ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දිවයිනට සැපත් ෙවයි

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට සම්ප්‍රාප්ත විය.

ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට ළඟාවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග 65 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක්ද මෙරටට පැමිණ තිබේ.

වන අතර හෙට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හැටන් දික්ඔය මූලික රෝහලේ ඉදි කළ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම සඳහා ද සහභාගී වන බව වාර්තා වේ.

අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව  නරේන්ද‍්‍ර මෝදි මහතා මෙරටට පැමිණෙන දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2015 වසරේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේ ය.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක කර තිබේ.

මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 85 දක්වා ඉහළට

මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ සංඛ්‍යාව 85ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව සඳහන් වෙයි.
මහාධිකරණ විනිශ්චකාරවරුන් 75 දෙනෙකු වර්තමානයේ අධිකරණ සේවයේ කටයුතු කරනු ලබයි.
මෙරට අධිකරණවල විසඳා අවසන් නොකළ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් කඩිනමින් එම නඩු අවසන් කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
පසුගිය මාර්තු මාසය වන විට සිවිල් අභියාචන මහාධිකරණවල නඩු 5749ක්ද, වාණිජ මහාධිකරණවල නඩු 5580ක්ද, අනෙකුත් මහාධිකරණවල නඩු 16,574ක්ද විභාග වෙමින් පැවති බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන්

ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමිව කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව බුද්ධ ශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

එහි එක් පියවරක් වශයෙන් දම්මුල්ල ශ්‍රී සුධම්ම විහාරස්ථානයේ දී කුලදරුවන් 75 දෙනෙකු සහ ඓතිහාසික රුවන්වැලි මහාසෑය අභියස දී කුලදරුවන් 215 දෙනෙකු සසුන්ගත කළ බව ඇමතිවරයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ ගණනාවක දී ක්‍රියාත්මක වනු ඇති බව කී ඇමතිවරයා විසින් එම වැඩසටහන හඳුන්වනු ලැබුවේ “බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන මහඟු යුතුකමක්” ලෙසය.

ශ්‍රී ලංකාව තුළ “අහස උසට වෙහෙරවිහාර, චෛත්‍ය නිර්මාණය වී තිබුණ ද” ශාසනය ඉදිරියට ගෙන යාම සඳහා කුලදරුවන් අත්‍යවශ්‍යවන බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ අනුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.

මාධ්‍ය නිවේදනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සදහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බව රජයට සම්බන්ද දේශපාලකයන් ප්‍රකාශ කල බව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවේ.එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි.  ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතා විසින් එවැනි නඩුවක් ගොනුකර නොමැත.එම නඩුව ගොනු කර ඇත්තේ  රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි.

එවකට  ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ස මහතා හිටපු ජනාධිපති තුමියගේ ඉල්ලීමක් අනුව එතුමියගේ නිල නිවසට ගොස් සාකච්චාකර   එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම අනුව ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය කරන පහසුකම් ලබාදී ඇත.

අධිකරණ තීන්දුව අනුව එතුමියගේ ආරක්ෂාවේ කිසිදු වෙනසක් කර නොමැත.අධිකරණ තීන්දුවක් තිබුනද එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම් අනුව සැම අවස්ථාවකදීම රජය විසින් සියලුම පහසුකම් ලබා දී ඇත.

තමන්ගේ දේශපාලන  පළිගැනීම් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමේ  චේතනාවෙන් මෙවැනි  ප්‍රකාශයන් කරන්නේ  බංකොලොත් දේශපාලකයන්ය.මේ ආණ්ඩුව යටතේ කොටි සංවිධානයට නැවත පන දීමේ උත්සාහයන් කීපයක් හෙලිවී ඇත.මේ වසර මුලදී විදේශ රටවල සිටින කොටි ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි ත්‍රස්තවාදීන් යොදවා දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමක් හෙලිකරගැනීමට පොලිසියට හැකිවිය.මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඒ සදහා භාවිතා කිරීමට නියමිතව තිබු ක්ලේමෝ බෝම්බ දෙකක්ද සොයාගන්නා ලදී.  වර්තමාන රජය රැදවුම් භාරයේ සිටි භයානක කොටි ත්‍රස්තවාදීන් නිදහස්කර ඇත. පසුගිය රජය කොටි ත්‍රස්ත්තවදීන් 11000 වැඩි ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර , එසේ කිරීමට නොහැකි අතිශයින්ම දරුනුගනයේ කොටි ත්‍රස්තවාදීන් 200 පමණ රැදවුම් බාරයේ තබාගෙන සිටියේය. වර්තමාන ආණ්ඩුව නිදහස්කර ඇත්තේ පුනරුත්ථාපනය කල නොහැකි කොටි ත්‍රස්තවදීන්ය.මහින්ද රාජපක්ස මහතාගේ ආරක්ෂාව අඩුකර ඇත්තේ මෙවැනි පසුබිමකය.

වසර 30 යුද්ධය අවසන්කොට ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනගිය රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ස මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකීම බව තරයේ සදහන් කරමි.

රොහාන් වැලිවිට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ
මාධ්‍ය ලේකම්

රුපියල් 5000 නෝට්ට්ටුව අවලංගු කරන්න අවශ්‍ය නැහැ

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් යුත් රුපියල්
5000 නෝට්ට්ටුව අවලංගු කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි වත්මන් මහබැංගු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා සදහන් කළේය.

මීට පෙර අවස්ථාවලදීද මහබැංකු අධිපතිවරයා වශයෙන් විදෙස් පුරවැසිභාවය සහිත පුද්ගලයන් කිහිප දෙනෙක්ම කටයුතු කර ඇති බැවින් එවන් අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි ඒ මහතා සදහන් කළේය.

එසේම මහබැංකු අධිපතිවරයා පත්කරනු ලබනුයේ ජනාධිපතිවරයා වන බැවින් අදාළ රුපියල් පන්දහසේ නෝට්ටුවට හිටපු මහබැංකු අධිපතිවරයා අත්සන් තැබීම නීතයානුකූල වනු ඇතැයි තමා සිතන බවද හෙතෙම අවධාරණය කළේය.

අද ( අප්‍රේල් 09) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය
හමුවකදී රුපියල් 5000 නෝට්ටු අවලංගු කරන බවට පැතිර යන කටකතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරුදෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේය.

Padeniya Not On Strike: Available At Navaloka Hospital

GMOA President Dr. Anuruddha Padeniya has come under fire on social media platforms for examining patients at a private hospital while the government doctors are on strike.

Navaloka Hospital, Colombo, has confirmed on its website that Dr. Padeniya, a pediatric neurologist, is available at the hospital after 4 pm today.

Interestingly, the GMOA, led by Padeniya, has declared an island wide strike from 8 am today, demanding the abolition of SAITM.

Trade unions in many sectors have already joined the strike extending their support to the GMOA and its cause.

The GMOA urged the public to tolerate their trade union action for the “greater good”.

Many who expressed their viewpoints on social media said Padeniya’s conduct showed double standards as those who can afford to go to private hospitals will not be affected by strike.

බැසිල්ට සිතාසි

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහි චෝදනා සම්බන්ධ සාක්ෂි විභාගය නොවැම්බර් මස 08 වනදා සිට සිදු කිරීමට තීරණය කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේ එදිනට අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසයි.

චෝදනා 07ක් යටතේ නීතිපතිවරයා විසින් අදාළ පැමිණිල්ල ගොණු කර තිබුණි.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කිත්සිරි රණවක, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි සහ අර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ද චූදිතයින් අතර වෙයි.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට නොතීසි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එළඹෙන මැයි 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වේ.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත මෙලෙස ඔහුට නොතීසි නිකුත් කළ බව බොස්ටන් ලංකා  අධිකරණ වාර්තාකරු සදහන් කර සිටියේය

GMOA වැඩ වර්ජනය නිසා සිදුවන අපහසුතා වළක්වන්න- ජනපතිට ලිපියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 100කට අධික
ප්‍රමාණයක් හෙට දිනය පුරා දියත් කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු අංශ බිදවැටීමෙන් සිදුවන අපහසුතා වැළැක්වීමට කටයුතු කිරීම රජයේ වගකීම වන බැවින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වර්ජනයට සහභාගී වන සංගම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

සයිටම් ආයතනය ජනසතු නොකිරීම, රජය යෝජනා කර ඇති විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව සහ එට්කා වැනි අන්තර්ජාතික ගිවිසුම් වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 100කට අධික ප්‍රමාණයක් හෙට දිනය පුරා  දීප ව්‍යාප්තව වැඩවර්ජනයක යෙදීමට නියමිතය.

මෙම වැඩ වර්ජනයෙන් සාධනීය විසදුම් නොලැබේ නම් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ
වර්ජනයක් දක්වා වෘත්තිය සමිති ක්‍රියා මාර්ග වලට යාමට වැඩ වර්ජනයට සහභාගී වන සියලු පාර්ෂවයන්ගේ එකගතාවය හිමිව තිබෙන බවද ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපියේ සදහන් වේ.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පූර්ණ ලෙස ජන සතු කිරීම, රජය යෝජනා කර ඇති විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව හකුලාගැනීම සහ රාජ්‍ය සේවය දියාරු කිරීම සහ  රාජ්‍ය සේවය පෞද්ගලීකරණය අහෝසි කිරීම යන යෝජනා මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය දියත් කෙරේ. එසේම එට්කා වැනි ජාත්‍යන්තර වෙළද ගිවිසුම් හේතුවෙන් මෙරට රැකියා වෙළදපල අනතුරේ හෙලා ජාතික සම්පත් විකුණාදැමීම නැවැත්වීම යන යෝජනා මෙම සංගම් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා වේ.

ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපියේ පිටිපත් අග්‍රමාත්‍යවරයා, ජනාධිපති
ලේකම්, සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතද යොමු
කිරීමට පියවර ගෙන ඇත.

යාපනය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවර ෙයක්

යාපනය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් මහතා  අද (01) පෙරවරුවේ එම විශ්වවිද්‍යාලයේ 08 වන උපකුලපතිවරයා වශයෙන් වැඩභාරෙගන අැත.
යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපතිනිය ලෙස කටයුතු කළ වසන්ති අර්සරත්නම් මහත්මිය විශ්‍රාම ගැන්විමෙන් පසු එම පුරප්පාඩුව සඳහා මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් මහතා පත් කර තිබේ.
මීට පෙර රත්නම් විග්නේෂ්වරන් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරනු ලැබීය.