ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින කාත් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තියෙනවා.
අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම අඛණ්ඩව සිදු කරනු ලැබේ. ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් හට ගෙවනු ලැබෙනවා.
ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් හට ගෙවනු ලැබේ.
උදාහරණයක් වශයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ යුධ හමුදා මේජර්වරයකුගේ මූලික වැටුප හා දීමනා රු. 97,205/= වේ. ඊට අමතරව සේවා විශ්‍රාම වැටුප වශයෙන් රු 10,000ක් ද, දුබලතා විශ්‍රාම වැටුප වශයෙන් 4,000ක් ද ඇතුළුව ආබාධිත මේජර්වරයකුගේ මාසික වැටුප වූයේ රු. 111,483කි. ඔහු ආබාධිත සෙබළකු වශයෙන් වයස අවුරුදු 55 දී විශ්‍රාම ගැන් වූ පසු ඔහුට මෙතෙක් ලැබුණේ රු 81,000ක විශ්‍රාම වැටුපකි.
70615440_2497562407140732_6821128143084978176_n 70630963_2497556153808024_7884001311824281600_n
ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වූ එම හමුදා නිලධාරීවරයාට ඔහු විශ්‍රාම ගැන්වීමට පෙර ලබා ගත් රුපියල් 111,483 මුදල ඔහුට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප වශයෙන් ලැබෙනු ඇත.
ආබාධිත සෙබළුන්ගේ නියෝජිත පිරිසක් දැනට මාස කිහිපයකට පෙර මාතර දී මුදල් අමාත්‍යවරයා හමු වී ඔවුන්ගේ දුෂ්කරතාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන්, රට වෙනුවෙන් ඔවුන් කරන ලද කැපකිරීම අගයනුවස් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට ජීවිත කාලය දක්වා අවසන් වරට ලැබූ වැටුපට සමාන මුදල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දුන් බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.
70694552_2497562277140745_422978781720870912_n
ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් මෙම වැටුප් ගෙවීම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන සංග්‍රහය සහ අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නුදුරේදීම සංශෝධනය කරනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබු නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි

Presidential polls: Six contenders have made cash deposits so far

Six candidates have so far submitted their cash deposits to contest the November 16 presidential polls.On Friday, three aspirants, Gotabaya Rajapaksa of the Sri Lanka Podujana Peramuna, Prasanna Perera of the Ape Jana Balaya party and an independent contender Ven. Aparakke Punyananda Thera, forwarded their deposits.

Earlier, two other independent candidates, Jayantha Ketagoda and Siripala Amarasinghe, and Dr. Ajantha Perera of the Socialist Party of Sri Lanka, made their cash deposits.The accepting of deposits, which began on September 19 will end at 12 noon on October 6.
The Elections Secretariat said that in terms of the law, a candidate contesting from a political party is required to make a deposit of Rs. 50,000, while an independent candidate should submit Rs 75,000.Elections Commission Chairman, Mahinda Deshapriya said earlier that he expected around 20 aspirants to run the presidential race

අතුරුදහන්වූ පවුල් වලට රු. 6000 මාසික දීමනාවක්

වර්ෂ 2019 අයවැයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි අතුරුදන්වූවන්ගේ පවුල් වලට මාසික අතුරු දීමනාවක් ලෙස රුපියල් 6000 බැගින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.
ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සේවයේ යෙදී සිටියදී එසේ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ටද මෙම දීමනාව ලබාගැනීමට හිමිකම් කිව හැකි බව ද දිවයින පුරා සිටින අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් අත්විඳින සිත් කම්පනය හා දුක් වේදනා වලට අමතරව, ඔවුන්ගේ ආදරණීයයන් අතුරුදන් වීම නිසා බැරෑරුම් ආර්ථික පීඩාවන්ටද එකී පවුල් සාමාජිකයන් මුහුණ දෙමින් සිටින බව මුදල් අමාත්‍යංශය සදහන් කරනවා.
ඊට හේතුව වී ඇත්තේ එකී සමහර පවුල්වල පවුලේ එකම දිවි පෙවෙත  රකින්නා අතුරුදන් වූවෙකු වීමයි.
2018 අගෝස්තු මාසයේදී අතුරුදන්වූවන්ගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කරන ලද අතුරු වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ, එලෙස තම පවුලේ සාමාජිකයෙකු අතුරුදන් වූ බවට ප්‍රවාස සහතිකයක් ඉදිරිපත් කරන පවුල් වලට මෙම අතුරු සහනය ගෙවීම සුදුසු බවයි.
2019 අයවැය වාර්තාවේ මෙකී නිර්දේශය අන්තර්ගත කර ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍යවරයා හා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය එක්ව ඉදිරිපත් කරන ලද, අයවැය මගින් යෝජනා කරන ලද, එකී අතුරු දීමනාව ගෙවීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය දිනෙක අනුමැතිය ලබාදුනි.
මේ අනුව, ප්‍රවාස සහතිකය ලබන්නාගේ නමට ඇති, බැංකු ගිණුමට එකී රුපියල් 6000 ක අතුරු සහන දීමනාව තැන්පත් කරනු ලැබේ. මෑතක පිහිටුවන ලද හානිපූර්ණ කාර්යාලය විසින් වන්දි සහ වෙනත් ආකාරයේ හානිපූරණ ගෙවීම් ලබාදෙන තෙක් මෙම අතුරු දීමනාව ගෙවනු ලැබෙනවා.
මෙම අතුරු සහන දීමනාව කිසිසේත්ම අධිකරණ ක්‍රියාවලියක් උදෙසා, සුදුසු ඉක්මන් හා සාධනීය හානිපූරණයන්ට ඇති අයිතියට බාධාවක් නොවේ.
මේ වනවිට, උතුරු සහ දකුණු ප්‍රදේශවල අතුරුදන් වූවන්ගේ පවුල් 656 ට ප්‍රවාස සහතික නිකුත් කර ඇති අතර මින් සමහරක් පවුල් ක්‍රියාන්විතයේදී අතුරුදන්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල් බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ප්‍රවාස සහතික ඉක්මනින් නිකුත් කිරීමට පහසුකම් සැලසීම වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට කොන්ත්‍රාත් පදනම යටතේ අමතර නිලධාරීන් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙන බව අමාත්‍යංශය පවසනවා.

අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම්?

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ කොළඹ 07 ස්ටැන්මෝ ක්‍රසන්ට් මාවතේ පිහිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ අද (2019.09.20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.එහිදී අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදු කළ බවට සමාජ මාධ්‍ය හරහා විකාශය වන හඩ පටය සම්බන්ධව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

එතුමිය අල්ලස් කොමිසමේ සභාපතිතුමිය හැටියටයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ.මම මේ හඩපටය ඇහුවා මේකේ අපිට විසදගන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා.හඩ පිළිබදව පරීක්ෂා කළ යුතුයි.මෙතුමිය මේක කියන්නේ දේශපාලන බලපෑම් ආවා කියලා.මේ පිළිබදව මෙතුමියගෙන්ම අහලා දැන ගන්න ඕන.මට කෙලින්ම එතුමියගෙන් අහන්න බැහැ.එතුමියගේ ආයතන ප්‍රධානියා නිතිපතිතුමායි.එතුමා හරහා තමයි මේක අහන්න ඕන.මම ඕන කෙනෙකුට අභියෝග කරනවා අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම් තියෙනවා කියලා කියනවා නම් ඕන අභියෝගයක් මම භාර ගන්නවා.එතුමියගේ ආයතන ප්‍රධානියා ලෙස නිතිපතිතුමා මේ පිළිබදව ප්‍රකාශයක් සිදු කළ යුතු වෙනවා අනිත් කරුණ තමයි මේ එතුමියගේම කටහඩ ද කියලා දැන ගන්න ඕන .ඒ සදහා කටහඩ පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා.මේ පිළිබදව පරීක්ෂණයක් වත්වන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය

 

විධායක ගැන මහජනයා තීරණයක් ගනු ඇතැයි අගමැති කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මහජනතාව අවසන් තීරණය ගනු ඇති බවයි.
අද මිරිගම දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ඇති  ප්‍රශ්නය නොසලකා හැරිය නොහැකි බවයි.
තමන් ඊයේ කැබිනට් රැස්වීමේදී මෙම කාරණය මතු කළ බවත් ඒ පිළිබඳව මතභේද පවතින බවත් මෙම ගැටළුව සම්බන්ධයෙන් ගෙන ඇති ස්ථාවරය පිළිබඳව කිහිප දෙනෙකුගෙන් තමා ප්‍රශ්න කරන බවද අගමැති පවසනවා.
එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ පිළිබඳව විවෘතව සාකච්ඡා කළ යුතු බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ස්ථාවරය පිළිබඳව සෑම දේශපාලන පක්ෂයක්ම තීරණය කළ යුතු බවද සදහන් කරමින් ඔහු අවධාරණය කරන්නේ ජනාධිපති ධුරයේ ඉරණම මහජනයා විසින් තීරණය කල යුතු බවයි.

New report accuses over 50 TID officers of torture

A new report has accused over 50 officers of the Terrorism Investigation Division (TID) of the Sri Lankan police of being involved in torture.

The new study by the International Truth and Justice Project (ITJP) focuses on the Terrorism Investigation Division (TID) of the Sri Lankan police and has identified 58 alleged torturers, including those in command positions, named by the 73 victims interviewed.

Among them are police officers identified in UN reports dating back more than a decade; one was even a UN peacekeeper.

“The indifference to repeated allegations of police torture is shocking and makes a mockery of Sri Lanka’s stated commitment to security sector reform, let alone transitional justice,” the ITJP’s Executive Director, Yasmin Sooka said.

“TID officials allegedly involved in torture were named by a UN expert in 2007, by a UN investigation in 2015, by Sri Lankan NGOs and human rights lawyers for decades and now in 2019 by the ITJP in court documents submitted in California in support of the case under the Torture Victims Prevention Act against former defence secretary Gotabaya Rajapaksa – but no action is ever taken. The alleged torturers continue to survive every regime change”

The new report by the ITJP details systematic brutal torture and sexual violence against men and women detained over the last decade by the TID, focusing on the TID office in Colombo and detention site in Boossa in Galle. The report can be read with the 24 dossiers on individual policemen named by victims which forms part of a US court submission in the Gotabaya Rajapaksa case filed by Hausfeld law firm in the US.

ජනාධිපතිවරණය නො.15 දා පැවැත්වෙන බවට ඉගියක්

අද මැතිවරණ කොමිසම සමඟ පැවති රැස්වීමකදී දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට ඉගියක්  ලබා දී තිබෙනවා.
එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇති දින පිළිබඳ දේශපාලඥයින් ද අද (17) අදහස් පල කරමින් මේ පිලිබදව පැවසුවා. මිට අදාල සාකච්චාවක් අද පැවැත්වුයේ පක්ෂ ලේකම් වරුන්  එකතු කර ගනිමින්. . එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, දයාසිරි ජයසේකර ඇතුළු පිරිස් ඒ අනුව සහභාගී වී තිබුණා.
රැස්වීමට සහභාගී වූ පක්ෂ ලේකම්වරු පැවසුවේ නොවැම්බර් 15 සිට දෙසැම්බර් 7 දක්වා ඕනෑම දිනයක ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය බවයි.
මැතිවරණ කොමිසම පවසා ඇත්තේ නොවැම්බර් 15 වන දින මැතිවරණය පැවැත්වීම බොහෝ දුරට ඉඩ ඇති බව ඒ අනුව පැවසේ.

නෙළුම් කුළුන කතාව සුන්දර නැති බව ජනපති කියයි

නෙළුම් කුළුන ඉදිකිරීම ශ්‍රී ලාංකීය සංනිවේදනයේ නව පරිවර්තනයක් මෙන්ම ගොඩනැඟිලි තාක්ෂණයේ නව පිම්මක් මෙන්ම මෙවන් ජාතික සම්පතක්, සංනිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම ඓතිහාසික කාර්යභාරය පිළිබඳ සතුටුවනවා සේම, ඒ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා
එමෙන්ම කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ඇලිට් නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළා.
කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ  (16) පස්වරුවේ විවෘත කෙරිණි.
70148343_10157274285706327_4796083395534782464_n70236643_10157274285666327_5539900902896304128_n
කොළඹ නෙළුම් කුලූන ජනතා අයිතියට පවරාදෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමින්. නෙළුම් කුලූන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට චීනයේ EXIM බැංකුව එකඟවී ඇත.
71350888_10157274287271327_1695395270163955712_n70248302_10157274286366327_6635691882108157952_n
එම එකඟත්වයට අදාළව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වනදින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලිසංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගෙන තිබෙනවා.
පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවය.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදිමේ පිළිබඳව බීජිංනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම් දීමෙන් පසු  ALIT  සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එ නමින් කිසිඳු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැරර ටකින් සොයා ගැනීමට නොහැකි වෙලා.
එකී සමාගමට අදාළව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන්ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන  02ක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ.
ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබා දෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස චීන EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා වුවත් ඒ වනවිටත් ලබාගෙන තිබූ එකී ණය මුදල  සඳහා සෑම වර්ෂයකම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටිනවා
2018 වසරට අදාළව ද ශ්‍රී ලංකාව එකී ණයවාරිකය වන රුපියල්කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයටම වාර්ෂිකව ගෙවීමට සිදු වෙලා.
එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල්කෝටි 120ක මුදලක් මේ වන විටත්ගෙවා තිබෙනවා .
මෙවන් පසුබිමක නෙළුම් කුලූන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරිකර ගැනීමට දායක්තවයක් ලබාදී තිබෙන අතර
ඒ අනුව ඉදිකෙරුණු නෙථම් කුලූනෙහි පාදමේ විශ්කම්භය මීටර් 45න් යුතු වනඅතර, මීටර් 356 ක උසකින් යුක්ත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව , කුලූනේ ප්‍රධාන අංගය සන්නිවේදනය වන අතර කුලූනේ ඉහළ ඉදිකර ඇති ඇන්ටනා ආවරණයේ මුළු දිග මීටර් 90ක් පමණවේ.
එම ඩිජිටල් ඇන්ටනාව උතුරට කි.මි. 60ක් හා දකුණට කි.මි. 60 සහ නැගෙනහිරට කි.මි. 50 හා බටහිරට කි.මි. 15ක් ආවරණය කෙරේ.
මින් රූපවාහිනී සමාගම් 20 ක් ගුවන්විදුලි එෆ්.එම්. විකාශන සමාගම් 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සමත්ය.
මෙම කුලූන ඉදිකිරීමේ මූලික සැලසුම් 2008 වසරේ දී සැකසෙන අතර 2012 දී එහි ඉදිකිරීම්ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය මොරටුව විශ්වවිද්‍යාලය වෙතින් ලැබිණි.
ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව, කොන්ක්‍රීට් තාක්ෂණය, උස් ගොඩනැගිලි කම්පන අධ්‍යාපන විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා සහිත ශ්‍රී ලාංකීය විද්වතුන්, ඉංජිනේරුවන් 70ක වඩා මේ සඳහා දායක වූ අතර රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු, සිසුසිසුවියන් සිය ගණනකට ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට අනගි අවස්ථාවක් ද මෙම නිමැයුම උදා කල බවත් මතක් කල යුතුයි