ඇමරිකානු ආරක්ෂක අංශ වලින් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

ISIS ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කිරීම සඳහා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කරමින් පවතින බවට ඇමරිකානු ආරක්ෂක අංශ මෙරටට අනතුරු හඟවා තිබේ. ආසියානු ෆැසිපික් කලාපයේ ඇමරිකානු හමුදා ප්‍රධානියෙකු වන Major General Bryan Fenton මහතා පසුගියදා මෙරට කල සංචාරය අතරතුර ඉහළ පෙලේ නිලධාරීන් වෙත මේ බව ප්‍රකාශ කර තිබේ.

මාලදිවයින් රාජ්‍යයේ දැනට 900 පමණ ISIS ත්‍රස්තවාදීන් පිරිසක් හදුනාගෙන තිබෙන බවටද තොරතුරු වාර්තා වී ඇත. පකිස්තානය,ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉතා සිඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර එම රටවල් ස්වභාවයෙන්ම මුස්ලිම් රටවල් නිසා මෙම තත්වය මර්ධනය කල නොහැකි මට්ටමට පත් වී තිබේ.

ශ්‍රී ලංකාව තුල රැදෙමින් රුසියාව වැනි ප්‍රභල රටකට ප්‍රහාරයක් එල්ල කිරීම, ගුවන් යානා පැහැරගැනීමක් සිදුකිරීම හෝ ආසියානු කලාපයේ මහා පරිමාණ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමට ISIS ත්‍රස්තවාදීන් කටයුතු කරනු ඇතැයි අනාවරණය වී තිබේ.

මුස්ලිම් රටවලින් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම තහනම් කිරීම සහ රට තුල විශේෂ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කරවීම හරහා මෙම ගැටලුවට ඉක්මන් විසඳුම් ලබාගත යුතු බවටද ඇමරිකාව ලංකාවට පෙන්වා දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය ගාලු මුවදාර පිටියේදී

ශී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය ගාලු මුවදාර පිටියේදී පැවැත්විමට වරාය අධිකාරිය අවසර දී ඇතැයි ශී” ලංකා පොදු ජන පෙරමුණ සදහන් කරයි.

දේශපාලන කටයුතු සදහා ගාලු මුවදොර පිටිය ලබා නොදෙන බන වරාය අධීකාරිය මුලින් දැනුම් දී තිබුණත්පසුව කම්කරු දිනය සැමරීම දේශපාලන කටයුත්තක් නොවන නිසා ශී” ලංකා පොදුජන පෙරමුනේ මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටිය ලබා දෙන බව වරාය අධීකාරියෙන් දන්වා ඇතැයි ‍ශී” ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය ප”කාශක සංජීව එදිරිමාන්න මහතා සදහන් කලේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ මැයි දින සැමරුම් රැළිය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පවත්වන බවද ඒ මහතා සදහන ්කලේය.

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට පනතක්

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බව  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඊයේ ( අප්‍රෙල් 3) උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය අමාතයංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව සහ මෙරට විශ්ව විද්‍යාල ප්‍රමිතිගත කිරීම පිළිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ව්‍යාපෘතිය ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත වද අමාත්‍යවරයා පැවසීය.

ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතුව ලොකු වගකීමක් තියනවා

By: නිරාශා පියවදනි

ශිරෝන් මෙන්ඩිස් කියන්නෙ සංගීත රසික ඔබට වැඩිය අහලා දැකලා පුරුදු  චරිතයක්නම් නෙවෙයි වෙන්න පුළුවන්. ශිරෝන් තිරෙන් පිටුපස වැඩකාරයෙක්. සංගීත රසික අපි සංගීතය රස විදින්න පුරුදු වෙලා ඉන්නෙ ගායනය වාදනය සහ රූප රචනා එක්ක. ඒත් ඒ හැමදේම පිටුපස ලොකු තාක්ෂණික මෙහෙයුමක් තියනවා.  ඒ ගැන වැඩි විස්තර කියන්න සුදුසුම කෙනෙක් වුණු ශිරෝන්ටයි අද බොස්ටන් ලංකා ඉඩ විවර වෙන්නේ.

Shiron 4

ශිරෝන් සංගීත ක්ෂේත්‍රෙය් වැඩ පෙන්වන්නෙ අපේ රසිකයන්ට හුරු පුරුදු ගායනයෙන් හෝ වාදනයට වඩා වෙනස් මාධ්‍යයකින්.

ඔව් මගේ ක්ෂේත්‍රය ඕඩියෝ ඉන්ජිනියරින්.තිරෙන් පිටුපස හිද කරන අපූරු මෙහෙයුමක්.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මුල පුරන්නෙ කොහොමද?

යුනික් සවුන්ඩ්ස් කණ්ඩායම තමයි මුලින්ම මගේ හැකියාව අදුන ගන්නෙ. එහි ක්‍රිෂාන් කියන මිතුරා නිතර මාව දිරිමත් කරමින් මාව මේ ක්ෂේත්‍රයට යොමු කළා.

Shiron 5

මොාකක්ද මේ ඕඩියෝ ඉන්ජිනියරින් කියන්නෙ?

තාක්ෂණයත් සමග සංගීතය මුසු කිරීමේදී ඕඩියෝ ඉන්ිනේරුවරයාගේ කාර්්‍යය ඉතාම වැදගත්.

ගායකයාගේ කට හඩ මොනතරම් මිහිරි වුණත්, නිර්මාණකරණයේදී යොදා ගන්න සවුන්ඩ් මිලියන ගානක් වටින ඒවා වුණත් වැඩක් නෑ ගායනය, වාදනය පිටතට ඇහෙන්නෙ  කටෝර ලෙස නම්. ගායනයත් සංගීතයත්  සුමට ලෙස සුසංයෝග කරලා ගුණාත්මක බව සුරකිමින් තාක්ෂණය හරහා පිටතට ඇහෙන්න සලස්වන්න ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතු ලොකු වගකීමක් තියනවා. මෙය ගායනය සංගීතය සහ තාක්ෂණය සමබර කිරීම කියලා හැදින්වුවත් නිවැරදියි.

Shiron 7

මේ බැරෑරුම් කාර්්‍යෙයන් ජාත්‍යන්තරයෙත් වැඩ පෙන්වුවා කියලා ආරංචියි?

සිංගප්පූරුවෙ යුනිවර්සල් ස්ටූඩියෝ එකේ රටවල් 24ක් ඇවිත් කරපු තරගයකට සහභාගී වුණා. එහි අවසානයේ තෝරා ගත් තිදෙනාට එක් වීමට හැකි වුණා.

Shiron 6

Gypsiesලාට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?

පසුකාලයක සුනිල් පෙරේරා මහත්මයා මගේ හැකියාවන් දැකලා ඔවුන්ට එකතු වෙන්න කියලා ආරාධනා කළා. මේ වෙනකොටVoice Print, Daddy වැනි කිර්තිමත් සංගීත කණ්ඩායම් සමග වැඩ කරනවා.

ඉදිරියෙදි සහභාගී වීමට සැලසුම් කරලා තිබෙන කලා කටයුතු මොනවද?

හෙට අනිද්දා ඇමරිකාවෙ පැවැත්වෙන ප්‍රසංගයන් සදහා සහභාගී වීමට මේ දිනවල සූදානම් වෙනවා

Shiron 3

  ගායකයෙක් එහෙමත් නැත්නම් සංගීත නිර්මාණකරුවෙක් විදියට ඉදිරියට එන්න අදහසක් නැද්ද?

සංගීතය සහ ඕඩියෝ ඉන්ජිනියරින් ගැන හදාරන්න ආසයි. හැදෑරීමක් එක්ක සහජ හැකියාව එකතු වුණාම වඩාත් නිර්මාණාත්මක දෙයක් කරන්න පුළුවන්. ඔව් සංගීතයෙන් සහ ගායනයෙන් ඉදිරියට එන්නත් අපේක්ෂාවක් තියනවා.

තිරෙන් පිටුපස කරන මෙහෙයුම්වලින් වැඩ පෙන්වන ශිරෝන්ට ළගින්ම ඉදන් සහය දෙන ආදරණීය කෙනෙක් ඉන්නවා කියන්නෙ ඇත්තද?

(සිනා) අම්මෝ ඒවාට තව කල් තියනවා. දැනටනම් එහෙම දෙයක් නෑ. ක්ෂේත්‍රෙය තුළ ප්‍රමිතිය රැකගෙන දිගු ගමනක් යන එක තමයි දැනට හිතේ තියෙන්නෙ.

ණය ණයක් නොවේ

බැඳුම්කර සම්බන්ද කරුණ පිළිබඳ සාකච්ඡාවේ දී මේ වනවිට වඩාත් කතාබහට ලක්ව ඇත්තේ 2015 වසරෙව් ගනුදෙනුවේ දී අදාළ ආයතනය මුල්‍ය ආයතනයකින් කෙටි කාලීන ණයක් ලබා ගැනීම පිළිබඳවයි.

කෙටි කාලින ණයක් ලබා ගනිමින් බැඳුම්කර සඳහා ආයෝජනය කර ඇති බව ඇතැමුන් සඳහන් කළ ද එවැනි ආයෝජන ඉතිහාසයේ ඕනෑම තරම් ඇති බව සක්සුදක් සේ පැහැදිලිවනවා.

පසුගිය වසර දහය තුළදි රාජ්‍ය භාණ්ඩාගාරයේ ලියාපදිංචි ප‍්‍රාථමික වෙළෙන්දන් (Primery Dealers )  එවැනි මුදල් ලබා  ගත් අවස්ථා ඕනෑ තරම් වාර්තා වූ අතර ඊට අමතරව සිදු වූ වංචා 13 ක් ගැන සොයන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ද පසුගිය දා සඳහන් කළා.

මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක් වැය කර නිව්යෝක්වල ගොඩනැඟිල්ලක් ගෙන ඇති බව හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කරනු ලැබුවා.

“රුපියල් මිලියන 12,081 ක් වියදම් කර බ්‍රසීලයේ ගොඩනැඟිල්ලක් ගෙන තිබෙනවා. මේවාට අනුමැතිය දුන්නේ කවුද කියලා ගැටලුවක්. මහ බැංකුව තුළ තිබූ මාෆියාව දැන් හෙළිවෙමින් තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සිද්ධියේදි වුණේ ටෙන්ඩර් කැඳවීමක්. අඩුම ඉල්ලුම්කරුවන්ගෙන් ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ කිසිදු ටෙන්ඩර් ක්‍රමයක් අනුගමනය කළේ නැහැ. පෞද්ගලික ක්‍රමවේදයක් මඟින් තමයි අනුගමනය කළේ. අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සිද්ධියේදි රුපියල් බිලියන 10 ක් තමයි ටෙන්ඩර් කරලා ගත්තේ. වසර 2011 දි රුපියල් බිලියන 625 ක, 2012 රුපියල් බිලියන 645 ක, 2013 දි රුපියල් බිලියන 695 ක, 2014 දි රුපියල් බිලියන 706 ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. ඒ සියල්ල ගෙන තිබෙනුයේ පෞද්ගලික ක්‍රමවේදයන්ට අනුව. විනිවිදභාවයක් නැතිව තමා ඒ ගනුදෙනු කළේ.

  1. මහ බැංකුව කොහොමද බ්‍රසීලයේ ගියේ. බ්‍රසීලයේ, අමෙරිකාවේ පමණක් නොව කොළඹිනුත් ගොඩනැඟිලි අරගෙන. පොදු රාජ්‍ය ක්‍රීඩාවලට මහ බැංකුව මුදල් වියදම් කර තිබෙනවා. මේ ගනුදෙනු ගැන සොයා බැලිය යුතුයි. ඒ කාලයේ මේ ගනුදෙනුවලට සහාය දුන් නිලධාරි පිරිසක් සිටිනවා.  මේ කරුණු 13 ගැනම පරීක්ෂණ පැවැත්වෙයි කියලා අපි හිතනවා.” යනුවෙන්ද ඔහු සඳහන් කරනු ලැබුවා.

Two journalists sue President Trump after being placed on ‘kill-list’ by mistake

Two journalists who say they were added to the government’s terrorist “kill list” by mistake, are suing President Trump and other U.S. officials to be removed, according to Politico.

In the lawsuit, former Al Jazeera Islamabad bureau chief Ahmad Zaidan and freelance journalist Bilal Kareem claim that although they were placed on the list by the Obama White House, the decision to keep them on the list has been maintained by the Trump administration.

The lawsuit, filed on Thursday in the U.S. District Court for the District of Columbia, names President Trump, Defense Secretary James Mattis, CIA Director Mike Pompeo, and Attorney General Jeff Sessions as defendants, among others.

Both journalists deny having any connection to terrorist groups. They say they were put on the list after being flagged by “flawed” computer algorithms. They say their placement on the “kill-list” violates due process as well as international law, according to the lawsuit.

Both Kareem, a U.S. citizen who’s done reporting from Syria, and Zaidan, a Syrian and Pakistani citizen, have reported from war zones. Karim said he nearly died in five different airstrike attacks. Zaiden has interviewed Osama bin Laden.

In the suit, Zaidan claims the issue has forced him to leave Pakistan, and his career, and move to Qatar. Kareem is thought to be reporting from Syria.

Gender Gap at Many Top USA News Outlets

Far more men than women are reporting the news, at least at some of the most prominent news organizations in the United States.

At ABC’s World News Tonight, 88 percent of the on-camera and producer credits on stories went to men. At the New York Daily News, 76 percent of bylines were men’s.

Those are a few of the numbers from the Women’s Media Center 2017 study released recently,    which tracked reporting from broadcast, wire, newspaper, and digital-only outlets for three months in 2016. The study analyzed bylines, on-air anchor and correspondent appearances, and producer credits on 24,117 news pieces produced between September and November of last year by four broadcast TV outlets, 10 newspapers, four digital outlets, and two major wire services.

Across all platforms, a gender gap persists, but the report found the starkest disparity in the TV news outlets it examined, where women — counting anchors and on-air correspondents — reported only a quarter of the news (down from the 32 percent found in WMC’s last report in 2015). PBS News Hour, which prior to Gwen Ifill’s death in November had two female co-anchors, was closest to achieving gender parity. At the 10 newspapers analyzed, men reported 62 percent of the news and women 38 percent.

The gender gap was smaller at the digital outlets analyzed, with women making up 46 percent of the bylines. The best performer: FoxNews.com, which finished at 50.1 percent men and 49.9 percent women.

The imbalance was also reflected in the sources quoted in stories that touch on women’s lives.

Women wrote 37 percent of stories around reproductive rights from the newspapers and wire services analyzed in the WMC report, versus 52 percent by men. (About 11 percent of stories analyzed had no byline, including unsigned editorials.) Men and women writing about reproductive issues quoted people differently, too: Women quoted other women in 42 percent of the quotes in those stories, while men quoted women in only 27 percent of theirs.

A similar pattern emerged in stories about campus sexual assault. Men wrote 55 percent of the stories vs. 31 percent by women (the remainder having no byline). In the stories by men, 28 percent of the quotes were from women; in stories by women, 42 percent were.

Source: Nieman Lab

රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානය

පාලිත අබේලාල්

රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද 45 වන රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානය ඉකුත් මාර්තු 27 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

මෙම වසරේ පෙබරවාරි මාසයේ 15 වනදින සිට 28 වන දින දක්වා මරදාන ටවර් රඟහලේදී රංග ගතවූ සිංහල අංශයේ දිගු නාට්‍ය 10 ක්, කෙටි නාට්‍ය 09 සහ දමිළ අංශයෙන් කෙටි නාට්‍ය 05 ක් අතුරන් ප්‍රශස්ත දක්ෂතාවයන් දැක්වූ නිර්මාණ කරුවන් මෙහිදී සම්මානයට පාත්‍රවිය.

2017 වර්ෂය සඳහා වන නාට්‍ය කීර්ති සම්මානය

ප්‍රවීණ නාටයකරුවකු මෙන්ම සාහිත්‍ය නිර්මාණ කරුවකු වන මානා මක්කීන් මහතා

ප්‍රවීණ නාට්‍යවේදී මානෙල් වීරමුණි මහතා

දිගු නාට්‍ය අංශය

හොඳම දිගු නාට්‍ය – රාජිත දිසානායකගේ නැතුවම බැරි මිනිහෙක් නාට්‍ය

හොඳම නාට්‍ය නිෂ්පාදනය – රාජිත දිසානායක (නැතුවම බැරි මිනිහෙක්)

හොඳම ස්වීය රචනය – රාජිත දිසානායක (නැතුවම බැරි මිනිහෙක්)

හොඳම ස්වීය නොවන රචනය – ජයවතී ජයසිංහ (ප්‍රේමවන්ත කුමාරයෝ)

හොඳම නළුවා – ධර්මප්‍රිය ඩයස්  ( නැතුවම බැරි මිනිහෙක්)

හොඳම නිළිය – දිනූපා කෝදාගොඩ (ගිරිකූඨ කාශ්‍යප)

හොඳම සහය නළුවා – ශ්‍යාම් ප්‍රනාන්දු (නැතුවම බැරි මිනිහෙක්)

හොඳම සහය නිළිය – බිම්සරා ප්‍රේමරත්න ( නැතුවම බැරි මිනිහෙක්)

හොඳම රංග වින්‍යාසය – විශ්ව චින්තක තිලකරත්න ( Mr.Wහෙවත් අත්තනායකගේ අවසන් දවස් )

හොඳම සංගීත නිර්මාණය – ලහිරු මාඩිවිල (ගිරිකූඨ කාශ්‍යප)

හොඳම වේදිකා පරිපාලනය – බිම්සර හතරසිංහ ( Mr.Wහෙවත් අත්තනායකගේ අවසන් දවස් )

හොඳම අංග රචනය – ලක්ෂිත සංකල්ප ජයකොඩි, චමරි නිසංසලා සහ අශාන් උඩුපිල්දෙණිය (ප්‍රේමවන්ත කුමාරයෝ)

හොඳම පසුතල නිර්මාණය – අනුරාධ මල්ලවආරච්චි  ( නැතුවම බැරි මිනිහෙක්)

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය – අනුදත් රාජපක්ෂ සහ අඛිල සපුමල් (ගිරිකූඨ කාශ්‍යප)

හොඳම රංගාලෝක නිර්මාණය – අනුරාධ මල්ලවආරච්චි  ( නැතුවම බැරි මිනිහෙක්)

කෙටි නාට්‍ය (සිංහල)

හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදන -1ආනනද චන්ද්‍රකුමාර (ලද ලබ නාට්‍ය)

2 සමන්ත පරණලියනගේ (කිරිඅම්මා අවතාරේ)

3සුදර්ශන ක්‍රිෂාන්ත (ස්වර්ණ භූමි)

හොඳමරචනය – 1 දමිත් වැලිකල (ලද ලබ නාට්‍ය)

                          2 සමන්ත පරණලියනගේ (කිරිඅම්මා අවතාරේ)

3සුසිත් විජයමුණි (ආණ්ඩුවේ රස්සාව )

හොඳම නළුවා 1 (සම සම්මාන) ජනක මුණසිංහ සහ ක්‍රිෂාන්ත ජයබාහු (ලද ලබ නාට්‍ය)

                      2සුදර්ශන ක්‍රිෂාන්ත (මිඩ්නයිට් ඩ්‍රීම්ස්)

                      3 ජූඩ් ක්ලෝඩියස් (කිරි අම්මා අවතාරේ)

හොඳම නිළිය 1 ජීවන්ති පෙරේරා (කිරි අම්මා අවතාරේ)

                      2 සුරනි අනූපමා (ආණ්ඩුවේ රස්සාව)

                      3 මල්කි තාරුකා පෙරේරා (එම්බාම්)

හොඳම රංග වින්‍යාසය -ජූඩ් ක්ලෝඩියස් (ලද ලබ )

හොඳම සංගීත නිර්මාණය – සුදර්ශන ක්‍රිෂාන්ත සහ නිලූෂා දිල්හානි (ස්වර්ණ භූමි)

හොඳම වේදිකා පරිපාලනය – ආනනද චන්ද්‍රකුමාර (ලද ලබ )

හොඳම අංග රචනය – පසන් මල්ෂාන් (ස්වර්ණ භූමි)

හොඳම පසුතල නිර්මාණය -(සම සම්මාන) ප්‍රදීප් ඇරෑගම(ආණ්ඩුවේ රස්සාව)  සහ නුවන් දර්ශන ( මිඩ්නයිට් ඩ්‍රීම්)

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය – ආනනද චන්ද්‍රකුමාර (ලද ලබ )

හොඳම රංගාලෝක නිර්මාණය – ආලෝක සම්පත් ( මිඩ්නයිට් ඩ්‍රීම්)

 කෙටි නාට්‍ය (දමිළ)

හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය – 1එස්. කාර්තික්කේසු ( කල්ලරෛයියාන කරුවරෛයි)

2 එම්. කාලිදාස් ( තෝලන්)

හොඳම රචනය- 1 එස්. කාර්තික්කේසු ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම නළුවා -1 එස්.තුජාන් (Magic Box)

2 ආනා ප්‍රශාන්තන් ( කල්ලරෛයියාන කරුවරෛයි)

3 එස්. තුජාන් ( අර්ථම්)

හොඳම නිළිය- 1 ටී. මේගලාදේවි ( කල්ලරෛයියාන කරුවරෛයි)

2 ආර්. දර්ශණා ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම රංග වින්‍යාසයඑස්. කාර්තික්කේසු ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම සංගීත නිර්මාණයකේ. සංගුලක්ෂ්මි ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම වේදිකා පරිපාලනය – එන්. නිරුත්තිගන් ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම අංග රචනය – වී. සුදර්ශන් (අර්ථම්)

හොඳම පසුතල නිර්මාණය – ඒ. විමල්රාජ් ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය – එම්. ඉන්දුජා (Magic Box)

හොඳම රංගාලෝක නිර්මාණය – එම්. නවනීදන් (තෝලන්)

කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (1) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (2) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (3) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (4) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (5) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2ලහිරු මාඩිවිල (1) ලහිරු මාඩිවිලසහය නළුවා සහ සහය නිළිය හොදම නළුවා සම සම්මාන කෙටි නාට්-ය (සිංහල)

රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ : සරත් වීරසේකර

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙරටට විදෙස් විනිසුරැවන් නොගෙන්වන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දුන්නද රජයේ නියෝජිතයා වශයෙන් එක්සත් ජාතින් ඉදිරියේ පෙනී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කරන්නේ ඊට සපුරා පුතිපක්ෂ දෙයක් යැයි නාවික හමුදා රියර් අලුමිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

ඉකුත්දා පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට රාජ්‍ය නොවන සංවිධානයක මාර්ගයෙන් ඉදිරිපත් වූ ලද අත්දැකීම් පිළිබද සදහන් කරමින්  මාර්තු 30 බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මංගල සමරවීර මහතා ඉකුත් පෙබරවාරි 23 වැනි දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසේන් කුමරැ ශ්‍රී ලංකා හමුදාවට ප්‍රතිපක්ෂව ඉදිරිපත් කර ඇති කරැණු අනුමත කරමින් කතා කළ බවද හෙතෙම කීය. එසේම අමාත්‍යවරයා මේ පිළිබද සලකා බැලීමට වසර දෙකක කාලයක් ඉල්ලා සිටි මුත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරැණු ඉදිරිපත් නොකළ බවද ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ නොකළ බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ හැකියාව පැවතියදී එසේ නොකර සිටින බවද ඒ මහතා සදහන් කළේය.

රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තමාට එහිදී කරැණු දැක්වීම සදහා ලැබුණේ විනාඩි එක එමාර බැගින් වූ අවස්ථා දෙකක් බවද දෙමළ ඩයස් පෝරා නියෝජිතයන්ට එවන් අවස්ථා විස්සක් පමණ හිමි වූ බවද හෙතෙම කීය. උසාවියක මෙන් සාක්ෂි සහිතව මෙහිදී කතා කිරීම අනවශ්‍ය බැවින් ඔවුන් හමුදාවට තම අභිමතය පරිදී අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය.

එබැවින් ලබන වසරේදී මීට වඩා වැඩි කාලයක් ලබා ගැනීමටත් වඩා හොද වාර්තාවක් සකස් කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.

තමාට විශ්ව විද්‍යාල ආචාර් සංගමයේ සමාජිකයන් වැනි විද්වතුන් සකස් කර දුන් වාර්තාවක් එහිදි ඉදිරිපත් කළ බවත් ඒ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට ඇති යුධ අපරාධ චෝදනා සාක්ෂි සහිතව ප්‍රතික්ෂේප කරමින් සකස් කළ බවත් ඒ මහතා සදහන් කළේය.

මෙම අවස්ථාව සදහා මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරැන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන යන මහත්වරැවන්ද සහභාගී වූහ.

ඒ අයට මේක ඉන්ටනැෂනල් වගේ තේරෙන්නේ නැත්තේ ෆ්ලයිට් එකක යන්නේ නැති හින්ද වෙන්න ඇති

සංවාදය සහ සටහන – පාලිත අබේලාල්

නාට්‍ය ලෝකයේ හිතුවක්කාරී රස්තියාදු කාරයෙක් වන එම්.සෆීර් ඉසව් ගණනාවක අත්දැකීම් ඇති කලාකරුවෙකි. ඔහු ඇතුළු Inter Act Art කණ්ඩායම විසින් සංවිධානය කරන Colombo International Theatre Festival ( CITF)නම් ජාත්‍යන්තර නාට්‍ය උළෙල අපේ‍්‍රල් මස 4 වනදා සිට 9 වන දින දක්වා කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. ඒ පිළිබද බොස්ටන් ලංකා සමගින් ඔහු සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

_KSR3155

මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇති ආකාරය පිලිබඳව විස්තර කලොත්?

අපේ ෆෙස්ටිවල් එක කොටස් හයක් විදියට පැවැත්වෙන්නෙ. අපේ‍්‍රල් 3 වෙනිදා සමාරම්භක උළෙල, මෙහිදි ලාංකීය නාටය කලාවට ලූෂන් බුලත්සිංහලයන් දැක්වූ දායකත්වය වගේම ජපානයේ නූතන නාට්‍ය කරුවෙකුව වන කෙන්ජිරෝ ඔටානිත් ඇගයීමට ලක්වෙනවා. මේ කාර්යය සිදුවෙන්නේ ගල්කිස්ස මවුන්ට් ලැවිනියා හෝටලයේදී. දෙවන කොටස තමයි අපේ‍්‍රල් 4 සිට 9 වනදා තෙක් පැවැත්වෙන දේශීය සහ විදේශීය නාට්‍ය ප‍්‍රදර්ශණය.

මෙතනදී ලංකාව, ඉන්දියාව,බෙලරූස්, ආමේනියා, ප‍්‍රංශයෙන් සහ ජර්මනිය යන රටවල් වලින් නාට්‍ය දොළහක් කොළඹ බ්‍රිතාන්‍ය පාසල් රංග ශාලාවේදී(British International School Auditorium) සවස 7 ට වේදිකාගත වෙනවා. තුන්වන කොටස විදියට 5වනදා සිට 9 වනදා දක්වා ඉනිදියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී විදේශීය නාට්‍යකරුවන්ගේ මූලිකත්වයෙන් නාට්‍ය වැඩමුළු මාලාවක් පැවැත්වෙනවා. මේ සඳහා නාට්‍ය උළෙලට නිර්මාණ ඉදිරිපත් කල විදේශීය නාට්‍ය කරුවන්ට අමතරව විශේෂ සම්පත් දායකයන් කිහිපදෙනෙක්ද සහභාගි වෙනවා. සිව්වන අංගය විදියට5 සිට 7 වනදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික ආයතනයේදී අන්තර්ජාතික අධ්‍යක්ෂකවරුන්ගේ හමුව පැවැත්වෙනවා. මේ සැරේ තියෙන විශේෂත්වය තමයි අපේ ප‍්‍රධාන නාට්‍ය උළෙලට සමමීවඟාමීව නාට්‍ය උළෙලක් මඩකළපුව විශ්ව විද්‍යාලයේ විපුලානන්ද ආයතනයේ පැවැත්වීම. මේ කාර්යය මාර්තු 31 සිට අපේ‍්‍රල් 2 වනදා දක්වා පැවැත්වෙනවා

 ඇයි ඔබ අන්තර් ජාතික නාට්‍ය උළෙලක් ලංකාවට හදුන්වා දීමට යොමුවුණේ?

මේකට හේතු කීපයක් තියෙනවා. මම ඒ නාට්‍ය උළෙලවල් වලට සහභාගී වෙනකොට ඔවුන් මගෙන් අහනවා ලංකාවේ අන්තර්ජාතික නාට්‍ය උළෙලවල් නැද්ද කියල. ඒ අය පුදුම කැමැත්තක් තියෙන්නේ අපේ රටේ නාට්‍ය උළෙලකට සහභාගිවෙන්න. අනික් කාරණය තමයි අපිට ලෝකෙත් එක්ක ගණුදෙනු කරන නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට නම් අන්තර්ජාතික නාට්‍ය උළෙලක් අවශ්‍යම වෙනවා.

මේ නාට්‍ය උළෙලට ඇතුළත්වන නාට්‍යවල ගුණාත්මක බව පිළිබඳව ඇතැම් අයගේ විවේචන පවතිනවා නේද?

විවේචන කාටත් කරන්න පුළුවන්, කරන්නනෙ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තෙ. ඇත්තටම ලෝකෙ ඉහළ මට්ටමේ නාට්‍ය උළෙලවල් වල පවා විවිධ මට්ටම්වල නාට්‍ය රඟදැක්වෙනවා. මේ නාට්‍ය උළෙලට එන නාට්‍ය හොඳ හෝ නරක වෙන්න පුළුවන්. එතකොට නාට්‍ය කරුවන්ට හොඳ නාට්‍යයක් කරන්නේ කොහොමද, නරක නාට්‍යක ලක්ෂණ මොනවද කියල අත්දැකීමක් ගන්නත් පුළුවන්. අඩුම තරමේ නාට්‍ය කරුවන්ට අන්තර්ජාතික අත්දැකීමක් ලංකාවෙදිම ලාබාන්නවත් පුළුවන්.

DSC_6919

CITF එකට අන්තර්ජාතික වශයෙන් මොනවගේ පිළිගැනීමක්ද තියෙන්නේ?

මේ වෙනකොට අපේ නාට්‍ය උළෙලට රටවල් 80 කින් විතර 200 කට වැඩිඅයදුම්පත් ප‍්‍රමාණයක් යොමුකරන තත්ත්වයකට ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙනවා. මේ වසර පහක් තුල ලබාගත්ත ජයග්‍රහණයක්. ඇත්තටම මේක පුද්ගලිකව මගේ ජයග්‍රහණයක් නෙවේ. පොදුවේ ලංකාවේ නාට්‍යකලාව ජත්‍යන්තරය යෑමක්. ඒ සඳහා ඇගයීම් ලැබීමක් විදියට මම සළකන්නේ.

අන්තර්ජාතික නාට්‍ය උළෙලවල් වලට වසරකට නාට්‍ය කිහිපයක් හෝ ඉදිරිපත් කරන නිර්මාණකරුවන් ඉන්න අපේ රටේ මේ අන්තර්ජාතික නාට්‍ය උළෙල සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සිදුවන්නේ නැත්තේ ඇයි?

ඒඅයට මේක ඉන්ටනැෂනල් වගේ තේරෙන්නේ නැත්තේ ෆ්ලයිට් එකක යන්නේ නැති හින්ද වෙන්න ඇති. ඇත්තටම ඒක නාට්‍යකරුවන්ගේ ප‍්‍රශ්ණයක් මිසක් මගේ ප‍්‍රශ්ණයක් නෙවේ. ඒකට නාට්‍යකරුවෝම තමයි උත්තර දෙන්න ඔන. අද ඒ අයට මේක අවශ්‍ය නැතිවුනත් යම් දවසක මේකෙ අවශ්‍යතාවය ඒ අයට ඇතිවෙයි. මේ වනවිටත් යම් ප‍්‍රවණතාවයක් ගොඩනැගී තියෙනවා.

4 (1)

ඔබේ අත්දැකීම් අනුව ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් සම්බන්ධයෙන් අපේ රටේ ජනතාවගේ පවතින්නේ මොනවගේ ආකල්පයක්ද?

නාට්‍ය කලාව සම්බන්ධයෙන් අතීතයෙ පැවති ඝෘණාත්මක ආකල්පය ඒ විදියටම තවමත් තියෙනවා. අපේ රටේ මේ ජාත්‍යන්තර නාට්‍ය උළලවල් සම්බන්ධයෙන් වැරදි අවබෝධ කීපයක් තියෙනවා. එකක් තමයි ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කියන්නේ නිකන් මේ වානිජ උත්සවයක් කියල. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ලෝකයේ  ඕනම ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් පවත්වන්නේ ඒ ඒ කෂේත්‍රවල ඉන්න අයට නාට්‍ය නරඹන්නට මිසක් පොදු ජනතාවට බලන්න නෙවේ. හැබැයි අවශ්‍ය නම් ඒ අයටත් නාට්‍ය නරඹන්න තහනමක් නෑ. අවාසනාවකට අපිට නාට්‍ය කලාවේ වෘත්තීය මට්ටමේ ශිල්පීන් 1000 ක් වත් නැති තත්ත්වයක් තුල තමයි අපි මේ නාට්‍ය උළෙල පවත්වන්නේ.

මේවගේ තත්ත්වයක් තුල ලංකාවේ නාට්‍ය කලාවේ අනාගතය අර්බුධයක නේද තියෙන්නේ?

සත්‍යවශයෙන්ම, මේ සැරේ අපේ නාට්‍ය උළෙල යුරෝපය, ඉන්දියාව සහ ලංකාව කියන අංශ 3ක් යටතේ තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. මේකට යුරෝපය නියෝජනය කරන්නේ ඒ රාජ්‍යයන්වලින් පඩි ලබන, ගිවිසුම් අනුව නිර්මාණ කාර්යයේ යෙදෙන වෘත්තීය නිර්මාණකරුවන් ඉන්න තියටර් කම්පැනිවල නාට්‍ය කණ්ඩායම්. ඉන්දියාවෙන් එන්නෙත් නාට්‍ය කණ්ඩායම්. ලංකාව නියෝජනය කරන්නේ නාට්‍ය කණ්ඩායම් නෙවේ. නාට්‍ය හදපු අය. මෙතන බරපතළ ගැටළුවක් තියෙනවා. මේ විදේශීය නාට්‍ය කණ්ඩායම් සියල්ලම ඒ රටේ නිළ වශයෙන් පිළිගත් නාට්‍ය කණ්ඩායම්. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවද. අඩුම තරමින් අපිට සංවිධිත නාට්‍ය කණ්ඩායම්ක්වත් මේ රට තුල ගොඩනගාගැනීමේ අවකාශයවත් නිර්මාණය වෙලා නැහැ. මේ තත්ත්වයට රජය වගකිවයුතුයි. නාට්‍ය නිර්මාණකරුවන් සඳහා මෙයිට වැඩිය පහසුකම් සැළසීමට රජයන් ඉදිර්පත් විය යුතුයි.

DSC_6895

යටිතල පහසුකම් සැපයීමෙන් මේ ගැටළුවට විසඳුම් ලැබේය කියල ඔබ හිතනවාද?

දැන් සංවර්ධනය ප‍්‍රමුඛ කාර්යය කරගෙන අධිවේගී මාර්ග ඉදි කලානේ. මේකෙන් දැන් අපි ඉස්සර වගේ වටවන්දනාවේ යන්නේ නැතිව පැය දෙකකින් වගේ ගාල්ලට ගිහනුත් එනවා. ඉතිං නාට්‍ය කලාවටත් හොඳ තත්ත්වයේ නාට්‍ය ශාලා කීපයක් කීපතැනක ඉදිකරන්නකෝ බලන්න. නාට්‍ය හැදෙන්නේ නැද්ද, නාට්‍ය පෙන්නන්නේ නැද්ද කියල බලන්න.

සංවාදය සහ සටහන – පාලිත අබේලාල් (palithaabelal@Gmail.com )

.