ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රොටුඹ උපාලිට රැඳවුම් නියෝග ලබාගනී

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසනවා.

39 හැවිරිදි මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන විත්, මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුව දින 07ක රැඳවුම් නියෝග මත තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර හිමිවී තිබෙන බවයි සඳහන් වන්නේ.

2008.04.16 දින ජාසිං අරච්චිගේ බුද්ධික රංග කුමාර යන අයට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම, ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් අපහරණය කර ස්ත්‍රි දූෂණය කිරීම සහ 2008.10.01 වන දින ඌරුමුත්ත ප්‍රදේශයේදී කඩුවකින් සහ කැත්තකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යන චෝදනා සැකකරුට එරෙහිව එල්ල වී තිබෙනවා.

ලැබුන වී මිල ගැන ගොවීන් සතුටින්ද ? ගලෙන්බිදුනවැව ගොවීන් වී මිල ගැන කියූ එක එක කතා ගොඩ…..

https://www.youtube.com/embed/1TlXlZcjMrM?si=aIO_lt_RW8Y95AB3″ title=

වී මිල නිසා උනුසුම් වුන මාධ්‍ය හමුව ඇමති ලාල් කාන්ත දුන්න සැර උත්තර …..

https://www.youtube.com/embed/GnFFg05FUgQ?si=BVX0DqVlJQsZv_Cp” title=

පාර්ලිමේන්තු මන්ත්‍රීකම බලු කරලා, නන්නත්තාර කරලා තියෙන්නේ – දයාසිරි

මන්ත්‍රීවරයෙකුට යම් වරප්‍රසාදයක් තිබිය යුතු බවට වන මතයේ තමන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව ජනතාව එරෙහි වූයේ ප්‍රමාණය ඉක්මවා වරප්‍රසාද භුක්තිවිඳීමට බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්මින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අද වන විට හෑල්ලුවට ලක්කර බලු තත්ත්වයට පත් කර නන්නත්තාර කර ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වැටුප් ලබා නොගන්නා බවට පැවසුවද මන්ත්‍රීවරුන් 159 දෙනාගේ ලංකා බැංකුවේ විවෘත කර ඇති ගිණුම්වලට අදාළ වැටුප බැරවූ පසු පැලවත්ත පක්ෂ කාර්යාලයට යොමු කර ඉතුරු රුපියල් 88,000 ක් පමණ මන්ත්‍රීවරුන්ට ලැබෙන බවත් මෙය අල්ලසක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මන්ත්‍රීවරුන්​ගේ විශ්‍රාම වැටුප් ගැන පාර්ලිමේන්තුවේ දී අනාවරණයක්

ජනවාරි 25 වනදා වන විට පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප් ලබාගන්නා මන්ත්‍රීවරුන් 330 ක් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක පවසනවා.

එසේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගෙවන කාලත්‍රයන් 182 ක් සිටින බවත් ඒ අනුව මන්ත්‍රීවරුන් හා කාලත්‍රයන් 500 කට වැඩි පිරිසකට පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් විශ්‍රාම වැටුප් ගෙවන බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මාසිකව දෙකෝටි තිස්පන්ලක්ෂ හතලිස් එක්දහස් හයසිය හතලිස් පහක මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවන බවත් කාලත්‍රයන් සඳහා එක්කෝටි දසලක්ෂ විසිපන්දහස් දෙසිය දහසයක මුදලක්ද, යැපෙන්නන් සඳහා 420,121 මුදලක්ද පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් ගෙවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සමහරු පන්ති කාමර හැදුවා, බස් බෙදුවා, දැන් ඒ මොකුත් නෑ – සමන්ත විද්‍යාරත්න

වතුකරයේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීම සඳහා පියවර රැසක් ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඒ අනුව නව නිවාස ව්‍යාපෘති කිහිපයක් ඔවුන් වෙනුවෙන් ඇරඹීමට කටයුතු කරන බවත්  ස්මාර්ට් පන්ති කාමර 60 ක් ලබාදීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ ගිවිසුමකටද එළඹීමට කටයුතු කළ බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

සමහරුන් ඡන්ද බලාපොරොත්තුවෙන් පංති කාමර සෑදු අතර බස් බෙදීමට කටයුතු කළ බවත් ඒවා කිසිවක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෑතකදී විදේශ දූත මණ්ඩලවලට සුදුසුකම් නොසලකා දේශපාලන පත්වීම් සිදුකර තිබෙනවා – ශ්‍රී ලංකා විදේශ සේවා සංගම​ය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට සිදුකර ඇති මෑතකාලීන පත්කිරීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

වෘත්තිමයභාවයේ, කුසලතා මත පදනම්ව සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසලකා හරිමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී (මහකොමසාරිස් සහ තානාපති) ධූර රැසකට ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකදි පත්කිරීම් සිදුකර ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තිමය විදේශ සේවා නිලධාරීන් නොසලකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කළකිරීම පළ කරන බවයි ඔවුන් නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මෙය රජය ඉදිරිපත් කල මැතිවරණ ප්‍රකාශයට විරුද්ධ බවත් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාව අනතුරේ හෙළන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනපතිවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබුණද ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්.

67a6073fd2749pdf_page_1 67a6073fb5223pdf_page_0

ක්‍රිෂ් ගොඩනැගිලේ අදත් ගින්නක්

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වන මහලේ අදත් (07) ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වෙන්නේ.

ගබඩා විවෘතව පැවතියත් තවමත් කිසිදු ගොවියෙක් වී ලබාදී නැහැ – වී අලෙවි මණ්ඩලය

ගබඩා විවෘතව පැවතියද කිසිදු ගොවියෙකු අද (07) දිනයේ වී අලෙවි මණ්ඩලයට වී ලබාදීමට කටයුතු කර නොමැති බව එම මණ්ඩලය පවසනවා.

ඒ අනුව වී මිලදී ගැනීම ඊයේ (06) ආරම්භ වුවද එම දිනයේද කිසිවෙකුත් වී ලබාදීමට කටයුතු කර නොමැති අතර ගොවීන් පවසන්නේ, රජයේ මිලට වඩා පෞද්ගලික මෝල් හිමියන් වැඩි මිලක් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර අරලිය සහල් මෝලේ වී මිල ප්‍රදර්ශනය කර තිබූ අතර රජයේ මිලටම වඩා සෑම වී වර්ගයක්ම රුපියල් 5 ක් වැඩියෙන් එම සමාගම විසින් මිලදී ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත් ලබාදීමට පියවර

2025 මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක හා තලෙයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ මෙලෙස තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

දුම්රිය කිහිපයක තෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ශව රැසක විරෝධයක්ද එල්ලවී තිබුණා.