https://www.youtube.com/embed/mBdXIS84d6I?si=dYLENv-MWE1DP41n” title=
Author: Supun
සංවිදායක පත්වීම් ජරමරයක් වුන සිද්දිය ගැන එජාපයේ ලක්ෂ්මන් විජේමාන්න කියපු දේ…
https://www.youtube.com/embed/Q3IySkgmAyc?si=S6LxnYTADswNLDIm” title=
ත්‍රිපිටකය විකෘති කරන්න හැදු හිමිනමට රත්නපුර නාහිමිවරුන්ගෙන් අපූරු පාඩමක්.
https://www.youtube.com/embed/MZM8ArWBcBg?si=3CIBNe1VGdfBJV39″ title=
හිටපු මන්ත්‍රී මධුර විතානගේත් සර්වජන බලයට එයිද ? දිලිත් ජයවීර උත්තර දෙයි.
https://www.youtube.com/embed/js5Zia2mcZQ?si=jCcnTFU8CKu6qcVs” title=
වර්ජන කරන වෛද්‍යවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගන්නට සිවිල් ක්‍රියාකාරිකයෙක් සැරසෙයි….
https://www.youtube.com/embed/b-b9JryfZ5Y?si=gh9ZuGXEyD221KFl” title=
පාසල් සිසුන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව හෙට (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු 17 දක්වා රිමාන්ඩ්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අනුව සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය H.M.U.I කරුණාරත්න පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
බටලන්ද පිළිබඳව අනිද්දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
අම්බලන්ගොඩ – ඉඩම්තොට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
