https://www.youtube.com/embed/IAycreD5Mmk?si=ZWbzmzJe8tm49uTM” title=
Author: Supun
බිත්තර වෙළද සංගමයේ අනතුරු ඇගවීම..රු.25 ට වැඩි දවසක් කන්න වෙන්නේ නැහැ……
https://www.youtube.com/embed/3STXQTa0oN4?si=J3efF6YwaeX_5jDk” title=
අප්‍රේල් 21 ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට CID ය උත්සාහ දරනවා – ජනපති
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව අප්‍රේල් 21 වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිපදෙනෙකු හෙළිදරව් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
දෙයියන්දර ප්‍රදේශයේ මේ වනවිට පැවැත්වෙන ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
රක්ෂිතයක තිබී T56 ගිනි අවියක් සොයා ගැනේ
මාතලේ පොලීසියේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකදී මාතලේ සුදු ගඟ රක්ෂිතයේ තිබී T56 ගිනි අවියක් සහ පතොරම් ගැබ් 2ක් සොයාගෙන තිබෙනවා.
ගමන් මල්ලක දමා සඟවා තිබියදී එය සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමට සමගාමීව එම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ටිරාන් අලස්ව හෙට CID යට කැඳවයි
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ අනුව 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම සිදුවීමටම අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න – PHI සංගමය
උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව එම ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ආහාරවල ස්වභාවය, පැහැය, ගන්ධය මෙන්ම ඇසුරුම් කළ ආහාරවල ලේබලයේ සඳහන් කරුණු පරික්‍ෂා කරන ලෙසයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.
නීති කඩකර ආහාර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එලෙස නීති උල්ලංඝණය කරමින් ආහාර අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් 01 ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් 01 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඇගයීම් මධ්‍යස්ථාන 1,066 ක් තුළදී එම කටයුතු ආරම්භ වන අතර අප්‍රේල් 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
ඒ සඳහා එක්වන ගුරුවරුන් සංඛ්‍යාව 16,000 කට ආසන්න බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අපේ උරුමයට මොකක්ද වෙන්නේ ? පූජ්‍යපාද නෑහින්නේ අරියඤාණ හිමියන්ගේ ආන්දෝලනාත්මක ආවේගශීලි ප්‍රකාශය…
https://www.youtube.com/embed/-XEqEyNWCWE?si=PwPYwjSn4S-AoRU1″ title=
ප්‍රසිද්ද යූටියුබ් කරුවෙක් ගැන හෙලිදරව්වක් කල ඉරාජ් වීරරත්නව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැදවයි.
https://www.youtube.com/embed/VWG4tptwtu8?si=g_PM9V9i3JBERzFe” title=
වයස 88 දී සාමාන්‍ය පෙල දෙමල භාෂාව විභාගයට පෙනීසිටි ගුරු මිත්තණිය….
https://www.youtube.com/embed/y_9i4g49ueo?si=r3D5DXWBVOt8LP-7″ title=
