ඊයේ දෙවිනුවර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

දෙවිනුවර, සිංහාසන පාරේදී ඊයේ (21) රාත්‍රියේ තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි හි සැඟව සිටින ‘බාලේ මල්ලි’ ලෙස හැඳින්වෙන අපරාධකරු ෂෙහාන් සත්සර විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකින් පැමිණෙමින් සිටි 28 හා 29 හැවිරිදි පසිඳු තාරක සහ යොමේෂ් නාදීශාන් නම් තරුණයින් දෙදෙනායි.

වෙඩි තැබීමට භාවිතා කළ වෑන් රථය වැල්ලමඩම ප්‍රදේශයේදී ගිනි තබා තිබුණු තත්ත්වයෙන් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින් කොළඹ Night Club ආරක්ෂක නිලධාරියෙකුට තුවාල

යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් කළ පහරදීමකින් යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබෙනවා.

අද (22) අළුයම යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ ඇතුළු මෙම පිරිස සමාජ ශාලා පරිශ්‍රයට ඇතුළු වීමේදී, හඳුනා ගැනීමේ අත්පළඳනා පැළඳගන්නා ලෙස සමාජ ශාලා ආරක්ෂකයින් පවසා තිබෙනවා.

මෙහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුවූ බවයි පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම අවසන්

2025 වසර සඳහා පාසල් සිසුන් වෙත නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සම්පූර්ණ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අනුව රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් 10,096ක් සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා රෙදි බෙදාහැරීම් සිදුකර තිබෙනවා.

මෙවර ලබාදුන් රෙදිවලින් ප්‍රතිලාභ ලැබූ සමස්ත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් වන අතර, ඒ සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය මීටර් මිලියන 12ක් පමණ චීන රජයෙන් ලබාදුන් ප්‍රදානයක්.

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි ලබාදීම 1992 සිට අඛණ්ඩව සිදුකරන අතර, 2025 වසර සඳහා අවශ්‍යතාවයේ 100%ම මහජන චීන සමූහාණ්ඩුව විසින් සපයා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

පළාත් පාලන මැතිවරණය ගැන කොමිසම හා පක්ෂ මහලේකම්වරු සාකච්ඡා

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණයේ වියදම් කළ හැකි මුදල් තීරණය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කර ඇති අතර, නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේපවීම් පිළිබඳවද අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

නාමයෝජනා පත්‍රවල ඇති සුළු අඩුපාඩු නිසා ඇතිවූ ප්‍රතික්ෂේප කිරීම් සඳහා උසාවි මාර්ගයෙන් කටයුතු නොකර, මැතිවරණ කොමිසම මැදිහත් වී විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස දේශපාලන පක්ෂවල මහලේකම්වරුන් මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

වරකාපොලදී බස් රථ දෙකක් ගැටීමෙන් 30කට වැඩි පිරිසක් තුවාල ලබයි

කොළඹ – නුවර මාර්ගයේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අද (22) සුළු මොහොතකට පෙර සිදුවූ මෙම අනතුරට ලක්ව ඇත්තේ, මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ අතර ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක්.

අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින අතර, අනතුරෙන් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් ද අනතුරට ලක්වීම නිසා කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

රුපියල් මිලියන 60ක කේරළ ගංජා යාපනයෙන් සොයාගනී

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න තොගයක්, යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයෙන් පොලීසිය විසින් අද (22) අළුයම සොයාගෙන තිබෙනවා.

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පොලීසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී, මෙම ගංජා පාර්සල් 154ක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මැතිවරණයට ඉදිරිපත් කරන්න උගත් බුද්ධිමත් තරුණ තරුණියෝ හොයාගන්න ජාතික ජන බලවේගයට බැරිවෙලා……

https://www.youtube.com/embed/rkgbmppMRaM?si=NaAKTVI4TxYvuMLB” title=

“සාකච්චා සුභවාදී නැහැ කියන්න බැහැ” ජනපති හමුවූ එක්සත් හෙද සංගමය හා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්.

https://www.youtube.com/embed/EsylB3AlAZ4?si=L6CKXmhpkJuUBfD9″ title=

බිංදුවෙන් පටන්ගෙන ජීවිතය දිනූ රටට ඩොලර් ගේන අපූරු තරුණයෙක්ගේ කතාව….

https://www.youtube.com/embed/5roficuK6Nk?si=SytsEuAS5Jhh-QD3″ title=

ඉන්දීය අගමැති අප්‍රේල් 5 දිවයිනට

එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.