https://www.youtube.com/embed/H4tZzOty8hA?si=mO8v9-eLh3tV7BNk” title=
Author: Supun
පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂ 03ක්, ස්වාධීන කණ්ඩායම් 09 ක් ඇප මුදල් තැන්පත් කරයි
ඊයේ (04) දින වන විට පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක 05 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව මහනුවර, කොළඹ, ගම්පහ, අම්පාර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
දේශපාලන පක්ෂ 03 ක් හා ස්වාධීන කණ්ඩායම් 09 ක් විසින්, පළාත් පාලන ආයතන 23 ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබෙනවා.
කොල්ලුපිටිය හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතර මෙම පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම මාර්ගයේත් කාර්යාල දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය කල් දමයි
සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය ලබන 17 වනදා දක්වා කල් දැමූ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තියට ද බලපාන බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර තිබුණා.
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට පත්ව සිටින බවයි සඳහන් වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ථ නමින් හඳුන්වනු ලැබූ පුද්ගලයා ද, ඔහුගේ දියණිය සහ පුත්‍රයා ද යන තිදෙනාම ජීවිතක්ෂයට පත්වුණා.
ඩේසි ආච්චිට ඇප හිමිවෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති කාන්තාවට ඇප ලබාදීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඇය ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 03ක් මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මුදල් විශුද්ධිකරණය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඇය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර, පසුව ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.
උතුරු දුම්රිය මාර්ගයේ පාලමක අළුත්වැඩියාවක් හේතුවෙන් 09 වැනිදා දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කෙරේ
උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මාර්තු 09 දින දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව කුරුණෑගලින් පෙරවරු 8.20 ට පිටත්ව මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත අංක 4449 දුම්රිය සහ මහව හන්දියෙන් පෙරවරු 10.50 ට පිටත්ව කුරුණෑගල දක්වා ධාවනය වීමට නියමිත අංක 4853 දරන දුම්රිය ගමන් වාර දෙක මෙලෙස අවලංගු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

ඩේසි ආච්චි අත්අඩංගුවට
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඇයව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
මුදල් විශුද්ධිකරණය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඇය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අධිකරණයට දැනුම්දෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුකර තිබෙනවා.
නීතිමය මූලධර්මයන්ට අනුව වන්දි අය කර ගත යුත්තේ ඊට වගකිව යුතු නෞකා කාර්ය මණ්ඩලයෙන් හා එය අයත් සමාගමෙන් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, එම වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.
අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් පරිසරයට මෙන්ම ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.
වෛද්‍ය වර්ජනය අත්හිටුවීමට තීරණය කෙරේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
හෙට පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අයවැය තෙවනවර කියවීමේ අවසන් දිනය වන මාර්තු 21 වනදා දක්වා කල් තබන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
