) අළුයම් කාලයේදී ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා ෙවෙනවා.

දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනය අද (11) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් අද දිනයේද දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.