අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල යාපනයේ සංචාරයක නිරතවනවා.
මෙම සංචාරය අතරතුර අග්‍රාමත්‍යවරයා සැහැල්ලුවෙන් අයිස්ක්‍රීම්වල රස බලන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා.
එම ඡායාරූප පහතින්






අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල යාපනයේ සංචාරයක නිරතවනවා.
මෙම සංචාරය අතරතුර අග්‍රාමත්‍යවරයා සැහැල්ලුවෙන් අයිස්ක්‍රීම්වල රස බලන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා.
එම ඡායාරූප පහතින්






ලාංකීය සිනමාවේ සිහින කුමරා ලෙස ජනාදරයට පාත්‍ර වූ විජය කුමාරතුංගයන්ගේ අමරණීය කටහඬ අපට අහිමි වී අදට වසර 31ක් වනවා.
1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලැබූ විජය කලා ලොවට පිවිසුනේ1967 වසරේදී.
‘හන්තානේ කතාව’ තුළින් සිය රංගන හැකියාවන් පෙන්වා පසු කාලයේදී අසීමිත ජනප‍්‍රියත්වයක් ලැබූ විජය හැත්තෑව දශකයේදී ලාංකේය සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තබන්නට දැක්වූ දායකත්වය අතිමහත්.
රිදී තිරයේ සිහින කුමරා ලෙස අභිශේක ලැබූ විජය විටෙක ජනකාන්ත ගායකයෙකු ද වුණා.
සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළ විජය ඒකීය ශ්‍රී ලංකාවක්, ජාතීන් අතර සමගියෙන් යුත් සමානාත්මතා සමාජයක් වෙනුවෙන් පෙනී සිටිමින් ඒ වෙනුවෙන් මුලු ජීවිතයම කැප කළා.
ජනකාන්ත නළුවකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායකු හා මානව හිතවාදී දේශපාලඥයකු වූ විජය කුමාරතුංගයන් 1988 වසරේ අද වැනි දිනෙක කිරුළපන පොල්හේන්ගොඩදී ඝාතනයට ලක් වුණා.
ලක්ෂ සංඛ්‍යාත සහෘදයන්ගේ සෝ සුසුම්, දුක් කඳුළු මැද ඔහු මෙලොව හැර ගියද විජයගේ මිහිරි මතකයන් සදා අමරණීය වනු ඇත.



පසුගිය 10 වනදා රාත්‍රියේ බණ්ඩාරවෙල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අද පෙරවරුවේ සිය නීතිඥවරුන් සමඟ මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් වු බව බණ්ඩාරවෙල පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් සහ රුපියල් දස දහසක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරින ලෙසත් එමෙන්ම සෑම ඉරිදා දිනකම සැකකරුවන්ට බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
එක්සත් රාජධානියේ හෙද සහ ප්‍රසූති විද්‍යා සභාව විදෙස් අයදුම්කරුවන් සම්බන්ධයෙන් නිර්දේශ කර ඇති ඉංග්‍රීසි ප්‍රවීණතා මට්ටම් වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා
මෙරට බ්‍රිතාන්‍ය කවුන්සිලය පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රවල සේවය කරන පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් එක්සත් රාජධානිය බලා යාමට ලැබුණු අවස්ථාවක් බවයි.
නව නිර්දේශ යටතේ අදාළ වෘත්තීන් සඳහා IELTS (International English Language Testing System)ලිඛිත පක්ෂයේ අවම ලකුණු සීමාව 6.5ක් දක්වා අඩුකර ඇත. මීට අමතරව, කියවීම, සවන්දීම සහ කථනය සදහා අවම වශයෙන් 7.0ක් හෝ ඊට ඉහළ ලකුණු ලබාගත යුතුයි.
ඒ අනුව, මින් ඉදිරියට ලිඛිත පරීක්ෂණය සඳහා අවම වශයෙන් 6.5ක් සහ සමස්ත ලකුණු ප්‍රමාණය ලෙස අවම වශයෙන් 7.0ක් ලබාගන්නා පුද්ගලයන්ට හෙද සහ පවුල් සෞඛ්‍ය නිලධාරී තනතුරු සඳහා එක්සත් රාජධානිය වෙත යාමට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා සුදුසුකම් සම්පූර්ණවනවා.
බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙරට IELTSප්‍රවීණතා විභාග කටයුතු පරිපාලනය කරන අතර, ඒ සම්බන්ධ උපදෙස් හා මගපෙන්වීම් අපේක්ෂකයන් වෙත ලබාදෙනවා.
පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ…
පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ පිහිටුවීමට එම රටේ ජනාධිපතිවරයා එකඟතාව පළ කොට ඇතැයි වාර්තාවනවා.
ඉතිහාසයේ පළමුවරටයි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ශාඛා පිටරටක පිහිටු වීමට ලැබීම මෙලෙසින් සිදුවන්නේ.
මාලදිවයිනේ ජනපතිවරයා නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ජනපති සහ අගමැති සමඟ පැවැති සාකච්ඡාවේදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා කරන ලද යෝජනාවකට අනුව මාලදිවයිනේ ජනාධිපති විසින් මෙම ව්‍යාපෘතිය සඳහා එකඟත්වය පළ කර මාලදිවයිනේ තනි දූපතක් මේ සදහා ලබා දීමට පොරොන්දු වූ බව වාර්තා වනවා.
එහි සිටින ශිෂ්‍යයන් මුල් අවුරුදු දෙකේ මාලදිවයින් ශාඛාවෙන් අධ්‍යපන කටයුතු හදාරා අවසන් අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවට පැමිණ එම පාඨමාලාව සම්පූර්ණ කරනු ඇති.
එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකවරුන් 06 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කර තිබෙනවා.
මෙහිදී ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායක ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව සංවිධායක ලෙසත්, ලලිත් දිසානායක මහතා අරනායක නව සංවිධායකවරයා ලෙසත්, තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පාතදුම්බර ආසන සංවිධායක ලෙසත්, මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත්,ඩී. එම්. යූ. බී. විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කර තිබෙනවා.
Strengthening its value as the Bank that focuses on unlocking the fullest potential of children by providing holistic entrepreneurial development with a focus on education and life skills, Seylan Bank extended its support to the SOS Children’s Villages Sri Lanka (SOSCVSL) at an event held at the Village in Piliyandala recently.
The SOSCVSL which aims to help Children who have lost parental care and who are at risk of losing parental care through their family like care and family strengthening program, received a financial contribution of Rs.1 Million along with internship opportunities from Seylan Bank for six competent youth, who were selected from across Villages located in Sri Lanka. Furthermore, the Bank will significantly do its part to groom these children on financial literacy and social values, ensuring that these children are equipped with the right knowledge and skills to become a competitive workforce in the financial industry.
Commenting on the occasion, Tilan Wijeyesekera, Deputy General Manager, Retail Banking at Seylan Bank PLC said “We are privileged to pledge our support towards the SOS Children’s Villages in Sri Lanka. As a leading Bank in the minor savings category, we have always been at the forefront of empowering children to fulfil their aspirations for over 30 years. We at Seylan Bank strongly believe that education is a tool that Children can use to shape their future. As the Bank with a heart, we will continue to support the SOS Children’s Villages with internship opportunities, thus ensuring that every child gets the opportunity to make a change tomorrow.”
Seylan Bank launched the fund collection program as part of its seasonal campaign in December 2018 with an intention of collecting 1 million rupees. The Bank donated a share for every transaction carried out by its Debit and Credit Cardholders.
Speaking at the event, Siddhartha Kaul, President, SOS Children’s Villages International said “Our focus at SOS Children’s Villages is to ensure that every child at our Villages receives a secure future by providing them with the right education and soft skills. At least 200 vulnerable youth come to us each year and we provide them with educational and vocational opportunities to make them skilled citizens. Such contributions from Seylan Bank and other local corporate sectors enable us to fuel these aspirations further. During the past 37 years, SOSCVSL was mainly funded by international individual donors and other philanthropists in Europe. Since Sri Lanka is now classified as a middle income country in Asia, the umbrella organization has implemented a gradual subsidy reduction. It is of paramount importance that SOSCVSL bridges this subsidy gap and the support of income from local individuals, well-wishers and local corporates really help us to continue our journey.”
Commenting on Seylan Bank’s involvement with SOSCVSL, Deputy General Manager, Human Resources, Jayantha Amarasinghe said, “We are pleased to partner with the SOS Children’s Villages Sri Lanka in developing and empowering the Children of SOSCVL to find better employment opportunities in the market. Over the years, SOSCVSL had produced great leaders who are now at eminent organisations. As a responsible corporate citizen we will do our best to further facilitate the potential SOSCVSL thereby enriching the lives of the Children so that they can have a better life. ”


මෙරට කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්.
ගොවිජන සේවා මධ්‍යස්ථාන සතුව නිවැරදි දත්ත නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලය පුරා කෘෂිකර්ම කේෂ්ත්‍රයේ පැවති ගැටළු සදහා විසදුම් ලබාදීමට හැකියාවක් පැවතියේ නැහැ.
ඒ අනුව වර්ල්ඩ් වීව් ටූ ඇමරිකානු චන්ද්‍රිකාව මගින් ලබාගන්නා දත්ත ඔස්සේ කුඹුරු සිතියම්ගත කිරිම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මේ වන විට යාපනය,ගම්පහ,මාතලේ දිස්ත්‍රික්කවල කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිතියම්ගත කිරීම සිදු කර ඇති අතර මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5ක්.
ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙ සේ වෙතත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකියාව ඇත. එ බඳු සිදුවීම් අවම කිරීම පිණිස ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් සඳහා වන ආරක්ෂක ප්‍රමිතීන් හා පරිචයන්ට අනුකූල ව ගෙවීම් කාඩ්පත් ජාලය තුළ විද්‍යුත් චිපයක් සහිත ආරක්ෂිත කාඩ්පත් (EMV) නිකුත් කිරීම සහ සියලු ම ආකාරයේ විද්‍යුත් ගනුදෙනු කෙටි පණිවිඩ (SMS) මාර්ගයෙන් දැනුම්දීම් වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.
මෑත කාලයේ දී වංචනික ලෙස ගෙවීම් කාඩ්පත් භාවිත කරමින් අරමුදල් ආපසු ලබා ගැනීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා විය. බැංකු ක්‍රමයේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කරනු වස් දැනටමත් ගෙන ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම සහ බලපත්‍රලාභී බැංකු යන ආයතන මේ සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන ඇත.
ඕනෑ ම ගෙවීම් පද්ධතියක් ආරක්ෂා කර ගැනීම සඳහා බැංකු, කාඩ්පත් නිකුත්කරුවන්, අත්පත්කරුවන් සහ නියාමකයින් දරන උත්සාහයන්ට ගනුදෙනුකරුවන්ගේ සහය මෙන් ම ඇගැයීම ද අවශ්‍ය වේ. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගනුදෙනුකරුවන් විසින් EMV තාක්ෂණය සහිත ගෙවීම් කාඩ්පත් භාවිත කිරීම අවශ්‍ය වේ. එ වැනි කාඩ්පත් හඳුනා ගත හැක්කේ ඒ මත මනාව දිස්වන ලෙස පිහිටා ඇති විද්‍යුත් චිපය මගිනි. ගනුදෙනුකරුවකු විසින් භාවිත කරන කාඩ්පත EMV තාක්ෂණයෙන් තොර නම්, එම ගනුදෙනුකරුවා හටEMV තාක්ෂණය සහිත කාඩ්පතක් නිකුත් කරන මෙන් අදාළ බැංකුවෙන් ඉල්ලා සිටිය හැක.
ඒ අනුව, ATM මගින් කරනු ලබන ගනුදෙනුවල සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙවීම් කාඩ්පත් සහ ATM යන්ත්‍ර භාවිත කිරීමේ දී සැලකිලිමත් විය යුතු බව මහ බැංකුව දැනුම් දෙනු ලබයි. හඳුනා ගත නො හැකි හෝ අනවසර ගනුදෙනුවක් හෝ අහිමි වූ හෝ අස්ථානගත වූ කාඩ්පත් වේ නම් එ වැනි සිදුවීම් වහා ම අදාළ බැංකුව වෙත දැනුම් දිය යුතු වේ.
(මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)
නීති විරෝධී ලෙස විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ සිදුකරන ලද වැටලීම්වලදී රුපියල් මිලියන 130කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අයකරගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දීප ව්‍යාතප්තව සිදුකරන ලද වැටලීම්වලදී එම වසර තුළ නීති විරෝධීව විදුලිය ලබාගත් පුද්ගලයින් 2522 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
මීටර් වෙනස් කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2269ක් සහ කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 253ක් ඒ අතර වන බව සදහන්.
එහිදී එම පුද්ගලයින්ගෙන් විදුලිබල මණ්ඩලයට වු අලාභය ලෙස 12 කෝටි එක්ලක්ෂ 34,324ක මුදලක් සහ නඩු ගාස්තු ලෙස එක් කෝටි එක් ලක්ෂ 51500ක මුදලක් අයකරගෙන තිබෙනවා.
වංචනික ලෙස විදුලිය පරිහරණය කිරීමේ සිද්ධීන් පිළිබඳ අඛණ්ඩව වැටලීම් සිදුකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් 0112 422 259 යන දුරකථන අංකයට හෝ 1901 සහ 1987 යන ක්ෂණික දුරකථන අංක වෙත දැනුම්දිය හැකියි.