‘බැඳුම්කර කොමිසම’ : මහ බැංකු අධිපති සාක්ෂි දෙයි

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව අද සිය සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කළේය.

කොළඹ 12 අධිකරණ මාවතේ පිහිටි භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිෂන් සභා කාර්යාලයේදී කොමිසම රැස්විය.

2015 පෙබරවාරි මස පළමුවෙනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා කාල පරිච්ඡේදයේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව මාස 3ක් ඇතුළත පරීක්ෂණ අවසන් කොට වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා මෙම කොමිසමට නියෝග කර ඇත.

අද කොමිසමේ කටයුතු ආරම්භ කරමින් සාක්ෂි දීමට කැඳවා තිබුණේ වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිය.

සාක්‌ෂි විභාගය ආරම්භවීමට පෙර කොමිසමේ කටයුතු පිළිබඳව මූලික අදහසක් ඉදිරිපත්කරමින් එහි සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත්‍රි චිත්‍රසිරි, කොමිසමේ කටයුතු සිදුවන ආකාරය පැහැදිලි කළ අතර කොමිසමේ කටයුතු නියමිත කාලපරිච්ඡේදයට අවසන් කිරීම සඳහා ඉදිරියේදී දිනපතා සාක්ෂි විමසන බව පැවසීය.

කොමිසමේ කටයුතුවලට සහය දැක්වීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් නිලධාරීන් 4 දෙනකු ලබාදී තිබෙන බව පැවසූ ඔහු සඳහන් කළ පරිදි, සුමතිපාල උඩුගමසුරිය කොමිසමේ ලේකම්වරයා ලෙස ක්‍රියා කරයි.

පෙබරවාරි 9 හා 10 වෙනිදා කොමිසමට කරුණු ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා පුවත්පත් දැන්වීම් පළකළ බව පැවසූ විනිසුරුවරයා ලබන 28 වෙනිදා දක්වා කරුණු ඉදිරිපත් කළ හැකි බව සඳහන් කළේය. එසේ ලබාදෙන කරුණු ගැන වැඩිදුර තොරතුරු අවශ්‍යනම් ඔවුන් සාක්ෂි ලබාදීමට කැඳවන බව ද ඔහු කියා සිටියේය.

රහසිගත සාක්ෂි

කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු මහජනතාවට විවෘත බව පැවසූ විනිසුරුවරයා, අත්‍යවශ්‍ය නම් රහසිගතව සාක්ෂි දීමේ ක්‍රමවේදයක් ද ඇති බව ප්‍රකාශ කළේය.

බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කර ඇති වාර්තා, කෝප් කමිටුවේ වාර්තාව හා අගමැතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ද මෙම විමර්ශනය සඳහා යොදාගන්නා බව ඔහු කියා සිටියේය..

ඉන් අනතුරුව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද සිල්වා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් 9 දෙනකුගේ කණ්ඩායමක් කොමිෂන් සභාවේ කටයුතු සඳහා සහභාගිවන බවය. සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවුවහොත් ඔවුන්ව ආරක්ෂා කිරීමේ පනත යටතේ ක්‍රියාකළ හැකි බව ද ඔහු පෙන්වා දුණි.

තාක්ෂණික කරුණු

සාක්ෂි විමසීම ආරම්භකිරීමට පෙර සභාවේ සිටි නීතිඥයින් දෙදෙනෙකු ඇමතු කොමිසමේ සාමාජිකයින්, ඔවුන් පෙනී සිටින්නේ කුමන පාර්ශ්ව වෙනුවෙන්දැයි විමසීමේදී එම නීතිඥයින්පැවසුවේ තමන් සාක්ෂි විභාගය නිරීක්ෂණය සඳහා පැමිණි බවය. එසේ නිරීක්ෂණය කරන්නේ කුමන පාර්ශ්වය වෙනුවෙන්දැයි විමසු විට, පර්පචුවල් සමාගම වෙනුවෙන් තමන් සාක්ෂි විමසීම නිරීක්ෂණය කළ ද නිල වශයෙන් තමන්ට එම කාර්ය පැවරී නැති බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ට අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද සිල්වා විසින් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් සාක්ෂි විමසිම ආරම්භ කරනු ලැබූ අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ පිළිවෙතේ තාක්ෂණික කරුණු සම්බන්ධ ප්‍රශ්න ගණනාවක් ඔහු වෙත යොමු විය.

බීබීසී

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන නිලවරණය කල් යයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන  නිලවරණය පැවැත්වීම දිනය පසුව දැනුම් දෙන තුරු කල් දමා ඇති බව වාර්තා වේ.

අද (21) දින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන  නිලවරණය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබුණු නමුදු ඒ සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

නිලවරණය පැවැත්වීමේ  කටයුතුවලින් විනිසුරුවරුන්ගේ සංගමය ඉවත්වීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය මතුව ඇති බව සඳහන්ය.

සභාපති ධූරය සඳහා යූ.ආර්. ද  සිල්වා , අනුර මැද්දේගොඩ, ආර්.සංඝරාජා යන නීතීඥවරු තරග වදින බවයි නීතීඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා සඳහන් කළේය.

මෙම නිලවරණයේ තේරීම්භාර නිලධාරීවරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ  දිසා විනිසුරුවරුන්ය.

කෙසේවෙතත්  පසුගියදා මඩකළපුව දිස්ත්‍රික්කයේ නීතීඥවරයෙකු මහාධිකණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත් වු බවට චෝදනා කරමින් විනිසුරුවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

මමත් එහි සභාපති ධූරය සදහා අපේක්ෂකයෙකු ලෙස තරග වදිනවා

සාකච්ඡා කළේ නිරාශා පියවදනි

උදය රොහාන් ඩී සිල්වා නාමය ඔබට තරමක් නුහුරු නුපුරුදු වුණත් යූ. ආර්.ඩී සිල්වා නාමයනම් අපේ නීතිඥ ප්‍රජාවට කොහෙත්ම නුහුරු නැහැ. මෙරට ආන්දෝලනාත්මක නඩු රැසකට සම්බන්ධව කටයුතු කළ ඔහු මේවන විට නීති ආධාර කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස ද කටයුතු කරන කීර්තිමත් නීතිඥවරයෙක්.  වෘත්තිය ජීවිතේ සුවිශේෂි කඩඉමකට සූදානම් වෙන මේ මොහොත් බොස්ටන් ලංකා සමග සම්බන්ධ වෙමින් ඔහු සිය අදහස් පළ කර සිටියේ මෙලෙසින්.

මොකක්ද මේ පනින්න හදන පිම්ම?

2017 ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙවත් Bar Association හි වාර්ෂික නිලවරණය පෙබරවාරි 21 වනදා පැවැත්වෙනවා. මමත් එහි සභාපති ධූරය සදහා අපේක්ෂකයෙකු ලෙස තරග වදිනවා.

ඇත්තටම මොකක්ද මේ නීතිඥ සංගමය කියන්නෙ?

සාමාන්‍යෙයන්  නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දෙන ඕනෑම අයෙකුට මෙම සංගමයට සම්බන්ධ විය හැකියි. නමුත් නිලවරණයකදී වාර්ෂිකව තම සාමාජිකත්වය යාවත්කාලීන කළ අයට පමණයි තම ඡන්දය ලබා දිය හැක්කේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වය වාර්ෂිකව යාවත්කාලීන කළ යුතුයි. බොහෝ පිරිස් මුල් කාලයේදීම මේ සංගමයට සම්බන්ධ වුණාට පසුව එය අලුත් නොකරන නිසා එය නාමික සාමාජිකත්වයක් පමණක් බවට පත්වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට වළංගු ඡන්ද සංඛ්‍යාව 13000 ක් වන අතර ඒ අතරින් 8000ක් කොළඹ දිස්ත්‍රික්කයට අයත්. ඉතිරි 5000 පිරිස නියෝජනය කරන්නේ ලංකාවෙ වෙනත් දිස්ත්‍රික්ක වලින්.

සාමාන්‍ය ජනතාවත් එක්ක නීතිඥ සංමය සතු සබදතාව මොන වගේද?

ඇත්තටම නීතිඥ සංගමය හුදු වෘත්තීය සංගමයක් නෙවෙයි.ඊට වඩා පුළුල් දෘෂ්ටි කෝණයකින් ක්‍රියාත්මක වන්නක්. මේ වන විට මහජනයා  වෙනුවෙන් ක්‍රියාත්මක වීම මන්දගාමී වී තිබුණත් යම් යම් පොදු කාරණා සම්බන්ධයෙන් මහජනයාගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක වීමට නීතිඥ සංගමය කටයුතු කරනවා.

මෑතකදී අපේ පාසල් ශිෂ්‍යාවක් මහපාරෙ වැහි වතුරෙන් පිරී ඉතිරී ගොස් තිබූ කාණු වලකට වැටිලා බෝක්කුව දිගේ ගහගෙන ගියා. අැගේ ජීවිතහානි සිදු වූ අවස්ථාවේ එම නගර සභාවට එරෙහිව කටයුතු කරමින් ඇගේ පවුලේ අයට යම් සාධාරණත්වයක් ඉටු කිරීමට අපි පියවර ගත්තා.

ජනතාව පීඩා විදින එවැනි පොදු ප්‍රශ්නවලදි මීට වඩා සක්‍රීයව දායක වෙන්න ඉදිරියේදි කටයුතු කරනවා.

ඒ වගේම මම ලේකම් ධූරයේ කටයුතු කරන කාලයේ මහජනයා වෙනුවෙන් නීති ආධාර කමිටුවක් පිහිටෙව්වා. පසු කාලීනව එහි ක්‍රියාකාරී බව අඩු වී ගියා.

නමුත්දැන් නිතිඥ ප්‍රජාවට පහසුවෙන් එය කළ හැකි අවස්ථාවක් තමයි නීති ආධාර කොමිෂන් සභාව.එය ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාකාරී ආයතනයක්. දිවයිනේ පිහිටි සෑම අධිකරණයකම එහි ශාඛා තිබෙනවා. ඔනෑම කෙනෙකුට එම ශාඛා හරහා සේවය ලබා ගන්න පුළුවන්.

ඔබ මුලින්ම නීතිඥ සංගමයට සම්බන්ධ වූ යටගියාව සිහිපත් කලොත්?

මම මුලින්ම නීතීඥ සංගමයට සම්බන්ධ වුණේ 2000 වසරෙදි.  එවකට සභාපති ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න මහතා මට සමාජ සහ සුභසාධක කමිටුවේ සභාපති ධූරය මට බාර දුන්නා. ඒ තුළින් මට යම් යම්  යහපත් වෙනස්කම් කිහිපයක් කරන්න හැකි වුණා.

මගේ සංකල්පයකට අනුව අපි කණිෂ්ට නීතිඥවරුන්ගේ සේවා ස්ථානවලටම ගිහින් නීතිඥ සංගමේ වැඩ භාර දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඒ අනුව ඔවුන් වියදම් දරාගෙන කොළඹ එන්න ඕන නෑ. Members Welfare Society  නමින් හැදින් වූ එම අංශය මගින් මා හැකිතාක් මගේ සේවය ලබා දුන්නා.

ගමන එතනින් නැවතුණේ නැහැ?

2002 වසරෙදි නීතිඥ සංගමේ භණ්ඩාගාරික ලෙස තේරී පත් වීමට මට හැකිවුනා. එලෙස ලැබූ පන්නරය සමගින් ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්2008 වසරේදි නීතිඥ සංගමයේ ලේකම් ධූරයට තේරී පත් විමේ භාග්‍ය ලැබුණා. එවක සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළේ ජනාධිපති නීතිඥ ඩබ්.දයාරත්න මහත්මා. එතුමාගේද සහය සමගින් 2008 වසරෙ සිට 2010 දක්වා විශාල වැඩ කොටසක් කිරීමට මට හැකි වුණා.

2008 -2010 කාල පරාසය සංගමයේ පරිවර්තන යුගයක් ලෙස දුන්වන්න පුළුවන්. කණිෂ්ට නීතිඥවරුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව සොයගෙන ගොස් ඔවුන්ගේ දුක් ගැනවිලි වලට සවන් දී ඔවුන්ට නොමිලේ නීති ආධාර ලබා දීමේ හැකියාව ලැබුණා.පසුව අපේ නීති ප්‍රජාව බොහොමයක් පිරිස් 2010 වසරේදි මගෙන් ඉල්ලුවා සභාපති ධූරය වෙනුවෙන් තරග කළ යුතුයි කියා. නමුත් මා එකල තරග වැදුණෙ නැහැ.

ඒ ඇයි?

මා සිතුවා මා ඉක්මන් විය යුතු නැහැ කියා. සභාපතිධූරයට හිමිකම් කීමට නම් යම් පරිණතභාවයක් අවශ්‍යයි. සමාජයේ විවිධ ආයතන සමග සන්නිවේදන සම්බන්ධතා තිබිය යුතුයි.මෙය දේශපාලනයෙන් තොර වු අංශයක් වුවත් අපි ඒ ඒ වකවානු තුළ ක්ෂේත්‍රෙය් සිටින දේශලාලනඥයන් කව්ද ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද කියා මනා අවබෝධයකින් සිටිය යුතුයි. මා සිතුවා මම ඒ පරිණතභාවය ලබා ගැනීමට තව කල් ගත යුතුයි කියා.

1983 වසරෙන් ඇරඹි වෘත්තීය ගමන් මග තුළ පසු කළ සුවිශේෂ කඩඉම් සදහන් කළොත්?

මා කණිෂ්ඨ නීතිඥවරයෙකු ලෙස සේවය කරන කාලෙ මුදල් ගෙවීමට නොහැකි අය වෙනුවෙන්  රජයෙන් පත් කරන  නීතිඥවරයෙකු ලෙස මහාධිකරණයේ කටයුතු කිරීමේ අවස්ථාව උදා වුණා. එහිදී මම ප්‍රථමයෙන් මිනිමැරුම් නඩුවක් වන සිංහාරමුල්ලේ නඩුවට පෙනී සිටියා.

එහි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ගැනීමට හැකි වීමත් සමග එය මගේ වෘත්තීය ජීවිතේ පරිවර්තනයක් ඇති කළා.මේ වන විට මම ත්‍රිපුද්ගල විනිශිචය සභා නඩුවල වැඩිම වාර ගණනක් පෙනී සිටි නීතිඥවරයා ලෙස නමක් දැනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

හර්ෂ අබේවර්ධන ඝාතන නඩුව, තෝමස් කුක් මංකොල්ලකෑම් නඩුව, ත්‍රීමා විතාන ඝාතන නඩුව වැනි රටේ ආන්දෝලනාත්මක  නඩුකර වලට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම මෑත කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ කහවත්තේ ඝාතන නඩු ජාලයේ එක් නඩුවක් සදහා පෙනී සිටි අවස්ථාවත් සුවිශේෂයි.

එහිදී වෙනත් අයෙකු කළ අපරාධ මොවුන් සිදු කළ බවට නීතිපතිතුමා විසින් ඔවුන්ට අධී  චෝදනා පත්‍ර භාර දී එම විත්තිකරුවන්ට අසාධාරණයක් වී තිබුනා. එහිදී ඝාතනය වූ පිරිසගේ රුධිරයේ   වෙනත් අයෙකුට ගැලපෙන ඩීඑන්ඒ සාම්පල තිබුණා.ඒ සම්බන්ධ ඩීඑන්ඒ වාර්තාවක් මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් වී තිබුණත් නීතිපතිතුමාට ඉදිරිපත් වී තිබුණෙ නැහැ. අපිට හැකි වුණා එම ඩීඑන්ඒ වාර්තව සහ වෙනත් සාක්ෂි හරහා මෙම ඝාතනය වෙනත් පුද්ගලයෙකු විසින් කරන ලද්දක් බව සනාථ කර දී නඩුව ජය ගැනීමට.

IMG_3821A

නිලවරණයෙන් ජය ලැබුවොත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අනාගත සැලසුම් මොනවද?

අපේ නීතිඥ ප්‍රජාව ඉල්ලන්නෙ බොහොම සුළු දෙයක්. එදිනෙදා නීති වෘත්තියේ නියෙලෙන්න තිබෙන බාධාවන් ඉවත් කර යහපත් පරිසරයක් ගොඩනගා දීම තමයි ඔවුන්ගේ ඉල්ලා සිටින ප්‍රධානම කාරණය.

යහපත් පරිසරයක් යනුවෙන් අදහස් කරන්නෙ නීතිඥවරයෙකුට වෘත්තියේ නියලෙන කාලසීමාව තුළ රැදී සිටීමට ස්ථානයක් සේවාදායකයන් මුණ ගැසීමට තැනක්  පොලිසියකට ගොස් සේවා දායකයන් වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් වැනි දේ මග හැරී ගොස් තිබෙනවා.

දැනට තිබෙන තත්ත්වය අනුව ගැසට් පත්‍රයක් මගින් පමණයි නීතිඥවරයෙකුට පොලිසියට ගොස් සේවා දායකයින් සදහා පෙනී සිටීමේ අවස්ථාව ලැබෙන්නෙ. දැනට සේවාදායකයෙකුට නීතිඥයෙකු හමුවිය හැක්කේ පොලිසියට සියලු කටඋත්තර ලබා දීමෙන් පසු පමණයි.

නීතිඥවරුන් පොලිසියෙ අය හදුනනවනම් එතනට යන්න බාධාවක් නැහැ. නමුත් එසේ නොවන අවස්ථාවල  ඔවුන් කියන්නෙ නීතිඥවරයෙක් පොලිසියට ඒම සම්බන්ධ නීතියේ ප්‍රතිපාදන නැහැ කියා.

නමුත් මම ඒකට විරුද්ධ මතයක් මම ගොඩනැගුවා. මගේ අදහස වුනේ යම් කෙනෙක් අත්අඩංගුවට ගත් වහාම නීතිඥවරයෙකුගේ සහය ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි කියා.

තවත් ප්‍රධානතම කාරණයක් තමයි නඩු ප්‍රමාද වීම. එහිදී මගේ අදහස් වලින් ප්‍රධානම එකක් ලෙස සදහන් කරන්න පුළුවන් Pre trial stage .

දිනපතා නඩු අහලා ඉවර කරන්න කියන සංකල්පය ප්‍රාෙයා්ගික නැහැ. නමුත් එය කිරිමට පෙර මේ නඩුවට සූදානම් වෙලා තිබෙනවද, ඒවට අවශ්‍ය සහකරුවන් ඉන්නවද, භාණ්ඩ තිබෙනවද නැද්ද වැනි කරුණු රැසක් ගැන සොයාබැලීමෙන් අනතුරුව සාකච්ඡා වාරයකින් හෝ කෙටි ක්‍රමයකින් අවසන් වෙන්නෙ නැත්නම් විතරක් දීර්ඝ නඩු විභාගයකට යන්න පුළුවන්.

විශාල වශයෙන් පිරිස නීති වෘත්තියට පිවිසීම අනාගතයේදී සයිටම් ගැටළුවේ දිගුවක් නොවේවිද?

ඉස්සර නීතිඥවරයෙක් බිහි කළේ නීති විද්‍යාලය සහ සරසවි නීති පීඨය පමණයි. එකල මෙය Nobel Profession යනුවෙන් හැදින්වුයෙ එනිසයි. නමුත් මේ වන විට නීති උපාධිය ලබා දෙන පුද්ගලික ආයතන රැසක් බිහි වෙලා තිබෙනවා.

ඇත්ත වශයෙන්ම  එය ගැටළුවක්. මෑතකදී 800ක් පමණ නීතිඥ සංගමයට බැදුණා.තවත් 1000ක් එන්න ඉන්නවා. මේ වගේ තත්ත්වයකදී ඔවුන්ගේ අනාගතය කොයි වගේ වේවිද?ඔවුන් නිරපරාදේ මහේස්ත්‍රාත් අධිකරණයකට හෝ දිසා අදිකරණයකට ගිහින් හිටගෙන සිටීමෙන් ඔවුන්ට සෙතක් වෙයිද වගේ ගැටළු ගැන අපි සාකච්ඡා කරමින් සිටිනවා.

එවැනි ගැටළුවලට පිළියමක් නොලැබුණොත්  ඔවුන් අනිතික ක්‍රියා වලට පෙලඹීම වළක්වන්න බැහැ.

ආනන්ද නාලන්ද බිග් මැච් – ‘ලේ ගලන ‘ලෝහිත සංග්රාමයක්’

පාසල්හී පැවැත්වෙන බිග් මැච් (ක්රිකට් තරග) සදාචාරාත්මක ලෙස පැවැතිවිය නොහැකි නම් තහනම් කළ යුතු යැයි පූජ්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. එසේම ඒවා පාලනය කිරීමට පාසල් වල විදුහල්පතිවරුන් මැදිහත් නොවන්නේ නම් රටේ ආරක්ෂක අංශ ඒ සදහා මැදහත් විය යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

බිග් මැච් යනු මෙරට බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ආගම නැති කිරීම සදහා මත්ද්රව්ය ගුරුකොට ගනිමින් පාසල් වල ක්රියාත්මක වන කුමන්ත්රණයක් යැයිද අහිංසක කොළඹ ආනන්ද, නාලන්ද ඇතුළු සෙසු පාසල්හී සිසුන් එයට ගොදුරුව ඇතැයිද සෝභිත හිමියෝ පැවසූහ.

මෙම කුමන්ත්රණයෙන් මිදීමට නම් නීතිය අකුරට ක්රියාත්මක කල යුතු යැයිද නොඑසේ නම් පාසල් වල විදුහල්පතිවරැන් මේ සම්බන්ධයෙන් විනය පියවරක් ගත යුතු යැයිද උන්වහන්සේ අවධාරණය කළහ.

කොළඹ පාසල් කිහිපයක් අතර ඉකුත්දා ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට බෞද්ධ සංසදය ඊයේ (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේදී පැවති මාධ්ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

බෞද්ධාගමේ මූලික ඉගැන්වීම විනය හා හික්මීම බවත් රටේ බෞද්ධ පාසල් ප්රසිද්ධියේ මෙලෙස විනය විරෝධි ක්රියා කිරීම ප්රසිද්ධියේ හෙලා දකින බවත් උන්වහන්සේ පැවසූහ.

බිග් මැච් යනු ප්රසිද්ධියේ නීති කඩ කිරීම සදහා පාසල් සිසුන්ට ලබාදෙන අවසර පත්රයක් බවද උන්වහන්සේ මෙහිදී සදහන් කළහ. එසේම ආනන්ද නාලන්ද බිග් මැච් ‘සුලෝහිත සංග්රාමය’ යනුවෙන් නම් කර ඇතත් අද එය ලේ ගලන ‘ලෝහිත සංග්රාමයක්’ වී ඇතැයි සෝභිත හිමියෝ පෙන්වා දුන්හ.

බිග් මැචි සංවිධානය කරනු ලබන ඕල්ඩ් බෝයිස්ලා යනු ‘ඕල්ඩ් බීස්ට්’ ලා යැයි සදහන් කල සෝභිත හිමියෝ බිග් මැච් යනු බෞද්ධ කමටද නිගාවක් යැයි පැවසූහ.

මත්ද්රව්ය සදහා ඇබ්බැහිව සිටින පාසල් සිසුන්ගෙන් සියයට අනූපහක්ම මෙලෙස විද්යාලවල පවතින විවිධ උත්සව වලදී ඒවාට ඇබ්බැහිව ඇතැයි මෙම අවස්ථාවට සහභාගී වූ ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියෝ පැවසූහ. යාපනයේ විද්යාල දෙකක් මත්පැන් රහිත බිග් මැච් දෙකක් සංවිධානය කර එයට ජනාධිපතිවරයාටද ආරාධනා කර ඇතැයි ජනමාධ්ය නියෝජ්ය අමාත්ය කරුණාරත්න පරණවිතාණ මහතා මෙහිදී සදහන් කළේය.

මෙම අවස්ථාවට කුප්පියාවත්තේ බෝධානන්ද හිමි, ත්රිකුණාමලයේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

ජීවිත අවදානම නොසළකන යාත්රා අයිතිකරුවන් සහ පදවන්නන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග

මිනිසුන්ගේ ජීවිත අවදානම සැළකිල්ලට නොගනිමින් කටයුතු කරන යාත්රා අයිතිකරුවන් සහ පදවන්නන් පිළිබඳව දැඩි ක්රියාමාර්ග ගත යුතු යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්ය මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පෙරේදා (19) කටුකුරුන්ද ආසන්න මුහුදේ දී කිහිප දෙනෙකුට මරණය කැඳවමින් සිදු වූ දරුණු අනතුරට හේතුව, එම බෝට්ටුවට දරාගත නොහැකි අන්දමට මිනිසුන් පැටවීම නිසා පැහැදිලි යැයිද එවැනි අවස්ථාවක සමබරතාවය ගිලිහී යාම නිසා බොහෝ විට මෙවැනි අනතුරු සිදු වනවා යැයිද අමාත්යවරයාගේ නිවේදනයේ සදහන් වේ.

මුහුදේ සිදු කෙරෙන මගීන් ප්රවාහනයේ දී, අනුගමනය කළ යුතු ක්රියාමාර්ග පිළිබඳව ධීවර යාත්රා අයිතිකරුවන්ට මෙන්ම, ඒවා පදවන්නන්ට ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශය මාර්ගොපදේශන ලබා දී ඇති නමුත්, බොහෝ විට එම මාර්ගෝපදේශන ක්රියාත්මක නොකර හුදෙක් මුදල් අපේක්ෂාවෙන් කටයුතු කිරීම නිසා මෙවැනි අනතුරු සිදුවන බව පැහැදිලි බවත් අමාත්යවරයා පෙන්වා දෙයි.

බෝට්ටුවක උපරිම ධාරිතාව, මුහුදේ ස්වභාවය, බෝට්ටුවේ ගමන්කරන සෑම කෙනෙකුටම ආරක්ෂිත කබා පැළඳවීම මෙන්ම, ගමනාන්තය තෙක් සමතුලිතතාවය රැක ගනිමින් කටයුතු කිරීම වැනි මුහුදේ මගීන් ප්රවාහනයේ දී අවධානය යොමු කළ යුතු කරුණු රැසක් වන බවද හෙතෙම පවසයි.

නමුත් මෙම අනතුරට ලක් වූ බෝට්ටුවේ ගමන් කළ පිරිස බෝට්ටුවේ ධාරිතාවට නොසරිලන අතර, ඔවුන්ට ජීවිතාරක්ෂක කබා ද ලබා දී නැති බව, පැහැදිලි යැයිද නිවේදනයේ සදහන් වේ.

කෙසේ වුව ද මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ඉදිරි කාළය තුළ යාත්රා අයිතිකරුවන් සහ පදවන්නන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමටත්, එමෙන්ම මෙම කාරණය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශයට අදාළ නොවූවත්, මගී ප්රවාහන බෝට්ටු සේවා සපයන ආයතන හා පුද්ගලයින් නියාමනය සඳහා නවතම විදිමත් මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දීමටත්, ඒ සඳහා නාවික හමුදාව, ජාතික වෙරළාරක්ෂක බලකාය ඇතුළු අංශවල සහයෝගය ලබා ගන්නා බවත්, අමාත්යවරයා අවධාරණය කරයි.

දැනට තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීමට යන පුද්ගලයින් සඳහා ජීවිතාරක්ෂක කබා ලබා දීම අනිවාර්ය කර ඇති අතර, එම යාත්රාවලට ගෙන යා හැකි උපරිම පුද්ගලයින් ගණන පිළිබඳව ද, මුහුදේ ස්වභාවය අවධානයට යොමු කිරීම සම්බන්ධයෙන් ද, අවශ්ය මාර්ගෝපදේශන ලබා දී තිබෙන බවද අමාත්යංශ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම, මගී ප්රවාහන බෝට්ටුවක යම් කෙනෙක් ගමන් කරන්නේ නම්, ඔහු ද තම ආරක්ෂාව පිළිබඳව අවදානය යොමු කළ යුතු අතර, ජීවිතාරක්ෂක කබා ලබා නොදෙන්නේ නම් එවැනි
චාරිකාවල නිරත නොවීමට ද, වග බලා ගත යුතුයැයි අමාත්යංශ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

“ආශාවරී” හෙළුවෙන් එන්න

සංඛ රඹුක්වැල්ල

ඔබ රාත්රී” දහයට විතර ගාලු පාරේ ඇවිදලා තියෙනවානම් දකින්න පුළුවන් වෙයි රාත්රිෙයේ අවදිවන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ජීවිත.ඒ ජීවිත අවදිවෙන්නේ රාත්රිනයට,ගාලු පාරේ දිගටම තියෙන තරු පන්තියේ හෝටල් වල නිල් පාට එළිය අතරින් ජීවිතේ වෙනම ඉසව්වක් හොයන මිනිස්සුන්ගේ අත පය එහෙට මෙහෙට විසිවෙනවා ඔබට මහපාරේ ඉඳලා බලාගන්න පුළුවන්.මෙතන පන්සිල් පද පහම කැඩෙනවා.පහම කීවම ඔබ බලයි පළවෙනි පන්සිල් පදය කැඩෙන්නේ නෑනේ කියලා,ඇයි මතක නැද්ද “රෝයල් පාක් සුරූපිනිය”,අහ් ඔව් ඔව් බඹර නාදේ සිංදුව හැදුනේ ඒ සිංදුව පදනම් කරගෙන තමයි.
කොහේදෝ අස්සක හැංගුණ මතකයක් එකපාර මට මතක් වෙනවා.ඒ මතකය කෙටියෙන් මම ඔබට කියන්නම්.අප්රිතකාවේ ගෝත්රි ක කාන්තාවක් ජලය ‍රැගෙන එන්න දිය කඩිත්තක් අසලට යනවා.ඇය ශරීරයේ යට කොටස පමණක් වැහෙන්න විතරයි ඇඳගෙන ඉන්නේ.ඇය ජලය පුරවාගැනීමට සූදානම් වෙනකොටම ඒ අසලින් විදේශිකයෙක් යනවා.විදේශිකයා දැක්ක ඇය එක්වරම කළබල වෙලා ඇය ශරීරයේ යට කොටසට ඇඳ සිටි රෙද්ද ගලවලා ඇය ඒකෙන් මූණ වහගන්නවා.එය එක්තරා මට්ටමක බුද්ධිමත් ක්රිලයාවක් කියලා ඇතමෙක් ට තර්ක කරන්නත් පුළුවන්.මොකද මනුස්සයෙක් අඳුනගන්නේ මුහුණෙන් මිසක් අනිත් අංගෝපාංග වලින් නෙවෙයි නේ.

ලංකාවේ ඕනෑම දෙයක් සම්බන්දයෙන් පවතින විචාර කලාව අර මම උඩින් කීව කතාව හා සමානයි.මූණ වහගත්ත හෙළුවැල්ලෙන් ඉන්න පිරිසක් “හුරේ රන්” කියලා බැනගෙන බැනගෙන යනවා.”දැන් කාලේ වගේ නෙවෙයි ඒ කාලේ,”අම්මට සිරි” අපි හිටියේ කොහොම ද? අපි බැලුවෙ අහවල් නාට්යය,අපි බැලුවේ අහවල් චිත්‍රපටි,ඒවගෙන් දුන්න සමාජ ආදර්ශය අපිව කරකවලා අතෑරියා….” ඕනෑම රූපවාහිනී හෝ ගුවන් විදුලි වැඩසටහනකට පැමිණෙන විචාරකයෙක් පට්ටපල් බොරුවක් හැමදාම ඔහොම කියන්න පටන්ගන්නවා.මේක මහ පට්ටපල් බොරුවක්.ඒ වගේම අර මුලින් කීවා වගේ මූණ වහගෙන හෙළුව ප්රිදර්ශනය කිරීමක්.මම එහෙම කියන්නේ ඔය සාම්ප්රූදායික “ජහුතා ” වගේ සංදර්ශන වල තිබුණේ අමු කුණුහරුපමය දෙබස්.එව්වා කට ඇරගෙන අහගෙන ඉඳලා මානසික ස්වයන් වින්දනයේ යෙදිලා අප්පේ ඉතින් රූප පෙට්ටියට ඇවිල්ලා දාර ටෝක් දෙනවා මූණ විතරක් වහගෙන හෙළුව ප්රිදර්ශනය කරගෙන.නිරුවත හෝ ලිංගිකත්වය නිර්මාණ වලට එන්නේ ප්ර ධාන කාරණා දෙකක් පදනම් කරගෙන.එකක් තමයි ආත්ම ප්රාකාශන නිර්මාණාත්මක ආවේශනයක දී ඒ චරිතයට අදාළව,අනෙක වෙළඳ ප්රමචාරණය සඳහා( මාර්කට් කිරීමට) හැබැයි හිරවෙච්ච,ඉදිමෙච්ච,කුණුවෙච්ච ලංකාවේ රසිකයා හැමදේම වගේම මේකත් පටලවාගෙන ඉන්නවා.ඒ නිසාම ෆ්ලයින්ග් ‍ෆිෂ් චිත්ර පටය වෙනුවෙන් අප්රඅමාණ කැප කිරීමක් කෙරුව නිළියට පලු යන්න බණිනවා.බණින ගමන් අන්තර්ජාලයේ තියෙන ඒ විනාඩි දෙකේ වීඩියෝ ක්ලිප් එක බලනවා.බලලා අහනවා “ඒ සීන් එක ඇත්තටම කරන එකක් ද ?” කියලා.ඔන්න ඕකයි ලංකාවේ ප්රේාක්ෂකයගේ රස වින්දනය.
“ආශාවරී” එළියට එන්නේ හෙළුවැල්ල මාර්කට් කිරීම පදනම් කරගෙන.රාත්රීර සමාජ ශාලාවක ජීවිත ගැන අල්පෙනෙති තුඩක තරම් අවබෝධයක් මේ විඩියෝව හරහා දෙනවා.මම ඒක නෑ කියන්නේ නෑ.අර මුලින් කලාත්මක සිනමාවට බැන්න මිනිහම ආයේ දෙපාරක් නැතිව “ආශාවරී” ටත් බණිනවා.ඒ බණින ගමන් හිතනවා.”ශික් අපරාදේ” මේක හෙළුවෙන්ම කරන්න තිබ්බා නේ කියලා.

” “ආශාවරී” මත්ද්රකව්යබ අරන් පන්සිල් පද වලින් කිහිපයක් ම කඩලා උදේට නැගිටිනවා.රාත්රිකයේ මත්ද්ර ව්යය වලින් වගේම ලිංගිකවත් දෙපාරක් මත් වුණ ඇය උදේට නැගිටින්නේ “ස්පෝර්ට් බ්රාම” එකක් සහ යට කලිසමක් ඇඳගෙන.”ඒක එහෙම වෙන්න විදිහක් නෑ.ආශාවරීට එහෙම නැගිටින්න බෑ.ඒක වැරදී.වීඩියෝ වේ ඒකීය ධාරණාවට එය විරුද්ධයි,රස වින්දනයට එය බාධාවක්,ඒ නිසා ආශාවරී එන්න ඕන හෙළුවෙන්,ඇය බාත් රූම් එකට යන්න ඕන හෙළුවෙන්,ඒක ක්ලෝස් අප් එකක් ගන්න ඕන.කියලා යටි හිතෙන් අපේ මිනිස්සු කියන ගමන් අපිට අපේ ළමයි හදාගන්න ඕන.අවුරුදු දෙදාහස් පන්සීයයක අතීතයක් එක්ක බැඳුණු සංස්කෘතියක් තියෙනවා අපිට.අපේ සංස්කෘතිය සභ්යීත්වය ඉවරයි,අපි ඉවරයි,”ආශාවරීගේ ” හෙළුවැල්ල අපිව කෑවා.අපිව විනාශ” කළා කිය කියා යූ ටියුබ් එකේ මිලියන තුනක් විතර ආශාවරී වීඩියෝව නරඹනවා. මේක නිකම් මහ අමුතු රටක්,අමුතු වින්දනයක්.ආශාවරීට බණින්නේ නැතිව වීඩියෝව නොබල ඉදපල්ලකෝ දෙයියනේ.එහෙම නැත්නම් කොහේ හරි සීඩී කඩයකට ගිහින් පරණ සින්දු ටිකක් සීඩී එකකට රයිට් කරලා උදේ හවා පිරිත් දානවා වගේ ඇහුවනම් ඉවරනේ.හැත්තැව දශකයේ ‍ෆිල්ම් ටිකක් ගෙනල්ලා බැලුවනම් ඉවරනේ.මෙච්චර තාක්ෂණය දියුණු එකේ ඒවා නොකර “ආශාවරී” ගේ රෙද්ද අස්සේ ඇඟිල්ල ගහන්න ඕන නෑනේ.මොකද ඔය කියන මහා සංස්කෘතිය ඇතුලේ තමයි විනාඩියකට එක ගැහැණියක් දූෂණය වෙන්නේ.සෑම විනාඩි තුනකට වරක්ම කුඩා ළමයෙක් අපයෝජනය වෙන්නේ.”ආශාවරී” ගේ හෙළුවැල්ල වෙනුවෙන් හඬ නගන උන් ඒ වෙනුවෙන් හඬ නැගුවානම් අඩුම එක ගැහැණියෙක් හරි බේරාගන්න පුළුවන් වෙයි.ඒ නිසා මුහුණ වහගෙන හෙළුව ප්ර දර්ශනය කරන්න ඕන නෑ.”ආශාවරී” ඔබ හෙළුවෙන් එන්න.මිලියන තුන මිලියන දහය වෙනවා.මම කැට තියලා කියන්නම්.පොඩ්ඩක් බණී.හැබැයි ඒ ආදරේට.

“එක ලකුණක් අඩුවීම දත් දොස්තර වීමට සුදුසුකමකි , දෙකක් අඩුවීම කොන්දොස්තර වීමට හේතුවේ”

දමිත් විලේගොඩ

අධ්යාපනය යනු අයිතියකි. ඒ අයිතියට අකුල් හෙලීම දඬුවම් ලැබිය හැකි වරදකි.මේ වනවිට අපේ රටේ දොස්තර ප්රශ්නය හිඟන්නාගේ තුවාලයක් බවට පත්ව ඇත.අනෙක් අතට අනෙක් සෑම ප්රශ්නයක් ම දේශපාලනීකරණයකට ලක්කරනවා මෙන්ම දොස්තර ප්රශ්නය ද දේශපාලනික මුහුණුවරක් ගෙන ඇත.එය කෙතරම් හාස්යජනක ද යත් එවකට එනම් සයිටමය පටන් ගැනීමේ වකවානුවේ රට කරවපු ඇත්තාම දැන් ඊට විරුද්ධවීමයි. සයිටමය යනු රෝගීන්ට “මරුවා සමග වාසේ” සේ සේ යැයි කෙනෙක් අර්ථ දක්වයි.

අනාදිමත් කාලයක් මානවයා ටිකෙන් ටික එකතුකරගත් දැනුම් සම්භාරයක් නිදහසේ ඉගෙනීමේ අයිතියක් ලංකාවේ ඇත.එමෙන්ම නිදහස් සෞඛ්යය සේවාවක් ද ඇත. නිදහස් අධ්යාපනයට හෙණ ගසා ගැණීම අධ්යාපනය විකිණීම යයි කියාද පැවසිය හැක.

ඉස්සර අපි ජොලියට කියන කථාවක් ඇත.එනම් , “එක ලකුණක් අඩුවීම දත් දොස්තර වීමට සුදුසුකමකි , දෙකක් අඩුවීම කොන්දොස්තර වීමට හේතුවේ” එය අප ජොලියට කියපු කතාවක් වුව එහි බරපතල යටි අරුතක් ඇත.එනම් සියළු කාරනා සඳහා අවශ්ය සුදුසුකම කියන කාරණාවයි. ලංකාවේ වෘත්තීයමය ගරුත්වය කියන කාරනාව දොස්තර ශ්රේෂ්ත්රයේ ඉහල තැනක ඇත.

ඉස්සරනම් එතන බැබළුණේ නඩුකාර උන්නාන්සේලා ය.අද රථ වාහන නඩුවකට උසාවි ගියොත් ලෝයර් නොනලා මහත්තුරු කතරගම මල් විකුණන මල් කෙල්ලන් සේ යැයි මට නම් සිතේ.

දොස්තරලා පැටවු ගැස්සවීම වුව පිළිගත් ක්රමවේදයකට ලංකාවේ ම සිදුකිරීම හොඳය.මොකද ලංකාවේ බැරිනං MBBS London , MBBS China හෝ රුසියාවට හෝ යාමට අපේ උන්දැලා සැදී පැහැදී සිටී.ගෙයක් ඉඩමක් විකුණා හෝ උකස් කර රට ගොස් දොස්තරලා වූවෝද ලෙඩ්ඩුන්ට බේත් කරති.එමෙන්ම දොස්තරලා වැඩිවීම ද රටට අයහපත් ප්රතිඵල අත්කරදෙනු ඇත.

අපේ අසල්වැසි ඉන්දියාව දොස්තරලා අතිරික්තයක් ඇති රටවල් අතර ඉදියෙන් සිටී .අපේ රටේ හෝ වේවා පිටරටක හෝ වේවා ඉන්දියානු වෛද්යවරුන් කීදෙනෙකු සේවයේ නිරතවේදැයි බලන්න.

අනෙක් අතට අනෙක් අතට A/L වලිං ගත් දැනුමෙං වෙදකං කරන්නේ නැත. S3ක් යනු High result එකක් නැතත් විභාගය සමත් බවය. විශ්වවිද්යාලවල ඉඩ තිබුනා නම් S තුනටත් යන්න තිබුනා යයි සිතිය හැක.

ලංකාවේ ඕනෑම විශ්වවිද්යාලයකට සිසුන් ඇතුළත් කර ගනු ලබන්නේ පිළිගත් ක්රමවේදයකට අනුවය.එනම් Z ලකුණ හා දිස්ත්රික් කුසලතාවයය.මෙහි ගැටලු සහගත තත්ත්වයක් ඇත.එනම් කොළඹින් A2 B1 ගත් ශිෂ්යයාගේ දිස්ත්රික් කුසලතාවය 31 යයි සිතමු.කොළඹින් වෛද්ය විද්යාලයට තෝරාගන්නේ 30 ක් නම් 31 වන සිසුවාට වෛද්ය විද්යාල වරම් අහිමි වෙයි.නමුත් නුවරඑළිය දිස්ත්රික්කයේ A1 B2 ගත් සිසුවා දිස්ත්රික් කුසලතාවය එක වී වෛද්ය විද්යාලයට තේරී පත්වෙයි. එවිට කොළඹ 31 ගත් සිසුවාට සල්ලි තියවා නම් වෛද්ය උපාධියක් ගත්තාට වරදක්නැත.

මෙය සාපේක්ෂව අනෙක් දිස්ත්රික් වලටද අදාළ කරගත හැකි පිළිගත් ක්රමවේදයකට සිදුකල හැකිය.

එතකොට සල්ලි නැති අය???????? එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවිතය ගැට ගහගන්න දෙමාපියන්ගේ දරුවන් ????? ඒ ප්රශ්නය ට උත්තර කියවන ඔබට වත් ලියන මටවත් මං හිතන්නේ නෑ තියනව කියල . අවසාන වශයෙන් මෙසේ ලියමි. වෛද්ය වෘත්තීය හා ඔටෝ මොබයිල් වෘත්තීය වෘත්තීන් දෙකක් මිසක් එකක් නෙවෙයි.

SriLankan Airlines named Best Airline in South Asia

SriLankan Airlines added yet another accolade when China’s Top Travel magazine named it the Best Airline in South Asia at the 10th Annual Top Travel Awards, recognizing Sri Lankan’s continuous efforts at expanding travel between China and Sri Lanka.

This is the latest in a string of awards for Sri Lanka’s National Carrier. SriLankan Airlines was recently crowned the “World’s Leading Airline Operating to the Indian Ocean Region” at the prestigious World Travel Awards and “Best Full Service Airline in Central and South Asia” for the second consecutive year at the Future Travel Experience Asia Awards. SriLankan was also last year named the “Most Innovative Marketing Airline in China” by Life Weekly magazine.

Wang Jianmei, the Chief Editor of Top Travel, said: “The Award of Best Airline in South Asia that Top Travel bestowed upon SriLankan Airlines is well earned. We are pleased to see that more and more Chinese tourists choose SriLankan Airlines to travel to Sri Lanka, Maldives, Seychelles and many more destinations in the world.”

Ravindran Veeraperumal, SriLankan Airlines Country Manager China, who received the award on behalf of SriLankan, said: “This is a great acknowledgement and encouragement for our efforts to promote travel on SriLankan. We strive to maintain our highest standard and delight our customers. On behalf of SriLankan Airlines, I would like to thank Top Travel for this award and all my team members for making this possible. With the commitment and support of our entire airline, we expect to win many more awards in the future.’

නොදන්නා දේ කතා නොකර දන්නා දේ කතා කරනවානම් නම් උත්තර දෙන්න ලෑස්තියි: රවී කරුණානායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නොදන්නා දේ කතා නොකර දන්නා දේ තොරතුරු සහිතව කතා කරනවා නම් තමා උත්තර දීමට සූදානම් යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

අද (පෙබ 16) මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා තමාට භාරදුන්නේ ණය බරෙන් පිරැණු රටක් බවද ඒ ණය පියවීමට රජයේ ආදායමද ප්‍රමාණවත් නොවූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

තම ධුර කාලයේදී රුපියල් බිලියන 1700ට තිබූ ණය බර රුපියල් බිලියන 9000 දක්වා වැඩි කර  ඒ මහතා වත්මන් රජය ගන්නා ලද ණය වලින් කුමක් කළේදැයි ප්‍රශ්න කිරීම අසාධාරණ බවද අමාත්‍යවරයා පැවසීය. එසේම හිටපු ජනාධිපතිවරයා අද පවසනුයේ ඒ මහතාගේ කාලයේදී පුද්ගලිකව සාක්කු වලට ගිය මුදල් පිළිබදව බවටද අමාත්‍යවරයා චෝදනා කළේය.