දළයක් කැඩුණු සුමේධ ඇතා සොයාගැනේ

ලොරි රථයක ගැටී දළයක් ගැලවී අතුරුදන්ව සිටි “සුමේධ” ඇතා වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මරදන්කඩවල – ලබුනෝරුව ප්‍රදේශයේදී අදාළ ඇතා සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කර තිබෙනවා.

පොහොට්ටුවත් එක්ක නැවත දේශපාලනය ඇරඹුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ….

https://www.youtube.com/embed/1RTdsZaQsJw?si=Aw5yLdVdfPbIzzkD” title=

“බෝතල් පලාගෙන නයි ආපු අයගේ සයන්ස් එක අපිට තේරුම් ගන්න පුළුවන්” විපක්ෂය හාන්සි කල මන්ත්‍රිනී හසාරා…

https://www.youtube.com/embed/IKfSWQG4Um4?si=0WynXzixubcfQMkA” title=

සත්ව සංගනනය චමල්ගේ ආගමනය නියෝජ්‍ය ඇමති රත්න ගමගේ දුන්න සැර උත්තර මෙන්න….

https://www.youtube.com/embed/l7CphCe8sE0?si=Nr9Qwp8CS2XmelF0″ title=

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට

අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මියගොස් තිබෙනවා.

අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවරිදි සැකකරු ඊයේ (12) රාත්‍රීයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් බිඳ වැටෙයි

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 3ක් අක්‍රීයවී තිබෙනවා.

අපේක්ෂා රෝහලේ එම යන්ත්‍ර 5 ක් පවතින බවත් ඉන් 3 ක් මෙලෙස අක්‍රීයවී ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

එම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගත වීමේදී යන්ත්‍ර ක්‍රියාවිරහිත වී දින 03ක් ඇතුළත යථා තත්වයට පත්කළ යුතු බවට, කොන්දේසියක් පනවන අතර එලෙස සිදුකිරීමට අපොහොසත් වුවහොත්, ගිවිසුම් ගත මුදලින් දිනකට 1% කට අධි භාරයක් අදාළ සමාගමෙන් අය කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

පසුගිය කාලවලදී අදාළ සේවා සමාගම්වලින් එලෙස අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර නොමැති බවයි චානක ධර්මවික්‍රම සඳහන් කළේ.