මීතොටමුල්ල කණු කන්ද ආශ්‍රිතව තවදුරටත් නායයාමේ අවදානමක්

මීතොට මුල්ල කුණු කන්දේ සිට මීටර් 40 සිට මීටර් 100ක් අතර දුර ප්‍රෙද්ශය අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති බව ජාතික ෙගාඩනැගිලි පර්යේෂණ අායතනෙය් නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර  මහතා පවසනවා.  මේ හේතුවෙන්  තවත් නිවාස 130 -135 ක් පමණ අවදානම් තත්ත්වයේ පවතින බවයි ඒ් මහතා සදහන් කලේ.

“කුණු කන්ද ෙහ්තුෙවන් ඒ් පෙදසට අැති වූ අධික බරට පසුගිය දිනවල හට ගත් වර්ෂා පතනය අමතර බරක් විදියට ඒකතු වුණා. ඒ් බර හරහට විස්තාපනය වීෙමන් තමයි ෙමම විනාශය සිදු වුණේ. ඒ් අනුව නිවාස පොළවෙන් උඩට තල්ලු වී ඉස්සීමක් සිදුව තිෙබනවා. 
 
 දැනට කුණු කන්දට සමාන්තරව මීටර් 400ක් දිගට අවදානම් කලාපයක් ලෙස අප පර්යේෂණ වලින් හදුනාගෙන තිබෙනවා.  ෙමම නාය යාම නිසා දැනටමත් ඒ් ප්‍රෙද්ශයට ඒන ජල පවහන මාර්ග අවහිර ෙවලා තියනවා.
 
 ඒ් නිසා ඒ්  ප්‍රෙද්ශයට ඒන වතුර මට්ටම ඉහළ නැගීම හේතු කොටගෙන සුළු ගංවතුර තත්ත්වයක් හට ගැනීෙම් අවදානම තිෙබනවා.  ඉදිරිෙය්දී තද වර්ෂාපතනයක් අැති වුනොත් ගංවතුර තත්ත්වයක් අැති ෙවන්නත් ඉඩ තියනවා.”

 එසේම වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා  පැවසුවේ, වර්ෂාපතනයක් සිදුවුවහොත් එම කසල කඳු තල්ලු වීම වැඩි විය හැකි බවයි.

අධි අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශයේ කොටසක් නම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ගණන මේ වනවිට 26 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කුණු කන්දට යට වූ පුද්ගලයින් සොයා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කෙරෙන්නේ යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙනි.

මීතොටමුල්ලේ සෝදිසි මෙහෙයුම් සඳහා මේ වන විට ආරක්ෂක අංශ නිලධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් යොමු කර තිබේ.

සම්මානනීය චිත්‍රපටි අධ්‍යක්ෂ ටී.අර්ජුන් දැයෙන් සමුගනී

සම්මානනීය චිත්‍රපටි  අධ්‍යක්ෂකවරයකු වු  ටී.අර්ජුන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යන විට 75ස් වන වියෙහි පසුවිය.

ඔහු ලන්ඩනයේ  ෆිල්ම් ස්කූල්  ඇකඩමියේ උපාධිරයකුවන අතර  කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඔහු අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපට අතර  කලියුග කාලේ, වසන්තයේ දවසක්  සහ සාරා යන චිත්‍රපට ප්‍රධාන වේ . මේ අතරින්  වසන්තයේ දවසක්  චිත්‍රපටය ඉමහත්  ජනප්‍රියත්වයට පත්වු  අතර  එය ජනාධිපති සම්මාන 8 කින් ද ගෞරවයට  පාත්‍රවිය.

එම මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (20) බොරැල්ල කනත්තේ දී  සිදු කිරිමට නියමිතය.

මී තොටමුල්ල කුණු කන්දට යටව අවසන් ගමන් ගිය හය දෙනෙකුගේ අවසන් කටුයුතු අද(16)

මීතොටමුල්ල කුණුකන්ද නායයෑම හේතුවෙන් මියගිය  අට දෙදෙනකුගේ අවසන් කටයුතු අද සිදු කෙරුණි.එහිදී මිය ගිය අයගේ ඥාතීන් චෝදනා කර සිටියේ දේහයන් බාර දෙන විට දැඩි ප්‍රමාදයක් සිදු වූ බවටයි.
මෘත දේහයන්  කිහිපයක් සදහා අවසන් ගෞරව දැක්වීම පිණිස (අද16) මීතොට මුල්ල ප්‍රෙද්ශයේ තාවකාලික ස්ථානයක තැන්පත් කර තිබුණු අතර ඔවුන් වෙනුවෙන් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණි.
 මේ වන විට කුණු කන්ද කඩා වැටීමෙන් මිය ගිය   සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඒ අතර ළමුන් හය දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු ද ඒ අතර වෙන බවද වාර්තා වේ.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය.

නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

සුන්බුන්වලට යටවී තවත් පිරිස් සිටී ද යන්න සොයා බැලීම සඳහා ත්‍රිවිද හමුදාව, පොලීසිය සහ ස්වේච්ඡා සංවිධාන ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

එම මෙහෙයුම්වලට බාධා වන අයුරින් ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීම සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ඊයේ (15) දිනයේදී විපතට පත් නිවෙස්වල භාණ්ඩ සොරකම් කිරීමේ නිරත වූ පුද්ගලයන්18 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් විපතට පත් වූ පවුල් 180කට පමණ අයත් පුද්ගලයන් 625 දෙනෙකු පමණ සුබ සාධන මධ්‍යස්ථානවලට යොමුකර තිබේ.

කොළොන්නාව ටෙරන්ස් එන්.ද සිල්වා විද්‍යාලයේ සුබ සාධන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර ආපදා කළමනාකරණ කණ්ඩායම් මඟින් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය  අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

රජයේ චක්‍රලේඛ නොසලකා අවශ්‍ය අරමුදල් කඩිනමින් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විෂය භාර අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මියගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට තීරණය කර තිබේ.

අලුත් අවුරුදු උණුසුම ශ්‍රී ලාංකික සිත්සතන්වලින් බැහැර කළ නොහැකි නමුත් මීතොටමුල්ලේ කදුළු ගැන සංවේදීව කටයුතු කරන්න

සිංහල හින්දු අලුත් අවුරුදු උත්කර්ශයේ උණුසුම ශ්‍රී ලාංකික සිත්සතන්වලින් බැහැර කළ නොහැකි නමුත් මීතොටමුල්ලේ සිදු වූ අනපේක්ෂීත ව්‍යසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහාගෙන ඊට උපරිම දායකත්වය ලබා දෙමින් ආපාදා සහන ක්‍රියාවලියට මැදිහත් වන ලෙස රජය මාධ්‍ය ආයතන ඇතුළු සියළුම පාර්ශව වලින් ඉල්ලා සිටී.

එමෙන්ම පිළිගත් මූලාශ්‍ර පමණක් උපුටා දක්වමින් නිවැරදි තොරතුරු පමණක් වාර්තා කරන ලෙසද රජය සියළු ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටී.

මාධ්‍ය වාර්තා මිය ගිය පුද්ගල ගණන සහ විනාශ වූ නිවාස සංඛ්‍යා දත්ත පිළිබද වැරදි තොරතුරු ප්‍රකාශ කරනවා – මීතොට මුල්ල ප්‍රෙද්ශවාසීන්

පින්තූර සහ වාර්තාකරණය – නිරාශා පියවදනි (බොස්ටන් ලංකා)

මාධ්‍ය වාර්තා මිය ගිය පුද්ගල ගණන සහ විනාශ වූ නිවාස සංඛ්‍යා දත්ත පිළිබද වැරදි තොරතුරු ප්‍රකාශ කරනවා – මීතොට මුල්ල ප්‍රෙද්ශවාසීන්

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

නමුත් දේශීය මාධ්‍ය වාර්තා මිය ගිය පුද්ගල ගණන සහ විනාශ වූ නිවාස සංඛ්‍යා දත්ත පිළිබද වැරදි තොරතුරු ප්‍රකාශ කරන බවට විපතට පත් ප්‍රෙද්ශවාසීන් දැඩි ලෙස ආවේගශීලීව බොස්ටන් ලංකා අප හා පවසා සිටියහ.

මේ වන විටත් විපතට පත්වූවන් සොයා ත්‍රිවිධ හමුදාව අඛණ්ඩව මෙහෙයුම්වල නිරතව සිටින අයුරු අප එහි සිදු කළ ගවේශණයන්හිදී දැකගත හැකි  විය.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් වූවන්ගේ සුවදුක් බැලීමට ඇමති සාගල රත්නායක හා මන්ත‍්‍රී මරික්කාර් පැමිණි අවස්ථාවේ අවස්ථාවේ එහි සිටි ජනතාව ‘හූ’ කියමින් විරෝදය පල කලහ.

ජනතාවට ඇමතිවරයාට කියා සිටියේ මිය ගිය පසු පැමිණ සුව දුක් විමසීමෙන් ඇති ඵලය කුමක්ද යන්නයි.

මේ සදහා නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සහ පොලිස්පති පූජිත ජයසුන්දර සහභාගී වූහ

විශේෂයෙන්ම සාගල රත්නායක අමාත්‍යවරයා පැවසූවේ අගැමැතිතුමා විපතට පත් ජනතාවට කඩිනමින් සහන ලබා දීමට කටයුතු කරන ලෙසට අගමැති තුමා උපදෙස් ලබා දුන් බවයි.

IMG_4515 IMG_4547 IMG_4576

ආදරය අල හොද්දකි…. Sex බොකුටු හැන්දකි…

Damith Wilegoda 

ලංකාවේ උයන් වතු පෙම්වතුන් ට තහනම්ය, අත්පටලා උයන් වතුවල ඇවිදයාම තහනම්ය, හාදු දීම කිසිසේත්ම තහනම්ය..

ආදරය අපේ රටේ හරිම අමුතු මාතෘකාවකි.ආදරය යන වදනය ඇසූ සැනින් අපේ හිතට එන්නේ වරදකාරී හැඟීමකි.ගෑණු පිරිමි හැඟීමකි.

මාතෘ ස්නේහනයක්, දාරක ප්‍රේමයක් අපිට ආදරය කියන වචනය ඇතුලේ දැනෙන්නේම නැත.දැනෙන්නේම ස්ත්‍රී පුරුෂ හැඟීමක් පමණි .ඊට ඔබේත් මගේත් වැරැද්දක් නොමැත.ඒ අපේ කොදෙව්වේ සිතිවිලි රටාවේ වැරැද්දකි.
 

ප්‍රේමයේ ප්‍රභේද ගොඩක් ඇත.මාතෘ දාරක පීතෘ නැදිමලයන් ආදී අනේක විධ ප්‍රේමයේ ප්‍රබේධ ඇතත් සුලබ මාතෘකාවක් වන නව යොවුන් ආදරය ගැන සංවාද කලයුතු කාලයක් එළඹ ඇත.

ඉස්සරනම් ගමේ ගෑණු පිරිමි හවහට ගංතොටේ පැන්තොටේ හමුවිය.ගම්මඩුවේ දෙවොල්මඩුවේ හමුවිය.යන එන මග තොටේ හමුවිය.
හමුවූවාට වඩා හමුවීමේ අවස්ථා සුලබ විය. ඉන්පසු හතර වරිගේ කැමති නම් කැන්දාගෙන ගියාය.නැතිනම් උන් උන් ගේ මනාපෙට හඳපානේ ගියාය.දැනට වඩා නව යොවුන් ආදරය ගැන සංස්කෘතිකමය ලිහිල් ප්‍රතිපත්තියක් ආදරය සම්බන්ධයෙන් තිබූ බව අපට සිතෙන්නේ ඒකාලේ වැඩිහිටියන්ගේ කියුම් කෙරුවා කතා අහද්දී⁣ය.
ආදරය ⁣යනු පරිත්‍යාගයකි.නමුත් වර්තමානයේ ආදරය පරත්‍යාග කර නැවත පෙරලා ආදරය බලා පොරොත්තු වෙයි.ආපසු නොලැබුන විට මිනීමැරුමකින් වුව කෙලවර වන තත්ත්වයක් දක්නට ඇත.ඒ ආදරයද ආත්මාර්ථය ද යන්න මනසින් විමසීම නුඹලා ට බාර දෙමි.පසුගිය කාලයේ ආදරය නිසා මිනීමරා ගැනීම් කීයක් අප දුටුවාද?විශේෂයෙන් ඒ අතර හමුදා හා පොලිසියේ උන්නාන්සේලා සිටීම කණගාටුවට කරුණකි.
මාහට හිතෙන පරිදි ආදරය යනු අල හොද්දකි.ලිංගිකත්වය යනු බොකුටු හැන්දකි.අල හොද්ද පහසුවෙන් බෙදාගැනීමට බොකුටු හැන්ද මහෝපකාරී වෙයි.
ඉතිං ආදරයෙන් බැඳෙන නව යොවුන් පෙම්වතුන් ගැන විශේෂයෙන් නව යොවුන් පෙම්වතුන් ගැන ඔබ නානාප්‍රකාර මත දරනවා වෙන්නට පුළුවන.”අපේ කාලෙනම් ඔහොම උනේ නෑ අපේ හාමුදුරුවනේ “කියනා සුදනංගේ හදවතට තට්ටුවක් දැම්මොත් හංඟාගත් ආදර සිතුවිලි කොතෙකුත් ප්‍රමාණයක් දෝරේ ගලයිද?නව යොවුන් වියේ ⁣කිරීමට ඇති දේවල් වයසට ගිහින් කරනවිට සමාජයෙන් ගුටි කන්නට සිදුවේ.
ලංකාවේ උයන් වතු පෙම්වතුන් ට තහනම්ය.අත්පටලා උයන් වතුවල ඇවිදයාම තහනම්ය . හාදු දීම කිසිසේත්ම තහනම්ය.උයන් පල්ලන් හා පොලිස් කාරයෝ එසේ කරනා පෙම්වතුන් කුදලාගෙන ගොස් දෙමාපියන් කැඳවා කසාද බන්දා දෙති.ප්‍රේමයේ කෙලවර කසාදය නොවේ.පොලීසියේ සංස්කෘතික කොට්ඨාසය ඇත්තේ පෙම්වතුන් අල්ලා හිරේ දැමීමට ය.බරපතලම කාරණාව මතුවන්නේ දැන්ය.පෙම්වතුන් නිතරම හුදකලාව හා නිදහස සොයයි.
 
උයනක මගතොටේ ප්‍රේමය තහනම් වනවිට පෙම්වතුන් තම හුදකලාව තීව්‍ර කරගැනීම උදෙසා තෝරාගන්නා අකාරයන් බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.රුපියල් දෙතුන්සීයට කාමර කුලියට දෙන තැං එමට ඇත.සල්ලි කාර ඇත්තන් සමාජ ශාලාවකට හෝ යනු ඇත.ඈත පිටිසර කොල්ලන් කෙල්ලන් පඳුරු බඩවැටි ගානේ රිංගනවා ඇත.එතනදීද පොලිසිය විසිං කුදලාගෙන යන්නේ අර පඳුරු ගානේ රිංගන එවුන් හා දෙතුන්සීයේ කාමර වලට යන වුන් පමණි.
 
සමාජශාලා කාමර හෝ පඳුරු ගානේ සැඟවී පෙම්කෙලින විට ඒ පෙම් කෙලිය රති කෙලියක් දක්වා දුරදිග යාමේ හැකියාව වැඩිය.එවිට මා පෙර සඳහන් කල ආදරයේ අල හොද්ද හොඳටම බොර වෙයි.සමාජ ශාලා හෝ සුවපහසු කාමර වලට කවදාවත් පොලිසියෙන් පනින්නේ නැත.මන්ද මුදල් ඉදිරියේ පොලිසියේ උන්නාන්සේලා නීතිය කණේ වැලි ගෑවෙන්න නවන බැවිනි.
නිශ්ශබ්දතාවය
දෑත බිම ඔබා,
පස්සට වාරුවී
නිසලව හුන්
ඇගේ ලිහිල් කෙස් රොදක්,
නිහඬව හමන සුළඟින් එසවී,
මා මුහුණෙහි හැපෙත්ම,
ඇගේ රන්වන් මුහුණ දෙස බැලූ මම
ඇසීමට දිගු කලක් පුළ පුළා සිටි
කිසිවක් ඇසීමට සිතීමි.
මසකු හඬ නඟා දැඟලූයෙන්,
ගං ඉවුර අස පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය කැළඹිණ.
ඈත ඉවුරෙහි උසට වැඩුණු
මහ උණ පඳුරින් අහසට නැඟුණු
කොබෙයියෙක් කෑගාගෙන
පියාඹා ගියේය.
ඉක්බිතිව මහා නිශ්ශබ්දතාවයක් පැතිරිණ.
ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස බැලූ මම
ඇසීමට දිගු කලක් පුළ පුළා සිටි කිසිවක් ඇසීමට යළික් සිතිමි. නිශ්ශබ්දතාවය දැඩි විය.
පෙදෙස වසාගෙන පැතිරුණු
නිහඬ බැවින් මිරිකුණු මම
ඇයගේ රන්වන්, දිගටි,
නිසල මුහුණ දෙස බලා කරබා ගතිමි.
[පලිගැනීම- 1946 /ජී බී සේනානායක]
හදවත තුල මිරිකෙන හදවත රිදුම් දෙන හදවත තුල සියුම් වේදනා හටගන්නා ගැඹුරුම ආදරය නම් මෙයයි.ආදරයේ පරත්‍යාගය යනු මෙයයි.ආදරයේ තිගැස්ම මෙයයි.හිරගෙවල් හතක දැම්මත් පෝරක හතක එල්ලා මරා දැමිමට හැදුවත් ප්‍රෙමය අමරණීයය.
ඉතිං මහත්වරුනි පෙම්වතුන් නිදහසේ ප්‍රේමයේ උත්කර්ෂය විඳීනම්,අත්පටලා ගං දෑලවල උයන් තීරවල මුහුදු වෙරළේ ඇවිදයා නම් ⁣කෙතරම් සෞන්දර්යාත්මක දැයි මෙහොතක් හිතන්න.
ඉතින් උයන් පල්ලනි,පොලිස් කාරයිනි සංස්කෘතිය ද පරිනාමණය වෙයි.මිනිසා ද පරිනාමණය වෙයි.
 
සංස්කෘතිය පරිනාමණය වන විට update වීමට නොහැකි තැනත්තා ඇවිදින මළ කඳකි.ආදරයේ අලහොද්ද බොර කර ඇත්තේ සංස්කෘතික පොලිස් කාරයන්ය.පරිනාමණය නොවූ මානව සෙවණැලි ය.පෙම්වතුන් ට ආදරයේ අල හොද්ද අල පොඩි කර ගන්නේ නැතිව බොකුටු හැන්දෙන් අල බෙදාගන්නට ඉඩ හරිමු.එවිට ඔවුන් හොද්ද ඇඟේ හලා නොගන්නවා ඇත.
නැවත මෙසේ කියමි….. ආදරය අල හොද්දකි…. Sex යනු බොකුටු හැන්දකි…
Damith Wilegoda – damithwilegoda@gmail.com

කුණු දහනය කිරීමේ වැඩපිළිවෙළකට විශාල වියදමක් දැරිය යුතුයි – අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

මීතොටමුල්ලේ අද පවත්නා තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කොට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර මිය ගිය පිරිස් හා තුවාල වූවන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

විපතට පත්වූ අය රඳවා ගැනීමට මේවන විට කඳවුරක් ස්ථාපිත කර ඇති බවත්, අවශ්‍ය ආහාර පාන රජය සහ පරිත්‍යාගශීලින්ගෙන් ලබාගෙන පහසුකම් සලසන බව අමාත්‍යවරයා අද දෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

මෙවැනි අවස්ථාවක චක්‍රලේඛ හෝ වෙනත් කරුණු මත රැඳෙන්නට නොහැකි බවත්, ඒ නිසා දැනට කළ යුතු දේ ගැන තමන් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත්, ජනාධිපතිවරයාත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාතමක වන ලෙස උපදෙස් ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

අවතැන් වූවන් 80 ක පමණ පිරිසක් සිටින බවත්, උපරිම වශයෙන් 200ක් පමණ වෙතැයි උපකල්පනය කරන බවත්, ප්‍රමාණය කොපමණ වුණත් අවශ්‍ය උපරිම පහසුකම් සලසන බවත් ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.

මෙම කුණු කන්ද සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව කතා කර ඇති මුත්, නිශ්චිත විසඳුමක් අවශ්‍යව ඇති බව ඔහු පැහැදිලි කළේය.

සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපිත කිරීම ඒ සඳහා වන එක් විසඳුමක් බවත්, ඒකට කොරියාවේ ආධාර අරන් දොම්පෙ ප්‍රදේශයේ එවැන්නක් ස්ථාපිත කර ඇති බවත්, දැනට එහි රඳවන්නේ එම පළාතේ කසළ පමණක් බවත් අමාත්‍යවරයා සිහිපත්  කළේය.

කෙසේ වෙතත් එවැනි කසළ රඳවන 5ක් රට පුරා හදන්න ඒ කාලයේ යෝජනා වුණත් එය ක්‍රියාත්මක නොවුණු බවත්, එසේ වූයේ මන්දැයි තමන් නොදන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම තවත් විසඳුමක් ලෙස කුණු දහනය කිරීමේ වැඩපිළිවෙළකට යා හැකි බවත්, ඒ සඳහා විශාල වියදමක්  දැරිය යුතු බවත්, ඒ මුදලට සාමාන්‍ය ජනතාවත් යම් ගෙවීමක් කළ යුතුව ඇති බවත්, ඒ සඳහා දැනට එක්තරා සමාගමක් සමග එම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මීතොටමුල්ල මිය ගිය සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළට

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකු ද වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

ඒ අනුව මියගිය පිරිස අතර වන කාන්තාවන්ගේ සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් 12 දෙනෙකුද කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව  පොලීසිය සඳහන් ක‍ළේය.

ඊයේ පස්වරුවේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස 145කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

පවුල් 180ට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා  පාසලේ සහ අවට ප්‍රජාශාලාවල රැදී සිටින බව පොලීසිය පවසයි.

ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මේ වන විටත් කඩිනම් පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය  අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වන ගැටළුවට නිශ්චිත විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව පවතින බව ද අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මේ අතර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා  අද උදෑසන මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වුණි.

යෝනි සුන්නත් සැත්කම් සිදු කිරීම පිළිබඳව ඇමරිකාවේ ඩිට්‍රොයිට් නගරයේ වෛද්‍යවරියකට චෝදනා

ඇමරිකාවේ ඩිට්‍රොයිට් නගරයේ වෛද්‍යවරියකට ගැහැණු ළමුන්ගේ ලිංගඡේදනය කිරීමේ යෝනි සුන්නත් සැත්කම් (FGM- Female genital mutilation) සිදු කිරීම පිළිබඳව චෝදනා ලැබ සිටින්නීය.

ජුමානා නගර්වාලා නමැති වෛද්‍යවරිය අවුරුදු හය, අට සහ දොළහ ආදී වයස්වල දැරියන්ට යෝනි සුන්නත් සැත්කම් කර ඇති බව පොලීසිය පවසයි.බලධාරීන් වෛද්‍යවරිය පරීක්‍ෂාවට ලක්කළේ ලැබුණු ඔත්තුවකට අනුවය.

අදාළ චෝදනාවට වැරදිකාරිය වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට ඇයට සිදුවනු ඇත. යෝනි සුන්නත ඇමරිකාව තුළ නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත්කෙරුණේ 1996 වසරේදීය.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නන් සමග ස්වේච්ඡාවෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය නගර්වාලා ඇයට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් පැමිණිලි පක්ෂය පවසන්නේ ඇය සිදුකර ඇති භයානක සහ අමානුෂික ක්‍රියාවට සමාජයේ වඩාත්ම අසරණ පිරිසක් ගොදුරුවී ඇති බවය.

මිචිගන් ප්‍රාන්තයේ සිට මෙම වෛද්‍යවරියගේ සායනයවෙත ගිය ඇතැමුන්ට මෙය රහසක්ව තබාගන්නා ලෙස වෛද්‍යවරිය පවසා තිබූ බවද ඔවුහු පවසති.

අලුත් අවුරුද්දට ළිං එක්ක ගනුදෙනු කිරීම පැත්තක දාල වතුර බවුසරේ කටට තමයි ගනුදෙනුව කළේ

උමා ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය හේතුවෙන් පසුගිය සතියේ පටන් තවත් වසම් දහයක ළිං සිඳී ගොස් ඇති බව උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.

එම වසම් දහය තුළ ඇති නිවාස කිහිපයක් ඉරිතලා ඇති බවද උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, ඌව පළාත්සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මාධ්‍ය ෙවත අදහස් දැක්වීය.

“උමා ඔය ව්‍යාපෘතිය සිදුවෙන ප්‍රදේශවල ජනතාවට දැන් වසර තුන හතරක පටන් අලුත් අවුරුදු නැහැ. ගිය අවුරුද්දෙත් ඒ ජනතාව අලුත් අවුරුද්දට ළිං එක්ක ගනුදෙනු කිරීම පැත්තක දාල වතුර බවුසරයක් නවත්තල බවුසරේ කටට තමයි ගනුදෙනුව කළේ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කියා සිටියේ උතුරු කැබිල්ලේවල වසම, දික්තරාව දෝව, ගෙඩි අරෝදය, තන්තිරිය නැගෙනහිර, වටගමුව, ඇත්තලපිටිය, කිරිඔරුව, කොන්තෙහෙළ, පනන්වල, කුරුකුදේගම යන ගම්මානවල පසුගිය සතියේ පටන් ළිං සිඳී ඇති බවය.

එය සත්‍යයක් බව, උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කමිටු ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පී ඩී අමරසේකර ද පිළිගත්තේය.

කෙසේ නමුත් එම ප්‍රදේශයේ ජනතාවට ජල සැපයුම ආරම්භ කර ඇති බවත් පැවතුණු නියඟය හේතුවෙන් බොහෝ ජල මූලාශ්‍ර සිඳීගොස් ඇති බැවින් අවශ්‍ය පමණට බෙදා හැරීම සඳහා පානීය ජලය ලබාගැනීමේ අපහසුතාවකට බලධාරීන් මුහුණ දී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

BBC