The Mystery Couple that Occupied the Official Residence of the SL Consul General in Los Angeles

A mystery keeps deepening about the family that lived in the official residence of the Sri Lankan Consul General in Los Angeles from August 2013 to July 2015.  According to Sri Lankans living in Los Angeles, the family may have very close links to a powerful personality in the Mahinda Rajapaksa regime.

This began with a routine audit conducted at the Sri Lankan Los Angeles Consulate along with few other Sri Lankan missions around the world by the auditors at the Ministry of Foreign Affairs. During the audit it was reveled some financial misappropriation during the period of 2013 to 2015.

The  residence of the Sri Lankan Consul General – 1905 Alpha Road in Glendale, in the Los Angeles county in California featured prominently in the audit that prompted a FCID investigation. This spacious luxurious home was rented for $8200 per month by then Consul General Dr. Hector Weerasinghe in February 2013.  In July 30th 2013, Dr. Weerasinghe’s term ended and he vacated the residence. Mr. Malraj De Silva was appointed as the new Consul General but he never occupied the official residence.  Mysteriously this official residence had occupants who enjoyed all the luxuries and privileges accorded to the Los Angeles Sri Lankan Consul General.  Furthermore, the cost that Sri Lankan tax payers had to bear from August 2013 to June 2015 was $174300/.   This was confirmed by Ms. Swarna Gunaratne, Consul General in Los Angeles when contacted by Boston Lanka.  In addition to this amount no one knows what happened to the security deposit of $10,000/ which would normally get back if the home was given in good condition.

OLYMPUS DIGITAL CAMERA

However, it is not just the rent and utilities but the audit report claims that two official drivers have worked almost exclusively for this mysterious family for almost two years. They have not reported to the Sri Lankan Consulate in Los Angeles, yet the attaché Mahes Kumar had authorized their salaries throughout this period.

According to the logs maintained by the drivers they had driven to Pomona College in Claremont California, daily. Although there are many speculations about the reasons why they drove daily from Glendale to Claremont it is evident that these trips have nothing to do with official consulate matters.

OLYMPUS DIGITAL CAMERA

As recently, the FCID has begun investigation on this financial misappropriation and various other financial irregularities that had happened during last few years at the Sri Lankan Consulate in Los Angeles.

Trump seeks ‘historic’ U.S. military spending boost, domestic cuts

President Donald Trump is seeking what he called a “historic” increase in defense spending, but ran into immediate opposition from Republicans in Congress who must approve his plan and said it was not enough to meet the military’s needs.

The proposed rise in the Pentagon budget to $603 billion comes as the United States has wound down major wars in Iraq and Afghanistan and remains the world’s strongest military power.

The plan came under fire from Democratic lawmakers, who said cuts being proposed to pay for the additional military spending would cripple important domestic programs such as environmental protection and education.

A White House budget official, who outlined the plan on a conference call with reporters, said the administration would propose “increasing defense by $54 billion or 10 percent.” That represents the magnitude of the increase over budget caps Congress put in place in 2011.

 

වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 09 ලක්ෂයක් පීඩාවට

දිවයිනටම බලපා ඇති වියළි කාලගුණයක් හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් 09 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. මේ සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවි සංරක්ෂණ මණ්ඩලය සදහන් කළේ වියළි කාලගුණය හේතුවෙන් විනාශ වූ සෙසු කෘෂි බෝග වගාවන් හි නිරත වන ගොවීන්ටද වන්දි ලබා දීමට රජය සැලසුම් කර ඇති බවයි.

අධික වියළි කාලගුණයක් පවතින ත්‍රීකුණාමලය කළුතර ගම්පහ හම්බන්තොට මොණරාගල අනුරාධපුර යාපනය මුලතිව් කිලිනොච්චි වව්නියාව රත්නපුරය කෑගල්ල කුරුණෑගල පුත්තලම මහනුවර මාතලේ යන දිස්ත්‍රික්ක 16හි ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස 103ක පුද්ගලයින්

899,235 දෙනෙක් ආපදාවට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

වියලි කාලගුණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේද කොකුන්නෑව විලච්චිය තන්තිරිමලේ වැනි ප්‍රෙද්ශ  රැසක වගා හානි සිදුව ඇත.

බන්ධනාගාර බස් රියක් තුලදි ඝාතනය වූ සැකකරුවන්ට නිසි ‍පොලිස් ආරක්ෂාව ලැබුනේ නම් මෙවැන්ක් වෙන්නෙ නෑ:අමාත්‍ය එස්. ස්වාමිනාදන්

පාතාල කල්ලි සාමාජික සමයන් ඇතුළු පිරිසක් බන්ධනාගාර බස්රියක් තුල ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට බන්ධනාගාර අමාත්‍ය එස්. ස්වාමිනාදන් මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
හිටපු මහේස්ත්‍රාත් රූමි මර්ෂූක් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ හජ්ටපු නියෝජ්‍ය ‍පොලිස්පති ගාමිණී නවරත්න මහතා සහ අරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ‍ලේකම් එස්. මැදගම මහතායි.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කමිටු වාර්තාව හැකි ඉක්මනින් අමැතිවරයා වෙත ලබා දෙන ලෙසද ඇමැතිවරයා කමිටුවට දැනුම් දී ඇතැයි අමාත්‍යංශය පවසයි.
බන්ධනාගාර බස් රියක් තුලදි ඝාතනය වූ සමයන් ඇතුළු සැකකරුවන් අධීකරණයට ඉදිරිපත් කිරිම සඳහා නිසි පරිදි ‍පොලිස් ආරක්ෂාව ලැබුනේ නම් මෙවැන්ක් නොවන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

බරපතල ඝනයේ අපරාධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් අධීකරණයට ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවල ඊට පෙර දිනයේ අදාල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් ළගම ඇති ‍පොලිස් ස්ථානයෙන් ආරක්ෂාව ඉල්ලා සිටින හෙයින් පෙරේදා කළුතර බන්ධනාගාර නිලාරීන්ධ කළ්තර ‍පොලීසියෙන් මෙම සැකකරුවන් අධිකරණයට ගෙන යාමට ආරක්ෂාව ඉල්ලා ඇතත් කාර්ය මණඩලය හජ්ගවීම හේතුවෙන් ආරක්ෂාව දිය නොහැකි බව කළුතර ‍පොලිසිය බන්ධනාගාර නිලධාරින්ට දන්වා ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එම නිසා බන්ධනාගාර නිලධරීන් තවත් බස්රියක් සැකකරුවන්ගේ ආරක්ෂාවට යොදවා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙන යමින් සිටි අවස්ථාවේ සැලසුම්කර මෙම ඝාතනය සිදු කර ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.

සිද්ධියෙන් මිය ගජ්ය බන්ධනාගාර නිලධාරීන්ට වන්දි සහ හමිවිය යුතු වරප්‍රසාද හැකි ඉක්මනින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

එසේම භයේ සවස අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ජාතික රෝහලට යවා මේ වන විට රෝහල්ගත කර සිටින සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සැපදුක් සොයා බැලීමට බන්ධනාගාර අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

ALSTON TO THE OSCARS

Legendary Sri Lankan singer Alston Koch has been invited to perform at the prestigious Academy  Award ‘After Party’ which will be held at the Beverly Hills Hilton on the 26th of February following the conclusion of the Academy Award Ceremony at the Kodak Theater.

This exclusive gathering which has been dubbed ‘the Night of a Hundred Stars’ will of course be graced by the who’s who of Hollywood glitterati and also comes with a hefty ticket price of USD 1,500.

Alston, who has created a name for himself both locally & internationally as one of the sought after talents in the industry, continues to thus keep his star power aglow with his amazing performances.

By Hasitha Fernando

යොවුන් පාර්ලිමේන්තුව අනාගත පාර්ලිමේන්තුවක කැඩපත : කතානායක

යොවුන් පාර්ලිමේන්තුව තුලින් විද්‍යාමාන වනුයේ අනාගත පාර්ලිමේන්තුවක කැඩපත බවත් වත්මන් පාර්ලිමේන්තුවේ දහතුන් දෙනෙකු වන කාන්තා නියෝජනය යොවුන් පාර්ලිමේන්තුව තුළ එමෙන් දෙගුණයක් වීම සුභවාදී තත්ත්වයක් වුව ද එය තවදුරටත් වර්ධනය කළ යුතු බවත්, ලෝකයේ දියුණු රටවල ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනය 30% ඉක්මවන බවත් කථානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමයේ දශක හතක ඉතිහාසයක් සම්පූර්ණ කරන ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණතභාවයට පත් ව ඇතැයි ද තරුණ කැරලි දෙකක් බිහිසුනු යුද්ධයක් මෙන්ම විවිධ දේශපාලන හැප්පිලි ඔස්සේ ඉගෙන ගත් පාඩම් වලින් එම ඉතිහාසය සැකසී ඇති බව අමතක කළ යුතු නැතැයි ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පළ කළේ අද පෙරවරුවේ ජාතික තරුණ සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනා සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හිදී පැවැති විශේෂ වැඩමුළුවේදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වෙමිනි.

වත්මන් පාර්ලිමේන්තුව කෙටි කාලයක් තුල  ආංශික කාරක සභා ක්‍රමය , තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීම, ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම, අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නැංවීම,  පාර්ලිමේන්තු සභා රැස්වීම් සජීවීව නැරඹීමට ජනතාවට අවස්ථාව සැලසීම, ලෝකයේ ඕනෑම තැනක සිට පාර්ලිමේන්තුවේ කටයුතු භාෂා ත්‍රිත්වයෙන්ම දැන ගැනීමට ජංගම අන්තර්ජාල යෙදුමක් හදුන්වා දීම, ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම, නව ආචාර ධර්ම පද්ධතියක් සඳහා මූලික පියවර ගැනීම ආදී ඉදිරි පියවර රැසක් තබා ඇති බව ද කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල, සහකාර මහලේකම්වරුන් වන ටිකිරි ජයතිලක, කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීහු ද මෙහිදී විශේෂ දේශන පැවැත්වූහ.

යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් තව දුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙසේ ද පැවසීය.

රටේ මිලියන 22 කට ආසන්න ජනතාව අතරින් ඔබට යොවුන් පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර එක්වන්න හැකියාව ලැබීම විශාල භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ. මේ ලැබුණ අවස්ථාව රට වෙනුවෙන් යමක් ඉටු කරන්න මූලාරම්භයක් වගේම ඔ‍බේ ජීවිත ගමනටත් හොඳ ආරම්භයක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු ක්‍රමය වගේම දේශපාලන අභි‍යෝග එදා අපි දේශපාලනයට පිවිසි යුගයට වඩා දැන් වෙනස් වී තිබෙනවා.

මීට දශක කිහිපයකට පෙර දේශපාලනය තුළින් ලැබුවේ රට ‍දැය වෙනුවෙන් සේවය කිරීමේ ආත්ම තෘප්තිය සහ ගෞරවය පමණයි.  වර්තමානයේ තිබෙන ප්‍රභල සන්නිවේදන මාධ්‍ය භාවිතා කර අධම මිනිසෙක් සාන්තුවරයෙකු බවටත්, සාන්තුවරයෙකු මහා ද්‍රෝහියෙකු බවටත් පත් කරන්නට පුළුවන්.

සැබැවින්ම අද වන විට බලය දේශපාලන ප්‍රතිපත්ති අතර, තරඟයකට වඩා ලෝකයේ ප්‍රභල දැන්වීම් ප්‍රචාරක සමාගම්  අතර තරඟයක් බවට පත්ව තිබෙනවා.

නමුත්,  දේශපාලනඥ‍යෙකුට වඩාත්ම ගැඹුරුම ගණුදෙනුව තිබෙන්නේ ස්වකීය හෘද සාක්ෂිය සමගයි. පිරිසිදු දෑතින් දේශපාලනයට පැමිණ පිරිසිදු දෑතින් සමුගෙන යන්නට හැකි නම් දේශපාලනයට පිවිසෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම මන්ත්‍රී ආචාර ධර්ම පිළිබඳව විශාල කතිකාවක් පසුගිය කාලයේ ඇති වුනා.  අපට අද එහි ඉදිරි පියවර රැසක් තබන්නට හැකි වී තිබෙනවා.  ගරු මන්ත්‍රීතුමා කියලා කථා කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් අපට අවශ්‍යයි.  යොවුන් පාර්ලිමේන්තුවටත් මේ ආචාර ධර්ම ඉතාම වැදගත් වේවි.  විශේෂයෙන්ම පාර්ලිමේන්තු රැස්වීම්වලට උපරිම ලෙස සහභාගී විය යුතුයි.  එසේ නොහැකි නම් මන්ත්‍රීධූරය භාර ගැනීම කිසිසේත්ම තේරුමක් නැති දෙයක්.  පසුගිය යොවුන් පාර්ලිමේන්තුවලදී වැදගත් හරවත් සංවාද ඇති වුන බව මා දන්නවා.

ඇත්තටම රටේ ‍දේශපාලනය පමණක් නොවෙයි, ලෝක ආර්ථික දේශපාලන  සමාජ ප්‍රවණතා ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි.  අද මුළු ලොවම එකම ගමක් බවට පත්ව තිබෙනවා.  ඒ තුළ ඔබ ලෝක පුරවැසියෙක් බවට පත්ව තිබෙනවා.  අද වන විට අපගේ පාර්ලිමේන්තුව තුළිනුත් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නැංවීම ආරම්භ කර තිබෙනවා.

ලෝකයේ විවිධ රටවල පාර්ලිමේන්තු ක්‍රම පිළිබඳව අත්දැකීම් ලබා ගැන්මට මන්ත්‍රීවරුන් අතර දැනුම හුවමාරු කිරීම් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම ජනතා අවශ්‍යතා ඉටු කරන්නට යොවුන් පාර්ලිමේන්තුවටත් යම් මුදලක් වෙන් වීම ඉතාම සතුටට කරුණක් බවත්, පසුගිය කාලයේ වෙන් වුණු මුදල්වලට වඩා දියත් කළ ව්‍යාපෘතිවල වටිනාකම විශාල ප්‍රමාණයකින් වැඩි වීම සහ සම්පූර්ණ මුදල් ප්‍රමාණය යොදා ගෙන ඵලදායී ලෙස කටයුතු කිරීම අප පාර්ලිමේන්තුවටත් වැදගත්  ආදර්ශයක් ලබා දී තිබෙන බව ද කථානායකවරයා පැවසීය.

සහනදායී පිළිතුරක් නොලැබුණොත් නීතිමය පියවරකට යනවා:විමුක්ති ජයසුන්දර

ලොව සුප්‍රකට කාන්ස් සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් ලද විමුක්ති ජයසුන්දරයන්ගේ චත්‍රක් සිනමා නිර්මාණය  ඉකුත් 24 වනදා දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ නැරඹීට දේශිය සිනමා රසිකයින් අපේක්ෂා දල්වා බලා සිටියත් අවසන් මොහොතේ ඒ සිහිනය කඩව ගියේ  අවාසනාවන්ත ලෙසින්.

ඊට හේතුවූයේ චත්‍රක් සිනමා සිත්තම දෙරණ නාලිකාවේ විකාශනය කරන්නේ නම්  ලක්ෂ දෙකක බදු මුදලක් ගෙවන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ විසින් නියෝග කර තිබීමයි.

chatrak_a_l

එම නියෝගය නිකුත් කළ අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා මාධ්‍ය වෙත සදහන් කර තිබුණේ විදේශීය සිනමා පටයක් ප්‍රදර්ශනය කිරීමේදී බලපැවැත්වෙන නීති රෙගුලාසි අනුව යමින් මෙම පියවර ගත් බවයි.

උණුසුම් වාද විවාද මැද ගලා ගිය එම සිදුවීම් අවසන චත්‍රක් සිනමා නිර්මාණය විකාශනය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබද බොස්ටන් ලංකා අපි කළ විමසීමකදී විමුක්ති ජයසුන්දරයන් සිය අදහස් පළ කළේ මෙලෙසින්.

Chathrak 3

“පසුගිය සතියේ අපි බලාපොරොත්තුවෙන් හිටියා මේ බදු මුදල ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා හරහා යම්කිසි විදියක සහනයක් ලැබෙයි කියලා. මේ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා මම පෞද්ගලිකව එතුමාට ලිපියක් යොමු කළා .

මම දන්නවා දෙරණ ආයතනයත් ඉල්ලීමක් කළා මේ සිනමා කෘතිය විශේෂ අවස්ථාවක් ලෙස සළකා යම් සහනයක් ලබා දෙන ලෙස.

Chathrak 4Chathrak 2

ඔවුන් වාණිජ පරමාර්ථයෙන් නෙවයි මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමට භාර ගත්තෙ. මෙය කලාත්මක සිනමා කෘති අතරට අයත් වන්නක්. ඒ වගේම මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කළේ මා විසින්මයි. චන්න දේශප්‍රිය නැමති ශ්‍රී ලාංකිකයා තමයි මීට කැමරාකරණයෙන් දායක වුණේ.

නමුත් විකාශන දිනය වෙනතුරු අපිට එම සහනය ලැබුණෙ නැහැ. සාමාන්‍ය නීති සහ රෙගුලාසි අනුව විකාශන දිනයේ දහවල් 12ට කලින් ඒ මුදල ගෙවීම කරන්න ඕන. එනිසා අවසානයේ අපි තීරණය කළා මෙහි රූපවාහිනී විකාශනය නතර කිරීමට.

හෙට 27වන සදුදා දින වෙන විට අමාත්‍යංශය හරහා මේකට උත්තරයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.  නමුත් සහනදායී ප්‍රතිචාරයක් නොලැබෙන්නේනම් පමණක් මා එය සළකන්නේ මට සහ මගේ සිනමා නිර්මාණයට වගේම සමස්ත ශ්‍රී ලාංකිකයන්ට කරන අසාධාරණයක් ලෙසයි.

එහෙම වුණොත් අපි එම අදාල පනත ප්‍රශ්න කරන ආකාරයේ යම් නීතිමය පියවරකට යන්න බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තරයේ ඉහළ ඇගයීමකට ලත් මෙවැනි සිනමා කෘතියක් දේශීය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට උත්සහ කළේ නැද්ද?

ඔබ දන්නවා ශ්‍රී ලාංකීය සිනමාපටයක් ලංකාවෙ පෙන්වනවනම් දිගු කාලීන පෝලිමක ඉන්න වෙනවා. ඒ වගේම ඒ සදහා දැරිය යුතු ප්‍රචාරක වියදමත් අතිවිශාලයි. මේ මොහොතේ එවැනි විශාල මුදලක් ආයෝජනය කිරීම සදහා සුදුසු තත්ත්වයක නෙවෙයි අපි ඉන්නෙ. එය අපහසු නිසයි අපි මෙම සිනමා පටය දෙරණ රූපවාහිනී නාලිකාව හරහා පෙන්වීමට සිතුවෙ.

නමුත් චත්‍රක් සිනමා සිත්තම කරලියට ප්‍රවිශ්ට වෙන්නෙ 2011 වසරෙදි?

ඔව් චත්‍රක් කාන්ස් සිනමා උළෙලේ ප්‍රදර්ශනය වුණේ ඒ කාල වකවානුවෙ. ඒ අනුව අපි කිහිප වතාවක්ම චත්‍රක් සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරවන්න උත්සහ කළා. මේ සිනමා පටයේ සිටින්නේ බොහොමයක් නවක එතරම් ප්‍රසිද්ධියට ලක් නොවූ නළු නිළියන්. එවැනි කාරණා හේතුකරගෙන ප්‍රදර්ශන මණ්ඩලයෙන් අනුමැතියක් ලැබුණෙ නැහැ.

සාකච්ඡා කළේ: නිරාශා පියවදනි

(Nirasha Piyawadani- nirashapiyawadani@gmail.com

ආදරණීය විකී,දැන් ඉතිං ඔබ හොයයි මම කව්ද කියල..

සටහන: නිනී සෙනෙවිරත්න

ඇය පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ඔබට මට සමීපය. නමුත් ඕනෑම චරිතයක සාධාරණීකරණය රංගනයක අයිතියද ඇයට ඇත්තේය. මේ ඇගේ කතාවය.

“උසස්පෙළ ට මම කළේ ජීව විද්‍යාව. මට ඕන වුනේ ඒ අංශයේ රැකියාවක් කරන්න . ඖෂධවේදිනියක් වෙන්න මට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණා.

මම ඒ සඳහා අයදුම්පත් යොමු කරන අතර වාරේම තමයි NIDT ආයතනයේ ජනමාධ්‍ය හා ආයතනයේ ජනමාධ්‍ය හා රූපවාහිනීකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට පටන් ගත්තේ.

මම අදත් ආදරණීය ව සිහිපත් කරනවා NIDT ආයතනයේ ලාල් හේමන්ත මාවලගේ මහත්තයා . කලාවට මගේ තිබුණ හපන්කම් ඔප මට්ටම් කරන්නෙ ඔහු. ඒ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි දෙරණ රූපවාහිනී ආයතනයේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාවන් අතරට මමත් එකතු වෙන්නෙ. අවුරුද්දක් දෙරණෙත් ඊටපසු අවුරුදු නවයක් ශ්‍රී ටී වී එකෙත් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

මාව පුංචි තිරයට අරන් ආවේ සුදත් රෝහණ මහත්තයා . ඔහු අධ්‍යක්ෂණය කළ කටු ඉඹුල නාට්‍යයේ පාලිත සිල්වා, චම්පා ශ්‍රියාණි, ඩී ආර් පෙරේරා වැනි ප්‍රවීණ රංගධරයන් එක්ක ආගන්තුක මම කොයින් මැණිකේ ගේ චරිතයට පණ දෙනවා. ඒ තමයි ආරම්භය.

ඒත් මගේ අතීතේ මගේ කලාවට උපත දෙන්නෙ මගෙ අම්මා අනුලා කාන්ති කුමාරි ඇය ගුවන්විදුලි නිවේදිකාවක් වගේම ටවර් හෝල් රංගන ශිල්පිනියක් . ඇගේ ආභාසය තුළ නෙයිනගේ සුදූව නාට්‍යයේ ගායක කණ්ඩායමේ සමාජිකත්වය මට හිමි වෙනවා. ඔව් අම්මා තමයි මගේ හැම තැනකම ශක්තිය . එයා අපිව දාලා ගිහින් දැන් අවුරුදු තුනක් වෙලා.

ඒත් අම්මා කියන හයිය ජිවිතේ හැමදාම මට ඉතිරි කරන්න තරම් මගේ අම්මා කාරුණික වෙලා.

ජිවිතේ මාව වෙනස් කරපු මාව මිනිස්සු අදුර ගත්තු චරිතය වෙන්නෙ රවීන්ද්‍ර විජේරත්නන්යන්ගේ ජිවිතේ ලස්සනයි හි ධනංජනා. විදෙස් මෙගා නාට්‍ය වලට අභියෝගයක් වෙන්නට නිර්මාණය වුන ජිවිතේ ලස්සනයි නාට්‍යය මාව ප්‍රේක්ෂකයා වෙත අඳුන්වා දුන්න නාට්‍යය වුනා.

ඒ වගේම මාව මිනිස්සු මතක තියා ගත්තෙ දේදුනු විදිහට. ඒ අතිශය ජනප්‍රිය චිත්‍ර කතාවක් වුන ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යය හරහා. අදටත් මට දේදුණු කියල කතා කරන අය ඕන තරම්. මම ත් අාසයි ‍මට දේදුණු කියනවට.

“දැන් කියන්න හිතුවේ වේදිකාව ගැන. රජා මං වහල චාමික හත්ලහවත්තගේ නිර්මාණයක් . මම එහි චරිතයකට පණ දෙනවා. ගිය වසරේ විශිෂ්ටතම නාට්‍ය විදිහට හොඳම නිළිය සම්මානය මට ලැබිල තවත් සම්මාන දහයක් නාට්‍යය ට හිමි වුන මේ වේදිකා නිර්මාණය එක්ක අපි දිල්ලි ජාත්‍යන්තර නාට්‍ය මහෝත්සවයට අපි ගියා.

ලෝකයෙන්ම තෝරා ගත් නාට්‍ය තිහක් අතරට අපි ආව කියන්නෙ දරා ගන්න බැරි සතුටක්. මේ නාට්‍යයට අමතරව චාලක රණසූරියගේ මාරක ළිදේ සවාරියක් වේදිකා නාට්‍යය සම්බන්ධ වෙලා ඉන්නවා .
පුංචි තිරයේ නිසළ සඳ ඔබ නාට්‍යයේ මේ දවස් වල අපිට අපි මුණ ගැහෙයි. ටිකක් අඳුරගන්න අමාරු වෙයි. ඒත් නෙල්නා ඩී සේරම් කියන්නෙ කව්ද කියල බලන්නකෝ. ඒ වගේම චිත්‍රපට ගැන කීවේ නැත්නම් ඒක ලොකු අඩුවක් වෙයි.

ආදරණීය විකී, ටවුමේ ඉස්කෝලේ වැනි චිත්‍රපට එක්ක ආපු මම විශ්ම කියල නවතම චිත්‍රපටයකටත් දායක වුනා…….”
“දැන් ඉතිං ඔබ හොයයි මම කව්ද කියල . හැබැයි ඒ ගැටළුව දැන් විසදිලත් ඉවර ඇති. ඔව් හිතුවා හරි. මම උමයංගනා වික්‍රමසිංහ . ඔබෙන් ලැබෙන ආදරය එක්ක මේ වෘත්තීය මට දැනෙන්නෙ වාසනාවන්ත වෘත්තියක් විදිහට. ජිවිතේ ආපහු හිතල බැලුවම නැතිවුන දේවල් වලට වඩා මට ලැබුණ දේවල් වැඩියි. ඔව් මං සතුටින්. ඔබේ ආදරයට ස්තුති . නවතින්න කළින් දයා වයමන් මහත්මා ව දයාබරව මතක් කරනවා. දවසක ඉක්මනින් ආයේමත් අපි හමුවෙමු.”

ඉදිරියේදී යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග ජනමත විචාරණයක්

ඉදිරියේදී යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග ජනමත විචාරණයක් පවත්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියි.

“පාර්ලිමේන්තුවේ සිටින සෑම දේශපාලන ලක්ෂයක්ම ඒකරාශිකරගෙන අපි මෙහෙයුම් කමිටුවක් හදාගෙන අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරගෙන යනවා.ඉතිං මේ ව්‍යවස්ථාව හැදුවයින් පස්සෙ අපි බලාපොරොත්තු වෙනවා ජනමත විචාරණයකට යන්න. සමහරු අහනවා ඇයි ජනමත විචාරණයකට යන්නෙ කියලා. ජනතාවගෙ කැමැත්ත ගන්න ඕන නිසයි අපි ඒ තීරණය ගත්තෙ.අපි 3න් 2 බලය පාවිච්චි කරලා ජනතාවට පිටුපාලා යම් යම් දේවල් කරන්න අපි සූදානම් නෑ.
අපි ව්‍යවස්ථාවක් ගේනවනම් අපිට විශ්වාසයක් තියෙන්න ඕන ජනතාව මේ ව්‍යවස්ථාවට කැමති විය යුතුයි කියලා.”

බැදුම්කර මගඩියට එරෙහි නීතිමය පියවර ගැන හිටපු ජනපතිගෙන් මාධ්‍ය නිවේදනයක්

ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට වංචනික ලෙස සිය නම යෙදීමට විරුද්ධව මුදල් අමාත්‍යංශයට සහ මහ බැංකුවට විරුද්ධව නඩු මගට බැසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව මේ වන විට රහසක් නොවේ.

අද දින  ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්මාද රාජපක්ධ්‍ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. කිසිදු සංශෝධනයක් සිදු නොකළ එම මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත.

මාධ්‍ය නිවේදනය

බැඳුම්කර මඟඩියේ වගකීමත් රාජපක්‍ෂ ආණ්ඩුව මත පැටවීම

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියේ වගකීම යහපාලන බලධාරීන් විසින් මගේ ඇඟේ ගසා බේරීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයක් ගැන කණගාටුවෙන් යුතුව මහජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන්නේ සෑම මසකම අවසන් සතියට පෙර මහා භාණ්ඩාගාරය විසින් ඊළඟ මාසය සඳහා අවශ්‍යවන මුදල් ගණනය කොට යම්කිසි නිශ්චිත දිනයකට පෙර නිශ්චිත මුදලක් අවශ්‍ය බව මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය ණය දේපාර්තමේන්තුවට දැනුම් දීමයි. එම දැනුම්දීම ලැබුණු පසු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගර බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඒ අදාල මුදල වෙළඳපොලෙන් ලබා ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කරයි. මෙවැනි බැඳුම්කර නිකුතු වලට අදාල ගැසට් නිවේදන පලකරනු ලබන්නේ අදාල ගනුදෙනුව සම්පූර්නයෙන්ම අවසන් වූ පසු පමණි. එයට හේතුව ගනුදෙනුව අවසන් වනතුරු එහි විස්තර හරිහැටි දැන ගැනීමට ක්‍රමයක් නොමැති නිසාය.

උදාහරණයක් වශයෙන් බැඳුම්කර නිකුතුවක් සඳහා යම් පොලී අනුපාතයකට ලන්සු කැඳවූ පසු ඒ සියලු ලන්සු ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ ඇත. එමෙන්ම ලන්සු ප්‍රමාණය, විකිනීමට ඇති බැඳුම්කර ප්‍රමාණයට වඩා වැඩි වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී ලැබුණු ලන්සු වලින් කොපමණ ප්‍රමාණයක් බාරගන්නවාද යන්නත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීන්දු කල යුතුය. මේ කාරණා කිසිවක් කලින් තීන්දු කිරීමට නොහැකි නිසා මෙවැනි බැඳුම්කර නිකුතු සම්බන්ධ ගැසට් නිවේදනය පලවන්නේ ගනුදෙනුව සම්පූර්ණ වූ පසුව පමණි. මහ බැංකුවේ බැඳුම්කර මඟඩිය ආරම්භ වූයේ 2015 පෙබරවාරි 27 වනදා පවත්වනු ලැබූ බැඳුම්කර වෙන්දේසියෙන් බව කවුරුත් දනී. මෙතනදී සිදු වූයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුව, 2015 මාර්තු 2 වනදාට පෙර ආණ්ඩුවට රුපියල් බිලියන 13.5ක් අවශ්‍ය බව 2015 පෙබරවාරි 20 වනදා පමණ මහා භාන්ඩාගාරය විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දීමයි. මින්  රුපියල් බිලියන 3ක් පමණ එක් වරම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකි වුවද රුපියල් බිලියන 10.5 ක අඩුවක් තිබුණි. මෙය සොයා ගැනීමට ඔවුන් රුපියල් බිලියන එකක්  වටිනා අවුරුදු 30න් කල් පිරෙන බැඳුම්කර 12.5%ක පොලියකට වෙන්දේසි කිරීමට යෙදුනි. මේ සඳහා රුපියල් බිලියන 20 ලන්සු ලැබුණු අතර ඉන් බිලියන 10 ක ලන්සු බාරගන්නා ලදී.

මේ බැඳුම්කර නිකුතුව ලංකා ඉතිහාසයේ ලොකුම මඟඩියක් වු ආකාරය කවුරුත් දන්න නිසා මෙහිදී සඳහන් කිරීම අනවශ්‍ය වේ. මෙතන ඇති ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුව විසින් 2015 ජනවාරි 01 දිනය හා 1895/19 අංකය දරණ ගැසට් නිවේදනය තුළින් මේ බැඳුම්කර නිකුතුවේ වගකිම මා මත පැටවීමට ගෙන ඇති උත්සාහයයි. 2015 ජනවාරි 01 වන දා දිනය දරණ මෙම ගැසට් නිවේදනයේ 2011 දක්වා ආපස්සට දිව යන බැඳුම්කර නිකුතු වල විස්තර සඳහන් වේ. මේවා අතර 2015 අවුරුද්දේ මාර්තු 01, මාර්තු 15, මැයි 01, මැයි 15, අගෝස්තු 01 හා දෙසැම්බර් 15 බැඳුම්කර නිකුතු මගේ නම යටතේම ගැසට් කර ඇත. ඒ අනුව අලුත් ජනාධිපතිවරයෙකු හා අලුත් මුදල් ඇමතිවරයෙකුත් වැඩ බාරගෙන මාස එකහමාරකටත් වඩා කාලයකට පසුව නිකුත් කරන ලද බැඳුම්කර වලටද මට වගකීමට සිදු වී ඇත.

ආණ්ඩුවේ මුදල් කළමනාකරණය සිදුවන ක්‍රමය නිසා මහා භාණ්ඩාගාරයට 2015 මාර්තු 02 වන විට රුපියල් මිලියන 13.5ක් අවශ්‍ය වන බවත්, මේ මුදල සොයා ගැනිමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියනයක් වටිනා අවුරුදු 30 බැඳුම්කර සඳහා 12.5%ක පොලී අනුපාතයට ලන්සු කැඳවා ඉන් බිලියන 10 ක් බාරගන්නා බවත්, 2015 ජනවාරි 01 වනදා වන විට මට දැනගැනීමට කිසිඳු ක්‍රමයක් නැත. මා කලින් පෙන්වා දුන් පරිදි බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන්නේ අදාල ගනුදෙනුවට පසුව මිස පෙර නොවේ. 2015 ජනවාරි 01 අංක 1895/19 දරණ ගැසට් පත්‍රය පලකරනු ලැබුවේ 2016 නොවැම්බර් මාසයේ බව එහි කුඩා අකුරින් මුද්‍රණය කර තිබෙන බව පෙනේ. මෙය  යහපාලන ආණ්ඩුවේ දූෂිත බැඳුම්කර ගනුදෙනුව මහජනතාවත් නොමඟ හරිම්න් මමත් මගේ ආණ්ඩුවත් මත පැටවීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයනක් ලෙස මම දකිමි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙමි.

මහින්ද රජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති