දර්ශනගෙන්, ඩයනාගේ විදේශ ගමන් බලපත්‍රයට එරෙහිව CIDයට පැමිණිල්ලක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කූට ලේඛන සකස් කර රාජකාරී ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඟවා රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අදාළ ව්‍යාජ ලේඛන සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම දැන් පැවරී ඇත්තේ ආගමන විගමන පාලකවරයාට බවද මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ජාතියේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා – පාලිත රංගේබණ්ඩාර

පැවැත්වීමට සුදුසුම මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා.

ඒ අනුව එම ජනාධිපතිවරණයේ ජාතියේ අපේක්ෂකයා ලෙස සහ ජාතිය බේරාගැනීමට හැකි එකම අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ඇති බවත් ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේදී ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කංජිපානි ඉම්රාන්ට ඇප

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාතාල කල්ලි නායකයෙකු බවට සැලකෙන කංජිපානි ඉම්රාන් ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබෙනවා. සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

මතභේදයන් රැසකින් ඇරඹි අවසානයේ මෙසී කිරුළු පැළඳි ලෝක කුසලානය

මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාව දුටුවේ ය.
කම්පනයන් සහ කැළඹීම්වලින් පිරි පළමු වටයේ සිට මෙතෙක් පැවති විශිෂ්ටතම අවසන් මහා තරගය දක්වා පැමිණ, අවසානයේ ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවනු දුටු මෙම තරගාවලිය ලෝක ක්‍රීඩා ඉතිහාසයට එක්වනු ඇත.

 

මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලාංකීය නිවුන්නූ

සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබේ.

මෙම නව වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් සොහොයුරියන් දෙදෙනෙකි.

එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ එකම අවස්ථාවකදී ආචාර්ය උපාධියක් ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ඔවුන් දෙදෙනා සමත්ව ඇත.

එසේම ලෝක නිවුන් දිනයට පෙර දිනයේ මෙම වාර්තාව තැබූ නිවුන් සොහොයුරියන්ට ආචාර්ය උපාධිය පිරිනැමීමද විශේෂත්වයකි.

2016 වසරේදී ඔවුන් ආචාර්ය උපාධිය හැදෑරීමට ආරම්භ කර තිබූ අතර ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය හදාරා ඇත.

තේජානි ගුණරත්න මේ වනවිට CSIRO ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ගුණරත්න අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටී.

‘රණ විරුවන්ට’ එරෙහිව රාජපක්ෂවරු අධිකරණයට !

දෙමළ ජනතාවට එරෙහිව සහ ජනමාධ්‍යවේදීන්ට කළ අපරාධ සම්බන්ධයෙන් යුද හමුදා සාමාජීකයිනට නඩු පැවරීමට විරුද්ධව රණ විරුවන් රැකගැනීමට යැයි විරුද්ධ වූ රාජපක්ෂ කඳවුර දැන් තමන්ගේ

නිවෙස් ගිනි තැබී යයි යුද සහ පොලිස් ප්‍රධානීන්ට විරුද්ධව දැන් අධිකරණය හමුවට ගොස් තිබේ.