යෝෂිත රාජපක්ෂත් ගෑවුන යූනියන් ප්ලේස් සමාජ ශාලා පහරදීමේ සිදුවීමේ සම්පූර්ණ CCTV දර්ශනය…

https://www.youtube.com/embed/O1gf_EfQgwA?si=juc8zyMCWNsLa5vk” title=

පළාත් පාලන මැතිවරණයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට

2025 පළාත් පාලන මැතිවරණයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත භාරදී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව එක් එක් අපේක්ෂකයෙකුට වැය කළ හැකි වියදම් සීමා අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ප්‍රාදේශීය සභා තුනක නාම යෝජනා භාර ගැනීම අනිද්දා අවසන් වෙයි

පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පතු භාර ගැනීම හෙට (26) දින මධ්‍යහ්න 12.00ට අවසන් වීමට නියමිතයි.

එසේම 27 වැනි දින දහවල් 12.00 දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයන් හි තේරිම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා භාර ගන්නා බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

පාතාල කල්ලි අතර ගැටුමක් සිදුවෙන්නේ, ඒකෙන් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

ජනතාවගේ ආරක්ෂාව රජය විසින් සහතික කර ඇති බවයි අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විට සිදුවෙමින් ඇත්තේ පාතාල කල්ලි අතර ගැටුමක් බවද, එමගින් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු සිදු කරමින් ඇති බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වසරේ කිසි ලෙසකත් වාහනවල බදු අඩු වෙන්නේ නෑ – දුමින්ද හුලංගමුව

මෙම වසර තුළ වාහන ආනයන බදු සංශෝධනක් සිදු නොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පවසනවා.

මේ හේතුවෙන් මෙම වසර තුළ වෙළෙඳෙපොළේ වාහන මිල ගණන්වල ද වෙනසක් සිදු නොවනු ඇති බවයි ඊයේ (24) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අදාළ බදු මේ වනවිට ගැසට් කර ඇති බවද, එම බදු සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බවද දුමින්ද හුලංගමුව සඳහන් කළා.

වාහන ආනයනය හරහා රජය බලාපොරොත්තු වන බදු ආදායම් ඉලක්කයට යාමට හැකි වේ යැයි බලාපොරොත්තු වන බවත්, වාහන ආනයනය හරහා රුපියල් බිලියන 300 – 350ක පමණ බදු ආදායමක් අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් නාමල්ගෙන් නිවේදනයක්

මෙරට හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එක්සත් රාජධානියේ නවතම සම්බාධක පැනවීම් මානව හිමිකම් ගැන කාරණයක් නොව LTTEයේ සහාය ලත් අයගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවත්, මෙය යුක්තිසහගත නොවන බවයි ඔහු පවසා සිටින්නේ.

මෙය සමහර බටහිර දේශපාලනඥයන් මුදල් හරහා බලපෑම් කිරීමේ වරප්‍රසාද භුක්ති විඳිමින්, අපේ ජාතියේ සංහිඳියාව අවදානමට ලක්කිරීමක් බවද සිය X පණිවිඩය මඟින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.

මෙම සම්බාධක මගින් අපගේ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙළනු ඇති බවද, එවැනි තවත් අර්බුදයක් ඇති වුවහොත්, හමුදාවන්ට සටන් කිරීමට ධෛර්යයක් නොමැති විය හැකි බවද ඔහු සඳහන් කරනවා.

ඇතැම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම සඳහා වරප්‍රසාද ලබා ගන්නා ඇතැම් දෙමළ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට හසු නොවන ලෙසයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

news images

පොලිස්පති ධුරයෙන් දේශබන්දු ඉවත් කිරීමේ විශ්වාසභංග​ය කථානායකට බාර දෙයි

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව රජය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලිංගික අපයෝජන චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 15ක සිර දඬුවම්

නව හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 75000/- ක දඩ මුදලක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, අමතරව වසරක ලිහිල් සිර දඬුවම් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම විත්තිකරු විසින් අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කළ අතර, එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2011 වසරේ සිදුවූ මෙම සිදුවීමට අදාළව 59 හැවිරිදි වියේ පසු වන ජංගම එළවළු වෙළෙන්දෙකුට මෙම දඬුවම් නියම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මහ කන්නයේ අස්වැන්න අඩුවීම නිසා, වසර මැද සහල් හිඟයක් ඇතිවිය හැකියි – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර

මෙම වසර මැද වන විට සහල් හිඟයක් ඇති විය හැකි බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා.

මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් එවැනි තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේ.

ඒ අනුව, මහ කන්නය යනු මෙරට සහල් අවශ්‍යතාවයෙන් 65%ක් සම්පූර්ණ කරගන්නා කන්නය බවත්, එම කන්නයේදී අපේක්ෂිත අස්වැන්න අඩු වනු ඇති බවට රජයට ප්‍රකාශ කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට ආරම්භවීමට ඇත්තේ යල කන්නය වන අතර, එහි අස්වැන්න ලැබීමට මාස 04 ක කාලයක් ගත වන බැවින්, වසර මැද මෙම සහල් හිඟය ඇතිවිය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

පවත්නා තත්ත්වය යටතේ ඉදිරියේදී සහල් මිල, පවතින පාලන මිල ද ඉක්මවා යනු ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා පවතින ආනයන බදු අඩු කර සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් ආයතන වලට තියෙන ගෞරවය කෙලෙසන්න එපා – නාමල් රාජපක්ෂ……

https://www.youtube.com/embed/Y9FJH-vBSGU?si=Tm2eAYBH90G8qRSH” title=