Online වැඩකරන අය​ට පසුගිය රජ​ය දාලා තිබ්බ 30% බද්ද අපි 15% ට අඩු කළා – ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

මෙරට සිට විදේශයන්ට සේවා අපනයනය කරන පුද්ගලයින් සහ ආයතන සඳහා පසුගිය රජය 30% ක බද්දක් පැනවීමට IMF සමඟ එකඟතාවයකට එළැඹ තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

ඒ අනුව වත්මන් රජය විසින් IMF සමග සාකච්ඡා කර එය 15% ක් දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් කතා නොකරන බවයි ඊයේ (25) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ලෝකයේ මේ වන විට ගෝලීය අවම බදුකරණය (Global Minimum Taxation) ලෙස ප්‍රවණතාවයක් ඇති බවත්, එම බදු අය නොකරන්නේ නම් අදාල සේවා සපයන්නන් හට අසාධාරණ වාසියක් ලැබෙන බවට සළකා අදාල සේවාව ලබාගන්නා රටෙන් එම බදු ප්‍රමාණය අය කර ගන්නා බවත් එසේවීමට ඉඩ නොදී අදාළ බදු මුදල මෙරටට ලබාගැනීමට මෙම බද්ද පනවා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙම බද්ද පැනවීමට කටයුතු කළේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් සමඟ සාකච්ඡා කර බවත් සියලුදේම සිදුකර ඇත්තේ පදනමක් අනුව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙලෙස අය කරගන්නා බදු මුදල හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවා අපනයනකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් පිහිටුවීම, ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක්, ඔවුන් සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත් මේ හරහා ලබාගන්නා බදු මුදල්වලින් රුපියලක් හෝ අපතේ නොයවා නැවත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සංවර්ධනයට වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නීතිවිරෝධී දුම්වැටි රැගෙන ආ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු‍ තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 28,800ක් අඩංගු දුම්වැටි කාටූන් 144ක් සඟවාගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතළිස් තුන් ලක්ෂ විසි දහසක් පමණ වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Online මුදල් හුවමාරු කිරීමේදී අයවන අමතර ගාස්තුව රුපියල් පහකින් අඩු කෙරේ

මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ගාස්තු සංශෝධනය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන මුදල රුපියල් 25ක් ලෙස අඩුවන බවයි සඳහන් වෙන්නේ.

මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත යැවීමේදී මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් 30 අමතර මුදලක් අයවුනා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල මෙම සතිය තුළ අඩුවන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. වසන්ත අල්විස් ද මීට පෙර රූපවාහිනී වැඩසටහනකදී සඳහන් කර සිටියා.

සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සහෝදරයා රිමාන්ඩ් කිරීමට නියෝග

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාර කාන්තාවගේ මව සහ සොහොයුරා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

නාමල් CIDයෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව, පැය 05කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

පළමු Shell ඉන්ධන පිරවුම්හල විවෘත කෙරේ

අමෙරිකාවේ RM PARKS සමාගම විසින් Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) දින විවෘත කර තිබෙනවා.

ඒ අනුව, මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම ලෙස RM Parks (පුද්ගලික) සමාගම සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ‘Shell’’ ලෙස සන්නාම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව ඩොලර් මිලියන 05ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. ‘Gold Card’ ලෙස නම් කර ඇති මෙම ක්‍රමවේදය සඳහා මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන Green Card හා සමාන ප්‍රතිලාභ හිමිවන බවයි සඳහන් වෙන්නේ. රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම Gold Card ක්‍රමවේදය හඳුන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් සහ YouTube ක්‍රියාකාරියෙක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, එහි රැඳී සිටින ඔහුගේ ආධාරකරුවන් හා YouTube ක්‍රියාකාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරුව පොලීසිය මැදිහත්වීමෙන් පසු තත්ත්වය පාලනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්.

අමෙරිකාවේ ස්ථිර පදිංචියට නව Gold Card ක්‍රමවේදය හඳුන්වාදෙයි

අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව ඩොලර් මිලියන 05ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

‘Gold Card’ ලෙස නම් කර ඇති මෙම ක්‍රමවේදය සඳහා මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන Green Card හා සමාන ප්‍රතිලාභ හිමිවන බවයි සඳහන් වෙන්නේ.

රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම Gold Card ක්‍රමවේදය හඳුන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කඩේට ගිහින් ගෙවන්න වුන ගෙවන්න වෙන බදු ගැන කියන පුබුදු ජයගොඩ…..

https://www.youtube.com/embed/66GkuxJvoPs?si=_uESDTHB3KzSKrQM” title=

මේ කියන කතා අද ජනතාව ප්‍රශ්න කරනවා” නියෝජ්‍ය ඇමති රත්න ගමගේ නාමල්ට උත්තර දෙයි……

https://www.youtube.com/embed/F-z87P_N4fo?si=auNQ9-2op0b9PahJ” title=