සිරිකොතට ෙවඩි තැබූ ෙකාස්තාපල් අත්අඩංගුවට

සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩිතැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මිරිහාන පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) පස්වරුවේ පක්ෂ මූලස්ථානය සමීපයේ සිට හිතාමතාම මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. වැඩිදුර අාරංචි මාර්ග සදහන් කරන්ෙන් ඔහු මානසික අාබාධයකින් ෙපෙළන අෙයක් බවටද මත පළ ෙකෙරන බවයි.

ශ්‍රී ලංකාවට GSP!

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාව බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්ව තිබේ.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 119ක් පමණක් බවයි.

අදාළ යෝජනාවට එරෙහිව ඡන්ද 436ක් ලැබී තිබේ.

නියෝජිතයින් විසි දෙදෙනෙකු අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

“පාවෙන ආපන ශාලාවක්“

සයුර නෞකාව  “පාවෙන ආපන ශාලාවක්“ ලෙස නම් කර දියත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව සයුර නෞකාව පාවෙන ආපන ශාලාවක් ලෙස වැඩි දියුණු කර මහජනතාවට විනෝද වීම සඳහා අවස්ථාවන් සලසාදීමට කටයුතු කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

උපන්දින සාද විවාහ සැමරුම් මෙන්ම ආයතනවල විනෝද සංචාර ආදිය සඳහා මෙම නෞකාව ලබාගත හැකි බව සඳහන්ය.

එමෙන්ම පොදු ජනතාවට ඉතා පහසු මිලකට මෙම නෞකාව වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දෙන බව නෞකාව පාවෙන ආපන ශාලාවක් වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

අනුර සේනානායක නැවතත් රක්ෂිත බන්ධනාගාර

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන මැයි මස 4 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(27) කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ තාජුඩීන් ඝාතනය වු සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ දෛනික සටහන් පොතේ පිටු ගලවා තිබීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඒ යටතේ එම ආරක්ෂක අංශයේ සාමාජිකයන් 25දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර තවත් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන් බව වාර්තා ෙව්.

ඊට අමතරව පුද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

සිද්ධියට අදාළව ඩී.එන්.ඒ.පරීක්ෂනවලට භාජනය කළ දැනට ජින්ටෙක් ආයතනයේ තිබෙන අස්ථි කොටස් අධිකරණය භාරයේ නඩු භාණ්ඩ වශයෙන් රඳවා තැබීමට අවසර දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කර ඇති බව සඳහන්ය.

අදාළ ඉල්ලීම පිළිගත් අධිකරණය එම අස්ථි කොටස්  අධිකරණය භාරයේ රඳවා තැබීමට නියෝග කළ බව වාර්තා වී අැත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියානු නිල සංචාරයක

යෝජිත ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුම සදහා අද දිනයේ (26) ඉන්දියානු සංචාරක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුරදී අත්සන් තැබීමට නියමිත බව  සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

මෙම ඉන්දු ලංකා ගිවිසුම සදහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දීය රජයට  බදු
දීම ඇතුළු වෙනත් කරුණු 10ක් ඇතුළත් බවද ඒ මහතා සදහන් කළේය. ගිවිසුමේ ඇතුළත් එම කරුණු සදහා මෙම සංචාරය ඇතුළතදී අත්සන් නොතැබෙන බවත් ඒ ඒ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව විෂයභාර අමාත්‍යවරුන් අත්සන් තබනු ඇති බවත් හෙතෙම පැවසීය.

අද ( අප්‍රේල් 26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ
මහතා මේ බව සදහන් කළේය.

මෙම ගිවසුම් සම්බන්ධයෙන් විවිධ පාර්ෂව විරෝධතා පල කළත් ත්‍රිකුණාමලයේ
තෙල් ටැංකි වසර 50කට පමණක් බදු දීම පමණක් මෙම ගිවිසුම ප්‍රකාරව සිදු වන
බව පැවසූ අමාත්‍යවරයා වල් වැදී ප්‍රයෝජනයක් නොගෙන මෙම තෙල් ටැංකි තබාගෙන ඇත්තේ පුරාවස්තු ලෙස රැකගෙන  වන්දනාමාන කිරීමට දැයි ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මෙම ගිවිසුම සකසා ඇත්තේ මෙරටට වැඩි වාසි අත්වන ලෙසින් යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

CHATHURA’S GENES-THE KEY TO UNLOCKING IMMORTALITY

Researches at Harvard University claims that the key to unlocking immortality lies in the genes of renowned Sri Lankan politician Chathura Senarathne. “Chathura is a unique individual in more ways than one. His contributions in the political arena of Sri Lanka are unparalleled. His erudition puts the world intelligentsia to shame. However, unbeknownst to him the greatest contribution he has to offer to all of mankind maybe hidden in his genes. There is irrefutable photographic & archaeological evidence that this man has been present in nearly all of the major historical turning points of the world.

He has fought alongside Alexander the Great & Attila the Hun, engaged in discourses with Socrates, revived Sir Isaac Newton when he was knocked unconscious by a falling apple, flew kites with Benjamin Franklin during stormy evenings and even helped the great Albert Einstein solve equations! And he has remained ageless though many a century has elapsed. He is the miracle that the world scientific community has sought & could very well be the embodiment of the mythical Fountain of Youth,” says a leading scientific authority at Harvard University. Minister Chathura Senarathne has yet to issue an official statement vis-à-vis this latest startling development.

ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදන්නේ පොලිස් බැටන් පොලු ප්‍රහාර හා කදුලු ගෑස් ප්‍රහාර වලින් : මුසම්මිල්

වත්මන් ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදන්නේ පොලිස් බැටන් පොලු ප්‍රහාර හා කදුලු
ගෑස් ප්‍රහාර මගින් යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කළේය.

ඊයේ (අප්‍රේල්25) ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය
හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනතාව සමග එක්වී සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලු විසදනවා වෙනුවට ජනතාව බිය වැද්දීමෙන් ප්‍රශ්න විසදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි හෙතෙම චෝදනා කලේය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිදුවීම නිරාකරණය කිරීම සම්බන්ධයෙන්ද
වත්මන් රජයට නිශ්චිත වැඩපිළිවෙලක් නැති බවත් මේ වන විට එය සාලාව අවි
ගබඩාව පිපිරුම් සිද්ධියේ දෙවන කොටස බවට පත්ව ඇතැයි ඒ මහතා පෙන්වා
දුන්නේය.

අමාත්‍යවරුන් සදහා බෙන්ස් රථ ගෙන්වීමට මිලියන ගණනක් වෙන් කරන ආණ්ඩුව මීතොටමුල්ල සිදුවීමේ ජීවිතක්ෂයට පත් වූ ජනතාවගේ ජීවිතයක වටිනාකම රුපියල් ලක්ෂයකට සීමා කර ඇතැයිද මෙම වාහන ගෙන්වීම නැවැත්වූවා නම් එම පුද්ගලයන් සදහා රුපියල් ලක්ෂ 50ක පමණ වන්දියක් ලබා දිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

WIMAL CAST AS LEAD IN NEXT HUNGER GAMES MOVIE

From: ISLAND NATION
By Hasitha Fernando
In the wake of the successful hunger strike initiated by veteran political stalwart Wimal Weerawansa, it has now been revealed that he would be cast as the lead in the next Hunger Games movie sequel.
Jennifer Lawrence, the Academy Award winning actress who played the lead in the previous movies has had nothing but praise to offer for Weerawansa, ” I think Wimal being cast as Katniss is the perfect choice. He embodies her feminine grace whilst also adding a sense of masculinity to the role. His real life experiences with hunger strikes will certainly add a sense of realism to the character.”
Sources close to Wimal Weerawansa have further stated that in preparation for the role he will be consuming a diet consisting only of rain water & Munchee Lemon Puff.
Producers of the movie are now in a mad rush to rewrite the protagonists’ character Katniss Everdeen in order to better accommodate Weerawansa for the role and fast track it for a December release.

නිවාස අහිමී මී තොටුමුල් ජනයාගෙන් 30කට අද නිවාස

මීතොටමුල්ල කසළ කන්ද නායයාමේ නිවාස අහිමි වූ ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ නිවාස 30ක් ලබාදීම අද(21) සිදු කෙරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිවාස ලබාදීම සිදු කෙරුණු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඔවුන්ට නිවාස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් දෙලක්ෂ 50,000ක මූල්‍ය ප්‍රදානයක් ද එහිදී ප්‍රදානය කර තිබේ.

විපතට පත් සියලු ජනතාව වෙත සහය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා රුපියල් දසදහසක මුදලක් ද හිමි වනු ඇත.

පූර්ණ වන්දි ලබාදෙන තෙක් හෝ ස්ථිර නිවාසයක් ලබා දෙන තෙක් අවදානම් කලාපයෙන් ඉවත් වන පවුල් වෙනුවෙන් මාසික දීමනාවක් ලෙස මෙම රුපියල් පනස්දහසක මුදල ලබා දීමට තීරණය විය.

මෙම අය වෙනුවෙන් මාස තුනක් ඇතුළත නිවසක් හෝ තක්සේරු වන්දිය ලබාදීම ජනාධිපතිගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ අමාත්‍යාංශ එකඟත්වය පලකෙරිණි.

නිවාස ලබා ගැනීමට අකමැත්තක් දක්වන පවුල් සිටින බව නිරීක්ෂණය වූ බැවින්  ඒ පවුල් සඳහා තක්සේරු වටිනාකම මත සාධාරණ වන්දියක් ගෙවීමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.

වන්දි ලබා ගන්නා පුද්ගලයින් වෙනුවෙන් ද ප‍්‍රවාහන හා ගෘහ උපකරණ වෙනුවෙන් ලබා දීමට යෝජිත දීමනා හිමිවනු ඇත.

පූර්ණ හානියට පත් නිවාස 60ක්ද අර්ධ හානියට පත් නිවාස 22ක්ද අවදානම් කලාපයේ පිහිටා ඇති යැයි, දැනට නිගමනය කර ඇති නිවාස 211ක් වෙනුවෙන් ද මෙම වැඩපිළිවෙළ කඩිනමින් අනුගත කරනු ඇත.

කුණු කන්ද නායයෑමෙන් හානියට පත් දහම්පුර හා පන්සල්හේන ප‍්‍රදේශවල නිවාස හිමියන්ට නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දී තිබූ නිවාස ණය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව එම ප‍්‍රදේශවල පදිංචිකරුවන් පමණක් නොව,අවදානම් කලාපයේ පදිංචිකරුවන් නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස ණය ලබා ගෙන ඇත්නම්  එම නිවාස ණය ද අහෝසි වනු ඇත.

මින් ඉදිරියට මෙවැනි ව්‍යසනයන් සිදුවීම වැළැක්වීම සඳහා ඝණ අපද්‍රව්‍ය අපහරණය කිරීමේ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය අගමැතිතුමා විසින් පෙන්වා දෙන ලදී.

ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෑම සතියකට වරක්, අගමැතිතුමා ඇතුඵ අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ නිලධාරීන් එක්ව සාකච්ඡා කර කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කිරීමට තීරණය විය.