ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඊයේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අහ්මදාබාද් ක්‍රීඩාංගනයට අධික වර්ෂාවක් පතිතවීම හේතුවෙන්. ඒ අනුව තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Author: Supun
උණුසුම් කාලගුණය ගැන දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවධානාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ දී උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයන්ට අදාළව, රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වනවා.
ඒ අනුව අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 08 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වීමට නියමිත විභාගය සඳහා අපේක්ෂකයින් 472,553 ක් පෙනී සිටීමට නියමිතයි.
විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතුව යන ලෙසත්, විභාග ප්‍රවේශ පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කරගෙන යන ලෙස සහ ජාතික හැඳුම්පත රැගෙන යා යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.
අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන සලාක සීමාවන් ඉහළට
අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි QR අවසරපත් මඟින් ලබාගත හැකි ඉන්ධන සලාක සීමාවන් වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව කුලී රථ ලෙස ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන පරිදි සලාක සීමාවන් වැඩි කර තිබෙනවා.
එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14 ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක් දක්වා ඉන්ධන සලාක සීමාවන් වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සලාක සීමාවන් වැඩිකර ඇති ආකාරය පහතින්.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) දිනයේ ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ඒ අනුව විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතුව යන ලෙසත් විභාග ප්‍රවේශ පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කරගෙන යන ලෙස සහ ජාතික හැඳුම්පත රැගෙන යා යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.
එසේම විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීට නොහැකි ගංවතුර හෝ ආපදා තත්ත්වයක් පිළිබඳ ගැටලුවක් ඇතිවුවහොත් 117 දුරකථන අංකය හරහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සම්බන්ධ කර ගත හැකි බවත් විභාග මධ්‍යස්ථාවල ආරක්ෂාවද තහවුරු කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කරනවා.
අමෙරිකාවේ ණය සීමාව ඉහළ නැංවීමට එකඟතාවක්
අමෙරිකානු ණය සීමාව ඉහළ නැංවීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක් ඇති කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊට අදාළ ගිවිසුමකට එළඹීමට නියමිත බව අමෙරිකානු කථානායක කෙවින් මැකාති ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 31.4කින් ණය සීමාව ඉහළ නැංවීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂ නායකයා අතර එකගතාව පළවී ඇති බවයි සඳහන් වන්නේ.
IPL අවසන් මහා තරගය අද
මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඇති බවයි සඳහන් වන්නේ.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිව්වතාවක් IPL ශූරතාව දිනාගෙන ඇති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පසුගියවර ශූරයන් බවට පත් වුණා.
තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් සිසු සැරිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
සිසු සැරිය බස් රථ සේවාව පාසල් නිවාඩුව ලබාදීමත් සමග නතර කිරීම සාමාන්‍යයෙන් සිදුවන බවත් කෙසේ නමුත් විභාග අපේක්ෂයකන්ගේ පහසුව සඳහා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ජනපති යළි දිවයිනට
සිංගප්පූරුවේ සහ ජපානයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබෙනවා.
පසුගිය අඟහරුවාදා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ජපානය බලා පිටත්ව ගොස් තිබුණා.
ඊයේ (27) රාත්‍රී මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි සඳහන් වන්නේ.
