ජාතික ආණ්ඩුවක් ගෙනාවෙ රට හදන්න – රනිල්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමඟ මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ගැන දයානන්ද වික්‍රමසිංහ මැතිතුමා සමග සාකච්ඡා කළා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹිමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි. බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. නමුත් ආසනය වෙනුවෙන් කරන සේවය අප විශේෂයෙන්ම අගය කරනවා.

අද අප ප්‍රාදේශීය සභා කාර්යාල විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම, ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා. අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. 2015 ආණ්ඩුව ලබාගෙන රටට කළයුතු මූලික වැඩකටයුත් පසුගිය අවුරුදු 2ක් ඇතුළත සිදු කළ නිසා එහි ප්‍රතිඵල අද ලැබෙමින් පවතිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වශයෙන් පත්වී ජනාධිපති ධූරයට පත් වුවායින් පසුව අගෝස්තු මස 16 වැනිදා මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා. එක්සත් ජාතික පක්‍ෂයට 2/3 බලය ලැබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග ජාතික ආණ්ඩුවක් ඇති කරන බව ප්‍රසිද්ධියේ කියා සිටියා.

ජනාධිපතිතුමාත්, මමත් එදා සාකච්ඡා කරලා එම ඓතිහාසික වැඩකටයුත්ත සිදු කළා. ඩී.එස්. සේනානායක මහතා මේ රටට නිදහස ලබාගත්තා. එදා එතුමාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණේ නැහැ. කෙසේ හෝ ආණ්ඩුවක් ඇති කළා. ඉන් අනතුරුව දේශපාලනයේ විශාලම පෙරළිය ඇති වුණේ 1956 වසරේය. එක්සත් ජාතික පක්‍ෂය පරාජය වී බණ්ඩාරනායක මහතා අගමැති වෙලා 2/3 බලය සමග ආණ්ඩුවක් ඇති කළා. මීළඟ දේශපාලන හා ආර්ථික පෙරළිය ඇති වුණේ 1977 ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැති වුණායින් පසුවයි. එම පාර්ලිමේන්තුවට 5/6 ක බලයක් හිමුවුණා. මමත් පාර්ලිමේන්තුවට ඒ සමයේ පැමිණියා. විවෘත ආර්ථිකය ඇතුළු විශාල සංවර්ධනයක් එදා ඇති වුණා. මෙම කාල වකවානු දෙකේදීම 2/3 බලය සමග ඉදිරියට ගියා.

ඊළඟ විප්ලවය ඇති වුණේ 2015 වසරේදීය. පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැතිවත් ඒ විප්ලවය ඇති කර තිබෙනවා. ප්‍රධාන පක්‍ෂ 2 එකට එක්වී ජාතික ආණ්ඩුවක් ඇති කර තිබෙනවා. දකුණු ආසියාවේ කව්රුත් එය සිදු කළේ නැහැ. අපේ ජාතික ආණ්ඩුවේ මුල් වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කොට යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි. දැවන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. “බට්ටා” වාහනවල බද්ධත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්‍ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.

තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගින් ප්‍රවාහන කටුයුතු සඳහා වාහන අවශ්‍යයි. අප කුඩා වාහන ගෙන්වීම අරම්භ කළේ 1977 දී  මුල්වරට ත්‍රීරෝද රථ ගෙන්වීමෙන්. ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප ඒවායේ මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරු පැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි. තරුණයන් සඳහා යතුරු පැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරු පැදි මිලදීගත හැකියි. නමුත් කුඩා වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මාන වල ආර්ථිකය දියුණුවට ගත් වෙනවා.

මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳ සැල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. එකළ බාබර් සාප්පුවක් පමණක් තිබුණා. අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි. රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුයේ නැහැ. මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා.

අප රට බාරගනිද්දි ආදායම වැඩි කරන්න තවත් මර්ග තිබුණා. එදා පැවැති ප්‍රෙටල් ගාස්තුව මතකද? සියලූම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලූම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳ පොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ පළ අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට දී වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි. ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩු වුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලූත් බදු පැනවීමට සිදු වුණා. අන්තර්ජාල බද්දක් පැනවුයේත් ඒ අනුවයි. තරුණයෝ අපට ෙදාස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල් දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදු වෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.

නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි. මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ධ ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ධ අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා. ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩු පාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩි වෙනවා.

දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.
අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කොට පාර්ලිමේන්තුව ඉදිකළා. කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලූම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.
ජේ.ආර්. ජයවර්ධන ජනපතිටවත්, ප්‍රේමදාස ජනපතිටවත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිටත් මුහුණ දීමට සිදුවී තිබෙනවා.

ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා. අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තාටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත් වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යානා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොලේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නත් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙනුයි.

පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමුයැයි චීන ජනපති අපට පැවැසුවා. දැන් අප වසර 70 ක් සඳහා චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමකට එහි කළමණාකරන මෙහෙයුම් දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. මේ පියවර නිසා අපට ලැබී තිබෙන මුදල ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා. මත්තල ගුවන් තොටුපොල වැඩිදියුණු කොට කළමණාකරන මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන් වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන් තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වකට පැමිණේවි.

චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු. හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලූම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්. හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර, විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තකරණයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබනෙවා. ලබන වසරේ ආරම්භ කොට ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.

වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන් කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කරනවා. එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ, වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි. සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.

වැවිලි සමාගමේ සේවය කරන ජනතාවට නිවාස සහිත ඉඩමක් ලබා දෙන බව එදා 2015 මැතිවරණ සමයේ පැවැසුවා. වතුකරයේ ජනතාවට විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාවට ඔවුන්ගේම නමට බිම් අඟලක් තිබුණේ නැහැ. විශාල විදේශ විනිමය ගෙනත් දෙන මේ ජනතාවට ඔවුන්ගේම නමට බිම් අඟලක් නැහැ. මේ හේතු වෙන් එදා ඒ පොරොන්දුව ලබාදෙමින් අද එම පොරොන්දුව ඉටුකරමින් සිටිනවා.
වතුකරයේ ද්‍රවිඩ පාසල්වල උසස්පෙළ, විද්‍යාව විෂය පාසල් 25 ක ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපනයේ ඉහළටම යා හැකි මාර්ග උදාකර දී තිබෙනවා. දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලියුවා. දැන් අපි දකුණේ පෙරලිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරලිය දැකගන්නට හැකිවේවි.

මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1ක වටිනාකම රුපියල් ලක්‍ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් ශීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යා යුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි. දකුණේ දියුණුව, මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි. මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම්ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩනගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්‍ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන ලබා දී වැඩකටයුතු කළා. දැන් අප සංවර්ධනය යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාභ ලබන දේවල් බවට පත් කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.

සිය පවුලේ දේපළ රාජසන්තක කර ඇති බව බොරුවක් – මහින්ද රාජපක්ෂ

රාජපක්ෂවරුන්ට අදාල නඩු ඇසීමට විශේෂ උසාවියක් පිහිටුවීමට කර ඇති යෝජනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ, නීතිය ඉදිරියේ සැමට සමානව සැලකීමේ මූලධර්මය හා නිර්දෝශීභවේ පූර්ව නිගමනය යන මූලධර්මයන්ට පටහැනි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
 
යමපාලන ආණ්ඩුවේ මහාපරිමාන වංචා හා දූෂණ අනපේක්ෂිත හා විචිත‍්‍රවත් ලෙස හෙළිවෙද්දී සිය පවුලෙ සාමාජිකයින් සී. අයි. ඞී, යට හා හා මුල්‍ය අපරාධ කොට්ඨායට ගෙන්වා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින  බව එ් මහතා පවසයි.
 
සිය පවුලේ සාමාජිකයින්ට අයත් කෝටි 500ට අධික වටිනාකමක් ඇති දේපොල උසාවි හෝ ආණ්ඩුව විසින් රාජසන්තක කර ඇති බවට ආණ්ඩුව කරනා ප‍්‍රකාශයද අමූලික බොරුවක් බව එ් මහතා නිවේදනයේ සඳහන් කර ඇත.
 
සිය පවුලේ කිසිදු දේපොලක් රජය විසින් හෝ උසාවියක් විසින් රාජසන්තක කර නැති අතර වෙනත් පුද්ගලයින්ට අයිති දේපොල සිය පවුලේ දේපොල ලෙස හුවා දැක්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද එ් මහතා පවසයි. 
 
මීට පෙර පැවැති කිසිදු ආණ්ඩුවක් යමපාලන ආණ්ඩුව මෙන් සිය දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙලෙස හිරිහැර කර නැති බවද එ් මහතා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

විජයදාස රාජක්ෂ ගැන තීරණ ගන්න විශේෂ යෝජනාවක්

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස මහතාගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම විශේෂ යෝජනාවක් සම්මත කර ගෙන තිබේ. 
 
එ් අනුව විශේෂ කමිටුවක් පත් කර එ් මහතා අමාත්‍යධූරයේ සහ පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන්නේද යන්න සම්බන්ධයෙන්  තිරණය ගැනීමට ඔවුන් තීරණය කර ඇත. 
 
පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් (17) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩපල සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ එ්කාබද්ධ හමුවේදී මෙම තීරණය ගෙන තිබේ. 
පසුගිය රාජපක්ෂ පාලන යුගයේ දූෂණ චෝදනා එල්ල වී ඇති මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් නඩු ප‍්‍රමාදවිම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇත. 
 
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී . පෙරේරා මහතා විසින් නඩු ප‍්‍රමාදවිම සම්බන්ධයෙන් විජේදාස  රාජපක්ෂ මහතාට එහිදි සෘජුවම චෝදනා එල්ල කර ඇතිි අතර එ් සඳහා සරත් ෆොන්සේකා, නලීන් බණ්ඩාර, අශෝක් අබේසිංහ, රන්ජන් රාමනායක, හරින් ප‍්‍රනාන්දු ඇතුළු මැති ඇමැතිවරු දිගින් දිගටම විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබේ. 
එහිදි හිටපු වදේශ අමාත්‍ය රවීකරුණානායක මහතාද පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිව නීිතිය කි‍්‍රයාත්මක නොවීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. 
 
එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් බහුතරයක්ම අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව එහිදි අවධාරණය කර ඇත. 
 
මෙම හමුව සඳහා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේධාස රාජපක්ෂ මහතාද එක්ව සිට ඇති අතර එ් මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර  ඇත්තේ අදාල නඩු සම්බන්ධයෙන් තමන්ට බලපෑමක් සිදුකළ නොහැකි බවයි. 
 
එමෙන්ම හමුබන්තොට වරාය යළි පවරා ගන්නා බවට එ් මහතා සිදුකළ ප‍්‍ර‍්‍රකාශය සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ දැඩි විවේචනයට පත් ව තිබේ.  එහිදී එවැනි ප‍්‍රකාශයක් තමා විසින් සිදුකර නොමැති බවට අධීකරණ ඇමැතිවරයා අවධාරණය කර ඇත. 
 
කෙසේ වෙතත් එම ප‍්‍රකාශය එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරුන් එකහෙළා ප‍්‍රතික්ෂේප කර ඇති අතර රජයේ ස්ථාවරයන්ට පටහැනිව ප‍්‍රකාශ සිදුකිරිම පිළීබඳවද දිගින් දිගටම අදහස් දක්වා තිබේ. 
එමෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් අනතුරුව අධීකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡුාවක් සිදුව ඇති බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළු විසදීමට තොරතුරු මධ්‍යස්ථානයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටළු විසඳීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ එම තොරතුරු මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරිය පවසයි.
තමන් විදේශගත වන රැකියා නියෝජිත ආයතනය සම්බන්ධයෙන්ද අදාළ තොරතුරු මධ්‍යස්ථානය මඟින් තොරතුරු ලබා ගත හැකි බව ද තලතා අතුකෝරල අමාත්‍යවරිය සඳහන් කරයි.
මේ අතර ගමින් ගමට ගොස් විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ගැටළු සොයාබැලීමේ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යල ආවරණය වන පරිදි පැවැත්වීමටද විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
එම වැඩසටහන් ලබන 19,20, 21, 27 හා 28 යන දිනවලදී පැවැත්වෙන බව වාර්තා වෙයි.

ශිරන්ති රාජපක්ෂගෙන් සී.අයි.ඩී ය පැය 3ක් ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පැය තුනකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සිරිලිය පදනමට අයත්ව තිබු ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් මෙහිදි ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අද උදැසන 10.00ට පමණ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඒ සඳහා එක්ව සිටියේය.

LTTE යළි ක්‍රියාකාරී වන බව පැවසීම බොරුවක් – මේජර් ජනරාල් ජානක රත්නායක

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් උතුරු පළාතේ පසුගිය දිනවල සිදුවූ කිසිඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් ‍මේජර් ජනරාල් ජානක රත්නායක මහතා පවසයි.
විවිධ න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පිරිස් නැවත එල්.ටී.ටී.ඊ ය හිස ඔසවමින් පවතින බවට සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
පසුගිය කාලය තුළ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 12,190 දෙනෙකු පුනරුත්ථාපනය කර සමාජගත කළ බව පවසන කොමසාරිස් ජනරාල්වරයා පුනරුත්ථාපනය සඳහා සිටින්නේ තවත් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 10 දෙනෙකු පමණක් බවද සඳහන් කළේය.
 වව්නියාව, පූන්තෝට්ටම් පුනරුත්ථාපන පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් ‍මේජර් ජනරාල් ජානක රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

ඉස්සර යුද්ධයක් තිබුණද කියලවත් අද සමහරුන්ට මතක නෑ – සුමේධා ජී ජයසේන

අතීතයේ යුද්ධයක් තිබුණේ ද නැද්ද යන්න පවා අද වන විට සමහරුන්ට අමතක වී ඇති අතර එය කණගාටුවට කරුණක් බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
වසර 30කට වඩා මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය 2009 වසරේ මුළුමනින්ම පරාජය කිරීමට හැකිවූ බවත් ඒ සඳහා දිවි හිමියෙන් කැපවූ රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය හැමදාමත් හිමිවිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.
ජාතික සත්ව උද්‍යානයට අයත් සිංහ පැටවෙකු සිංහ රෙජිමේන්තුවට බාරදීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් සිංහ පැටවා සිංහ රෙජිමේන්තුවේ ප්‍රධානී මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතාට දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ දී පසුගියදා බාර දෙන ලදී.
2009 වසරට පෙර රටේ ජනතාව ත්‍රස්තවාදය හේතුවෙන් බොහෝ පීඩා වින්ද බවත් අද වන විට බියක් නොමැතිව ජීවත් වීමට ඉඩ සැලසී ඇත්තේ රණවිරුවන් එදා කළ කැපවීම නිසා බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

විජේදාසට විශ්වාසභංගයක් ගෙන ආවත් රට වෙනුවෙන් ඇමතිකම පරදුවට තැබීම අගේ කරනවා – ගම්මන්පිල

විජේදාස රාජපක්ෂ මහතාට ගෙන එන විශ්වාසභංගයේ අඩංගු නැති එහෙත් විශ්වාසභංගයක් ගෙන ඒමට තුඩුදුන් හේතු 4ක් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධය සහ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් පවසන තොරතුරු වැරදි බව පැවසීම, ආණ්ඩුව ආරක්ෂක අංශ ලවා ලංකාවේ අයිසිස් ත්‍රස්තවාදින් නැති බව පවසන විට පාර්ලිමේන්තුව අමතමින් ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක බවත් අයිසිස් ත්‍රස්තවාදින් 11ක් දැනට සටන් වදින බවට තොරතුරු තිබෙන බවටත් පාර්ලිමේන්තුවේ දී පැවසීම,මුස්ලිම් අන්තවාදින් සහ දෙමළ බෙදුම්වාදින් උතුරු නැගෙනහිර සිදු කරන පුරා වස්තු විනාශය පිළිබඳ සාකච්ඡා කිරීමට බෞද්ධ සංවිධාන සමඟ ගොස් ජනාධිපති හමුවීම හා ශ්‍රී ලංකාව සතු වටිනාම සම්පත වන හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම වත්මන් ආණ්ඩුව කල බලවත් වරදක් බවත් ඉන් රටට සිදු වුයේ දැවැන්ත හානියක් බවටත් හඬක් නැගීම යන කරුණු ඔහු පෙන්වා දෙයි.
අද(14) පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතා රට වෙනුවෙන් සිය අමාත්‍යධූරය පරදුවට තබා කටයුතු කිරීම අගය කර සිටින බවත් එය පක්ෂ භේදයකින් තොරව අගය කරන බවත් ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
විජේදාස මහතා නගන්නේ ඒකාබද්ධයේ හඩ නොවන බවත් එය ගම්වල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හඬ වන බවත් පැවසු ගම්මන්පිල මහතා රටට ආදරය කරන එක්සත් ජාතික පාක්ෂිකයින් කළ යුත්තේ විජේදාස රාජපක්ෂ මහතාට සහය පළ කිරීම බව ද මෙහිදී අවධාරණය කර සිටියේය.

ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි – රවි

ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි යනුවෙන් හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානයක මහතා ඊයේ (10th) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එ් මහතා මෙසේ පැවසුවේ විදේශ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමිනි. සිය විශේෂ ප‍්‍රකාශයෙන් අනතුරුව මන්ත‍්‍රීවරයා පසුපෙල මන්තී‍්‍රවරුන්ගේ ආසනයකට ගොස් අසුන් ගත්තේය.

එ් මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙමින් කළ විශේෂ ප‍්‍රකාශය මෙසේයි

පසුගිය දින කීපයේ ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මා සම්බන්ධ විවිධ ප්‍රවෘත්ති පළ වුණා. අදහස් හුවමාරු වුණා. පාර්ලිමේන්තුවේදීත්මන්ත්‍රීවරුන් යම් යම් මත පළ කළා. මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවකුත් බාර දී තියෙනවා.

ඒ නිසා මම හිතුවේ මේ ගරු සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරන්නයි. කොළඹ 03 මොනාක් නිවාස සංකීර්ණයේ නිවෙසක මා පදිංචි වී සිටීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවුණා. ඒ නිසා බැඳුම්කර කොමිසම හමුවේ මම කරුණු ඉදිරිපත් කළා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා වගකිවයුතු ඇමතිවරයෙක් හැටියට මේ ගරු සභාව ඉදිරියේ කරුණු පැහැදිලි කිරීම හා මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම වැදගත් කියා මා සිතුවා.

මම මුලින්ම මේ පිළිබඳ සත්‍ය කරුණු මේ ගරු සභාව ඉදිරියේ පැහැදිලි කරන්නම්. අප පදිංචිවී සිට බත්තරමුල්ලේ නිවාසයේ අලූත්වැඩියා කටයුතු නිසාවෙනත් නිවසකට යෑමේ අවශ්‍යතාවයක් මතුවී තිබුණා. මට නිල නිවාසයක් ද තිබුණේ නෑ. ඒ නිසා පවුලේ උදවිය වෙනත් නිවාසයක් සෙව්වා. නහිල් විජේසූරිය මහතාගේ දියණියට අයත් නිවාසයක් ලැබුණ බව අපේ පවුලේ අය මට පැවසුවා. අප ඒ නිවසේ පදිංචියට ගියා.

නහිල් විජේසූරිය මහතාගේ දියණිය මගේ දියණියගේ පාසැල් මිතුරියක්. නමුත් ඇය දේශපාලනඥයෙකුගේ නමට නිවෙස බදු දීමට අකමැති වී තියෙනවා. ඒ නිසා මේ දෙදෙනාගේම පාසැල් මිත්‍රයෙක් වූ අර්ජුන ඇලෝසියස් ගේ සමාගමක් වෙත මේ නිවෙස බදු දෙන ලෙස මගේ දියණිය යෝජනා කළා. ඒ සමාගමේ නමට නිවෙස බදු දුන්නා. අපේ දියණිය බදු මුදල් ඒ සමාගමට ප්‍රතිපූර්ණය කළා.

පසු කලෙක නිවෙස විකුණා දැමීමට හිමිකාරිය තීරණය කළ නිසා අපේ පවුලේ සමාගමක් විසින් එය මිලදී ගත්තා. ඒ සඳහා සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ලබා ගත්තා. Seylan Bank – Ref: No – WTL/CRD/2016 – 1535, 29September 2016 දරණ එම ණය මුදල සම්බන්ධ ලේඛන මම සභාගත කරනවා.

මේ ණය වාරික ගෙවීම් සමාගම වෙනුවෙන් සිදු කළේ සමාගමේ සභාපතිවරයායි.  මේ සියළු ගෙවීම් සමාගමේ ගිණුම් ගතවී තියෙනවා.මේ ක්‍රියාදාමය පිළිබඳ සැඟවීමට කිසිවක් නැහැ. සවිස්තර තොරතුරු අවශ්‍ය අධිකාරීන් වෙතඅවශ්‍ය අවස්ථාවන්හි ලබා දීමට අපට පුළුවන්.

ගරු කතානායකතුමෙනි,

මම දේශපාලනයට පිවිසුණේ අපේ රටේ හිටපු ශ්‍රෙෂ්ඨ දේශපාලන නායකයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා සමග තිබුණු සමීප ඇසුර නිසයි. එතුමාත් දේශපාලනයෙන් හම්බ කරපු කෙනෙක් නෙවෙයි. ඒත් එතුමාටත් නැව් ගිලපු ලලිත් කියමින් අපහාස කළා. චෝදනා කළා. නමුත් කාලයත් සමග ඒ චෝදනා සියල්ල බොරු බව ඔප්පු වෙලා තියෙනවා. එතුමාගේ ඇසුර නිසා දේශපාලනයට අවතීර්ණ වෙත්දී මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මම මගේ පුද්ගලික මුදල් දේශපාලනය නිසා නැති කරගත්තා මිසදේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ.

නීති විරෝධී ලෙස හෝඅනිසි ලෙස හෝ නිවසක් ලබා ගැනීමට තරම් අවශ්‍යතාවයක් මට නැහැ. මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මගේ බත්තරමුල්ලේ නිවසට පැමිණ තියෙනවා. අපේ පැත්තේ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. අනික් පැත්තේ අයත්. විවිධ දේශපාලන සාකච්ඡා වලට ආවා. හිතවත් කමට ආවා. කාලා බීලා සතුටු වෙන්නත් ආවා. පක්‍ෂ මාරු කරන්නත් ආවා.

ඒ ආපු හැමෝම මගේ වත්කම් ගැන දන්නවා. මම නීති විරෝධී විදියට මුදල් හම්බ කරලා නැති බවත් දන්නවා. මගේ ව්‍යාපාරික කටයුතු සඳහා කිසිම අවස්ථාවක දේශපාලන බලය පාවිච්චි කරලා නැති බවත් දන්නවා. මම දේශපාලනයෙන් මුදල් හම්බ කරලා නැති බවමට විරුද්ධ විශ්වාස භංග යෝජනාව අත්සන් කරපු හුඟක් අය පුද්ගලිකවම දන්නවා.

ගරු කතානායකතුමෙනි,

ඉස්සර ඇමතිවරයෙක් තියා ඇමතිවරයෙකුට ගෑවුණු කෙනෙක්වත් කොමිසම් ඉස්සරහට කැඳවලා නෑ. බලයෙන් ඔළුව පුම්බාගත්තු ඇමතිවරු ඒ කාලයේ හැසිරුණු ආකාරය අපි දන්නවා. අගමැතිවරු කටයුතු කරපු හැටි අපි දන්නවා. ජනාධිපතිවරු කටයුතු කළේ රජවරු වගෙයි. ඒ අය තවමත් නීතියට මුවා වෙන්න උත්සාහ කරනවා.

අපි එහෙම නෑ. අපි නීතියට ගරු කරනවා. යුක්තියට හිස නමනවා. බැඳුම්කර කොමිසම වෙත සාක්‍ෂි කරුවෙන් ලෙස ගිහින් සාක්‍ෂි ලබා දී මා පෙන්නුම් කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි. නව දේශපාලන සදාචාරයයි.

බැඳුම්කර කොමිසම පත් කළේ බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදුවූ කරුණු පිළිබඳව සොයා බලන්නයි. නමුත් දැන් ප්‍රසිද්ධ සංවාද පැවැත්වෙන්නේ පුද්ගලික සමාගම් හා නිවාස බදු දීමේ ප්‍රශ්නයක් ගැනයි.

බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා මගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ අවස්ථා කීපයකදීම විනිශ්චයකාරවරුන් මැදිහත් වුණා. ඔහුට අවවාද කළා. කොමිසමේ විනිශ්චයකරුවන් මැදිහත් හා අපක්‍ෂපාතී ලෙස කටයුතු කොට සත්‍යය සොයා ගන්නා බව මට විශ්වාසයි.

අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයාගේ හැසීරීම ගැන හෝවෘත්තීය නිපුණත්වයේ අඩුපාඩු ගැන හෝ මම මෙතන කතා කරන්න යන්නේ නෑ. ඔහු ඒ තරමටම ආවේගශීලීව හැසිරීමට හේතුව අපට ළඟදීම හෙළිදරව් වේවි. උසස්වීම් ලබා ගැනීමේ තරගයක ප්‍රථිපලයක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්.

නමුත් මම මෙතන අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන කරුණක්.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවටතමන්ගේම රජයේ ඇමතිවරයෙක්ව ආවේගශීලීව වුණත් ප්‍රශ්න කරන්න පුළුවන් නිදහසක් අද තියෙනවා. එදා ඇමතිවරයෙක්ව ප්‍රශ්න කරන්න තියා ඇමතිවරයෙක් සම්බන්ධ ෆයිල් එකක් ඇරලා බලන්නවත් නීතිපති දෙපාර්තමේන්තුවට නිදහස තිබුණේ නෑ. ශක්තිය තිබුණේ නෑ. 

අනික් අතටමේ අවස්ථවේ පිටු 8803 ක් පැය 48 ක පමණ කෙටි කාලයක් තුළ විමර්ශණය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වුණා. එය යහපත් ලක්‍ෂණයක්.

අප නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ රටට ලබා ගන්නා ණය ආධාර සම්බන්ධයෙනුත් ඒ ආකාරයෙන්ම කඩිනමින් ක්‍රියා කරන ලෙසයි. යහපාලනය වෙනුවෙන් රජය ගෙන එන පණත් පිළිබඳවත් ඒ ආකාරයෙන්ම කඩිනමින් කරන ලෙසයි. කලින් රජයේ මැති ඇමතිවරුන්ගේ දූෂණ හා වංචා සෙවීම සම්බන්ධ කාර්යයන්හිදීත් මේ කාර්යක්‍ෂමතාවයම පවත්වාගෙන යන ලෙසයි. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ පවත්වා අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ලිපිගොනු 87සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන්ම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ගරු කතානායකතුමෙනි,

මම එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් අවුරුදු 32 ක් තිස්සේ වෙහෙසුණා. පක්‍ෂයේ දුෂ්කර කාලයන්වලදී ඒ අභියෝගයන්ට මුහුණ දුන්නා. මගේ පුද්ගලික අභිලාශයන් සියල්ල පක්‍ෂය වෙනුවෙන් කැප කළා. ඒ නිසාම මට ජීවිත තර්ජන ආවා. මට බොරු චෝදනා එල්ල කරමින් නඩු පැවරුවා. මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. විදේශ විනිමය නඩුවකට මාව පටලවා අවුරුදු 10 ක් තිස්සේ නඩුව ඇහුවා. අන්තිමේදී මාව නිදොස් කොට නිදහස් කළා. ඒ නඩුවෙන් චෝදනා ලැබූ රාජ් රාජරත්නම් මහතා ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද මහබැංකුවේ අධිපති. මා මේ කරුණු කියන්නේ විපක්‍ෂයේ දී අපව දේශපාලන පළිගැනීම් වලට ලක් කළ බව පෙන්වා දෙන්නයි. ඒ කාලේ දේශපාලන වශයෙන් පළිගත්තා. දැන් චරිත ඝාතනය කරනවා.

ඒ කාලයේ පීඩනයට පත් කළේ මාව විතරක් නෙවෙයි. අංශභාගය සැදී අසනීපයෙන් සිටි මගේ අම්මා ට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස් අතපය එව්වා. ඒ සියළු දෙනා භීතියට පත් කෙරෙව්වා. ඒ සියල්ල මැද මම එක්සත් ජාතික පාක්‍ෂිකයන් වෙනුවෙන් මගේ සේවය අකුරටම ඉටු කළා. පක්‍ෂය දෙකඩ කරන උත්සාහයන් වැලැක්වුවා. නායකත්වය වෙනස් කිරීමේ කුමන්ත්‍රණ පරාජය කළා. පක්‍ෂයත්පක්‍ෂ නායකතුමාත් ආරක්‍ෂා කළා.

මම ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් දිගටම පෙනී සිටනවා. අපේ පාක්‍ෂිකයාත්පක්‍ෂයත්පක්‍ෂ නායකත්වයත් ආරක්‍ෂා කරනවා. එතනදී මගේ පුද්ගලිකත්වයට වඩා පක්‍ෂය ගැන හිතනවා. රට ගැන හිතනවා.

2015 ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට සියළු ප්‍රගතිශීලී බලවේග එක්විය යුතු බව අප විශ්වාස කළා. පොදු අපේක්‍ෂකයෙකු ඉදිරියට ගෙන ආ යුතු බව අප පැවසූවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස නම් කළ අවස්ථාවේ ජනාධිපතිවරණය සඳහා හංසයා ලාංඡනය ලබා දුන්නේද මමයි. ඒ සියල්ල කළේ රටේ අනාගතය වෙනුවෙනුයි.

ගරු කතානායකතුමෙනි,

දැන් මට මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවසර දෙන්න.

මම මගේ අමාත්‍ය ධූරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්නයි. අවුරුදු 20 ක් පමණ තිස්සේ විවිධ අසාධාරණයන්ට ලක්වුණු අපේ පාක්‍ෂිකයන්ට සාධාරණය ඉටු කරන්නයි. රට වෙනුවෙන් හරි දේ කරන්නයි. පැය 24 ම මගේ දුරකථනය විවෘතව තිබුණු බව මේ සභාවේ ඉන්න පක්‍ෂවිපක්‍ෂ සැවොම දන්නවා. මම තනතුර පාවිච්චි කළේ සේවය කරන්න මිස බලය හා වරප්‍රසාද භුක්ති විදින්න නෙවෙයි.

මේ තනතුරුමැති ඇමතිකම්බලය ආදිය තාවකාලිකයි. සදාකාලික වන්නේ අප කළ සේවයයි. අපගේ ගුණයහපත් කමයි. අපගේ අවංක කමයි. නමුත් මේ බව බොහෝ දෙනෙක් වටහා ගන්නේ නෑ. ඔවුන් තනතුරු සදාකාලික බව සිතනවා. බලය සදාකාලික බව සිතනවා. ඒ නිසා බලයෙන් පහ වුණාට පසුවත් බලය පිළිබඳවම සිහින මවනවා. බලය ලබා ගැනීම සඳහා ඕනෑම බාල වැඩක් කරනවා. තමන්ට බලය ලැබෙනවා නම් රටට හෙණ ගැහුවත් ඔවුන්ට කමක් නෑ.

නමුත් ජනවාරි 08 වන දා විප්ලවයෙන් අප වෙහෙසුණේ ඊට වඩා වෙනස් සමාජයක් බිහි කරන්නයි.

මට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක් නෑ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්ඩායම් සහ මාධ්‍ය දැනටම මා වැරදිකරුවෙක් කර තියෙනවා. පසුගිය දින දහය ෙදාළහ තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක කටයුතු නොකළ ආකාරයකටයි.  ඔවුන් මාව කුරුසියට දක්කා ඇන ගැසිය යුතු බව පවසනවා. මම ඒවායින් සැලෙන්නේ නෑ.

යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ට අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. බුදු රජාණන් වහන්සේටත් අපවාදවලට මුහුණ දීමට සිදු වුණා.

අට ලෝ දහමට අනුව මෙවැනි අවස්ථාවන් හා අභියෝගයන් ඕනෑම කෙනෙකුගේ ජීවිත වලට එල්ල වෙනවා. ඒ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය මට තියෙනවා.

නමුත් මට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින්යහපාලන රජය අස්ථාවරත්වයට පත් කිරීමේ කුමණ්ත්‍රණයක් දියත් වන බව මට වැටහෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ක්‍රියත්මක වන බව මට දැනෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ අයදූෂණ හා වංචා චෝදනාවලට ලක්වූ අයඅපරාධ සිදු කළ අයමේ කුමන්ත්‍රණකාරී උත්සාහයන් පිටුපස ඉන්නවා. තමන්ගේ වැරදි වලට ලැබෙන දඬුවම් වලින් ගැලවීම සඳහා ඔවුන් යළි බලය ලබා ගැනීමට උත්සාහ දරනවා.

ගරු කතානායකතුමෙනි,

මේ බලලෝභී අවස්ථාවාදී කුමන්ත්‍රණකරුවන්ට එක්සත් ජාතික පක්‍ෂය විනාශ කරන්නට ඉඩ දෙන්නට බැහැ. මේ බලලෝභී කුමන්ත්‍රණකරුවන්ට යහපාලන රජය බිඳදමන්නට දෙන්න බැහැ. මේ කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිතුමාගේත්අගමැතිතුමාගේත් ප්‍රජාන්ත්‍රවාදී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයෙන් විනාශ වූ රට යළි ගොඩනැගීමේ වෑයම දුර්වල කරන්න දෙන්න බැහැ.

ඒ නිසා මුළු රටටම ආදර්ශයක් දෙමින්අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා.

ගරු කතානායකතුමෙනි,

ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරාවි.

අපේ පක්‍ෂයේ ප්‍රබලයින් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවලඩඩ්ලි සේනානායකලලිත් ඇතුලත්මුදලිගාමිණී දිසානායකආර් ප්‍රේමදාසජේ ආර් ජයවර්ධනමැතිතුමන්ලා සියළු දෙනාටම චෝදනා එල්ල වුණා. නමුත් ඒ සියල්ල පදනම් විරහිතබව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා.

ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා.

“සත්‍ය වසන් කිරීමට කෙතරම් උත්සාහ දැරුව දසත්‍ය කිසිවකට යටපත් නොවන්නේය. සත්‍ය වසන් කිරීමට උත්සාහ දරන්නන්ට හිමි වනුයේ අන්ත පරාජයයි.

ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරන බව මම පවසන්නේ ඒ නිසයි.

තිරුක්කුරල් නම් දෙමළ කාව්‍ය සංග්‍රහයේ මෙහෙම කවියක් තියෙනවා.  “සදාචාරාත්මකව නිවැරදි දේ කරන්න. හැම අවස්ථාවකදීම. හැම තැනකදීම.

මගේ චේතනාව නිවැරදි දේ කිරීමයි මගේ අරමුණ අවංකව සේවය කිරීමයි. කවර චෝදනාවක් එල්ල වුණත්,මම දිගින් දිගටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. අපරාධ හා දූෂණ මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් සටන් කරනවා. අපේ පාක්‍ෂිකයන් රැකබලා ගැනීම සඳහා වෙහෙසෙනවා. ජනවාරි 08 වෙනිදා විප්ලවයෙන් අප ආරක්‍ෂා කරගත් දේශපාලන හා සමාජ අගයයන් වෙනුවෙන් කැප වෙනවා.

ගරු කතානායකතුමෙනි,

මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකකින් හෝ කම්පාවකින් නෙවෙයි. ආඩම්බරයෙන්.

මම මගේ තනතුර කැප කරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්‍ෂයට සැබැවින්ම ආදරය කරන මැතිඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ මගේ ඡන්දදායකයින් වෙනුවෙන්. අපේ පක්‍ෂයට ආදරය කරන සියළු දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන්. මම මේ තනතුර කැප කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ජනාධිපතිතුමාගේත්අගමැතිතුමාගේත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා.

මෙතනදී මගේ බිරිඳ සහ දරුවන් මුහුණ පා ඇති මානසික පීඩනය ගැනත් සඳහන් කළ යුතුයි. අපේ සමහර මාධ්‍යයන් සහ පුද්ගලයන් මගේ බිරිඳගේත්දූවරුන්ගේත් චරිත ඝාතනය කරනවා. ඔවුන්ටත් පහර ගහනවා. ඔවුන් දැන් ඉන්නේ ඒ සියළු පීඩනයන් හා අපහාස විදිමින්. ඒ සියල්ල මැදත්ඔවුන් මට මේ තීරණය ගැනීමට ශක්තියක් වුණා. ඒ ශක්තිය මට ලබා දීම ගැනමෙලා ඔබටත්ඔනෙල්ලාෂෙනෙල්ලාමිනෙල්ලා දියණියන්ටත් ස්තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි.

ගරු කතානායකතුමෙනි,

බුදුන් වහන්සේගේ ශ්‍රේෂඨ ධර්මය අඩංගු ධම්ම පදයේ එක් ගාථාවක මෙසේ දැක්වෙනවා.

“යමෙක් අනුන්ට ද්වේෂ නොකළනිරපරාධ වූ පිරිසිදු පුද්ගලයෙකුට අපරාධයක් කරයි දඋඩු හුළඟට දැමූ දූවිල්ලක් සේඑහි පව එය කළ පුද්ගලයා කරාම එයි.

ධම්ම පදයේ තවත් ගාථාවක මෙහෙම සඳහන් වනවා.

“ඝන ගල් පව්ව සිව් දිගින් හමන සුළඟින් නොසෙල්වෙන්නේ යම් සේ දඑසේම නින්දා ප්‍රශංසා දෙකේදී පණ්ඩිතයෝ නොසැලෙති.

අන්න ඒ නිසා මමගේ පක්‍ෂය සහ මගේ රට වෙනුවෙන් මම අද ගත් මේ තීරණය පිළිබඳව මම නැවතත්  ආඩම්බර වෙනවා.