හර්ෂ ද සිල්වා රනිල් යටතේ තනතුරක් .ලබා ගනියිද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින්
සදහන් කර ඇත්තේ සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට මම සූදානම්.

මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත.

එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි.

කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි
පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය
ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු.

මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක් මගින් ආර්ථික පුනර්ජීවන සැලසුමක් සකස් කිරීමට නායකත්වය ලබාදීමටයි. පසුව එම සැලසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීමට මා අදහස් කරමි. මේ අවස්ථාවේ ජනතා මතය වන්නේ සර්ව පාක්ෂික මැදිහත්වීමක් මගින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වන අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය තුළින් ඒ ජනතා අපේක්ෂාව ඉටුකළ හැකියැයි මා විශ්වාස කරමි.

මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක
සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකිය. ඒ තරමටම මෙම කාරක සභාව බලවත්ය.  ජනතා මතය සුරකිමින් මේ ආකාරයෙන් රටට මේ අවස්ථාවේ මාගේ සේවය ලබාදීමට මා අදිටන් කරගෙන සිටිමි.

මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්- පී.බී. ජයසුන්දර

රාජපක්ෂ පවුලේ මුදල් වලට වැඩිපුරම කෑදර බැසිල් රාජපක්ෂ බව හිටපු
අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර සඳහන් කරයි. රට විනාශ කරන ලද්දේ බැසිල්
රාජපක්ෂ පී.බී. ජයසුන්දර එකමුතුව විසින් බවද පවසන ඔහු පී බී ජයසුන්දර
ජනාධිපති ලේකම් කරන ලද්දේ බැසිල්ගේ උවමනාවට බවද පවසයි.

තමන් ලංකාවෙන් පිටත් කළේ නැගෙනහිර ජැටියේ ගිවිසුමට විරුද්ධ වූ නිසා බව ද
හෙතෙම තවදුරටත් කියා සිටියේ චමුදිත සමරවික

මැයි 9 මැරයන්ගේ ඡායාරූප පොලිසිය ප්‍රසිද්ධ කරයි

පසුගිය මැයි 9 වැනිදා ගාලුමුවදොර පිටියේ සහ කොල්ලුපිටියේ සිදුවූ ප්‍රචණ්ඩ
ක්‍රියාවලට සහ ප්‍රහාරවලට සම්බන්ධ වූවන් හඳුනාගැනීම සඳහා පොලිසිය
මහජනතාවගේ සහය පතයි.

සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කල ඡායාරුපවල සිටින පුද්ගලයින්ගේ
අනන්‍යතාවයන් විමසන බැවින් තොරතුරු ඇතොත් පහත දුරකථන අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

071 859 4901
071 859 4915
071 859 2087
071 859 4942
071 232 0145
011 242 2176

ශ්‍රීලනිප සහය රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර සදහන් කර ඇත්තේ නව රජයක්
පිහිටුවීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවයි.ශ්‍රීලනිප මින් ඉහත රනිල්ට සහය නොදෙන බවට තීරණයක් ගෙන තිබණත් අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී නව තීරණ වෙනස සිදු කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් හා
ස්වාධීන වූ පොදු ජන පෙරමුණු කණ්ඩායමේ කොටසක් හා ශ්‍රීලනිප 14 දෙනා සමග සීවී විග්නේස්වරන් හා මනෝ ගනේෂන් ද නිල්ට සහය දක්වන්නට සූදානම් බවට ආරංචි පවතී.

කැබිනට් මන්ඩලය පත්කල යුත්තේ ජනාධිපති නොව ජනතාවයි- නාගානන්ද කොඩිතුවක්කු

මම යෝජනාකරලා තියෙන්නේ ජන සම්මත ව්‍යවස්ථාවට අනුව දහදෙනක් ඉන්නවා දහදෙනා පත්කන්න්නෙ කව්ද ඒකෙ පාර්ලිමෙන්තුවෙන් එක්කෙනෙක්වත් නැහැ කැබිනට් මන්ඩලයෙන් එක්කෙනෙක් වත් නැහැ
දහදෙනාම පත්කරන්නෙ රටේ ජනතාව ජාතික ලැයිසිතුවෙන් වගේ කියන්න ඔනෙ මෙන්න අපේ ව්‍යවස්ථාදායක සභාව මේක ඇතුල්කල යුතුුමයි
යනුවෙන් නාගානන්ද මහතා බොස්ටන් ලංකා මාධ්‍ය ජාලය සමග සම්මුක සාකච්චාවකට එක්වෙමින් සදහන් කලේය

රනිල් – සජිත් ගැටුම

නිර්පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි අග්‍රාමාත්‍යවරයා සමගි ජනබලවේගයෙන්
ඉල්ලීමක් කරමින් අද දින ලිපියක් යොමු කර තිබූ අතර තීරණයේ වෙනසක් නැතැයි විපක්ෂ නායක සජිත් කියයි.ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීමේදී මහ පොළොවේ ජනතා මතයට අනුව විසඳුම් සෙවිය යුතු බවද ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව ද විපක්ෂ නායකවරයා අගමැතිවරයාට එවු ලිපියෙහි සදහන් වෙයි

සජබය අද යළි අවධාරණය කර ඇත්තේ තම පක්ෂයේ කිසිවෙකු රනිල්ට සහය දෙන්නේ නැති බවයි.

මහින්ද රාජපක්ෂට අයත් පාරම්පරික නිවස …

පසුගිය 9 දා රාත්‍රී ඇඳිරි නීතිපැනවූ කාලයේ මැදමුලනේ මහින්ද රාජපක්ෂට
අයත් පාරම්පරික නිවස ගිනිතබා විනාශ කළ බවට වාර්තා පළවූ නමුත් සත්‍ය ලෙසම ගිනි තබා ඇත්තේ රාජපක්ෂ පවුලට සම්බන්ධ කෙනෙකුගේ වෙනත් නිවසක් බවටත් වාර්ථා වෙයි.