2011 ලෝක කුසලානයත් , තොන්ඩමන්ගේ මළ ගෙදරත් , කරුණාගේ ප්‍රකාශයත් වැදගත් කාරණා නොවෙයි : අගමැති

කරුණා අම්මාන් ගේ ප්‍රකාශය, තොන්ඩමන් ඇමතිවරයාගේ මළ ගෙදර සමාජ දුරස්ථ භාවය රැකුණාද නැත්නම් 2011 ලෝක කුසලාන අවසන් තරගය පාවලා දුන්නද කියන කතාවන් දැන් වැදගත් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
“ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු” යන මැයෙන් පැවැත්වූ දේශනයේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
අගමැතිවරයා සිදුකළ සම්පුර්ණ කථාව පහතින්.
අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි,
1970 දී මේ රටේ බලයට ආවේ සමාජවාදී ආණ්ඩුවක් වුණාට කවුරුවත් කිව්වේ නැහැ ඒක රුසියාව, චීනය, මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. ඒ වගේම 1977 දී බලය ගත්තෙ ධනවාදී ආණ්ඩුවක් වුණාට අපි කිවුවෙ නෑ ඒක ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. නමුත් 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ කවදාවත් අපි අත්දැකපු නැති තරමට විදේශීය අතපෙවීම් තිබුණා. මේ රටේ දේශපාලනයට බරපතල විදියට විදේශීය රටවල් අතපොවන්න පටන් ගත්තේ 2009 අපි යුද්ධය දිනුවයින් පස්සේ. අපේ රටට එරෙහි විදේශීය බලවේග කවදාවත් හිතුවේ නෑ ඒ යුද්ධය අපි දිනයි කියලා.
මුලින්ම මේ මැදිහත්වීම වුණේ 2010 ජනාධිපතිවරණයේදී. නමුත් මේ රටේ ජනතාව ඒ උත්සාහය තීරණාත්මක විදියට පරාජය කළා. නමුත් 2015 දක්වා දිගටම ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. 2015 දී එක්සත් ජාතික පක්ෂයේ නායකයා තරඟයෙන් ඉවත් වෙලා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි කියලා තීරණය කළේත් කවුද කියලා ඔබ දන්නවා.
2015 දී යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත්ත වගේ තත්ත්වයක් තමයි ඇතිවුණේ. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. මේ රටත් ජාතියත් සුරකින මහා සංඝරත්නය යටත් කර ගන්න ප්‍රධාන භික්ෂූන් වහන්සේලා බොරු චෝදනා මත හිරේ දැම්මා. වැඩියෙන්ම පැන්නුවේ පන්සල්වල ඉන්න අලි ඇතුන් පස්සෙ. ඒ බෞද්ධයන්ගේ පෙරහැර සංස්කෘතිය ඉවර කරන්න.
ත්‍රස්තවාදය පරාජය කරලා රට රැකපු සන්නද්ධ හමුදා අකර්මණ්‍ය කරන්න පහලම සොල්දාදුවාගේ ඉඳලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා දක්වා තෝරාගත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා මත සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් බන්ධනාගාර ගත කරලා බොරු නඩුත් පැවරුවා. එහෙම කලේ, මේ රණවිරුවෝ නොවෙයි, හොරු සහ මිනීමරුවො කියන අදහස ලංකාවේ මිනිසුන්ගේ ඔළුවලට දමලා ලෝකය පුරාත් ප්‍රචාරය කරන්න.
ජාතිකවාදී කඳවුරේ දේශපාලනඥයන්ටත් දෙන්න පුළුවන් සියලුම දඬුවම් දුන්නා. විමර්ශන කොමිසම් පත් කළා, පොලීසියට ගෙන්නුවා, මාස ගණන් රිමාන්ඩ් කළා, බොරු නඩු පැවරුවා. මේ සේරම කළේ මේ රටේ ජාතිකවාදී කඳවුර සහමුලින්ම විනාශ කරල අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරලා රට බෙදලා ඉවරයක් කරන්න. යුද්ධයෙන් කරන්න බැරි වුණ දේ, මේ විදියේ දේශපාලන මෙහෙයුම් වලින් කරන්න හැදුවා.
2019 නොවැම්බර් මාසේ, අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ඒ සැලසුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණකාරයෝ තවම වැඩේ අතෑරලා නැහැ. අලුත් ජනාධිපතිවරයා පත් වෙලා දවස් කිහිපයක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක් පැහැරගෙන ගිහින් ප්‍රශ්න කළාය කියලා රඟ දක්වපු බොරු නාඩගම අපි කවුරුත් දැක්කා. අලුත් ආණ්ඩුවට හුස්මක් ගන්නවත් ඉඩ දෙන්න මේ කුමන්ත්‍රණකාරයෝ සූදානම් නැති බව ඒකෙන් පෙනුනා.
2015 මේ රටේ බලය අල්ල ගත්ත යහපාලන කුමන්ත්‍රණකාරයෝ ඒගොල්ලන්ගෙ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය තමයි 2015 ඔක්තෝම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරගත්ත 30/1 යෝජනාව. ඒකෙන් ඉස්සෙල්ලාම කළේ, ලංකාවේ හමුදාව යුද අපරාධ කරයි කියලා පිළිගන්න එක. ඊට පස්සේ ඒ යුද අපරාධ චෝදනා විභාග කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන් සහිත විශේෂ අධිකරණයක් පිහිටුවන්න එකඟ වුණා. උසාවියේ නඩුවක් ගොනු කරන්න තරම් සාක්‍ෂි නැති වුනත්, මානව හිමිකම් උල්ලංඝනය කළාය කියල සැකයක් හරි තියෙන සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කරන්නත් ඒගොල්ලෝ බාරගත්තා. මේකෙ අරමුණ වුණේ, ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ජීවගුණය බිඳලා අකර්මණ්‍ය කරලා දාන්න.
30/1 යෝජනාවේ ප්‍රධානම පොරොන්දු කියපු ආකාරයටම ක්‍රියාත්මක කරන්න බැරි වුණත්, ඒවා වෙනත් ආකාරයට ක්‍රියාත්මක කරන්න යහපාලන ආණ්ඩුව අලුත් නීති සම්මත කරලා තියෙනවා. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්ත. ‘කාර්යාලයක්’ කිවුවට ඒක ඇත්තටම සිතාසි නිකුත් කරන්න, සාක්ෂි කරුවන් කැඳවන්න, විභාග පවත්වන්න බලය තියෙන විනිශ්චය සභාවක්. ඒකෙ නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක්, බන්ධනාගාරයක් වරෙන්තු නැතුව සෝදිසි කරලා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගන්න පුලුවන්. රාජ්‍ය රහස් පනතේ විධිවිධාන වලට පටහැනිව වුවත්, බුද්ධි අංශ, සන්නද්ධ හමුදා ඇතුළු සියලුම රජයේ ආයතන මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දක්වන්න නීතියෙන් බැඳිලා ඉන්නවා.
2018 මාර්තු මාසයේ මහා සංඝරත්නයේ දැඩි විරෝධයත් නොතකා අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කරන්න 2018 අංක 05 දරණ පනත යහපාලකයෝ සම්මත කරගත්ත. මේකෙන් ඇත්තටම කෙරෙන්නෙ අතුරුදහන් වූවන් හොයන එක නොවෙයි, ලංකාවේ හමුදා සාමාජිකයන් දඩයම් කරන එක. මේ නීතිය යටතේ ලංකාව තුළ අතුරුදහන් කරවීමක් සිදු කළාය කියා සැක කරන පුද්ගලයෙකු විදේශීය රටකට උදර්පණය කරගෙන ඔහුට විරුද්ධව එම රටේදී නඩු පවරන්න නැතිනම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාරදීම කරන්න පුලුවන්.
2018 අගෝස්තු මාසයේදී, අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය උපකාර සැලසීම් පනතට යහපාලන ආණ්ඩුව ගෙනාපු අංක 24 දරණ සංශෝධන පනතෙන් කෙරෙන්නෙ, විදේශීය රටකට නැතිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලංකාව තුළ ඒගොල්ලන්ට අවශ්‍ය සැකකරුවන් නැතිනම් සාක්‍ෂිකරුවන් සොයා ගන්න, ඒ නඩුවලට අවශ්‍ය සාක්‍ෂි ලංකාවෙන් ගෙන්වාගන්න යාන්ත්‍රණයක් හදන එකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව තම තමන්ගේ රටවල “යුනිවර්සල් ජූරිස්ඩික්ශන්” සංකල්පය යටතේ නඩු පවරන්න කියලා බටහිර රටවල් වලින් දැනටමත් ඉල්ලීමක් කරලයි තියෙන්නෙ.
2019, ජනාධිපතිවරණයෙන් යහපාලකයෝ දිනුව නම් මේ ඔක්කොම ක්‍රියාත්මක කරලා ලංකාව ඉවරම කරලා දානවා. මේ දෙස් විදෙස් කුමන්ත්‍රණය තීරණාත්මක විදිහට පරාජය කරන්න අපිට ඉතාමත්ම ප්‍රබල ජනවරමක් ඕන වෙනවා. ඔබට මතක ඇති 2018 අවසානයේදී යහපාලන ආණ්ඩුව දෙකට බෙදිලා බිඳවැටෙමින් තිබුණ අවස්ථාවෙදිත් තමන් ඇති කරපු ඒ ආණ්ඩුව රැකගන්න බටහිර තානාපති කාර්යාල වල නිලධාරීන් පාර්ලිමේන්තුවේ අමුත්තන්ගෙ ගැලරියේ ඉඳගෙන යහපාලන කතානායකවරයා ගත්තු ක්‍රියාමාර්ගවලට අත්පුඩි ගසමින්, ඔල්වරසන් දෙමින් සහයෝගය දක්වපු ආකාරය. ජනාධිපතිවරණයෙන් පැරදුනාට කුමන්ත්‍රණකාරයෝ වැඩේ අත්හැරලා නැති බව අපි හොඳින් තේරුම් ගන්න ඕනේ.
මම මහජනතාවගෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී හැම වෙලාවෙම ලොකු චිත්‍රය සිහියේ තබා ගන්න කියලයි. අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන තර්ජනයේ හැටියට දේශපාලනික වශයෙන් වැදගත් කාරණා මොනවද, නොවැදගත් කාරණා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත්, අපි විනාශ වෙනවා. ආරුමුගම් තොන්ඩමන් මහතාගේ මළගෙදර සමාජ දුරස්ථභාවය හරියටම රැකුණාද, 2011 දී කවුරුහරි ක්‍රිකට් තරඟයක් පාවලා දුන්නද වගේ දේවල් ගැන විවිධ අයට නොයෙක් කාරණා කියන්න පුලුවන්. නමුත් ඕවා දේශපාලන වශයෙන් වැදගත් කාරණා නොවෙයි.
2019 නොවැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ අපට මුහුණ දෙන්න වුණ ලොකුම ප්‍රශ්නය තමයි කොවිඩ් – 19 වසංගතය. අන්න ඒ ලොකු ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දුන්නද කියන එකයි මෙතන වැදගත් වෙන්නේ. මම පැහැදිලිවම කියනවා කොවිඩ්-19 පාලනය අතින් ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න රටක් අපි. නවසීලන්තය පවා ඉන්නෙ අපිට වඩා පිටිපස්සෙන්. වියට්නාමය, හොංකොං හා තායිවානය වගේ රටවල් කොවිඩ්-19 වගේ රෝග පාලනය කරන හැටි ඉගෙන ගත්තෙ 2003 සාර්ස් වසංගතයෙන් බැටකාලා.
අපිට ඒ වගේ රෝග ගැන ලොකු අත්දැකීමක් නැතුව තමයි කොවිඩ්-19 මේ මට්ටමට පාලනය කරලා තියෙන්නෙ. පිටරටින් එන ආසාධිතයෙක් සමාජයට ගියොත් විතරයි ආයෙමත් කොවිඩ් – 19 ව්‍යාප්තියක් මෙහේ ඇති වෙන්නෙ. යහපාලන කල්ලිය බලයේ හිටියනම් ඒගොල්ලන්ට පුලුවන්ද කොවිඩ්-19 මේ විදියට පාලනය කරන්න? අපි වැදගත් දේවල් මොනවද, නොවැදගත් දේවල් මොනවද කියලා හොදින් තේරුම් අරගෙන, හැම වෙලාවෙම ලොකු චිත්‍රය ගැන හිතුවොත් අපේ ජනතාව දිනුම්.
කරුණා අම්මාන් කොටි සංවිධානයේ ඉන්නකොට හමුදා කඳවුරුවලට ගහලා සෙබළුන් දහස් ගණනක් මරපු බව කිවුවයි කියලා යහපාලන විපක්‍ෂය උඩ පනින හැටි අපි පහුගියදා දැක්කා. ලොකු චිත්‍රය යටපත් කරලා, වෙන වෙන කාරණා ඉස්සරහට දාන්න කොයි තරම් ලේසිද කියලා ඒකෙන් පේනවා. 2005 නොවැම්බර් මාසයේ මම ජනාධිපති වුණාට පස්සෙ, අපි කොටි සංවි‍ධානය සහමුලින්ම විනාශ කරලා දැම්මා. කරුණා ඒ කාලේ ත්‍රස්තවාදයත්, බෙදුම්වාදයත් දෙකම අත්හැරලා කොටි සංවිධානයෙන් ඉවත් වෙලා යුද හමුදා බුද්ධි අංශයට යටත් වෙච්ච නිසා ඔහු කොටි සංවිධානයත් එක්ක විනාශ වුණේ නෑ. ප්‍රභාකරන්ගේ මෘත දේහය හඳුනාගන්න අපි යැවුවෙත් කරුණාව.
කරුණා මෙන්න මෙහෙම කිවුවා, ඒ නිසා ඔබේ වටිනා ඡන්දය යහපාලන පාර්ශවයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැනත් හොයලා බලන්න වටිනවා. මේ අය 1989 දී ත්‍රස්තවාදීන්ගේ හිත දිනාගන්න කියලා මෝඩ විදියට ආයුධ ලොරි ගණන්, මුදල් ගෝනි ගණන් කොටි සංවිධානයට දුන්නා. ඊට පස්සෙ කොටි අපිට ගැහුවේ ඒ ආයුධ වලින්මයි. 2002 දී ඒගොල්ලෝ සටන් විරාම ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකම ප්‍රභාකරන්ට ලියල දුන්නා. යහපාලන ආණ්ඩුව කාලේ රට බෙදන්න අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා. ඊට පස්සෙ, ඒ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ මූලධර්ම සියල්ල 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් ඇතුළත් කළා.
කරුණා මිනීමරපු කාලයෙත්, ඊට පසුවත්, අද දක්වාම යහපාලන පාර්ශවයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනීමරන එක අත්හැරියත්, යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නෑ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. කරුණා කිවුව දේවල් ගැන දැන් කොහොමත් විමර්ෂණයක් පැවැත්වෙනවා සී.අයි.ඩී එකෙන්. ඉතිං පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රය මොහොතකට හරි අමතක කළොත් සිද්ධ වෙන්නේ විනාශයක්. ඒකයි මම හැම වෙලාවෙම අවධාරණය කරන්නේ, පොඩි චිත්‍රය නොවෙයි, ලොකු චිත්‍රය ගැනම අවධානය යොමු කරන්න ඕන කියලා.
පොඩි පොඩි සිල්ලර කාරණා මත ඡන්දය දෙන්න ගියොත් අපේ රටත්, ජාතියත්, ආගමත්, සංස්කෘතියත්, මතු පරම්පරාවේ අනාගතයත්, සියල්ලම ඉවර වෙලයි නවතතින්නෙ. ජනතාව හැම විටම මෙනෙහි කරන්න ඕනි මේ රට සාර්ථකව පාලනය කරන්න, ආර්ථික දියුණුව ඇති කරන්න, ත්‍රස්තවාදය තුරන් කරලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කාටද? මැතිවරණ කලට වේලාවට පවත්වල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පුළුවන් කාටද? මතු පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි, ආඩම්බර විය හැකි ලංකාවක් ගොඩනගන්න පුලුවන් කාටද? කියන ප්‍රශ්නයයි. ඒකට උත්තරය මොකක්ද කියලා මම කියන්න ඕන නැහැ, හැම ශ්‍රී ලාංකිකයකුම දන්නවා.
ස්තුතියි.
ඔබ සැමට තෙරුවන් සරණයි
දෙවි පිහිටයි

MCC සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 03ක

 MCC  පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට පිළිවන.
එම වෙබ් අඩවි වන්නේ,
www.president.gov.lk
www.presidentsoffice.lk
www.pmdnews.lk
MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  2020 ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටු සභාපතිවරයා විය.
ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ  නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
කමිටුවේ අවසන් වාර්තාව 2020 ජූනි 25 වැනි දින මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්  විසින් ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

රාජිත ඇප මත නිදහස්

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරිමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නියෝග කලේ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු ඇමතිවරයා මුදා හරින ලෙසයි.

පෙරටුගාමී විරෝධය අවහිර කරන්න ඉල්ලීමක් කළේ නැහැ : තානාපති කාර්යාලය

ඊයේ(9) එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධතාවක් පවත්වනු ලැබුවා.
එහිදී එය නැවතීමට පොලීසිය කටයුතු කළ අතර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය සඳහන් කරන්නේ සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල බවයි.
වැඩිදුරටත් එම ලිපියේ දැක්වෙන්නේ  එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි.
ලිපියෙන් උපුටා ගැනීමක්
‘‘අද දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපට පවත්වන්නට නියම කරගෙන තිබූ පෙළපාළියක් අවහිර කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බව අපි දන්නෙමු. එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත. සෑමවිටකම මෙන් රටේ සිටින තානාපති ආයතන දරන වෑයම් සහ මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම, මහජන රැස්වීම්වල විශාලත්වය සීමා කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා ඔවුන් විසින් දරනු ලබන අඛණ්ඩ වෑයම් අපි අගය කරන්නෙමු.’’

මැතිවරණ දිනය ගැන තීරණය ජූනි 08

මැතිවරණය පැවැත්වීමේ දිනය ලබන ජුනි මස 08 වෙනිදා මැතිවරණ කොමිසන් සභාව රැස්වී තීරණය කරන බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටිනවා.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර තේරීම් භාර නිලධාරිවරුන් සමග සාකච්ජා කොට මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බවයි.

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(02) තීන්දු කළා.
දින 10ක් පුරා සියලු පාර්ශ්වවල කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද පස්වරු 3.00ට මෙම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නා.
පංච පුද්ගල විනිසුරු මඩුල්ල වුයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ,සිසිර ද ආබෘ,ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ය.
මෙම පෙත්සම්වලට එරෙහිව ගොනු කරන ලද මූලික විරෝධතා ද විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව ප්‍රතික්ෂේප කෙරිණි.මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව නියෝගයක් ලැබෙනු ඇතැයි පිරිසක් අපේක්ෂා කළ අතර එවැනි නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණයයෙන් නොලැබිණි.

මැතිවරණ කොමිසම හෙට රැස්වේ

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන දිනය සහ මැතිවරණ අංක නිකුත් කිරිම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයන් නිකුත් කිරිමේ දිනයන් තීරණය කිරිම සම්බන්ධයෙන් හෙට දිනයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වන බවට කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
මැතිවරණය පැවැත්වීමේ දිනය වැඩි ඈතකට නොගෙන සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පරිදි සිදුකිරිමට හැකි ආසන්නතම දිනයක මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළා.

“මම International model කෙනෙක් වෙන්න ආසයි “- හිරුණි ලියනගේ

– හිරුණි ලියනගේ කියන්නේ කවුද?
මම නිරූපණ ශිල්පිනියක් ..රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්..
– ඔබ කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ ?
මම වයස අවුරුදු 14 දි තමයි මුලින්ම Field එකට සම්බන්ධ වෙන්නේ ..ඒ වන විට මම Max Tv “දේදුණු යහළුවෝ” සමග සම්බන්ධ වී වැඩ කළා.. ඒ අතරේ NDB advertisement  එකක් සමග සම්බන්ධ වුණා..
ඉන් පසුව වසර හයක් පමණ අධ්‍යාපනික කටයුතු නිසා මම ක්ෂේත්‍රයෙන් ඈත් වී සිට නැවතත් සම්බන්ධ වෙන්නෙ..
– ඔබේ පාසල සහ අධ්‍යාපනික කටයුතු ගැනත් සඳහන් කරමු ද?
මම හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා ..ඉන්පසුව මානව සම්පත් කළමනාකරණ උපාධිය හැදෑරුවා.. නිවේදන කටයුතු සම්බන්ධයෙනුත් හැදෑරීමක් කළා..
– ඔබේ පෞද්ගලික විස්තර මොනවද?
මගේ ගම් පළාත කළුතර ප්‍රදේශය.. පවුලේ අම්මා, තාත්තා සහ මට නංගිලා දෙන්නා දෙන්නෙක් සිටිනවා..
– ක්ෂේත්‍රයේ ඔබට මුහුණපාන්නට සිදුවූ අභියෝග මොනවද?
අද වන විට බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටිනවා.. ලොකු තරගයක් තිබෙනවා.. ගොඩක් අය Field එකට එන්නේ හැදෑරීමක් නැතුව. photo-shoot model කෙනෙක් විදිහට..එය Field එකට ඒ තරම් හොඳ දෙයක් විදිහට මා දකින්නෙ නෑ..
2
– ඉදිරියේදී ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නට කැමැත්තෙන් සිටින කෙනෙකුට කුමක්ද ඒ සඳහා ඇති ක්‍රමවේදය?
යම්කිසි හැදෑරීමක් සහිතව ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන එක හොඳයි.. ඒ සඳහා මේ වන විට modeling academy බොහොමයක් තිබෙනවා.. ඕනම කෙනෙකුට පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන්.
– ලංකාවේ එවැනි modeling academy ගැන විශ්වාසයක් තබන්න පුලුවන්ද?
බොහෝමයක් pageants වල crowns මුදලට දෙන අවස්ථා තිබෙනවා ..නමුත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳ තැනුත් තිබෙනවා.
3
– ඔබේ රංගන කටයුතු පිළිබඳව මතක් කළොත්..?
මේ වන විට චිත්‍රපට තුනකට දායක වෙලා තිබෙනවා. ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා.. ලබන වසරේ ආරම්භයේ විකාශය වේවි.. ඒ වගේම documentary වලටත් සම්බන්ධ වෙලා තියෙනවා..
– ඔබ රංගන ජීවිතයේදී යම් තෝරා බේරා ගැනීමක් සිදු කරනවද ?
තෝරා ගන්නේ මට සාධාරණයක් කරන්න පුළුවන් චරිත තමයි .. music video වලටත් සම්බන්ධ වෙලා තිබෙනවා.. Miss & Mrs srilanka for USA තරඟයටත් සහභාගි වෙලා තිබෙනවා.
– නිරූපිකාවක් වීමට කුඩා කාලයේ සිට සිහිනයක් තිබුණද?
නැහැ ..එය අහම්බයක් ..පොඩි කාලේ ආසාවෙන් හිටියේ නිවේදිකාවක් වෙන්න.
7
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
International model කෙනෙක් වෙන්න ආසයි.. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඇමරිකාවට ගිහිල්ල එහිදී නිරූපණ ශිල්පිණියක් ලෙස වැඩිදුරටත් හදාරන්න.
හිරුණි ලියනගේ ඔබට Boston Lanka අපෙන් සුබ පැතුම්!
සටහන – තරුෂි නවංජනා ලියනාච්චි.

Sri Lankan man kills two kids in East London

A Sri Lankan man has reportedly stabbed himself in the neck after allegedly knifing his two kids to death at their East London flat, The Sun reported today.
Nitin Kumar, 40, remains in a critical condition in hospital after allegedly killing his two children, aged one and three, in Ilford on Sunday.
According to hospital sources, the dad-of-two sustained a severe cut to the neck after he “exploded” during lockdown, when he is believed to have killed Pavinya Nithiyakumar, aged 19 months, and three-year-old Nigish Nithiyakumar.
The shopworker reportedly then turned the knife on himself – but due to his condition, is yet to be formally interviewed by police.
Heartbroken mum Nisha found her toddler son, Nigish, in the bathroom gasping for breath after the horror on Sunday night, athirvu reports.
In a double tragedy, she then discovered one-year-old daughter Pavinya stabbed to death in her bed – just 90 minutes after Kumar had returned home from work as a shopkeeper.
She told the Mail: “I was in the bathroom and could hear one of my children vomiting.
“I rushed into the bedroom and when I saw them covered in blood, just started screaming. I was shouting ‘what have you done to them, what has happened?’
“I rushed to the fridge to get some ice because I could see that my son had a deep cut to his neck. Blood was gushing out of it. I ran back into the bedroom and started applying the ice to his neck. He was barely able to breathe and was wheezing heavily.
“My daughter was not moving at all. There was blood all around her. All I could think about was how to save them.”
She then dashed into the bathroom and called 999.
Horrified neighbours heard “tortured” screams as Nisha ran into the street shouting: “Help me…it’s my children”.
Cops then brought out the baby girl in a tiny body bag from the flat as paramedics desperately tried to revive her brother on the street with CPR.
Nigish was taken to hospital by air ambulance but later pronounced dead.
Stunned witnesses told how the children’s traumatised mother was led away screaming by police.
She is currently staying with her sister Rajani in West London.
Local Intisar Ahmed said: “I heard a horrible screaming and went outside to see what was happening.
“I saw emergency services take the little boy outside and lay him on the footpath and give him CPR. My friend said he was covered in blood.”
Kumar and his wife originally came from Sri Lanka and moved into the flat just over a year ago but had been rowing recently due to the lockdown.
He was employed at a convenience store near his home and spent the day working there before leaving at around 4.30pm to return to his family.
His employer, Shanmugatha Thevadurai, 54, said “Everything was normal. Nithi was a wonderful man and a loyal worker.
“He opened the shop at 9am, worked a normal day and made me tea shortly before he left.
“He had been telling me how his wife was not happy that he was still going out to work in the lockdown.
“There were four of them in a tiny, cramped flat and I think things just got too much for him