” මෙහෙ යුද්ධයක් තිබුනද කියලවත් හැගීමක් නැතිව නැවත යුද්ධයක් නිරමාණය කිරීමේ අදහසින් තමයි සමහර අන්තවාදී කණ්ඩායම් හැසිරෙන්නේ ” – ධර්මසිරි බණ්ඩාරනායක

යුද්ධයේ බිහිසුණු බව යුධ සමයේදීම දකුණේ මෙන්ම යුද්ධය පැවති උතුරේද ප්‍රේක්ෂක රසඥතාවය  වෙනුවෙන් නිර්මාණාත්මකව රංග ගත කිරීමට ධර්මසිරි බණ්ඩාරනායකයන් ඇතුළු නාට්‍ය කණ්ඩායමක් ප්‍රයත්න දැරූවේ උඩුගං බලා යන චාරිකාවක් පරිද්දෙනි. ලෝක ප්‍රකට යුධ විරෝධී නාට්‍යයක් වන ඉයුරිපිඩීස්ගේ (Euripidies) Trojan Women නම් නාට්‍යය ලංකාවේ ට්‍රොජන් කාන්තාවෝ’ නමින් කරලියට සැපත් වන්නේ එ් අප්‍රතිහත උත්සහයේ ප්‍රතිඵලය ලෙසිනි. දිගු නිහැඩියාවක රළු පරළු සමගින් සෞන්දර්ය අනූනව මුසු වූ ඒ  18 වසරක සැමරුම වෙනුවෙන් මේ මස 09 වන දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී විශේෂ නාට්‍ය දර්ශණයක් රඟදැක්වීමට ලහි ලහියේ කටයුතු සූදානම් වන මේ මොහොතේ ඒ ගැන වැඩිදුර පිළිසදරකට එකතු වූ ධර්මසිරි බණ්ඩාරණායකයන් බොස්ටන් ලංකා වෙත අදහස් පළ කලේ මෙලෙසිනි

Andromache

 දිගු කාලයක නිහැඬියාවකින් පස්සේ ආහපු මේ නාට්‍ය පෙන්වන්න තීරණය කලේ ඇයි?

මේ නාට්‍ය පහුගිය අවුරුදු දෙකක කාලය තුල රඟදැක්වීමට නොහැකි වුනේ මේ නාට්‍යයේ ප්‍රධාන නිළිය වන අනෝජා වීරසිංහ ඇගේ අධ්‍යාත්මික වැඩසටහනක් සමඟ සම්බන්ධව කටයුතු කළ නිසා නාට්‍ය කටයුතු සඳහා වෙලාවක් වෙන්කරගැනීමට නොහැකිවී නිසා.

Meena kumari as Cassendra (2)

ඒත් වෙනක් කෙනෙක් පුහුණු කරල මේ නාට්‍ය කරන්න තිබුනනේ?

ඔව්අනෝජා මට එහමත් කීවඒත් මට මේ වගේ චරිතයක් පුහුණු කරන්න දැන් මහන්සි වෙන්නත් අමාරුයිඒ වගේම අද කොයි තරම් නිළියන් හිටියත් එදා අනෝජා කළ මට්ටමට ඒ චරිතය නිරූපණය කරන්න සුදුසු නිළියක් හොයාගන්න මට බැරිවෙලා තියෙනවාඒ තරමටම මේක දැන් කාන්තාරයක් වෙලා තියෙන්නේකිසියම් දෙයක් කීවම ඒක අවබෝධ කරගෙන රංගනයේ යෙදීමේ හැකියාව අද නිළියන්ට ඇත්තේම නෑ.

 මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුව මොකද්ද?

අපි එදා නාට්‍යයක් කලේ සීරියස් වැඩක් විදියටනාට්‍ය කලාවට යොමුවුනෙත් කිසියම් අධ්‍යාපන මට්ටමක් තිබුණුරංගන කුසලතාවයක් තිබුණු අයඅනික ඒ අය නාට්‍ය වෙනුවෙන් කැපවුනාඒ අය කිසිම වෙලාවක ජනප්‍රියත්වය පසුපස හඹා ගියේ නැහැඒ අයගේ දක්ෂතාවය තුලින් ජනප්‍රයත්වය හිමිවුනාප්‍රේමා ගණේගොඩඅනුලා කරුණාතිලක වගේම මාලනී ෆොන්සේකා පවා වේදිකවෙන් තමයි සිනමාවට පිවිසියේ.ඒ අය වේදිකාවේ වගේම සිනමාවෙත් තමන්ගේ දක්ෂතාවයක් ප්‍රදර්ශණය කලාමේ නිසා සිංහල ප්‍රේක්ෂකයන් මේ අය ආදරයෙන් වැළඳගත්තාඒ වැළඳගත්තේ ජනප්‍රියත්වය නිසාම නෙවේදක්ෂතාවයත් නිසානමුත් අද තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්අද නාට්‍ය වලට එන අයගේ ඉලක්කය ටෙලි නාට්‍යයකට ගිහින් ජනප්‍රිය වීම. එදා හිටපු ප්‍රේක්ෂකයන් අද වඳභාවයට පත්වෙලා තියෙනවා.

Anoja Weerasinghe as Hecabe

අද වෙනකොට නාට්‍ය පිලිබඳව විවිධාකාරයේ අධ්‍යාපන අවකාශයන් විවෘත වී තිබීම තුල මේ වගේ තත්ත්වයක් අතිවෙලා තියෙන්න හේතුව මොකද්ද?

අන්න ඒක තමයි කණගාටුවට කාරණාවමේ පාඨමාලාවල ඉගෙනගන්න අය බලන්න යන්නෙ ඒ අයගේ සිලබස් එකේ තියෙන් නාට්‍ය විතරයිවෙනත් නාට්‍ය ගැන හිතන්නෙවත් නෑමොකද ඒ අයගේ අරමුණ නාටය කාලාව ඉගනෙගැනිම නෙවේවිභාගය සමත්වීමඅද වෙනකොට තරුණ පරම්පරාවට නාට්‍ය කලාව ඉගෙන ගැනීමට සැබූ වුවමානාවක් තියෙනවානම් අද නාට්‍ය ශාලා පිරිල ඉතිරිලා තියෙන්න ඔන.මේකෙන් පේනවා අද අපේ ප්‍රෙක්ෂකාගාරයට අත්වෙලා තියෙන ඉරණමමේ වගේ විෂයක් උගන්වන්නේ නැති කාලෙක තමයි ලංකාවේ දැවැන්ත නාට්‍ය නිර්මාණයන් වගේම ප්‍රේක්ෂකාගාරය පවා පිරිල ඉතිරිලා ගියේමේ ගුණාත්මක නාට්‍ය නරඹපු ප්‍රේක්ෂකයොම තමයි සිනමා ශාලාවටත් පිවිසුනේමේ නිසා මේ අංශ දෙකේම දියුණුවක් ඇතිවුනා.

මේ තත්ත්වය ඇතිවීමට ආර්ථිකය කියන කාරණාවත් බලපාල තියෙනවා නේද?

මේ සමාජයේ හැම එකක්ම තීරණය කරන්නේ මුදල් මතනේනාට්‍ය වලට සම්බන්ධ වන ශිල්පීන් පවා අද වෙනකොට තමන්ට කීයක් ගෙවනවාද කියල අහල තමයි නාට්‍යකට සම්බන්ධ වෙන්නේමේක හොඳ ලක්ෂණයක් වෙනවා නාට්‍ය කලාව වගේම සිනමාවත් වෘත්තීය පදනමක් දක්වා ගොඩනැඟී තිබෙන පරිසරයකවෘත්තීය තත්ත්වයකදී ඒ අය රංගනය පිලිබඳව හැදෑරීමක් කරනවානමුත් අද මේ අයගේ හැදෑරීමක් අපිට දකින්ට ලැබෙන්නේ නෑඅද වෙනකොට නාට්‍ය වල පිටපතක් නෑනළුවන්ට ඕන ඕන දෙවල් කියන තත්ත්වයකට ඇවිත් තියෙන්නේඒ අයගේ එකම අරමුණ ප්‍රේක්ෂකයන් හිනාගැස්සවීමඅද පත්තරේ මොනවා හරි නිවුස් එකක් තියෙනවා නං ඒක්ත් තියෙනවා නාට්‍යයේ දෙබසකමෙහෙම කොහොමද නාට්‍යයක් කරන්නේනාට්‍ය පිටපතකින් කරන්නේ නාට්‍යයට මඟපෙන්වීක් කරනඑකඒත් අද හැමෝම අයාලේ යන තත්ත්වයට පත්වෙලා තියෙනවානාට්‍ය ඇතුලු සියළුම කලාවන් වගකීමෙන් තමයි කරන්න ඕනඅද අවාසනාවකට නැත්තටමනැතිවෙලා තියෙන්නේත් ෙම්කම තමයි.

යුද්ධය අවසන්වෙලා තියෙන වකවානුවක යුද්ධය ගැන නැවත නිර්මාණයන් කිරීම ගැන ඔබගේ අදහස මොකද්ද?

අද වෙනකොට අපේ රටේ යුද්ධයක් තිබුනද කියලවත් හැගීමක් නැතිව නැවත යුද්ධයක් නිරමාණය කිරීමේ අදහසින් තමයි සමහර අන්තවාදී කණ්ඩායම් හැසිරෙන්නේ සහ වැඩකරන්නේමේ වගේ තත්ත්වයක් තුල අපි නැවතත් මේව පිළිබ`දව කියවීමක් අත්‍යවශ්‍යයිමොකද අපි යුද්දෙන් හො`දට බැටකාලනට්ටංවෙච්ච රටක්මේ රටේ කොච්චර මිනිස්සුන්ගේ ජීවිත ඒකෙන් අහිමි වෙලා ගියාද.අනාගත පරම්පා කීයක ජිවත්වීමේ අයිතිය මේ කුරිරු යුද්ධයෙන් බිල්ලට අරගත්තද.මේව ගැන යුද්ධයට අරඅදින් අයට කිසිම වගක් නෑකලා කරුවන් විදියට අපේ යුතුකම සහ වගකීම තමයි එවැනි ගැටුමින් තොර නිදහසේ ජීවත් වීමේ අවකාශය නිර්මාණය කිරීමට අවශ්‍ය බුද්ධිමය සංවාදය ඇතිකිරීම ඒ කාර්යය අපි පුද්ගලික මට්ටමින් හෝ කිරීමට යොමුවී සිටිනවා.

සරුංගල් එක්ක පිය නැගූ දස වසරක්..

සරුංගල්යැවීමවිනෝදාංශයක්ලෙසින්පමණක්නොවක්‍රීඩාවක්ලෙසටදප්‍රචලිතකිරීමමෙන්මඑයවැදගත්සමාජපණිවිඩයක්ගෙනයාහැකිමෙවලමක් ලෙසටදඅවබෝධකරගත්තරුණපිරිසක ගේඑකමුතුවෙන්ගොඩනැගුණුශ්‍රී ලංකාවේ ජාතික සරුංගල් සංවිධානය වන ‘කයිට්ශ්‍රී ලංකා’සංවිධානය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික ප්‍රෞඩත්වය සහදේශීය උරුමයන් සරුංගලය ආශ්‍රයෙන් ලොවටම විදහා දැක්වූ සංවිධානයකි.

කයිට්ශ්‍රී ලංකාසංවිධානයේ ප්‍රමුඛතමව්‍යාපෘතියලෙසින්වාර්ෂිකවසංවිධානය කරනුලබනලංකාවේජාතිකසරුංගල් සැණකෙළිය වනනිල්අහසේවසන්තයදිවයිනේවැඩිමකාලයක්සාර්ථකව පැවැත්වුඑකමසරුංගල් සැණකෙළියවේ.දිවයිනපුරාජාත්‍යන්තර සරුංගල් සැණකෙළි මෙන්ම සරුංගල් ආශ්‍රිත වැඩමුළුනේවාසික කඳවුරුසරුංගල් ආශ්‍රිත මෝස්තරනිරූපන සංදර්ශනඡායාරූපතරගාවලිසිනමා උළෙල,චිත්‍රවැනිනිර්මාණ තරගාවලිආදි වශයෙන් විශාල වැඩසටහන් රාශියක් පසුගිය දස වසර පුරාවට මෙමසංවිධානය විසින්පවත්වා ඇත.

ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර ආයෝජකයින් ලෙස කටයුතු කරන ලෝකයේ ප්‍රමුඛ පෙළේ හෝටල් ජාල විසින් මෙන්මශ්‍රී ලංකාවේ විවිධ ජනප්‍රිය රූපවාහිනී මාධ්‍ය ආයතන මගින් පැවැත්වූ සරුංගල් සැණකෙළි සහ රජයේ අමාත්‍යංශආයතනරාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන,පෞද්ගලික ආයතනවිවිධ ස්වේච්ඡා තරුණ සංවිධාන මගින් සංවිධානය කල සරුංගල් සැණකෙළි සඳහා උපදේශකත්වය සැපයීමටද, ජාත්‍යන්තර ප්‍රමිතියේ විනිශ්චය කරුවන් ලෙස කටයුතු කිරීමටද කයිට් ශ්‍රී ලංකා සංවිධානය පසුගිය වසර ගණනාව තුල සමත්වීඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය උදෙසාද විශාල දායකත්වයක් දක්වා ඇති මෙම සංවිධානය,ලොවපුරාපැවැතිජාත්‍යන්තර සරුංගල් සැණකෙළි සහ තරගාවලිරැසක් සඳහා වසර ගණනාවක්පුරා,ශ්‍රී ලංකාවේජාතික අනන්‍යතාවයත්සංස්කෘතියත්දේශීයත්වයත් රැගෙනයමින් රට වෙනුවෙන්අගනාමෙහෙවරක්ඉටුකරඇත.

2017වර්ෂයේදී සිය අභිමානව ගමන්මගේදසවර්ෂපුර්ණයසාඩම්බරයෙන්සැමරීමටසුදානම් වන කයිට් ශ්‍රී ලංකා සංවිධානය ඊට සමගාමීව පසුගියදා පැවැත්වු මහසභා රැස්වීමේ දීඉදිරිවසරසඳහානවනිලධාරි මණ්ඩලයක්තෝරාපත්කරගත්අතරඅභිනවයෙන්පත්වුනවනිලධාරි මණ්ඩලයපහතපරිදිය.

සභාපති – ප්‍රසන්න අටුළුගම

ලේකම් – තේජිත සෞභාග්‍ය එදිරිසිංහ

භාණ්ඩාගාරික – එරන්ද ප්‍රනාන්දු

උප සභාපති – මිල්ටන් පිරිස්

ඉසවු කළමණාකරු – රජිත හේරත්

ජාත්‍යන්තර සම්බන්ධීකාරක – ශිරෝමි සමරකෝන්

සම සංවිධායක – මහේෂ් රණසිංහඑම්. සමීර්ෂෙහාන් ප්‍රනාන්දු

මාධ්‍ය සම්බන්ධීකාරක – සමන්ප්‍රියංකර නම්මුණිගේ

මුල්‍ය උත්පාදන කළමණාකරු – සුරංගිකා ලක්ෂි

එමෙන්ම‘නිල්අහසේවසන්තය’ජාතිකසරුංගල් සැණකෙළිය පැවැත්වීමත්,එයටසමගාමීව කයිට්ශ්‍රී ලංකාසංවිධානයේ දසවන සංවත්සරය සැමරීමත්මෙම වසරේ අගෝස්තු මස 11,12,13  දිනයන්හි කොළඹ දී සහ මීගමුවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතඅතරදිවයිනේ ලක්ෂ සංඛ්‍යාතසරුංගල් ලෝලීන් හට ඒ සමග එක්වීමට කයිට්ශ්‍රී ලංකා සංවිධානය ආරාධනාකරසිටියි.

Web – kitesrilanka.lk
Email – info@kitesrilanka.lk , kitesrilanka@gmail.com
Face Book – Kite Sri Lanka Organization

යුධමය පරිසරයක් නිර්මාණය වීම ආදී විශාල අත්දැකීම් රැසක සාක්‍ෂිකරුවන් තමයි මේ කාල වකවාණුවේ ඉපදුණේ

සටහන : පාලිත අබේලාල්

විවිධ අත්හදාබැලීමේ ඔස්සේ නාට්‍ය කලාවේ නව මානයන් සොයායාමේ නොතිත් ආශාවකින් පෙළෙන රුවන්ති ඩී. චිකේරා‘Dear Children, Sincerely Z නමින් නවතම ආකෘතියක නාට්‍යමය අත්දැකීමක් තිළිණ කිරීමට සූදාන්ම් වී සිටී. 

ලාංකීය ඉතිහාසයේ මෑතකාලීනව සිදුවූ ප‍්‍රබල ඓතිහාසික සිදුවීම් හතක් කේන්‍ද්‍ර කරගනිමින් දිවෙන මෙම නාට්‍යයේ තවත් සුවිශේෂී දර්ශණ වාරයක් මේ මස 5 සහ 6 යන දෙදින තුල කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී  සවස 7 ට වේදිකාව සැරසීමට ලහි ලහියේ කටයුතු සූදානම් වෙන මේ මොහොතේ ඒ පිළිබද ඇය බොස්ටන් ලංකා හා සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

ruwanthi

මේ කාර්යය පිළිබඳව හැඳින්වීමක් කළොත්?

මේ නාට්‍ය නිර්මාණය ඇත්තටම දීර්ඝ ව්‍යාපෘතියක එක් අවස්ථාවක් කියල හැඳින්වුවොත් මම නිවැරදියි කියල හිතෙනවා. මෙක අපි අරම්භ කළේ මිට අවුරුදු දෙකකට විතර ඉස්සර. මේ නාට්‍ය කිරීමේ අරමුණ වුනේ නවසිය තිස් ගණන්වල ඉපදුණු අයගේ අත්දැකීම් එකතු කරමින් ඔවුන් අද ලංකවේ තත්ත්වය පළිබඳව දක්වන්නේ මොනවගේ ආකල්පයක්ද යන්න පිළිබඳව තොරතුරු එක්රැස් කිරීම තමයි අපි මේ කාර්යයේදී මුලින්ම සිදුකළෙ. 

මෙතනදී නවසිට තිස්ගණන්වල ඉපදුණු අය මේ කාර්යය සඳහා යොදාගැනීමට හේතුවුනේ ඇයි?

මේ අයට ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයන් පිළිබඳව අත්දැකීම් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම බි‍්‍රතාන්‍ය පාළන කාලයේ අත්දැකීම් මේ අය ලබන්නේ කුඩා අවධියේ. එතකොට නිදහස් රටක් බවට පත්වෙන්නේ මේ අය යොවුන් අවධියේ. ඊට පස්සේ මේ අයගේ තරුණ අවධියේ තමයි විවිද සමාජ පෙරළීම් රැසක් සිදුවෙන්නේ. මෙයට අමරතව වාමාංශික ව්‍යාපාර වල නැඟීම වගේම ඒ ව්‍යාපාර වල කඩාවැටීමතරුණ විප්ලයන් පැණ නැඟීමසිදුවෙන්නේ මේ අයගේ මැදි වයසෙදි. එම ව්‍යාපාර මැඩපැවැත්වීමආර්ථික ක‍්‍රමයන්ගේ වෙනස්වීම්,. ඒ අයගේ ජීවිතය කියන්නේ අපේ රටේ ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක් වෙනවා. මේ පිරිස් එම අතීතය අද දකින ආකාරය වගේම ඒ අය ඒ ඒ අවස්ථාවන් හිදී ගණු ලැබූ තීරණයන් පිළිබඳව අද සිතන ආකාරය අපි මේ නිර්මාණ කාර්යයට යොදාගත්තා.

photography By chanuka thiyambarawaththa (3) (1)

මේ වගේ තොරතුරු එක්රැස් කිරීමකින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? 

ඇත්තටම වර්තමාන තරුණ පරපුර අපේ රටේ ඉතිහාසය පිළිබඳව ඇත්තේ අඩු අවධානයකුයි. මම මේ කියන්නේ රජ කාලේ ඉතිහාසය ගැනවත්පන්තියේ ඉතිහාස පාඩමට උගන්වන ඉතිහාසය ගැනවත් නෙවෙයි. ඒ ඉතිහාසය ඉගැන්වීමේ පවා ගැටළු තියෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ සීග‍්‍ර වෙනස්වීම් රැසක් සිදුවූ මේ කාල  වකවාණුව පිළිබඳව නිවැරදි වගේම ගැඹුරු අවබොධයක් ඇති පිරිස් බොහොම අතළොස්සක් තමයි ඉන්නේ. ඇත්තටම මේ නොදැනුවත් කම අද දවසේ බොහෝ ප‍්‍රශණ ඇතිවීමට හෙතු වී තිබෙන බවයි මගේ අදහස. මෙන්න මේ රික්තකය පිරවීම තමයි අපේ අරමුණ. 

මේ අත්දැකීම් සහ නාට්‍ය නිර්මාණ අතර ඇති සම්බන්ධය පිළිබඳව පැහැදිළි කළොත්? 

අපි මේ නාටය නිර්මාණ කාර්යයට යොදාගනු ලබන්නේ ඒ අත්දැකීම්. මේ අත්දැකීම් ලබාගැනීමට අපි සමාජයේ විවිද තාරාතිරම් වල අය හමුවීමට අපි ගියා. එතනදී ලබපු අත්දැකීම තුලින් තමයි මේ නාට්‍ය නිර්මාණයන් කිරීමට අවශ්‍ය වස්තුබීජයන් යොදාගනු ලබන්නේ. මේ නාට්‍ය විනාඩි 10 ක් 15 ක් වැනි කාලයක් තුළ රඟදක්වා අවසන්වන නාට්‍ය. මොකද අපිට කවදාවත් බෑ මේ සමස්ථ අත්දැකීම් එකතුකරල එක නාට්‍යයක් කරන්න. නමුත් මේ නාටය තුළින් ගැඹුරු සාකච්ඡාවන්ට මාර්ගයන් විවර කිරීමේ ඉඩකඩ නිර්මාණය කිරීම විශේෂත්වයක් වෙනවා.

photography By chanuka thiyambarawaththa (22)

එතකොට මේ නාට්‍යවල රංග අකෘතිය නිර්මාණය වීම සිදුවෙන්නේ කොහොමද?

ඇත්තටම මේ නාට්‍ය නිර්මාණයන් සිදුවෙන්නේ අපි සාමාන්‍යයෙන් අත්දකින සාම්ප‍්‍රදායික ක‍්‍රමයට නොවෙයි.ඩිවයිස් තියටර් නමින් තමයි මේ නාට්‍ය නිර්මාණ ක‍්‍රමවේදය හඳුන්වන්නේ. මේක ලෝකයේ නාට්‍ය නිර්මාණය කරනා තවත් එක්  ක‍්‍රමවේදයක්. එතනදී අපි මේ ඉන්ටවීව් තමයි මූලාශ‍්‍ර කරගන්නේ. එතනදි නාට්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කරමින්,  පුහුණුවීම් කරමින්, අනවශ්‍ය දේවල් ඉවත් කරමින්, අවශ්‍ය දේවල් එකතුකරමින් දීර්ඝ කාලයක් ගතකරමින් සිදුකරණ නිර්මාණ කාරයයකටත් වඩා ගවේෂණයක් කියල කියන්න පුළුවන්.

photography By chanuka thiyambarawaththa (30)

මෙම නිර්මාණ වලදී රංගන ශිල්පීන් හට විශාල කාර්යභාරයක් යොමුවෙනවා නේද?

ඔව්මේ අය නිරන්තරව මේ කාර්යයන් සමඟ සිටීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද අනෙක් නාට්‍ය වගේ නෙවෙයි මේ නාට්‍ය. කිසිම ආකාරයකින් බොරුවක් කිරීමට ඉඩකඩක් නෑ. මේ නිසා මේ අය නිරන්තර අධ්‍යන කාර්යයක නිරතවීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. එතනදී සිදුවෙන වැදගත් දෙයක් තමයි මේ කණ්ඩායම අතර දැනුම හුවමාරුවීමේ කාරයය. එයින් කණ්ඩායම තුළ හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගීමට අවකාශය සැළසෙනවා. අනෙක් කාරණය තමයි මේ නිර්මාණ සාමූහික අදහස් මත ගොඩනැගේන්නක්. මේ නිසා 

වෙමින් තමයි ගොඩනැගෙන්නේ. එතකොට තමන්ගේ කියන හැඟීම ඇතිවීම තුළ සාර්ථක නිර්මාණ කාර්යයකට අවශ්‍ය පරිසරය නිර්මාණය තුලින්ම ගොඩනැගීම විශේෂත්වයක් වෙනවා. මේ කණ්ඩායම තුළ ස්ථිරව මම මේ දේ කරන්නේ කියල කිසිම කෙනෙක් සම්බන්ධ වෙලා නෑ. මේ කාර්ය අතරතුර ඒ අය ඒ ඒ කාර්යයන් බාරගෙන කරනවා. මටත් වඩා අධ්‍යක්‍ෂණ හැකියාවක් තියෙන කෙනෙක් මතුවුනොත් එයා ඒ කාර්යය බාරගනීවී.

photography By chanuka thiyambarawaththa (28)ruwanthi (2)

එතකොට මේ නාට්‍ය නිර්මාණ ආකෘතියේ අධ්‍යක්‍ෂ කාර්යභාරය කුමක්ද?

මගේ කාර්යභාරය තමයි මේ සියල්ල මැනවින් සංයෝජනය කිරීම. කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම දායකත්වය ලබාගනිමින් නාට්‍ය නිර්මාණය සාර්ථක අයුරින් ගොඩනඟාගැනීමට පරිසරය නිර්මාණය කිරීම. නාට්‍යයේ නිර්මාණාත්මකව ගොඩනැඟීමේ කාර්යයේදී අනවශ්‍ය දේවල් ඉවත් කිරීම වගේම අවශ්‍ය දේවල් එකතුකිරීම වගේ වගකීම් සහගත අසීරු කාර්යයක් තමයි මේ ආකෘතියේ නාට්‍ය නිර්මාණ වල අධ්‍යක්‍ෂක කාර්යයක් කියන්නේ. 

මෙම නාට්‍ය නියෝජනය කළ නාට්‍ය උළෙලවල් පාළිබද කතා කළොත්?

2015 වර්ෂයේදීDCS ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකා සහ රුවන්ඩා ඉතිහාසය අළලා තමයි මේ නිර්මාණය පළමුවෙන්ම අපි සිදුකරේ. මේ නිර්මාණය 2015 කිගාල් හිදීUbumuntu නාට්‍ය උළෙල නියෝජනය කලා. මීට අමතරව කේරළනවදිල්ලිජම්බු සහ මුම්බායි ප‍්‍රදේශ වලත් එංගලන්තයේ සහ අයර්ලන්තයේත් විවිධ පේ‍්‍රක්‍ෂකාගාරයන් වලට පෙන්වීමේ අවස්ථාව අපට හිමිවුනා. මීට අමතරව 2016 යේදී පලස්තීනයේ AFTARජාත්‍යන්තර යොවුන් නාට්‍ය උළෙල නියෝජනය කිරීමේ අවස්ථාවත් අපිට හිමිවුනා.

පාලිත අබේලාල්

 

අතුරුදහන් වූ තරුණයන්ට වන්දි ගෙවීමේ වගකීම රජය සතුයි

මඩකළපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනෙකු අතුරුදහන් කරවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) තීන්දු කර තිබේ.

ඒ අනුව මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ මඩකළපුව පදිංචි සෙල්වරාජා පුෂ්පරාණි, අන්නමලෙයි සෙල්වරාජා යන පෙත්සම්කරුවන්ට මුදලින් රු.ලක්ෂ 10 බැගින් හා වන්දි මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කර ඇත.

2007 වසරේ ඔක්තෝම්බර් මස 03 වන දින මඩකළපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනා පසුව මුදාහළ බවට පොලීසිය විසින් ප්‍රකාශ කර තිබුණද, ඔවුන් අතුරුදහන් කර ඇති බවත්, එසේ අතුරුදහන් කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

ඒ අනුව අද අදාළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත්තේ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව හා ඊට රජය වග කිව යුතු බවයි.

එසේම මඩකළපුව පොලීසියේ හිටපු ස්ථානාධිපති පී.එස් වික්‍රමසිංහ මහතාද , මෙම සිද්ධියට අදාළව වගකිව යුතු බැවින් රජය විසින් පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු රු.ලක්ෂ 10 බැගින් වන වන්දි මුදලට අමතරව පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුද්ගලික මුදලින් පෙත්සම්කරුවන්ට රු.50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවද විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

කැලිකසළ බැහැර කිරීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි -ශ්‍රේෂ්ඨාධිකරනයට යොමු කළ පෙත්සම් විභාගය කල් ය

කැලිකසළ බැහැර කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයට නියම කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් සලකා බැලීම කල්දමා තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමෙන් ජනාධිපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහනගර සභාව ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති බව වාර්තා වේ.

කැලිකසළ බැහැර කිරීම පිළිබඳව විධිමත්, විද්‍යාත්මක ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමින් ගැටළු රාශියක් පැනනැඟී ඇති බවත්, මීතොටමුල්ල ඛේදවාචකය එයින් එකක් පමණක් බවත්, රට පුරා එවැනි ගැටළු දකින්නට ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වාදී තිබේ.

මේ හේතුව නිසා කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකසන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබේ.

මෙහිදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයින් පවසා ඇත්තේ මෙම සිද්ධියට අදාළව කරුණු අධ්‍යයනය කිරීමකින් තොරව යමක් ප්‍රකාශ කළ නොහැකි බව හා ඒ හේතුවෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බවයි.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සම අගෝස්තු 09 වන දින යළි කැඳවීමටත්, එදිනට පෙත්සම සලකා බැලීමටත් තීරණය කළ බව වාර්තා වේ.

දෙවෙනි ඉනිම ශතකයකින් ඇරඹූ නයනතාරා

මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය යුවතිය වෙන කිසිවෙකුත් නොව ඈය.දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනිමින් රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වීමට වාසනාවන්ත වූ ඇය නයනතාරා වික්‍රමාරච්චිය.අද බොස්ටන් ලංකා සමඟ කතා බහට ඇය එක්වෙයි

නයනතාරා කියන්නද දෙව්මි කියන්නද ?

(සිනා) කැමති නමක් කියන්න

ඉතිං කොහොමද ? මොනවද අලුත් විස්තර ?

හොඳින් ඉන්නවා,දෙවෙනි ඉනිම රූගත කිරීම් එක්ක ඒ වගේම චිත්‍රපටයක හඬ කැවීමේ වැඩ එක්ක මේ දිනවල වැඩ කටයුතු කෙරීගෙන යනවා.වෛද්‍ය කපිල සූරිය ආරච්චි මහතාගේ සිනමා නිර්මාණයක් එය.වෙනස් විදිහේ අත්දැකීමක් වෙයි එය ප්‍රේක්ෂකයන්ට.

02-7

ඔබ රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය, ආස නැද්ද දක්ෂතම නිළිය වෙන්න ?

ඇත්තටම ආසයි.ඒ වගේම හොඳ නිර්මාණ එක්ක,මගේ යම්කිසි දක්ෂතාවයක් තියෙනවානම් ඒ දක්ෂතාවයත් එක්ක සහ හැදෑරීම් එක්ක දවසක දක්ෂතම නිළිය වෙන්න ආසයි.

19554588_1903472643237234_7061970698298926206_n (1)

එදා ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සම්මානය සඳහා ඔබ හා තරඟ වැදුනේ ශනුද්‍රි.හදිසියේ හරි එයාට සම්මානය ලැබුණනම් ?

හදවතින්ම සතු‍ටු වෙනවා මම.ඒ වගේම සුබ පතනවා හදවතින්ම.

ඔබ ටෙලි නිලියක් සේම සිනමා නිලියක්. කලාත්මක නිර්මාණයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් බාර ගන්නවද ?

ඔව්,මම දැනටමත් කලාත්මක නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.මම හිතන්නේ ඒ නිර්මාණය මේ වෙනකොට විදේශීය සිනමා උළෙලවල් සඳහා යොමු කරමිනුයි පවතින්නේ.ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අනුරුද්ධ ජයසිංහ මහතා.එය සම්භාව්‍ය මට්ටමට ගැනෙන නිර්මාණයක්.එය ප්‍රේක්ෂකයන් අතරට එයි ඉදිරියේදී.

Nayanathara-Wickramarachchi-Deweni-inima-Actress-3

ඒ කියන්නේ බහුතරයක් දෙනා කියන රංගනයේ “සීමාව ” ඔබ අතික්‍රමණය කරන්න සූදානම් කියන එකද ?

රංගනය කියන දේ මම දකින්නේ ඉගෙනගෙන ඉවරකරන්න බැරි දෙයක් විදිහට.හැමදාම අපි හිතනවානම් අපිට ලැබෙන සම්මාන හෝ මිනිස්සුන්ගේ ආදරය හෝ වේවා ලැබෙන්න ලැබෙන්න තව හිතන්න පුළුවන්නම් නෑ මේක නෙවෙයි අපේ උපරිමය කියලා ඒ තාක් අපේ ඉදිරි නිර්මාණ සාර්ථක වෙනවා කියලා.

මම පොඩ්ඩක් බාධා කරලා මෙහෙම අහන්නම්,ඒ කියන්නේ නයනතාරා සූදානම් කේට් වින්සල්ට්,ජෙසිකා ඇල්බා වගේ විශිෂ්ට රංගන ශිල්පිනියන් මෙන් දැවැන්ත අභියෝග බාර ගන්න ?

ඔවුන් රඟපෑ බොහෝ නිර්මාණ ඇත්තටම හරිම ලස්සනයි සහ කලාත්මකයි.මම ඉතිං සිංගල ගෑණු ළමයෙක්.අම්මෝ තාත්තා අකමැතිත් වුණා මම රඟපාන්න එනවට (සිනා) ඉතින් ලංකාවේ සංස්කෘතික පරිසරයේ හැදුනු වැඩුණු මට ඒ තරම් දේවල් කරන්න බැරිවෙයි. ඒත් නිරුවත් දර්ශන නොමැති එහෙත් අතිශයින්ම සුන්දර කලාත්මක නිර්මාණ තියෙනවා.උදාහරණ විදිහට ද බියුටිෆුල් මයිඩ් එහෙමත් නැත්නම් ශටර් අයිලන්ඩ්, 12 ඇන්ග්‍රි මෙන් වගේ නිර්මාණ.ඒ එක්කම ලංකාව පැත්තට හැරුණොත් බඹර වළල්ල,පුරහඳ කළුවර වගේ අතිශයින්ම සුන්දර කලාත්මක නිර්මාණ තියෙනවා. ඒ වගේ නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න මම කැමතී

මේ වෙනකොට තරුණයන්ගේ සිහින කුමරිය ඔබ.. ඉතින් මොනවද තරුණයන්ට කියන්න තියෙන්නේ ?

මුලින්ම කියන්න තියෙන්නේ හරීම සතු‍ටුයි කියලා (සිනා ) හැමකෙනෙක්ටම ගොඩක් ආදරෙයි. පිරිමි ළමයි ඉතින් ගෑණු ළමයින්ට ආදරය කරන්නේ නැතිව කාට ආදරේ කරන්නද අප්පා ?? (සිනා) පවුනේ එයාලා.ඉතින් ඒ හැමෝටම මමත් ගොඩාක් ආදරෙයි.

ඒ කියන්නේ නයන්තාරගේ ආදරය ගත්ත කෙනෙක් මේ වෙනකොට නෑ කියලද කියන්නේ ?

අම්මෝ නෑ !!!  දැන් ඉතින් කියයි විස්වාස කරන්න බෑ කියලා (සිනා) .මට පිරිමි යාලුවෝ ගොඩාක් ඉන්නවා. යාලුවෝ වශයෙන් ආශ්‍රය කරන.හැබැයි ස්ථීරවම ආදරවන්තයෙක් කියලා ‍තෝරාගත්ත පිරිමි ළමයෙක් නෑ.යාලුවෝ තමයි ඉන්නේ ඉතින්

අවසාන වශයෙන් විශේෂයෙන් මතක් කළ යුතු අය ඉන්නවද ?

මේ වෙනකම් මේ තැනට එන්න එදා ඉඳලා උදව් කරපු හැමෝටම වගේම මගේ අම්මා තාත්තට.ඒ වගේම ටීවී දෙරණට .ඊට අමතරව මාත් එක්ක ‍රැඳිලා ඉන්න දයාබර ප්‍රේක්ෂක ඔබ සැමටමත් ස්තූතියි

සංඛ රඹුක්වැල්ල

නිදි නේනා ‍රැයක සියුම් ස්වරයක් ගෙනා කල්පනා කාවින්දී

By: Sanka Rambukwella
ඇය කල්පනා කාවින්දී බමුණුසිංහය.කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වන ඇය මේ දිනවල රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනාගත් දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ “නිදි නේනා” ගීතය මගින් සහෘද හදවතට සියුම් ස්වරයෙන් ආමන්ත්‍රණය කළ ගායිකාවයි.අද බොස්ටන් ලංකා ඇය හා කතා බහක යෙදෙයි
ඔබ සංගීත ක්ෂේත්‍රයට යොමුවන්නේ කොහොමද ?
පුංචි කාලේ ඉදලම ගෙදර තිබුනේ සංගීතමය පරිසරයක්..ඒ කාලෙ හැමදාම තාත්තා  මට සිංදු කියල දෙනවා පාසලේ උදේ රැස්වීමෙදී කියන්න..ගෙදරින් අරුනම මාව මුලින්ම අගය කලේ මගේ ගුරුවරු..ඒ පසු කාලීනව පාසලේ සමස්ථ ලංකා තරග ජයග්‍රහණ ලැබුනා මේවත් එක්ක හිතුනා කුමක් හෝ හැකියාවක් ඇති කියලා..ඒ උනන්දු කිරීම දිරි ගැන්වීම් එක්ක සංගීතයට ගොඩක් ආදරය කලා..ඒ කාලේ හිටපු ගායක ගායිකාවෝ ගැන චිත්‍රපටි ගැන තාත්තා මට නිතරම කිව්ව. හිතුනා මමත් කවදහරී ඒ වගේ කෙනෙක් උනොත් අම්මයි තාත්තායි  ගොඩාක් කැමති වෙයි කියලා…
19449415_1552295811510347_2109360950_o
විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව ලබන ශාස්ත්‍රීය අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කළොත් ?
 
මේ වනවිට මං සොන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ උත්තර භාරතීය සංගීත අද්‍යන  අංශයේ 3 වෙනි වසරේ ඉගෙනුම ලබනවා උත්තර භාරතීය සංගීතය  කර්නාටක සංගීතය බටහිර සංගීතය ජන සංගීතය,සංගීත මනෝවිද්‍යව ඇතුලු ක්ශේත්‍ර විශාල ප්‍රමාණයක් එහිදී අද්‍යනය කරන්න ඉඩ පහසුකම් ලැබෙනවා.ඒ හැම දෙයක්ම  ඉගෙන ගන්න ලැබෙන එක ප්‍රායෝගිකව ගොඩාක් ප්‍රයොජනවත්..
අද ක්ෂේත්‍රයේ දකින්නට ලැබෙන්නේ තමන්ට අදාළ ක්ෂේත්‍රය පිළිබඳ නිසි හැදෑරිමක් නොමැතිව පැමිණි අය… මේ තත්ත්වය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බලපාන්නේ කොයි විදිහටද
ඔබ වෘත්තීමය ගායන ශිල්පිනියක් ද ?
19578840_1552297298176865_34284350_o
උපතින් ගේන හැකියාවට අමතරව යම් ප්‍රමාණයකට හෝ දැනුමක් අත්දැකීමක් තියෙන එක ගොඩක් වටිනවා නිර්මානශීලීව දෙයක් කරන්න..තාම මං ඉගෙන ගන්නවානේ…. පුංචි කාලෙ ඉදලා ආසාවෙන් හිටියේ වෘත්තීමය ගායන ශිල්පිනියක් වෙන්න තාමා..මාද්‍ය ක්ශේත්‍රයේ රැකියාවක් කරන්නත් පොඩි ආසාවක් තියනවා…
කොහොමද දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඔබ ගයන ගීතයට තිබෙන ප්‍රතිචාර ?
මුලින්ම මේ ගීතයට මාව තෝර ගන්න ඕන කියලා තීරණය කරපු ලක්සිරි සර්ට වගේම සංගීත නිර්මාණය කරපු නිමේශ් අයියාටත් ගීතය ලියපු ශෙහාන් අයියාටත් දෙරණ කාර්‍ය මන්ඩලයටත් ස්තූතියිවන්ත වෙන්න ඕන..හීනෙකින්වත් හිතුවේ නෑ ගීතයට මේතරම් පිරිසක් ආදරය කරනව ඇති  කියලා..මුහුනු පොතෙන් වගේම පාරට බැස්සත් මුන ගැහෙන හැමෝම මේ දවස් වල සුබ පතනවා.මේ ගීතයත් එක්ක මට තව අවස්ථා කිහිපයක්ම උදා උනා..හැංගී හැංගි එබිකම් කලා ගීතයට පස්සෙ මාව ගොඩාක් දෙනා හොයන්න පටන් ගත්තේ නිදි නේනා ගීතය ගැයුවට පස්සේ..
19578904_1552296021510326_2081261981_o
කවුරුත් දන්නේ නැද්ද තවම ඔබේ ආශාවන් ? 
කවුරුත් දන්නේ නෑ….
අනාගත බලාපොරොත්තු මොනවද ?
වැඩිදුර ඉගෙන ගන්න කැමතියි…ඒ වගේම ඉදිරියේදී හොද නිර්මාණය වලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා..
විශේෂයෙන් මතක් කරන්න ඕන අය ඉන්නවද ?
හැමදාම මගෙ සෙවනැල්ල ශක්තිය උන මගෙ අම්ම තාත්තා  අක්කා අයියා වගේම කුඩා කල සිටම අකුරු  දුන්න ගුරුවරු මගේ නෑදෑයෝ කල්‍යාණ මිත්‍රයන්  ඇතුලු මට  වචනෙකින් හෝ උදව් කල හැම කෙනෙක්ම මතක් කරනවා..ඒ වගේම මට ආදරය කරන මගේ ගීත අහපු අහන හැම කෙනෙක්මත් ආදරයෙන් මතක්  කරනවා..

Tribute to Icon thespian actor Wijeya Nandasiri

Veteran cherished Icon thespian actor Wijeya Nandasiri who gave life to many a character to stage, small screen and films breathed his last on the way to the Kalubowila Teaching hospital from his residence at Kalapura,Templars road Mt Lavinia on the morning of the 08th August  2016,following a heart attack at the age of 72 years. Thus Wijeya Nandasiri the celebrated thespian actor in performing arts had his final curtain call after providing ample of smiles, joy and laughter to audiences dominating and conquering the stage and the silver screens for over five decades.

Wijeya Nandasiri was born on 06th May 1944 to a humble family in Maharagama had received his primary and secondary education at the Vidyakara Vidyalaya in Maharagama. He had become interested in acting during his tenure in school .He had made theatre debut in the year 1966 in the stage drama Vidura-Diva produced by Amaradasa Gunawardena for the State drama festival. He next portrayed a role in Naribena, Jasaya saha Lenchina made by veteran renowned dramatist Dayananda Gunawardena, who personally invited Wijeya Nandasiri to become part of the cast.

wijaya nandasiri Wijaya-Nandasiri 2

Wijeya was initially attached briefly as a catering officer at the Bandaranaike International airport in Katunayake in the late-’60s as his acting career developed. After his debut drama he subsequently played in many stage dramas including Bakmaha Akunu by Dayananda Gunawardena, Thahanchi and Baka Thapas by Sathischandra Edirisinghe, KontharayaWahalak Nathi Geyak and Sarade Sina by Prema Ranjith Thilakarathna and Bedde Goranaduwa by  Ananda S. Wijesiri.

After Ran Kanda, Nandasiri was on demand, and starred in the plays Subha Saha YasaNariya Saha Keju KellaEkadipathiTharawo EgilethiKuweni and Hunuwataye Kathawa among others.

Over the next 27 years he played the character of Prince Maname in Proffessor Ediriweera Sarachchandra‘s celebrated drama Maname, and appeared in Singha BahuMahasara and Ratnawalee.  Wijeya Nandasiri achieved more fame in 1971 in the play Ran Kanda. He has participated over 40 plays staged island-wide since.

Wijeya Nandasiri’s early television credits included Gamana and Pramada Wedei. He was later a producer of teledrama Humalaya. He became famous as a comedy actor with the character of “Preem” in the teledrama “Nonawaruni Mahathwaruni” broadcasted on Sirasa TV.Then later in Yes Madam, Ethuma and Yes Boss.

Wijeya Nandasiri was married to renowned actress Devika Mihirani], who herself holds the record to be the main actress in Sri Lanka’s first ever Tele-drama, Dimuthu Muthu]. Their first close encounter was at Sudarshi Visual Arts Center, where Mihirani learnt dancing. It was Wijeya Nandasiri the one who invited Mihirani for the drama Subha Saha Yasa in 1974. They have two children, Navanjana and Rasanjana Suchitra.The elder daughter Navanjana is married to Chaminda Guneratne and they are domiciled in Brisbane Australia, the younger son Rasanjana is studying in USA.

Wijaya nandasiri 4

Wijeya Nandasiri in year 1976 had met KAW.Perera the renowned film director and producer while staging T. B. Ilangaratne‘s Shailasanaya gave him his first film role in the movie Nedayo The character  portrayed was of a blind person and the song “Sanasum Susuman Pavila” the song he portrayed  is still a popular song lingering among people as his starring in the scene was absolutely realistic He has had roles in such films as Mage Amma Yasa IsuruSandakada PahanaBangali WalaluSasara ,left right Sir,Bahuboothayo Rail Para,Mage Amma,Magodigo Dayi,King hunthar,Sakvithi Dadayama and Suhada Koka during the years 1976 to 2015 He was awarded the Best Actor award for his role of the match maker in Sikuru Hathe.

More recently he had focused more attention for his stage plays such as Balloth Ekka Behe , Malwadum Anawashai,Aluth Horek One. Invariably his stage shows were in demand and he was actively involved portraying roles in them during the weekends staged island wide

The immense talent accompanied by humility, humbleness and compassion conquering the stage will no doubt would be etched leaving an indelible tinge in the minds of his fans.

May his walk through Sansara be short and may he attain the supreme bliss of Nirvana.

Sunil Thenabadu From Australia

තැපැල් වර්ජනය අඛණ්ඩව ඉදිරියට – තැපැල් වෘත්තිය සමිති පෙරමුණ

නුවරඑළිය, මහනුවර හා ගාල්ල හා කොටුව තැපැල් කාර්යාල ගොඩනැගිලිවලින් තැපැල් කාර්යාල ඉවත් කර සංචාරක හෝටල් ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධතාවය පලකිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් තැපැල් සේවකයන් දියත් කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු බොස්ටන් ලංකා අප කළ විමසීමකට පිළිතුරු වශයෙන් පැවසීය.

මේ වන විට සිය ගැටලු සදහා විසදුම් ලබාදීමට කිසිදු පාර්ෂවයක් ඉදිරිපත්ව නැති බවද හෙතෙම අවධාරණය කළේය.

වර්ජනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා තැපැල් කාර්යාල 653ක් හා උපතැපැල් කාර්යාල 3410ක් අඩපණව ඇති බවද වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු සදහන් කළේය.

එසේම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරැවේ පමණක් ලිපි ලක්ෂයක් පමණ ගොඩගැසී ඇති බවද හෙතෙම පැවසීය.

ඊශ‍්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන් සතුයි

ඊශ‍්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා ආරක්ෂා කිරීමේ වගකීම එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සතුව පවතින බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

ඊශ‍්‍රායලයේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය සේවා කාලසීමාව ඉක්මවීමෙන් පසු නීති විරෝධීව එරට රැදී සිටීම හේතුවෙන් ඊශ‍්‍රායලයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් අහිමිවීමේ තර්ජනයක් ඇති බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් නීති විරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින්  සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කළේය.

ඊශ‍්‍රායලයේ රැකියා සඳහා යන ශ්‍රමිකයින් 38 දෙනෙකු සඳහා ගුවන් ටිකට් පත් පිරිනැමීමේ අවස්ථාවකට සහභාගී වෙමින් විදේශ රැකියා අමාත්‍යවරිය මෙම අදහස් පල කර තිබේ.