https://www.youtube.com/embed/QSrFKpQ45Yo?si=FmfTubK1CSJCs5Go” title=
Author: Supun
නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් 16ක් සලකා බැලීමට දින නියම කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මස 01 වැනිදා එම පෙත්සම් කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම පෙත්සම් අද (28) එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ දැනුම් දී ඇත්තේ, මෙම ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පිළිබඳව මැතිවරණ කොමිසම කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත්, එහි තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
පෙත්සම ලබන 01 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඬුල්ල, එදින මෙම ඉල්ලීම පිළිබඳ කරුණු සලකා බලන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
පාසල් ළමයින් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදුන් වවුචරයේ කාලය දීර්ඝ කෙරේ
පාසල් ළමයින් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදුන් රුපියල් 6,000ක වවුචරයේ වලංගු කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එහි වලංගු කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Cute වෙනුවට ඉංග්‍රීසි භාෂාවට නව වචනයක් හඳුන්වාදෙයි
අතිශයින් හුරතල් යමක් හෝ හුරතල් යමෙකු දුටු විට ඇති වන හැඟීම පළකිරීම සඳහා Oxford ශබ්දකෝෂය නව වචනයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව “Gigil” යන වචනය මෙලෙස හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පිලිපීනයේ ‘ටගාලොග්’ භාෂාවෙන් මෙම වචනය උපුටාගෙන තිබෙන බව සඳහන්.
Oxford ශබ්දකෝෂයේ වචන 600,000 කට වඩා අඩංගු වන අතර, එය ලෝකයේ ඉංග්‍රීසි භාෂාව සඳහා වූ වඩාත්ම පුළුල් ශබ්ද කෝෂවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ අටකට අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොසින් 50%ක වට්ටම් මිලකට ආහාර පැකේජයක්
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා.
ඒ අනුව, රුපියල් 5,000/- ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් 50%ක වට්ටමකට, එනම් රුපියල් 2,500ක මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වන අතර ලංකා සතොස මඟින් ආවරණය නොවන ප්‍රදේශයන් හි සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් (COOPFED) මගින් පැකේජය නිකුත් කිරීමට නියමිතයි.
අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට ලියාපදිංචිය හිමි, පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812,753 සඳහා මෙම විශේෂ වට්ටම හිමි වන අතර අප්‍රේල් 01 වන දින සිට ආරම්භ වන මෙම වැඩසටහන අප්‍රේල් 13 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

තායිලන්තයේ භූ කම්පනයෙන් ගොඩනැගිල්ලක් කඩා වැටී 43 ක් අතුරුදන්
තායිලන්තයේ සිදුවූ භූ කම්පනයෙන් බැංකොක් නුවර ගොඩැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 43 ක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චතුචක් උද්‍යානය අසල වූ එම ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් පනස් දෙනෙකු පමණ සිට ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙහිදී හත් දෙනෙකු දිවි ගලවා ගත් අතර තවත් 43 දෙනෙකු තවමත් සිරවී සිටින බවයි වාර්තා වෙන්නේ.
මියන්මාරයේ කලාප හයක මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව වැඩිදුරටත් සඳහන්.



දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනි ගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.
මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
බස් රථය ගිනි ගන්නා අවස්ථාවේ රියදුරු හා කොන්දොස්තර පමණක් සිට ඇති අතර, ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

අනුරාධපුර වෛද්‍යවරිය විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකරුව හඳුනාගනියි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් අතවරයට ලක්කළ සැකකරු අද (28) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී මහේස්ත්‍රාත් නිල කාමරේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී එම වෛද්‍යවරිය විසින් සැකකරුව හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සැකකරු යළි මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, අප්‍රේල් මස 10 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
නඩු විභාගය අතරතුරදී සැකකරුට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා අවස්ථාව පවතින බවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙන්නේ.
අපේ උරුමයට මොකක්ද වෙන්නේ ? පූජ්‍යපාද නෑහින්නේ අරියඤාණ හිමියන්ගේ ආන්දෝලනාත්මක ආවේගශීලි ප්‍රකාශය…
https://www.youtube.com/embed/-XEqEyNWCWE?si=fbBmt6506M7udu6j” title=
ප්‍රසිද්ද යූටියුබ් කරුවෙක් ගැන හෙලිදරව්වක් කල ඉරාජ් වීරරත්නව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැදවයි.
https://www.youtube.com/embed/VWG4tptwtu8?si=7dNtmOo1th6KictS” title=
