හක්මන වෙඩි තැබීමකින් අයෙක් මරුට

අද දින පස්වරුවේ හක්මණ කැබලියපොල ප්‍රදේශයේදි යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකදී තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ පිරිස් වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව එතනින් පළා ගොස් ඇති අතර හක්මන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.

රුපියලේ දැවැන්ත නැගී සිටීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය වාර්තා වලට අනුව ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.171.9317 ක් වශයෙන්ද විකුණුම් මිල රු.175.8240 ක් වශයෙන්ද සටහන් වුණා.
පසුගිය 02දා ඩොලරයක ගැනුම් මිල රු.173.4281ක් හා විකුනුම් මිල රු.177.3261ක් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරය වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය ලෙස වාර්තා විය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයද අද තවදුරටත් අවප්‍රමාණ වෙමින් නව වාර්තාගත අගයක් සඳහන් කර තිබේ. රුපියල අවප්‍රමාණ වීමේ කැපී පෙනෙන අඩුවීමක් මෙලෙස වාර්තා වුණේ පසුගියදා නව ආණ්ඩුව පත්වීමත් සමග කොටස් වෙළෙඳපොළ තුළ ශීඝ්‍ර වර්ධනයක් ද පෙන්නුම් කරමින් කරමිනි.

තෙල් මිල පහතට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11 කින්ද පහත දැමීමට තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 153 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක්.
 
මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (01) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද අඩු කළ බව නිවේදනය කර තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවේ ඉන්ධනහල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 110ක්ද වනු ඇත.

පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගුයි

අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ සමග විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ හමුවක් අද දින පැවැත් වුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම  හමුව සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් ආචාර්යවරුන් පැමිණ සිටි අතර එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සහ ඉදිරියේදී සිදුවිය   යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
ඒ අතරවාරය වාරයේ ලැබුණු දුරකථන ඇමතුමකට සවන් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව එළඹෙන 05වනදා යලි කැඳවීමට ජනාධිපතිවරයා  තීරණය කර ඇති බවයි.

ගෝඨාභය හෙළිකල රනිල් සමඟ කළ කතාව

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද දින මාධ්‍ය වෙත අදහස් පළ කළා.
 
මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙන්නේ දැනට පවතින තත්ත්වය පිළිබඳව තවදුරටත් ආරවුලක් නොවන පරිදි විසඳාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. 
 
එමෙන්ම අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට රනිල් වික්‍රමසිංහට සියලු ආරක්ෂාව සපයන බවත්,  ඉන්පසුව ද ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික විය හැකි බවත් සඳහන් කර තිබෙනවා. 
 
හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) කතරගම කිරිවෙහෙර දී පැවති උත්සවයකට එක්වෙමින්.

රාජ්‍ය මාධ්‍ය ආයතන වලට වැඩ බලන සභාපතිවරු පත්කෙරේ …..

ඔක්තෝබර් 28 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා වැඩ බලන නව සභාපතිවරු පත්කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව
ස්වාධීන රූපවාහිනීය සහ ගුවන් විදුලි සංස්ථාව සදහා – ආචාරය සෝමරත්න දිසානායක,
ශ්‍රී ලංකාව රූපවාහිනී සංස්ථාව සදහා – නීතිඥ සරත් කෝන්ගහගේ
ලේක්හවුස් ආයතනය –  වසන්ත ප්‍රිය රාමනායක යන මහත්වරු ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ

මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි….

නව කැබිනට් මණ්ඩලය පත්කිරීම ඉදිරි පැය 48 ඇතුලත….
මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය. ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල බවද කතානායකවරයාට දැනුම් දී තිබේ.
නව කැබිනට් මණ්ඩලය ඉදිරි පැය 48 තුල පත්කිරීමට තීරණය ගෙන ඇතැයිද වාර්තා වේ.
මෙම පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව හටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී

අමීෂාගෙ ලස්සන වීමේ රහස්

අමීෂා කාවින්දි කියන්නෙ සුරූපී සිනමා නිළියක්.ඇය ටිකක් කාර්‍යබහුල වුණත් තමන්ගෙ රූ සපුව ගැන නිතරම හිතනවාලු..ඒ නිසාලු අමීෂා ලස්සනට ඉන්නේ.අමීෂාගෙ රූ රහස් මොනාද කියලා ඔන්න ඇය ප්‍රථම වතාවට තමන්ගෙ රසික රසිකාවියන්ට කියනවා.
අමීෂා කොච්චර වැඩ තිබුණත් සතියකට දෙවතාක් ක්ලීනප් එකක් කරන්න අමතක කරන්නෙ නැහැලු.ඒ විතරක් නෙමෙයි අමීෂා ගෙදරදි සුදුහදුන්,යෝගට්,මී පැණි,ලෙමන් යුෂ,කහ දාලා හදන විශේෂ පැක් එකක් මූණේ ගානවාලු.
අනික් සුවිශේෂීම කාරණය තමයි අමීෂා මූණට ක්‍රීම් නම් ගාන්නෙම නෑලු.ස්වභාවික සත්කාර තමාලු වැඩිපුර කරන්නේ.අව්වට ටිකක් වැඩිපුර නිරාවරණය වුණු දවසට නම් යෝගට් ටිකක් මූණේ ගාලා විනාඩි 20 ක් විතර ඉන්නවාලු.කෝමාරිකත් අවුවට පිච්චුණ සම යථා තත්ත්වයට පත් කරන්න හොදයි කියලා අමීෂා කියනවා.
බාහිරින් කරන සත්කාර විතරක්ම නෙමෙයි අමීෂා උදේ දවල් රාත්‍රී ආහාර වේල්වල පෝෂණය ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවාලු.ඒ වගේම වතුරත් ගොඩක් බොනවලු.තවත් විශේෂ දෙයක් ඇය කරනවා..ඇය අනිවාර්‍යෙන් මාසෙට දෙවතාවක් විතර කොත්තමල්ලි තම්බලා බොනවාලු.ඒක සමට ගොඩක් හොදයි කියලා තමයි අමීෂා කියන්නේ.
අමීෂා එයාගෙ කොණ්ඩේ ගැනත් සැලකිලිමත්ලු.පොල්තෙල් ඩබල් බොයිල්ඩ් කරලා ඔලුවට දාලා හොද මසාජ් එකක් ඔලුවට දෙන්න අමතක කරන්නෙ නෑලු.ලස්සනට හැඩට ශරීරය තියාගන්න ඕන නිසා කෑම ගැනත් ප්‍රවේසම් වෙන ගමන් නිතර ජිම් යන එකත් අමීෂා කරනවාලු.
ඔන්න ඕවා තමයි අමීෂගෙ ලස්සට බලපාපු රහස්.
අමීෂාට ආදරය කරන අයට පුළුවන් දැන් මේ රූ සත්කාර අත්හදා බලන්න..
ඒ එස් මල්ලවාරච්චි