ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03, අද දිනට යෙදී තිබෙනවා.

අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමේ අරමුණ ඇතිව මෙම දිනය නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මද්‍යසාර භාවිතය නිසා වසරකට මරණයට පත්වන සංඛ්‍යාව මිලියන 03කට ආසන්න බව වාර්තාවල දැක්වෙනවා.

ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අමද්‍යප දිනය හේතුවෙන් හෙට සිය​ළු සුරාසැල් වැසේ

හෙට (03) දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබෙනවා.

ලෝක අමද්‍යප දිනය හෙට දිනයේ යෙදීම නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66fd28704e781

අද ඩොලරයේ විකුණුම් මිල රු. 299 දක්වා පහළට

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් වනවා.

ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

66fd16ba26400

නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කරයි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු 4.24% කින් අඩු කර ඇති අතර නව බස් ගාස්තුද ප්‍රකාශයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ බස් ගාස්තු පහතින්.

66fbc5a1da3f7

අද ඩොලරයේ විකුණුම් මිල රු.301 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (01) පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.292.00 ක් ලෙස හා විකුණුම් මිල රු.301.05 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66fbcb0d36822

ජනපති අනුර සහ අමරිකානු තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමරිකානු තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ඇය අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙම හමුව අතරතුරදී විශේෂ අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

පොඩි ලැසීගේ ඥාතියෙක් අත්අඩංගුවට

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මදුසංඛ නොහොත් පොඩි ලැසීගේ සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතියෙකු බව සඳහන් වෙන්නේ.

46 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිවේරිය පොලිස් ස්ථානය වෙත බාර දී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 සඳහා සියලුම සිසුන්ට ලකුණු ලබාදීමට තීරණය කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බවට සඳහන් ප්‍රශ්න 3 සඳහා සියලුම සිසුන්ට ලකුණු ලබාදීම සුදුසු බවට විද්වත් කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

විභාගය නැවත පැවැත්මීමට සිදුවුවහොත් අවුරුදු 10 ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටම දැඩි බලපෑමකට හා පීඩාවක් ඇති කරන බවයි එම විශේෂඥ කමිටුව සිය නිර්දේශය ඉදිරිපත් කරමින් පෙන්වාදී තිබෙන්නේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා අගමැතිනියගේ උපදෙස් පරිදි අධ්‍යාපන හා වෛද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබුණා.

ඒ අනුව එම විද්වත් කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

66f94d6bae010

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් පහළට

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් වැඩිදුරටත් සඳහන් කළේ.

සනත් ජයසූරියගේ සේවා කාලය වසරකින් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වුණු ක්‍රිකට් තරගාවලි සඳහා සඳහා පත්කර තිබුණා.