ගීතාට මන්ත්රී ධූරයකට අවසර නැහැ: නීතිපති

 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 91 වන ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව නීතිපතිවරයා විසින් අද (14) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්තයේ හිමි පුරවැසිභාවය  මේ දක්වා අවලංගුකර ඇති බවට අධිකරණය හමුවේ කරුණු දක්වා නොමැති බැවින් ඇයට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නොහැකි බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

ඉකුත් මහමැතිවරණයේදී ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තේරීපත්වීම අභියෝගයට ලක්කරමින් ගාල්ල ප්‍රදේශවාසීන් සිව්දෙනෙකු ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මසුරසේන යන විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.

මෙහිදී අභියාචනාධිකරණ විනිසුරුවරුන් පවසා ඇත්තේ ලබන මැයි 5 වන දින මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරන බවයි.

ඒ අනුව  ලබන අප්‍රේල් 05 වන දිනට පෙර දෙපාර්ශවයේ කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන යොමුකරන මෙන් පෙත්සම්කාර පාර්ශවයට හා වගඋත්තරකාර පාර්ශවයට අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.

කමිටු නිර්ණායකවලට අනුව සයිටම් අහෝසි විය යුතු බවට තීරණය වෙයි

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කරන ලද කමිටුව සහ සෙසු කමිටු වල නිර්ණායක අනුව මාලඹේ වෛද්‍ය විද්‍යාලයට තවදුරටත් නීත්‍යානුකූල නොවන බැවින් එයට සිසුන් බදවා ගැනීම සහ උපාධි ප්‍රදානය කිරීම වහා නැවැත්විය යුතු බවට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, සියලුම වෛද්‍ය පීඨ ආචාර්යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

එසේම දැනට පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය නීතිය ඉදිරියේ සහතික කළ යුතු බවට අභියාචනාධිකරණය තීරණය කර ඇති බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් හැකි ඉක්මනින් ගැසට් කළ යුතු බවද උක්ත සංගම් අවධාරණය කරයි.

එසේම සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් තාක්ෂණික වාර්තාව අභියාචනාධිකරණය පෙන්වා දෙන පරිදී බලාත්මක කර නොමැති බැවින් එයට අදාළ නීතිමය වලංගුභාවය ලබා දීමට අමාත්‍යවරයා පියවර ගත යුතු බවද එම සංගමය පෙන්වා දෙයි.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් ආයතනයට අදාළ අනුකූලතා සහතිකය මෙතක් ලබා නොමැති බව අධිකරණයට දැන්විය යුතු බවද එම සංගම් පෙන්වා දෙයි.

ඊට අමතරව සයිටම් ආයතනයේ අධ්‍යයන කටයුතු වල නිරත වන සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කිරීම සදහා ඒ පිළිබද අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කළ යුතු බවටද උක්ත සංගම් තීරණය කර ඇතැයි එකී සංගම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිවලට අයහපත් බලපෑමක් සිදුව ඇත්තේ නියෝජ්‍ය අධිපති නිසා: රවී කරුණානායක

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිවලට අයහපත් බලපෑමක් සිදුව අති බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (12) අරලියගහ මන්දිරයේ පැවති, ග්‍රීන් බ්ලඩ් සංවිධානය මඟින් සංවිධානය කල ආර්ථික හා ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ විශේෂ සාකච්ඡා මණ්ඩපයට සහභාගී වෙමිනි.
මෙම සාකච්ඡා සභාවේ දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යය ඉරාන් වික්‍රමරත්න මහතා ද අදහස් දැක්වූ අතර ඊට ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ විශාල පිරිසක් සහ වෘර්තීයවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
 සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලැබුවේ ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ සතිර සරත්චන්ද්‍ර සහ විමුක්ති දුෂාන්ත යන මහත්වරුන් විසිණි.

බන්ධනාගාර රැදිවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතාවක්

බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරිමටත් වැලිකඩ සමූහ ඝාතනයේ මිනිමරුවන් අත් අඩංගුවට ගැනීමටත් රජයට බලකිරීමේ අදහස ඇතිව සුරැකිමේ කමිටුව සහ රැදවූවන්ගේ ඥාතින්ගේ සහභාගීත්වයෙන් ඊයේ 14 වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දි විරෝධතවයක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පවතින අපරාධ නීතිය කි”යාත්මක කර වැලිකඩ සමූහ ඝාතනය හේතුවෙන් මරණයට පතුවූ අයගේ පවුල්වලට සාධාරණත්වය ඉටුකිරීම වෙනුවට එම සිද්ධියෙන් මියගිය 16 දෙනෙකුට පමණක් වන්දි මුදල් ප”ධානය කර තමන්ගේ විරුදධවාදීන් හීලෑ කිරිම යහපාලනය නොවන බවද විරෝධතාකරුවන් සදහන් කළහ.

බන්ධනාගාරගතවුවන් වෙනුවෙන් නිවෙස්වලින් රැගෙන එන ආහාර පරික්ෂා කිරීමේ කටයුතු ප”මිතියකට අනුව සිදු නොකෙරෙන බවද ඥාතීන් පවසති.

බන්ධනාගාරය ඉදිරිපිට මෙම විරෝධතාවය පවතින අවස්ථාවේ ඊට සහයෝගය දිමක් වශයෙන් බන්ධනාගාර රැදවූවන් 250ට අධික පිරිසක් ආහාර වර්ජනය කළ බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන ්කලේය.

මේ වනවිට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ සිටින්නන්ගේ සිර දඩුවම වසර 20ට සීමා කරන ලෙසද මෙහදී විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.

බන්ධනාගාර ආඥා පනත‍ේ 40 වන වගන්තියේ ප”ථිපාදන අනුව සිව්මස සමාලෝචනය කි”යාත්මක කළ යුතු වුවත් මෙම සමාලෝචන කි”යාවලිය නිසිපරිදි කි”යාත්මක නොවන හෙයින් දිර්ඝ කාලීන සිර දඩුවම් විදින රැදවියන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත් මෙම විරෝධතාව

සංවිධානය කළ බන්ධනාගාර රැදවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කරයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට නම් 6ක් !

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පසුගිය මාර්තු 1 වන දින විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරප්පාඩු වී තිබෙන එම ධුරය වෙනුවෙන් මේජර් ජෙනරාල්වරු 6 දෙනකුගේ නම් යෝජනා වී ඇත. මේ වන විට එම නම් 06 ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කොට ඇති අතර සුදුසු අය පත් කිරීම ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇත.

සාමාන්‍යයෙන් මෙම තනතුර සඳහා හමුදාපතිවරයා විසින් යුද හමුදාවේ සිටින වඩා සුදුසුම නිලධාරියකු නම් කර යැවීම සම්ප්‍රදාය වූවත් මෙවර 6 දෙනකුගේ නාම යෝජනා  ලබා දීම හමුදාව තුළ වන බලපොරය පෙන්වන්නක් බව ආරක්ෂක අංශ විචාරකයෝ පෙන්වා දෙති. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සාමාන්‍යයෙන් සැලකෙන්නේ මීළඟ හමුදාපති ධුරයට පත් වීමට ඉහළම සුදුසුකම් සැපිරීමක් ලෙසය. ඒ අනුව චන්න ගුණතිලක මහතාව නම් කරනු ලැබුවේ ද වත්මන් හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසිනි. එහෙත් ගුණතිලක මහතාට වයස අවුරුදු 55 සම්පූර්ණ වීම පසුගිය මාර්තු 01 වන දින සිදු වීම නිසා ඔහුට විශ්‍රාම ගැනීමට සිදු විය.

ඒ කෙසේ නමුත් මේ වන විට නම් කර තිබෙන මේජර් ජෙනරාල්වරු 6 දෙනා අතර වන බොනිපස් පෙරේරා මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී විශ්‍රාම ගැනීමටත් උපුල් විතානගේ මේ වසරේ ජුනි මාසයේදීත්, සුදන්ත රණසිංහ ලබන වසරේ ජනවාරි මාසයේදීත්, මහේෂ් සේනානායක මේ වසරේ අගෝස්තු මාසයේදීත්, ජනක වල්ගම මේ වසරේ මැයි මාසයේදීත්, උදය පෙරේරා ලබන අප්‍රේල් මාසයේදීත් වයස 55 සපුරා විශ්‍රාම ගැනීමට නියමිතය.

මේ අතර හමුදා ආරංචි මාර්ග පවසන්නේ මෙම මේජර් ජෙනරාල්වරු අතරින් තිදෙනකුට වංචා දූෂණ හා කාන්තාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවය. ඇතැමකු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ චෝදනා විමර්ශනය කිරීම ද මේ වන විට සිදු වෙමින් තිබේ.

එසේම මෙම නිලධාරීන් අතුරෙන් දෙදෙනකු යුද්ධය හේතුවෙන් විශේෂ බඳවා ගැනීමේ ක්‍රමවේදයක් වන Short Service Commission ක්‍රමයට බඳවා ගත් අය නිසා ඔවුන්ට හමුදාපති තනතුර සඳහා සුදුසුකම් නොමැත. එසේම මෙම නිලධාරීන් දෙදෙනාවම ඊට අදාළ විභාගවල දී කිහිප වතාවක් අසමත් වී ඇති බව ද වාර්තා වේ.

මෙම ක්‍රමයට හමුදාවට ඇතුළත් වන අයට මෙරට දී මේජර් ජෙනරාල් තනතුර දක්වා උසස්වීම්  මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දී ලබා දී ඇති නමුත් බොහෝ රාජ්‍යයන්වල දෙවන ලුතිනන් තනතුරෙන් ඉහළ පත්වීම ලබා නොදේ.  හමුදාපතිවරයකු ලෙස පත්වීම ලබන්න කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට එක් වී නියමිත ලෙස ඉහළ තනතුරුවලට පත්වීම සිදු විය යුතුය. එසේම මේජර් ජෙනරාල් තනතුර ලබා ගැනීමේ දී දක්වා ඇති ජ්‍යෙෂ්ඨත්වය ද මෙහි දී සලකා බැලේ.

ඒ අනුව මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 2009 ජූලි මාසයේ දී මේජර් ජෙනරාල් තනතුරට පත්ව ඇති ජ්‍යෙෂ්ඨතමයා වන අතර අනෙක් මේජර් ජෙනරාල්වරු ඊට වසර එකහමාරකට පසුව එම තනතුරුවලට පත්ව ඇත.

“මම වුවමනාවකට මුදල් අරන් යන්න ආවේ, කරුණාකරල මට ගණුදෙනු කාරයෙකුට වගේ සළකන්න”

සාකච්ඡා කලේ- පාලිත අබේලාල්

ඔහු විටෙක මාධ්‍ය සහෘදයෙකි. තවත් විටෙක පුංචි තිරයේ තිරෙන් පිටු පස වැඩකරුවෙකි. එතකොට වේදිකාව? ඉතිං ඒ නම් ඔහුගේ හද ගැහෙන රාවයයි. මේ අටුවා ටීකා වලින් සැරසුවේ කපිල කුමාර කාලිංගයන් රසික ඔබට අමුත්තෙකු නොවන බව නොදන්නා නිසා නොවේ….ඔහු කලාවේ වෙසෙස් කොන්වල හසල නිර්මාණකරුවෙකු නිසාය..

මෙවර ඔහු වේදිකාව සරසන්නේ සුභ නැකතින් ”බැංකුවීරයා” කැන්දන් එමිනි. එහි මංගල දර්ශණය මේ මස 19 වන දින සවස 6.30ට මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී රංගගත කිරීමට ලහි ලහියේ සූදානම් වන මොහොතක බොස්ටන් ලංකා සමග එක් වෙමින් ඔහු සිය නිර්මාණ දිවියේ අලුත්ම තොරතුරු දිගහැරියේ මෙලෙසිනි.

කවුද මේ බැංකු වීරයා?

අපි මෙහෙම කිව්වොත්, වීරයෝ එක රාත්‍රියකදී ද්‍රෝහීන් බවට පත්වෙනවා. වීරයෝ චෞරයෝ බවටත් පත්වෙනවා. චෞරයෝ වීරයෝ බවටත් එක වෙලාවක පත්වෙනවා. මේක රොබින්හුඩ්, සරදියල් වගේ පහළ සමාජ ශ්‍රේණි වල අයට වගේම රාජ්‍ය නායකයන්ට පවා ඇතිවිය හැකි පොදු තත්ත්වයක්. එක කාලෙක රාජ්‍යයට දුෂ්ඨයෙක් වෙන මැන්ඩෙලා පසුව ලොක් ප්‍රජාවගේම වීරයෙක් බවට පත්වෙනවා. මම මේ නාට්‍යයේදී චෟරයෙකුට පවා වීරත්වය පුදකිරීමට සූදානම්වන අවස්ථාවන් තිබිය හැකිය කියන කාරනාව තේමා කරගන්නවා. ඇත්තටම චෟරත්වය සහ වීරත්වය යනු එකම කාසියක දෙපැත්ත.
16195855_381127038912423_2653205063380205776_n

එතකොට මේ නාට්‍යයේ සිදුවීම් මාලාව ගොඩනැගෙන්නේ බැංකු කොල්ලකෑමක් කේන්ද්‍රකරගනිමින්?

ඔව්, අපිට පසුගිය කාලේ එක එක තාලෙ බැංකු කොල්ලකෑම් අහන්නට දිකින්නට ලැබුන. මේ නිසා බැංකුවල මුදල් සම්බන්ධයෙන් ජනතාව තුල අනාරක්ෂිත හැගීමක් ඇතිවුනා. ජනතාව තුල බයක් ඇතිවෙන විට කොල්ලකරුවන්ගේ ඇතිවුණේ නිර්භීත කමක්. මේ කොල්ලකෑම් වලට සම්බන්ධවුනේ බහුතරයක් තරුණයන්. ඇත්තටම මේ තරුණයන්ගේ ජීවිත වලටත් බලාපොරොත්තු තියෙනවා. මේ බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට ඒ අයට මුදල් අවශ්‍යයි. මේ සිදුවීම් වල විශාල ඛේදවාචකයක් වගේම උත්ප්‍රාසයකුත් තියෙනවා. මගේ මුදල් අවශ්‍යතාවයකට විසදුමක් හොයන්නේ බැංකුවක් කඩල නම් මම බැංකුව සමග ගණුදෙනු කරන්නේ බැංකු කොල්ලකෑම තුලින්. මගේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන කලන්සූරිය තරුණයෙක්. ඔහු නිතරම කියන කතාවක් තමයි “මම වුවමානවකට මුදල් අරන් යන්න ආවේ. කරුණාකරල මට ගණුදෙනු කාරයෙක් විදියට සළකන්න. මම හොරෙක් නෙවේ” කියල. මේ ගණුදෙනු කිරීමේ අවශ්‍යතාවය අපි හැම කෙනෙකුටම ඇතිවෙලා නැද්ද? මේ කොල්ලකාරයා අපි හැමෝම තුල නැද්ද?

16265998_381126992245761_7239183977910756141_n

ඇතැම් විට සංස්කෘතියෙන් හෝ නොහැකියාවෙන් වසාගෙන හෝ මර්ධණය කර සිටින මේ කොල්ලකාරයා සාධාරණය කිරීමද ඔබේ මේ උත්සාහය?

ඇත්තටම නැහැ, මේ නාට්‍යට අනුව ඔහු කොල්ලකෑම සිදුකරන්නේ නෑ. ඔහු මේ බැංකුවේ සේවයකරන අය සමග සාකච්ඡාවක යෙදෙනවා. එයින් ඒ ඒ අය අතර අන්තර් සබදතාවයක් ගොඩනැගෙනවා. ඒ සබදතා තුල සමජය ධූරාවලියේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න අයත් මෙවැනි දැවෙන ප්‍රශ්ණවලින් පෙළන බව නිරාවරණය වෙනවා. ඔවුන් සියළුදෙනාම අසම්පූර්ණ ජීවිත ගතකරන අය. ඇත්තටම මේ අර්ථක්‍රමය තුල අපිට පරිපූර්ණ ජීවිතයක් හිමිවෙනවාද? යම්කිසි භෞතික භාණ්ඩයක් හෝ කීපයක් හිමිකරගෙන තමන් පරිපූර්ණ ජීවිතයක් අත්පත් කරගත්තා කියල අපි හිතුවත් ඇත්තටම අපිට සම්පූර්ණ ජීවිතයම අත්පත්කරගැනීමට හැකිවෙලා තියෙනවාද? මේ රික්තකය අවබෝධ කරගැනීමට නොහැකි තත්ත්වයක තමයි අපි අද ඉන්නේ. අපි හිතනවා මේ හිඩස මුදල් වලින් පුරවාගැනීමට හැකියි කියල. නමුත් ඇත්තටම ඒ හිඩස මුදල් වලට පිරවීමට හැකිද?

16195907_381126962245764_4380991814240605356_n

දීගු නිහැඩියාවකින් පසු නාට්‍ය නිර්මාණය කිරීමට යොමුවුනේ ඇයි?

ඇත්තටම මම පසුගිය කාල වකවානුවේදී නාට්‍ය නිර්මාණ කරණයෙන් ප්‍රසිද්ධ වේදිකාවට නොපැමිණියත් මම නාට්‍ය කලාව සමග සමීපව තමයි ගැවසුනේ. විශේෂයෙන්ම මම මේ වෙනකොට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගලා පිළිබද ප්‍රායෝගික බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවයකරනවා. මේ අත්දැකීම් ගොන්නත් සමග මම ලෝක නාට්‍ය දින දෙකකදී තරුණ නාට්‍ය කණ්ඩායම් දෙකක් සමග පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණ දෙකක් කලා. එකක් අපි රංගගතකළේ පිහිණුම් තටාකයක. මේක අපි Pool Theatre කියල හැදින්නුවේ. අනෙක් නාට්‍ය ” මාතෘකාවක් නොමැත” කියන නාට්‍ය. මේ නාට්‍යයේ විශේෂත්වය නාට්‍ය සිදුවන්නේ වේදිකාවේ නොවේ,ප්‍රේක්ෂාගාරයෙයි.

සාකච්ඡා කලේ- පාලිත අබේලාල් (palithaabelal@gmail.com)

රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශ ධූරයට නීතිඥ කපිල වෛද්‍යරත්න

රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයේ  වත්මන් ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න  මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැන ගැනීමට තිබේ.

මෙම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ද යෝජනා වී තිබූ නමුත් මේ වන විට වෛද්‍යරත්න මහතා වඩා සුදුසු අය ලෙස තෝරාගෙන ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ලබන ජුනි මස විශ්‍රාම ගැනීමට නියමිතය.

හෙට්ටිආරච්චි මහතා මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම මෙයට හේතු වශයෙන් සඳහන් වේ.

 

රජයකට කඩේගියා කියල වරදාන ලබාදීම හෝ රජය විවේචනය කලා කියල වෙනස්කම් කිරීම විය නොයුතු දෙයක් – ප්‍රවීණ නාට්‍යෙව්දී පරාක්‍රම නිරිඇල්ල

සාකච්ඡා කළේ : පාලිත අබේලාල්

දේශීය කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ කර්තව්‍යය අපේ රටේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් මීට කලකට පෙර ඇරඹි කාර්යයකි. එහි ඇති වැදගත්කම සහ එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ කෙසේද යන කාරණා පිළිබද කතාබහ කරනට බොස්ටන් ලංකා අපි හමු වුණේ  ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතාය.

ඒ මෙම දැවැන්ත කාර්්‍යෙය් පුරෝගාමියා ඔහු බැවිනි.

කලා සහ සංස්කෘතික ප්‍රතිපත්තියක් නිර්මාණය වීමේ අවශ්‍යතාවය පැහැදිලි කළොත්?

බොහෝ කලාකරුවන් තමන්ගේ ස්වාධීන ශක්තියෙන් සහ සම්බන්ධතා තුල තමන්ගේ කලා කටයුතු කරගෙන තමන්ගේ පැවැත්ම නිර්මාණය කරගන්නවා. නමුත් පොදුවේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවේ ඒක. කලාව හා සංස්කෘතිය හා සම්බන්ධ සියළු කාර්යයන් සදහා රටකට එක ප්‍රතිපත්තියක් තිබියයුතුයි. රජයකට කඩේගියා කියල වරදාන ලබාදීම හෝ රජය විවේචනය කලා කියල වෙනස්කම් කිරීම විය නොයුතු දෙයක්.

ඔස්ට්‍රේලියාවේ නාට්‍ය කණ්ඩායමක් ඉන්නවා ඇබොර්ජින් වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්මාණ කරන. මේ කණ්ඩායම රජය දැඩි විදියට විවේචනය කරනවා. නමුත් රජය කිසිම විදියකින් ඒ අයට බලපෑම් කරන්නේ නෑ. රජයේ අදහස “මේ වගේ විවේචන නැත්තං අපි කොහොමද ඒවගේ ප්‍රශ්ණ තියෙනවා කියල දැනගන්නේ” කියලයි. ඒ කලාකරුවන්ගේ පැවැත්ම සුරක්ෂිත වෙලා තියෙන්නේ මේ කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය නිසා. විශේෂයෙන් ඕස්ට්‍රේලියානු කලා මණ්ඩලය විස්න් ජනතාවගේ සංස්කෘතිය වගේම සංස්කෘතියට ඇති අයිතියත් ඉහළ මට්ටමින් සුරක්ෂිත කරලා තියෙනවා. ඒ තුල කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ භෞතික සංවර්ධනයක් වගේම මානව සංවර්ධනයක් අතිකිරීමට සමත්වෙලා තියෙනවා.

මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකවිම රටේ සමස්ථ ජනතාවගේ යහපැවැත්මට මොන ආකාරයකින් බලපායිද?

කලාව තියෙන්නේ කලාකරුවන්ගේ පැවැත්ම සදහාම නොවේ. සමස්ථ සමාජයේම යහ පැවැත්ම සදහා. මේ ප්‍රතිපත්තිය මගින් කලාව සහ සංස්කෘතිය හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සවිබල ගැන්වීම සිදුවෙනවා. උදාහරණ විදියට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල කලාව සහ සංස්කෘතිය පිළිගැනීමකට ලක්කිරීමට හැකිවෙනවා. මෙයි ඉහළ රසවින්දනයකින් යුත් සංවේදී අනාගත පරපුරක් නිර්මාණය කරගැනීමේ හැකියාව අපිට උදාවෙනවා. මේක ඇත්තටම කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. කලාව රසවිදීම පුරවැසියන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා අතරට නොගැනෙන අද දවසේ කලාවට නියම ස්ථානය ලැබීම තුල පුද්ගල සංවර්ධනය වගේම කලාව සදහා විශාල අවකාශයක් නිර්මාණය වීම සිදුවෙනවා. මේ සංවර්ධනය අවසානයේ ලැබෙන්නේ සමස්ථ ජනතා ජයග්‍රහණයක් විදියටයි.

වත්මන් රජය මේ කෙරෙහි දක්වන්නේ මෙනවගේ අකල්පයක්ද?

සංස්කෘතිය පිළිබද රජයේ ආකල්පය මේ සංස්කෘතික ඇමති පත්කිරීමෙන්ම තේරෙනවනේ. වෙන රටවල සංස්කෘතිය කියන්නේ ඒ රටේ ප්‍රධාන ස්ථානයක් හිමිවෙන ක්ෂේත්‍රයක්. නමුත් අපේ හණමිටි අදහස් තියෙන ඇමතිලා හින්ද මේ අංශය අතීතයේ ඉදන්ම අක්‍රීය අමාත්‍යංශ බවට හංවඩු හැහිල තියෙන්නේ. මේ යහපාළන ආණ්ඩුව යටතේත් ඒක එහෙමමයි. දැනට කොළඹ කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මකවෙන මෙගාසිටි ව්‍යාපෘතියට අපි අපේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි භෞතික සංවර්ධනයට කිසිසේත්ම විරුද්ධ නැහැ. නමුත් මේ භෞතික සම්පත් පරිහණය කරන පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය කිසිසේත්ම නොතැකීම තුල මේ සිදුකරන්නට යන්නේ සැබෑ සංවර්ධනයක්ද කියන ගැටළුව ඇතිකරනවා.මේ තත්ත්වය රජය විසින් පිළිඅරගෙන රජය විසින්ම ස්ථාපනයකර සෑම අංශයකටම ව්‍යාප්ත කළයුතු දෙයක්. නමුත් තවමත් රජය මේ කෙරෙහි දක්වන්නේ අඩු අවධානයක්.

මේ වගේ තත්ත්වයක් තුල මේ කාර්යය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

විශේෂයෙන් කලාකරුවන්, සංස්කෘතික ක්‍රියාකාරිකයින් වගේම පොදුවේ මහජනතාව මේ වගේ සංස්කෘතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකවීම හමුවේ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබද දැනවත් කරලීම අත්‍යවශ්‍ය දෙයක්. මේ සදහා අපි රටේ බුද්ධිමතුන්ට වගේම මහජනතාවටත් ආරාධනා කරනව මේ පිළිබදව මීට වඩා අවධානයක් යොමුකරවන්න කියල. ඒවගේම ඔබට හැකි ආකාරයෙන් මේ පිළිබදව නිවැරදි දැනුම අරගෙන, අනෙක් අයටත් සංනිවේදනය කරන්න කියන ආරාධනයත් මේ මොහොතේ මම කරනවා. අපි සාමූහිකයක් විදියට සියළුම ප්‍රජාවන් දැනුවත් කරලීමේ කාර්යයේ යෙදීසිටනවා.

සාකච්ඡා කළේ : පාලිත අබේලාල් (palithaabelal@gmail.com)