Coronavirus patients in Sri Lanka rises to 91

The number of patients infected with the coronavirus in Sri Lanka rose to 91 today, March 23rd 2020.
Director General of Health Services Dr. Anil Jayasinghe stated 5 new patients were detected with the virus as of 06.00 p.m. today.
He said 227 patients are under observation in hospitals across the country on suspicion of having contracted the virus.
Dr. Jayasinghe added that 2 patients who were initially infected with the virus, a Chinese woman and a 52 year -old Sri Lankan tour guide, have successfully recovered and have been discharged from hospital

පැතිරයාම වැලක්වීමේ ප්‍රධාන උපාය මාර්ගය

‘Social Distancing: The Best Tool We Have to Fight the Coronavirus’
‘හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මක වන්න’
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීය වසංගතයක් හෙවත් මහා වසංගතයක් ලෙස නම් කර ඇති නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 සීග්‍රයෙන් පැතිර යාම හමුවේ රජයන්, සෞඛ්‍ය බලධාරීන්, විද්‍යාඥයන් ආදීන්ට පමණක් නොව ලෝකවාසී අප සියලු දෙනාට එල්ලවී ඇත්තේ ඉමහත් අභියෝගයකි. වෛරසය පැතිර යන සීඝ්‍රතාව සලකන විට ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට ඊට ගොදුරු වීමේ අවදානම මහ ඉහළින් පවතී. රෝගය වැළදුණොත් ඒ සෑම දෙනාටම ප්‍රතිකාර ලබාදිය යුතුයි. බොහෝවිට සංඛ්‍යාව වැඩි වෙත්ම මෙය අනිවාර්යයෙන්ම ගැටලු සහගත වෙයි. ඇරත් ප්‍රතිකාර කළද රෝගයෙන් මියයාමේ අවදානම පවතී. එහෙයින් හොඳම ක්‍රියා මාර්ගය වෛරසය පැතිරීම වළක්වා ගැනීම බව පැහැදිලිය.
අද ජගත් සංවිධානය සහ රට රටවල සෞඛ්‍ය බලධාරීන් එකහෙළා මේ ප්‍රතිපත්තිය මත සිට ක්‍රියා කරයි. එහිදී ස්වරූපය කුමක් වුවත් කාගේත් එකගත්වය පළවන්නේ සමාජ දුරස්ථභාවය(social distancing) හෙවත් සමාජයේ ජීවත් වන විට හමුවන සෙස්සන්ගෙන්  ඈත්ව සිටිමේ ක්‍රියාදාමයටයි. වෛරසය පැතිරීම සීමා කිරීම පිණිස සැලසුම් කර ඇති සියලු පියවර අතර කේන්ද්‍රීය අංගයක් වනුයේ සමාජ දුරස්ථ භාවයයි. ඉතා සරලව දක්වන්නේ නම් සමාජ දුරස්ථභාවය යන්නෙන් දැක්වෙන්නේ වර්තමානයේ අප මුහුණ පා සිටින  ව්‍යසනය හමුවේ සමාජයීය වශයෙන් තාවකාලිකව එකිනෙකාගෙන් කායිකව ඈත් වී සිටීමයි.
රාජ්‍යයන් මෙය සිදු කරයි. ඒ නගර, ප්‍රදේශ, හෝ පළාත් ‍හෝ මුළු රටම වසා දැමීමෙනි. කොවිඩ් 19 පැතිරීම ඇරඹුණු චීනයේ සිට අද වෛරසයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇති යුරෝපයෙන් සොයාගත හැකි උදාහරණ එමට ය. විශ්වවිද්‍යාල පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන මෙය සිදුකරයි. ඒ දේශන හා පන්ති අවලංගු කිරීම හෝ මාර්ගස්ථ හෝ දුරස්ථ මාදිලි වෙත මාරු වෙමිනි. කාර්යාල, වැඩබිම් කර්මාන්තශාලා මෙය සිදුකරයි. ඒ ඒවා වසා දැමීම, සීමිත සේවක පිරිස් සේවයට කැඳවීම, නිවසේ සිට රාජකාරියට ඉඩ සැලසීම වශයෙනි. මීට අමතරව දේශපාලන, විනෝදාස්වාද,  ක්‍රීඩා ආදී අන්තර්ජාතික ජාතික හා ප්‍රාදේශීය සංවිධාන මෙය සිදුකරන්නේ,  සිය වැඩසටහන් – සමුළු, ප්‍රදර්ශන, රැස්වීම්, සන්දර්ශන, තරඟ ආදිය අවලංගු කිරීම හෝ කල්දැමිමෙනි. ආගමික සිද්ධස්ථාන සිය කටයුතු සීමා කිරීමෙන් සහ මහජනයා ගැවසෙන පුණ්‍යෝත්සවය වතාවත් ආදිය සීමාකිරීමෙන් හො කල් දැමීමෙනි.
මෙලෙස බලන විට මුළු මහත් ලෝකය ම පොදුවේ කොවිඩ් 19 සතුරා හමුවේ පොදු අරමුණක් ඇතිව පෙළගැසී සිටී. සතුරා පැරදවීමට අත්‍යවශ්‍ය වන්නකි. මේ වැදගත් මහජන සෞඛ්‍යය පිළිවෙත සාර්ථක කර ගැනීමේ දී පුද්ගලයන් වශයෙන් අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? අපි විමසා බලමු.
සමාජ දුරස්ථ වීම යනු කුමක්ද?
සමාජීය වශයෙන් ඈත්වීම යනු රෝගාතුර පුද්ගලයන් සෞඛ්‍ය සම්පන්න අය සමඟ සමීපව සම්බන්දවීම වැළැක්වීම  අරමුණු කරගත් මහජන සෞඛ්‍යය භාවිතාවකි. මෙහිදී අපේක්ෂා කරන්නේ රෝගය සම්ප්‍රේෂණය වීමේ අවස්ථා අඩු කිරීමය. සමූහයක් ඒකරාශී වන සිද්ධි අවලංගු කිරීම වැනි විශාල පරිමානයේ පියවර මෙන්ම හෝ ජනතාව ගැවසෙන ස්ථාන වසා දැමීම මෙන්ම සෙනඟ මගහැරීම වැනි පුද්ගලයන් ගන්නා තීරණ ද ඊට ඇතුළත් වේ. කොවිඩ් 19 වෛරසය ගතහොත් සමාජ දුරස්ථ වීමේ ප්‍රධාන අභිප්‍රාය දෙකකි‍. අධික අවදානමක් සහිත ජනයා අතර ආසාදන ඇතිවීමේ අවස්ථ අඩු කිරීමින් වෛරසය පැතිරයාම මන්දගාමී කිරීම ඉන්  එකකි. ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය සත්කාරක පද්ධති හා සේවකයන් මත පැටවෙන බර අඩු කිරීම දෙවැන්නයි.
විශේෂඥයන් මෙය විස්තර කරන්නේ ‘චක්‍රය පැතලිකිරීම’ යනුවෙනි(“flattening the curve”). පොදුවේ මෙයින් දැක්වෙන්නේ   වැඩි පිරිසක් අතරේ එකවර රෝගය ක්ෂණිකව පැතිරීමෙන් සෞඛ්‍ය සේවා පද්ධති යටවී යාම වැළැක්වීමේදී සමාජ දුරස්තවීමේ පියවර සාර්ථකවීමට ඇති හැකියාවයි.
“එක්සත් ජනපදයේ  සමාජ දුරස්ථභාවයේ ඉලක්කය වන්නේ  කිසියම නිශ්චිත පුරවරයක හෝ ප්‍රජාවක් අතරේ කොවිඩ් 19 පැතිරෙන වේගය හා ප්‍රමානය පහළ දැමිමයි” එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයන්හි(U.S. Centers for Disease Control and Prevention – CDC) අධ්‍යක්ෂ ටොම් ඉන්ග්ලෙස්බි මෑතක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි, “එහෙම් වුනහම රෝගය වැළඳෙන පිරිස අඩුවෙනවා, ගත කරන්න වෙන  අය අඩුවෙනවා වගේම එක් මොහොතක එකවර ඕනෑ කරන සංවාතක(ventilators) අඩුවෙනවා”.
මා සමාජ දුරස්ථභාවය භාවිතාවට යොදා ගන්නේ කෙසේද?
කොවිඩ් 19 අදාළව CDCය,  සමාජ දුරස්ථභාවය අර්ථ දක්වන්නේ ‘පුද්ගලයින් එකට එකතුවීමෙන් වැළකී සිටීම, මහජන ඒකරාශීවීම පිළිකෙව් කිරීම, අන්අය අතර හැකි සෑම්විට දළ වශයෙන් අඩි 6ක් නැතිනම් මීටර දෙකක පරතරයක් තබාගැනීම’ ලෙසයි. ඒ කියන්නේ ‘බදා වැළඳ ගැනීමේ සහ අතට අතදීම නැත යන්නය’ යි සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වු ජෝන්ස් හොප්කින්ස් කේන්ද්‍රයේ(Johns Hopkins Center for Health Security) වසංගතවේදී විශෙෂඥ කයිට්ලින් රිවර්ස් තවදුරටත් පැහැදිලි කරයි.
පෝලිමේ මෙහෙම ඉඳිමු
අමුතුවෙන් නොකීවත් පෙනී යායුතු, විශේෂයෙන්ම වැදගත් දෙයක් වන්නේ කැස්ස, කිවිසුම් යාම හා උණ ඇතුළු  රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම පුද්ගලයකු අතර පෙර කී අඩි හයේ පරතරය තබා ගැනීමයි. ශාරීරික වශයෙන් දුරස්ථවීමත් සිදුකරන  අතරම  නියම ආකාරයෙන් අත් සේදීම, ඔබ පමණක් නොව (බොහෝ විට ඔබේ පවුලේ අය සහ සමීප නෑයන් මිතුරන් වන) ඔබ අවට සිටින අය ආරක්ෂා කිරීම පිණිස වැදගත් වන්නේය. මන්ද, රෝග ලක්ෂණ නොමැතිව පවා වෛරස පැතිරිය හැකි හෙයිනි.
“ඔබේ ප්‍රජාව අතරේ හෝ ඔබේ ප්‍රදේශයේ කොවිඩ් 19 පැතිර යන තුරුම බලා සිටින්න එපා. අත් සේදීමේ ක්‍රියාදාමය වහාම තවත්  බලගන්වන්න. මොකද ඒක සම්ප්‍රේෂණය අඩු කරන්න ඇත්ත වශයෙන්ම  උදව් කරනවා” රිවර්ස් කියයි. ඔබ බැහැරට ගොසින් (නිවස) ඇතුලට ආපසු එන විට, කෑම ගැනීමට පෙර සහ වයස්ගත වැඩිහිටියන් සහ බරපතළ නිදන්ගත වෛද්‍ය තත්ත්වයන් තිබෙන අය ඇතුළුව කොවිඩ් 19 ට වඩාත් ගොදුරු විය හැකි අය සමඟ එකට සිටිමින් කාලය ගත කිරීමට පෙර දෑත් හොඳින් සේදිය යුතු යැයි ඇය වැඩිදුරටත් කියා සිටී. “උත්සව, සන්දර්ශන ආදිය කල්දැමීම වැනි  ප්‍රජාවේ මැදිහත්වීම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා තමයි. ඒත් පෞද්ගලික චර්යා විපර්යාසයන් ඊටත් වඩා වැදගත්. පෞද්ගලික ක්‍රියාමාර්ග සුළු ඒවා සී පෙණුනත් මහ බලගතුයි” රිවස් කියා සිටියි.
සමාජ දුරස්ථභාවය ඵලදායකද?
මේ ආකාරව එකිනෙකාගෙන් ඈත්ව සිටීමේ  පියවර සාර්ථකව ක්‍රියාත්මක වන බව ඉතිහාසයෙන් පාඩම් උපුටා දක්වමින් විශේෂඥයෝ පෙන්වා දෙති. 1918 ස්පාඤ්ඤ ඉන්ෆ්ලුවැන්සා මහා වසංගතය එකකි. මෙම මහා වසංගතයේ මුල් අදියරකදී පාසල් වසා දැමීම මහජන එක්රැස්වීම් තහනම් කිරීම වැනි බහුවිධ මැදිහත්වීම් යොදාගත් නගරවල මරණ අනුපාතය සැලකිය යුතු මට්ටමක පහත තිබූ බව 2007 වසරේ PNAS(එක්සත් ජනපද ජාතික විද්‍යා ඇකඩමියේ නිල සඟරාව) අධ්‍යයනයක් පෙන්නුම් කරයි.
මෑත කාලයේ මෙම සංකලපයේ විශාල මට්ටමේ පූර්වාදර්ශ හිඟ බව ඉන්ග්ලෙස්බි පෙන්වා දුන්නත් චිනයේ වූහාන් සහ ගුවන්ග්සු නගර දෙකෙහි දැක ගත හැකිවූ එකිනෙකට වෙනස් අත්දැකීම් ගැන අධ්‍යයනයක සඳහන් කරුණු ගෙන හැර දක්වයි.  සමපදස්ථයන්ගේ(peers) සමාලෝචනයකට තවම බදුන් වී නැති මේ අධ්‍යනයෙන් ද මේ කාරණාව සනාථ වේ.(මේ ගැන විස්තර සඳහා ඊයේ තතු පෝස්ටුව කියවන්න)
රෝගය පැතිර යාම සීමා කිරීම සඳහා ගතහැකි අනෙක් පියවර මොනවාද?
CDC අලුත්ම මාර්ගෝපදේශ අනුව අනෙකුත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අතරට හුදකලා වීම(isolation) හා නිරෝධායනය(quarantine) ඇතුළත් වේ.
හුදකලා වීම: රෝගය පැතිරයාම වැළැක්වීමේ අරමුණ ඇතිව, ආසාදිත යැයි හෝ බෝවෙන සුලු යයි සාධාරණ ලෙස සැලකිය හැකි පුද්ගලයකු හෝ ජනතාවක් ආසාදිත නොවන අයගෙන් වෙන් කර තැබීම හුදෙකලාවීම යන්නෙන් දැක්වේ. හුදකලාවීම එක්කෝ ස්වේච්ඡාවෙන් සිදු කරන්නක් හෝ රජයේ හෝ සෞඛ්‍ය මහජන අධිකාරීන් ගේ බල කිරීම මත කෙරෙන්නක් විය හැකිය.
නිරෝධායනය: රෝගය පැතිර යාමේ හැකියාව වැලැක්වීම අරමුණ ඇතිව, සංක්‍රාමික රෝගයකට (communicable disease) නිරාවරණය වී ඇති නමුත් මෙතෙක් රෝග ලක්ෂණ නොදක්වන්නේ  යයි සාධාරණ ලෙස සැලකිය හැකි පුද්ගලයකු හෝ ජනතාවක්,  එසේ නිරාවරණය නොවූ පුද්ගලයන්ගෙන් වෙන්කර තැබීම නිරෝධායන යනුවෙන් දැක්වෙයි.  කොවිඩ් 19  සම්බන්ධයෙන් CDC විසින් නිර්දේශ කරනු ලබන්නේ රෝග ලක්ෂණ පහළ වේ දැයි නිරීක්ෂණය පිණිස දින දාහතරක නිරෝධායන  කාලච්ඡේදයකි.
මීට අමතරව ස්වයං නිරීක්ෂණය,  ආදිය ගැන CDC මාර්ගෝපදේශ සපයා ඇතත් එහි ඇතැම් කාරණා එක්සත් ජනපදයට සුවිශේෂ වන අතර ලංකාව ඇතුළුව රටින් රට සපයන උපදෙස් හා ඒවා අතර යම් පරස්පරයන් හා  වෙනස්කම් තිබිය හැකිය.

Party leaders to meet at Temple Trees tomorrow

Prime Minister Mahinda Rajapaksa has called for a party leaders meeting tomorrow (24).
The meeting is scheduled to take place at 10.00 a.m. at Temple Trees.
Meanwhile, sources from the United National Party (UNP) told us that UNP leader Ranil Wickremesinghe will attend the party leaders meeting.
On Tuesday (17), former Speaker of Parliament Karu Jayasuriya requested Prime Minister Mahinda Rajapaksa to call for an all party meeting.

කොරෝනා ලංකාවේ මිනිස්සු තේරුම් ගත හැටි

Latest Update

මේ වන විට ලංකාවේ කොරෝනා රෝගීන් 70ක්. ආසාදිතයින්18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙත්නෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනෙකු, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සිව්දෙනා බැගින් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.
එවන් වෙලාවක ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් එක් කොරෝනා ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 218 දෙනෙකු දිවයින පුරා රෝහල් 14ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙනවා.
සියල්ල එක්ක රටේ පිරිසක් බියට පත් වෙලා ඉන්නකොට තවත් පිරිසක් මේක විහිලුවකට පත් කරගෙන තියෙනවා කියලත් පෙනුනා. ඒ ඔවුන්ගේ හැසිරීම් එක්ක. මිනිස්සු ඒකරාශිවීම වැලක්වීමට රජය එක දිගට මාධ්‍ය මගින් දැනුවත් කරමින් ඇදලා සෞක්‍ය පිළිවෙත් ගැන දැනුම් දුන්නත් මිනිස්සු එකට හුරු වුණේ නැහැ. නිවාඩු ලබා දෙමින් නිවෙස් වලට වෙලා ඉන්න කිවුවත් සමහරක් කලේ ඒ නිවාඩුවේ ට්‍රිප් යන එක. මේ නිසාම රජය දැඩි පියවරක් ගත්තා. ඒ ඇදිරි නිතිය දමන්නට තීරණය කිරීමත් සමඟ. මුලින් පුත්තලම පොලිස් බල ප්‍රදේශ 18කට දාපු ඇදිරි නිතිය මේ වන විට රට පුරාම බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනවා.
එකට එක උදාහරණයක් කියනවා නම් දඹුල්ල නගරාධිපති අද පාපැදි තරඟයක් සංවිධානය කරලා. කොහොම හරි මේ වන වේට ඔහු ඇතුළු 2ක් අත්අඩංගුවට අරන්. මේ වගේ තවත් සිදුවීම් සිදු වෙද්දී මිනිස්සු පන්සල් වලත් විවිධ ආගමික වැඩ සටහන් වලට ඒකරාශී වෙලා. කොච්චර කිවුවත් අහන්නේ නැති නිසාම පොලිසිය දැන් දැඩි ලෙස දඩුවම් දෙන්න වරෙන්තු නැතුව අනුකම්පා විරහිතව වැඩ කරන්න පටන් අරං. ඒ නිසා නිවෙස් තුලටම වෙලා ඉන්න කියලයි පොලිසිය නිරතුරු කියන්නේ. ඒවගේම විනෝද චාරිකා වන්දනා ගමනුත් තහනම්.
එජාපය වගේම ජවිපෙ ඇතුළු බොහෝ පක්ෂ විවේචනයට ලක් කල ඉදිරි මැතිවරණය මේ වන විට කල් ගිහින්. මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ “කොවිඩ් 19” ඉදිරි මැතිවරණ දිනය තීරණය කරන බව.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපනය කර ඇති ස්කෑනර් යන්ත්‍ර මගින් කොරෝන හෙවත් COVID 19 වෛරසය ශරීරගත වීම පිළිබඳව දැනගැනීමේ හැකියාවක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම යන්ත්‍ර මගින් උණ පමණක් පරික්ෂාකර දැනගැනීමේ හැකියාවක් පමණක් පවතින බව මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ. ඒ අනුව ගත වූ මාස දෙක තුළදී විදේශයෙන් පැමිණි එකදු කොරෝනා වෛරසය ශරීරගත රෝගියකු හමු වෙලා නැහැ. මේ නිසා වෙන්න ඇති රටට පිටින් කොරෝනා ඇතුල් වුණෙත්.
අපි දුප්පත් රටක්. මිට පෙර ඩෙංගු වසංගතය වැනි වුවදුරු වලදී අපි දැක්කා රෝගීන් වැඩි වෙනකොට හරියට ඇදන් වත් තිබ්බේ නැහැ. සියල්ල එක්ක හමුදාව එක රැයින් නිරෝධායන මධ්‍යස්ථාන හදනවා. සැබවින්ම ඔවුන්ගේ මේ කාර්යන් අගයන්නම ඕන. කියන දේ අහලා ස්වයන් නිරෝධායන කටයුතු වලට මෙන්ම රෝගිවුවන් බෙහෙත් ගන්න ගියා නම් මෙහෙම මෙච්චර වැඩි වෙන්නෙත් නැහැ. තවමත් නිරෝධායනය නොවී සැගවී සිටින පිරිස් ඉන්නවා. ඒ අතර ස්වයං නිරෝධයනට යන පිරිසුත් 8000 කට වැඩියි.

ඒ වගේම ඉන්දියාවේ වන්දනාවේ ගිය බැතිමතුන් ශ්‍රී ලංකාවට ගෙනාවා ගෙන  සියල්ල නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමටත් රජය ඊයේ 19 සහ අද 20 දිනයේදී පියවර ගත්තා
පාසල් නිවාඩුව කලින්ම දෙද්දී මේ වෙන කොට උසාවි වැඩ ඔන් ලයින් සිස්ටම් එකට සිදු වෙනවා. එකත් අතවශ්‍ය නඩු. දුම්රිය අධිවේගී මාර්ග ධාවනය නතර වෙලා. තැපැල් කටයුතු නතර කරලා. අපිට තාම නිරෝධායනය කියන වචනේ අමුතු වුනාට මේකට අපි ගොඩක් කල් ඉදලා හුරු මිනිස්සු. එදා ඉදලා දෙයියන්ගේ ලෙඩක් හැදුනම කහ බදුනක් තියාගෙන කොහොඹ කොළ එල්ලගෙන පෙරුම්කායම් අතේ බැදගෙන දින 14 හෝ 21ක් යනකල් එළියටත් යන්නේ නැතුව අපේම අයගේවත් මුණට මුරුච්චි වෙන්නේ නැතුව අපි පරිස්සම් වුණා. කාලෙත් එක්ක මේවා අමතක වෙලා. මේකත් ඒ වගේ කියලා හිතන්න තවමත් අපේ සමහරකට බැරි වෙලා නිසාම කොරෝනා මෙලෙස පැතිරුණා.
ලංකාවේ කොරෝන මෙහෙම පැතිරුණේ අපේම අයගේ නොසැලකිල්ල නිසා. විදේශ ගත්වුවන් සමහරෙක් නිරෝධායනට විරුද්ධ වුණා. ඔවුන්ගෙන් සමහරෙක් රෝගීන්. පසුව නිරෝධායනය නොවී සිටි අය කට්ටි පනිමින් සිටියා. එකට හොදම උදාහරණය වාර්තා වුනේ අද. මේක හරිම අවාසනාවන්ත සිදුවීමක්. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටිය දී තමාට හෘදයා බාධයක් වැළඳී ඇතැයි අසත්‍ය පවසමින් ‍ඊයේ(19) දිනයේ දී තමාට හෘද රෝගයක් ඇති බව පවසමින් රාගම රෝහල වෙත පුද්ගලයෙකු ඇතුළත් වෙලා තිබුණා.
මේ වන විට උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළු වු පුද්ගලයාට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනු කරලා. ඒ නිසාම රෝහලේ කාර්ය මණ්ඩලයට නිවාඩු දීලා නිරෝධායනය කරනවා. ඒ වගේම එම වාට්ටුවේ සිටි සිටි අනෙක් රෝගීන් ඔවුන්ව බලන්න පැමිණ සිටි රෝගීන් සියල්ලම දැන් දැඩි අනතුරක.
සියල්ල එක්ක දින දෙක තුනක් පුරාවටම වගේම අදත් ඇදිරිනීතිය දාන්න පෙර කඩ සාප්පු වල තිබ්බේ පුදුම පෝලිමක්. මීටරයක් දුරින් ඉන්න කියද්දීත් මිනිස්සු එකිනෙකා මතින් යන තරමට පොර කන්න වුනා. ඒ භාණ්ඩ මිලදී ගන්න. ජනාධිපතිවරණයා සැමන් රුපියල් 100ටත් පරිප්පු 65ට දෙන්නටත් තීරණය කිරීම එක්ක මෙය වැඩි වුණා. දේශපාලනිකව වශයෙන් මෙයට පහර ගැහුවත් දුප්පත් එදා වෙලා හොයාගෙන කන පිරිසට මේක ලොකුම සහනයකුත් වුණා. ඒක  අපිට හොදටම දැනුණේ වතුකරයේ ජනතාවත් එක්ක කතා කලාම. සියල්ලෙන්ම පෙන්නේ අපේ රටේ තවමත් පවතින ද්‍රරිද්‍රතාවය.
Lock down කියන වචනේ අපිට අළුත්. දේශපාලන පක්‍ෂ රට lock down කරන්න කියලා කෑ ගහද්දි රජය ඇහුවේ එහෙම කලොත් එදා වෙලා කන ජනතාව අතවශ්‍ය සේවාවන් වැඩ කරන්නේ කොහොමද කියන කාරණය. නමුත් මේ පිළිවෙලට කොරෝනා පාලනය කර ගන්න නොහැකි වුණොත් රටක lock down නෙමෙයි shut down වෙයි වගේ. ඒ නිසා මේ පවතින තත්වය සියලුම පුරවැසියන් අවධානයෙන් ගෙන පුරවැසි වගකීම ඉටු කල යුතු වෙලාවක්. සාගතයක් දුර්භික්ෂයක් හෝ ඒඩ්ස් වන්නක් නොවූ කොරෝනාට තමන්ම පරිස්සම් වෙමින් රට සුරක්ෂිත කිරීමේ වැඩ පිළිවෙලට දායක විය යුතුයි.
පාන්ශුකුලයක් වත් නැතුව තමන්ගේ එකෙක් වළලන්න ඉඩ දෙන්න එපා. ඔබේ වගකීම මේ වෙලේ ඉටු කරන්න කියලා Boston අපි ඉල්ලනවා.
කොරෝනා මැඩලීම සදහා ප්‍රධාන වෛදවරුන් 24කින් යුත් කණ්ඩායමක් අද සාකච්චා පවත්වමින් ඔවුන් රෝහල් වල දනුවත් කිරීම් සිදු කෙරෙනවා. ඇදිරිනීතිය යටතේ මාධ්‍ය මෙන්ම වෙනත් අතවශ්‍ය සේවා ක්‍රියාත්මක වනවා. ලෝකයේ දත්ත එක්ක විශ්ලේෂණය කරකොට ලංකාවේ තියෙන්නේ එතරම් හොද තත්වයක් නෙමෙයි.
ඒ අතර ජපානය කොරෝනා වලට එරෙහිව බෙහෙතක් හොයා ගෙන කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කලත් තවම එහි හරි වාර්තාවක් අපට සැල වන්නේ නැහැ. කොහොම වුනත් ඉක්මණින්ම මේ රෝගය මගේ රටෙන් වගේම ලෝකෙන්ම තුරන් වේවායි ප්‍රර්ථනා කරනවා.
By Ashanthi Warunasuriya

Sri Lanka’s General Election postponed

The Election Commission (EC) has decided to postpone the General Election 2020, which was set to be held next month.

Holding a special media briefing at the Election Commission this afternoon (19), its Chairman Mahinda Deshapriya said the General Election will not be held on April 25 as scheduled.

The Election Commission has taken this decision considering the prevailing situation in the country owing to the threats posed by the coronavirus (Covid-19) outbreak.

Deshapriya added that the Election Commission may continue to receive accepted and rejected nomination papers, serial numbers assigned to candidates and the lists of polling stations on March 20 and 21 before noon.

After the gazette on the notice of poll is published the Election Commission is authorized to postpone the election, as per the provisions of Section 24 (3) of Parliament Elections Act (No. 1 of 1981), which states that at the event of any emergency or unforeseen circumstances the election cannot be taken on the day specified in the notice relating to the election.

The Election Commission can accordingly appoint another day for the election. However, Deshapriya pointed out that the new date of the election will be fourteen days after the day on which the election was set to be held.

Accordingly, owing to the coronavirus outbreak in the country, the chairman and the two commissioners of the Election Commission have decided that the General Election 2020 will not be held on April 25.

Deshapriya added that the election calendar for the year 2020 has now upended.

The new election date will be announced on March 26, after holding discussions with the health authorities on the prevailing situation and the means to control the Covid-19 in Sri Lanka, he continued.

Katunayake Airport will be closed from March 18th

Sri Lanka’s main airport in Katunayake will suspend arriving passenger operations for two weeks an official said, as the country tightens controls to contain the spread of Coronavirus.

Arriving passenger will not be accepted from March 18 midnight until further notice, Director Operations Airport and Aviation Services Limited Director Shehan Sumanasekara said.

“Cargo flight will be accommodated as usual,” he said.

Transit and departures will be operated.

The decision taken on a directive from President Rajapaksa, Sumanasekara said.

US donates protective gear to Sri Lanka to fight COVID-19

U.S. Ambassador to Sri Lanka Alaina B. Teplitz presented a donation of Dupont Tyvek coveralls, nitrile gloves, heavy duty work gloves, boot covers, and cleaning supplies to Major General (Rtd) GA Chandrasiri, Chairman of the Civil Aviation Authority of Sri Lanka, at Bandaranaike International Airport on behalf of the American people.

The equipment will help protect airport personnel and prevent the spread of COVID-19.  The donation is part of U.S. efforts to assist Sri Lanka.

“We stand in solidarity with Sri Lanka as both our countries battle this global pandemic,” said Ambassador Teplitz.  “Whatever the challenges, we’re ready to face them with Sri Lanka.”

The United States has pledged to spend up to $100 million in existing funds to combat the COVID-19 internationally, demonstrating continued U.S. leadership in the global fight against infectious diseases.

“This commitment – along with the hundreds of millions generously donated by the American private sector –demonstrates strong U.S. leadership in response to the outbreak,” U.S. Secretary of State Michael R. Pompeo said when he announced the assistance.
In February, U.S. organizations donated more than 2 million respirator masks, 11,000 protective suits and 280,000 pairs of nitrile gloves to China, where the virus originated.

ටෙළියේ ලාලිත්‍ය සංසාරාරන්‍යය අසබඩ On Location හි ඇසුදුටු, සිනහවූ, රැව්ව කථා

අපි වෙනදා මෙන් උදෑසැණින්ම පිටත් වුණා. මේ යන්නේ යක්කලට. එතැනිණුත් අපේ අද ගමන ඉවර වෙන්නේ නැහැ. Art in Motion අපේ ගමනාන්තය තව 20km පමණ දිගයි. තාවකාලිකව අපි නතර වෙනවා යක්කල ලැගුම් හලක් ලග.
හරියටම උදෑසන 9යේ කණිසම ට.
මම ගත්ත කෝල් එක. එක දිගටම නාද වනවා. දුරකථනයට එහා කෙලවරින් උත්තර දෙන්නා “නංගී ඔයාලා ආවද? ඉන්න මම විනාඩි 5න් පල්ලෙහාට එනවා…”
ඒ විනාඩි 5, විනාඩි 10-15කට එහා මිස මෙහාට නම් නොඑන බව ඒ උත්තර දුන් ස්වරයෙන්ම මට හැඟී ගියේ බෙහෙවින්ම නිදිමත ස්වරයක් පසක් කරලූ නිසා. අප කණ්ඩායමට දවසේ සැලසුම් ගැන කතා කරන්න බොහෝ දේ තිබුණ නිසා ගෙවී යන කාලය ගැන වගක් වුණේ නැහැ. ගෙවෙන තප්පර, විනාඩි කටු අතරේ අපට දැන ගැනීමට හැකි වූයේ පෙර දින රූගත  කිරීම් පාන්දර 3 පසුවන තෙක් සිදුවූ බවක්.
ගෙවීයන කාලයේදී අපට නිෂ්පාදක සහායක ජනක වසන්ත කුමාරගෙන් ලැබෙන්නේ උණු තේ කෝප්පයක්. ඒ අතරේ  අපේ කතාවේ උණුසුම වැඩි කරන්න එකතු වෙන්නේ මුලින්ම මගේ කෝල් එකට උත්තර දුන් චරිතය…
“සමාවෙන්න ඕන පොඩ්ඩක් පරක්කු වුණා.. පාන්දර 4යි නිදා ගන්නකොට. අද shoot එක On කරන්නේ දවල් 12.30ට”.
පසුගිය කාලයේදී  ලංකාවේ ටෙළියට ජනප්‍රිය කතා රැසක් උරුම කෙරූ මොහු කවදත් වෙනස් හැඩතල මවන්නට වෙහෙස දැරූවෙක්.
“ඒක තමයි අයියේ. අපිටත් ඕක දැන ගත්තේ දැන්. ඔයාලට මහන්සි නිසා එහෙනම් අපි යන්නද ?
තිබ්බ අඩිය පස්සට ගන්නට කිසිසේත් අදහස් නොතිබුණත් මම එහෙම ඇහුවා නිකට වගේ.. පෙරළා ලැබුණේ හිත යටින් මම බලාපොරොත්තු වූ උත්තරේ …
“පිස්සුද.. ඔයාලා වැඩේ කරන්න.. ඉන්න මම arrange කරලා දෙන්නම් .. කෝ මහේෂ් ” …
ඔහු සියල්ල මහේෂ් ට භාර දෙනවා. මේ ජනප්‍රිය නළු සහාය අධ්‍යක්‍ෂකවරයකු ද වන මහේෂ් උයන්වත්ත .. ඔහු මෙම නාට්‍යයේ “බන්ඩප්පු” නම්වූ එක් ප්‍රධාන චරිතයකට පණ පොවනවා.
Boston Art in Motion අපිට අපේ වැඩේ කර ගන්න ප්‍රවේශය හදන මෙකී  චරිතය ලාංකේය කලාවට බොහෝ චරිත දායාද කළ  ලංකාවේ ජනප්‍රිය ටෙළි නාට්‍ය රැසක උරුමකරු වූ ප්‍රවීණ අධ්‍යක්‍ෂක සංජය නිර්මාල්. හුදු නිර්මාණකරණය උඩු යටිකුරු කළ අභිනන්දනිය ටෙළිය  ගැන විධග්ගව කතා කරන්න අප නතරවූ තැන “සංසාර අරණ්‍ය අසබඩ”.
කුණුවී ඕජස් ගලන ජාතියට කුණු රසය ලබා දීමේ වරදින් ගැලවෙන්න කලාකරුවන්ට නම් හැකියාවක් නැහැ . භාෂාව, සාහිත්‍ය , ලේඛණය,  සිනමානාත්මක හැකියාවන් නහුතෙට මෙකී නිර්මාණ කරුවන්ට තිබුණත් ඔවුන්ට සමාජයට ගැලපෙන ආකාරයට තමන්ගෙ නිර්මාණ බිහි කිරීමේ ස්ව හැකියාව ඇත්දැයි ප්‍රශ්ණයක්. එමගින් ඔවුන්ටවත් තේරුම් ගත නොහැකි අවර ගණයේ බාල නිර්මාණ බිහි වනවා. අහිංසක අපි ප්‍රේක්ෂකයින් ලෙස ඉන්දියන් නාටක සහ දුප්පත් කෙටිකතා වගේම වෙනත් භාෂිත සිල්ලර ගීත වලට ලොල් වුණේ මේ නිසා නොවේද ? නිර්මාණ සම්බන්දයෙන් මෙලෙස ලියූ අපේම දෝෂාරෝපණයක් තිබුණා. ප්‍රේක්ෂක සහ පාඨඛ ඔබේ වඩාත් ආදරය දිනා ගත ඒ ලිපියට ඔබ දැක්වූ ප්‍රතිචාර හමුවේ, ඔබේ ඉල්ලීම මත අපි ඔවුන් සොයා ගිහින් එදා එහෙම ලිවුව එක ගැනම මෙහෙම ඇහුවා.
“අවර ගනයේ නිර්මාණ එනවා. එහෙම කරන බොහෝ අයත් ඉන්නවා. අපිට ඔය ගොඩට වැටෙන්නත් බැහැ. ඒත් අපිට මේක දාලා යන්න බැහැ. මොකද නිර්මාණයෙන් ගැලවෙන්න බැහැ. එනිසා කොහොම හරි දෙයක් කරනවා” ඒකට  උත්තරයක් දුන්නේ අධ්‍යක්‍ෂක සංජය නිර්මාල්.
සුළුතරයක් සතපා බහුතරයක් නිර්වින්දය කර ලබන ආතල් එක හරියට මෙලෝ මගුලක් නොතේරෙන ආඛ්‍යාන වලින් ලියපු පොත්ක් වගේ නේ … ? සත්‍ය වන්නේ නිර්මාණකරුවා ඔවුන්ගේ නොහැකියාව තේරුම් නොගැනීම. ඇයි බැරි තමන්ගේ බුද්ධිය, අත්දැකීම්, සාක්‍ෂරතාවය යොදවා අපංභ්‍රංස ලිහිල් කරන්න. බොහෝවුන් දන්නේ “කලාකරු” කියන ලේබලය අලවාගෙන ගන්න පමණයි. මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයක්. වැගිරෙන දුගඳේ  ඕජස්හි රස බලන, මැස්සන් කැලක් බවට ප්‍රේක්ෂකයෝ පත් වෙලා….
 ” ඔව් රැල්ලට ගේමක් ගහන්න මට කවදාවත් ඕන වුණේ නැහැ. කලකිරුණු අවස්ථා බොහොමයි. ඒත් මැරෙනකල් කලාව අත  අරින්නේ නැහැ” … එකටත් සංජය කියන්නේ එහෙම එකක්
මිනිසුන් සමච්චලයට නගන ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් සේ වරදවා වටහා ගත් නිර්මාණකරුවන් ප්‍රමෝදයට පත්ව සිටින කලෙක  විහිලු සපයන විකාර රූපී මෙවලම් බහුතර විනෝදයක් ලබා දෙද්දී, likes සහ views මිනුම් දණ්ඩ වී ඕනෑම කුණුගොඩක් සඳහා වටිනාකමක් ඇති වෙද්දී, හරය හෝ ඉහළ රස වින්දනය තව දුරටත් නිර්නායකයන් බවට පත් වෙද්දී, පහත් රුචිකත්වය ඕපපාතික වෙද්දී, නොසරුප් කථා සමාජයට මුදා හැරෙමින් පවතිනවා. තව ටික දවසකින් සිදු වන්නේ වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රූ ගත කරන තැනට අපේ නිර්මාණ පත් වීමක්.
මෙකී කුණු රසය සමාජගත වෙද්දී ඊට පටහැනිව නැගී සිටින නිර්මාණයක් වගේම නූතනයේ නොතේරෙන ආඛ්‍යාන ලිහිල් කළ  නිර්මාණයක්  “සංසාරාරන්‍යය අසබඩ” හැදින්විය හැකියි.
මගේ භාෂාවෙන් මේක එක වක්‍යකින් කියනවා නම්  “එය වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රූ ගත කරන්නට යමින් තිබූ හීන කුලේ පහත ඕපපාතික නිර්මාණාත්මක මානසිකත්වයට දර්ශනවාදයක්”.
මුදලට වෙනස් වන නාට්‍ය තේරීමේ කමිටු බොහොමයක් මුල් තැන දෙන්නේ ආකෘතියේ ඇති පාට, පාට පුහු අටෝපයන්ට. එහෙම නැත්නම් තමන්ගේ එවුන් ගොඩ දැමීමේ කලාවට. එමගින් මෙතුවක් කල් වුණේ නිර්මාණ කුසලතා බල්ලට යෑමක්. එවන් නිර්මාණ තුල අපේ කලාකරුවන්ට ඔවුන්ගේ රංගන අභිනයන් භාව ප්‍රකාෂණ ස්පර්ශ කරන්න තියා හිනා වෙන්නවත්  ඉඩක් නැහැ. තිබ්බා ගැහුවා තියරිය මනාව ප්‍රගුණ වෙමින් තිබූ ටෙළි කරළිය අභියෝගයකට ලක් කරමින් සංසාරාරන්‍යය අසබඩ ලාංකේය ටෙළියේ හැරවුම් ලක්‍ෂයක් ඇති කරන්න සමත් වනවා.
සයිමන් නවගත්තේගම ශුරීන්ගේ කෘතියක් මෙලෙස රූප වලට පෙරළෙමින් තිබෙනවා. ටෙළියේ වෙනස් කඩ ඉමක් සංජය නිර්මාල් සංසාරාරන්‍යය අසබඩින් සලකුණු කරමින් සිටින්නේ විදවන ජිවිත තවත් විදවන්න ගෙතෙන ටෙළි  කතා අතර වින්දනීය නිර්මාණාත්මක ලාංකේයත්වය මොනවට කැටයම් කරන්නට.
ඔබ දකින වලව්වේ දර්ශන තල සදහා ඔවුන් යටවක වලව්ව තෝරා ගෙන තිබුණා. මම මුලින් පැවසු පරිදි අපට තවත් දුරක් යන්නට සිදුවුණා,ඔවුන්ගේ ලැගුම් හලට සමුදී. එදා අපේ සිංහලකම දනවන යටවක වලව්ව අදත් එලෙසින්ම විරාජ මාන වන්නට උත්සාහ ගන්නා කාලයක සංසාර අරණ්‍ය අසබඩ මෙසේ දිග හැරෙනවා සංජයගේ ඇක්ෂන් කට් තුලින්.
නිර්මාණය ගැන සංජය සමඟ අපි යෙදෙන පිළිසදර අතරතුර දහවල් රුගත කිරීම් සදහා රංගන ශිල්පීන් පැමිණෙමින් තිබුණා. මහ නිළමේ ජනප්‍රිය නළු අජිත් වීරසිංහ. කවුරුත් හදුනන බෙහෙවින්ම මිත්‍රශීලි චරිතයක්. පැමිණි විගස ඔහු තම චරිතයට සාධාරණයක් ඉටු කිරීම උදෙසා පිටපත කියවන්නට වුණා. ” මම ඉල්ලන්නේ එකම දෙයයි. මත්පැණින් තොර වෙන්න. ඒ වගේම ශේෂ්ත්‍රයේ ඉන්න විනය වැදගත්” අජිත්ගෙන් ඔබට පණිවියක්. මේ කතා හරි සංවේදියි. Boston video හරහා සවිස්තරව ඔබට නරඹන්න පුළුවන් ලගදීම. මීළගට හිනා වේවි පැමිණියේ  ඔබේ ආදරය දිනූ මනකාන්ත ජනප්‍රිය නිළි උදාරි වර්කුලසුරිය. ඇයයි සුන්දර ළමා තැනීය. ” මගේ ජිවිතේ සරළයි සැහැල්ලුයි. උදාරි හිනා වේවි කියූ දෙයක්. වලව්වේ මෙහෙකාරිය “සිරියා” වෙන්නේ උදයන්ති. වලව්වේ සෙල්ලක්කාරයා, චරිත අබේසිංහ. මෑතකදී කලාකරුවන්ගේ දේශපාලන ආගමනය ගැන මතභේදයට තුඩු දුන් ප්‍රකාශයක් සමඟ කතා බහට ලක්වූ චරිත්ගේ දේශපාලන කතාව ගැනත් අපි අහන්න අමතක කලේ නැහැ. නූතන කුමාර වරුන්ගේ භූමිකාව ගැන ඔහුට තිබුණා අපූරු අදහස් ටිකක්. එයත් ඔබට ඔහුගේ වීඩියෝවෙන් අපි ගෙන එන්නට සුදානම්. පළමු වරට රංගනට පිවිසෙන නිරුපණ ශිල්පියකු වූ කපිල් ගල්පිහිල්ලත් දහවල් වෙනකොට ලොකේෂන් එකට එකතු වෙන්නේ “වෙදරාළ” වෙමින්. සියළු තීරණ සංජය නිර්මාල්ගේ. තව බොහොම සම්මානනීය නළු නිළි පිරිසක් සංසාර අරණ්‍ය අසබඩ තුලින් ඔබට දැක ගන්න පුළුවන්. අද දර්ශණ තලයේ ඉන්නේ මේ ටික.
“ලස්සන තිබිලා මදි ටැලන්ට් එකත් රංගයට වැදගත්. මේ උදයන්ති. ඇගේ රුව ඔබ සජීවීව දැක ඇති. සමහර විට නැතුවත් ඇති. ඒ කෙසේ වුණත් ඇයට බෙහෙවින්ම ආකර්ශනීය සමක් උරුම වී තිබෙනවා. නමුත් මම අද අද දැක්ක උදයන්ති කළුයි. ” චරිතයට අනුකුල ලෙස කළු කරලා. ඒකට වගකිව යුතු පුද්ගලයා තරුණ වේශ නිරූපණ ශිල්පී බුවනක රණවක. ඔහුගේ පියාත් ලංකාවේ ප්‍රසිද්ධ සම්මානලාභී වේශ නිරූපණ ශිල්පියක්. ඔබ නරඹන මෙම ටෙළියේදී ඔබට පෙනේවි මේ නළු නිළියන්ගේ වෙනස. ඒ වෙනස වෙනුවෙන් එක් රංගන ශිල්පියක් එක්ක බුවනක පැය 3,4ක පමණ වෙලාවක් ගත කරනවා. සේරම මාරම ගේමක්. ඔබ සියසින් දකින්නම ඕන.. එවිට ඔබට හිතේවි ඔබ ආදරය කරන මේ චරිත මොන කට්ටක් කනවද කියලා. ඒ කට්ට ඔවුන්ට හරි රහයි. ඒ ඔවුන් ඔබේ ආදරය කෑදර නිසා. ඔබ වෙනුවෙන් හරි දෙයක් කරන්න ඔවුන්ට අවශ්‍ය නිසා.
සාධාරණ සමබර මාධ්‍ය සම්ප්‍රදායක යන බොස්ටන් අපි ඔවුන්ගේ වගවීම් ගැන ඔබට කියන්න සෙට් එකේ රුගත කිරීම් යන අතරතුරදී ඔවුන් සමඟ කතා කලා. අධ්‍යක්‍ෂකවරයා ද තමන්ගේ වැඩේ යන අතරතුර නිරතුරු අපි ගැනත් සොයා බලන්න අමතක කළේ නැහැ. මහේෂ්ව සම්පුර්ණයෙන්ම අපේ වැඩේට යොදවා තිබුණා.
සෙට් එකේ කෑම බීම සියල්ල සොයා බැලුවේ ජනක. නිෂ්පාදකවරුන් වැළලෙන කාලෙක අභියෝගයක් දරමින් මීට නිෂ්පාදක දායකත්වය සපයන්නේ ඈන් ඩන්ස්ෆෝර්ඩ්. සහාය අධ්‍යක්ෂනය ප්‍රියන්ත සමරකෝන්. සම්පත් තුෂාර  නිෂ්පාදන කළමනාකරණයට දායකත්වය ලබා දෙද්දී ශබ්ද පරිපාලනයට ඉන්දික සිසිර කුමාර කැප වෙනවා. සංසාරරණ්‍ය අසබඩ හි තේමා ගීතය ලියවෙන්නෙත් මෙහි අධ්‍යක්‍ෂක සංජය නිර්මාල් අතින්ම වීමත් විශේෂත්වයක්. එයට සංගීතය මුසු කරන්නේ සංගීත අධ්‍යක්ෂක නදීක ගුරුගේ. කළා අධ්‍යක්ෂනය සුරංග කුරුප්පු ආරච්චි. සංස්කරණය විරංග කැටපේ ආරච්චි. තවද  කැමරා සහායකවරුන් සහ ආලෝකකරණ සහායකවරුනුත් කිහිපයක් මිට සිය උපරිම දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම හෙළ අතීතය දනවන්න අයේෂා ගන්නා උත්සාහයත් මතක් කළ යුතුයි. ඇයයි මෙහි ඇදුම් නිර්මාණ ශිල්පිණිය. කර්යශුරිව අධ්‍යක්ෂවරයා සමඟ මනා සම්බන්දතාවයක් ගොඩනගා නගමින් අදහස් මති මතාන්තර අස්සේ දිවෙන ඇයගේ භූමිකාවත් මෙහි කැපී පෙනුණා. මේ දවස් වල ලංකාව පුදුමාකාර රස්නෙයි. ස්වභාව සෞන්දර්ය අපිට පාඩමක් කියා දෙන යුගයක් . ගිණියම්ව දැවෙන දාහයට තෙත්වූ මුහුණු අතරේ සංසාරාරන්‍යය අසබඩ කණ්ඩායම නිරතුරු දැනවුයේ වෙහෙසට ඔච්චම් කරන හිනාවක්.
සංජයගේ ඇක්ෂන් කට් ලෙල්ලටම පාගන්නේ නිහඩම චරිතයක්. ප්‍රවීණ කැමරා සහ අලෝක ශිල්පියකු වන උපුල් ප්‍රජාත්. එදා සෙට් එකේ සිටි සියල්ල අපගේ වීඩිවේ සටහන් වුවත් දෙන්නෙක්ගේ කතා මිස් වෙනවා.එක්කෙනෙක්  රංගවේදී සරත් කොතලාවල. අධ්‍යක්‍ෂවරයා ඔහුට ඔබ වෙනුවෙන් දෙයක් කියන්න කියා පැවසුවත් ඒ වෙනුවෙන් ඔහුට කාලයක් තිබුණේ නැහැ. ඒකට හේතුව නම් මම කියන්න දන්නේ නැහැ. හේතුවක් හදා ගන්න ඔබට භාරයි. අනෙක් චරිතේ මම ඉහත සදහන් කරපු උපුල්. උපුල්ට නම් ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා ” අනේ මට කතා කරන්න තේරෙන්නේ නැහැ නංගී.. ඒක හරිම අහිංසක ඉල්ලීමක්.. අධ්‍යක්‍ෂවරයාගේ සාකච්චාවේදී කැමරාකරණය ගැන සවිස්තරව කියවෙන නිසා උපුල්ගේ අඩුවකුත් නැහැ වගේම නිහඩව තම වැඩේ අමුවෙන්ම ගහණ ඔහුගේ හැකියාවන් මනාව ගැන මෙහි රූපරාමු සාක්ෂිත්  දරනවා. තිරයේ පෙනෙණ චරිත, මහා චරිත බවට පෙරළීමට ඔවුන් ගහන්නේ පුදුම ගේමක්. ඔබත් මමත් ආලින්දයේ සිට නරඹන සුන්දරත්වය රූගත කිරීම් සිදු කෙරෙන දර්ශණ තලයේ නැහැ. මේක ලොකු කැප කිරීමක්.  නමුත් ඔවුන් තෘප්තිමත්… අපිට වෙහෙසයි මේක බලන් ඉදලා. ඒත් ඔවුන්ට වෙහෙසක් නැහැ. ඒ ඔවුන් පැලෙන්න තම නිර්මාණයට ආදරය කරන නිසා.
මෙන්න මෙහෙමයි ඒක ඉතිං…. නිර්මාණය සදහා දුර්ලභ ගණයේ දර්ශණ තල, ආකර්ශනීය ඇදුම් නිර්මාණය, කලාකරුවන්ගේ විශිෂ්ට රංගනයන් සියල්ලට මේ කණ්ඩායමේ එකාවන්ව වැඩ කරන සාමුහිකත්වයත් මුසු වෙලා.
කැපවීමට ප්‍රථිපල ඉදිරියේදී සම්මාන දිනා ගෙන සනිටුහන් වනු ඇත.
නිදා ගන්නවත් නොදී මල ඇනයක් වුණ අපිටත් ඔවුන් දුන් සහයෝගය හරි අපූරුයි. සියලු දෙනාටම ස්තුති කරමින් අපි යටවක වලව්වෙන් නික්මුණා. ඒ හරියටම  හවස 5 කණිසමට
Ashanthi Warunasuriya අශන්ති වරුණසුරිය
Pic By Ranuka Wijewardhana
IMG_2058 copy IMG_2136 copyIMG_2096 copyIMG_2078 copyIMG_2063 copy IMG_2180 copyIMG_2067 copy